ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
මේ බව ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දෙනු ලැබ ඇතැයි ද වාර්තා වෙයි.
“ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරිමයි. මේ 09 වැනිදා අයවැය ඡන්ද විමසීමට විරුද්ධව ඡන්දය භාවිත කර ඔවුන්ගේ අවංකභාවය පෙන්විය යුතුයි. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉවත්වෙන්නේ නැතිනම් අපි පොහොට්ටුවෙන් තරග කරනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(28) පැවැත්වු සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹුණු බවද ඒ මහතා කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබේ.අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 දා පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.