ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කරන්නටනම් ආණ්ඩුවේ සිටින ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතු බවත් අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කර පෙන්විය යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණි ලොකුගේ මහතා පවසයි.
මේ බව ඒකාබද්ධ විපක්ෂය විසින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට දැනුම් දෙනු ලැබ ඇතැයි ද වාර්තා වෙයි.
“ශ්‍රීලනීප කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් විය යුතුයි. ඒ සඳහා ඔවුන් කළ යුත්තේ අයවැය පරාජය කිරිමයි. මේ 09 වැනිදා අයවැය ඡන්ද විමසීමට විරුද්ධව ඡන්දය භාවිත කර ඔවුන්ගේ අවංකභාවය පෙන්විය යුතුයි. ඊට පස්සේ පළාත් පාලන මැතිවරණයට අපිට එකට එකතුවෙලා තරග කරන්න පුළුවන්. ඒගොල්ලෝ ඉවත්වෙන්නේ නැතිනම් අපි පොහොට්ටුවෙන් තරග කරනවා “යැයි ඒ මහතා ප්‍රකාශ කරයි.
ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද(28) පැවැත්වු සාකච්ඡාවකින් පසුව මෙම තීරණයට එළැඹුණු බවද ඒ මහතා කියයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සාකච්ඡාව පවත්වා තිබේ.අයවැය තෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 09 දා පාර්ලිමේන්තුවේදි පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්ධ විපක්ෂය තමන්ට සහය දෙන ජනතාව ගොනාට අන්දන්න හදනවා. මේ අයවැයට නිදහස් පක්ෂය විරුද්ධ වුනත් පාර්ලිමේන්තුවේ බහුතරය තියෙනවා. ඡන්දෙන් පස්සෙ ආයෙත් සුපුරුදු පරිදි ආණ්ඩු කරනවා. බය නැත්නම් සාකච්චා වැඩක් නැහැ. කලින් කිව්වා වගේ තනියම දිනලා පෙන්නන්න.
මේකත් හරියට නරියා, කපුටා සහ කේජු කෑල්ල කතාව වගේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ අද මල් පොහොට්ටුව කියන කියන දේ කරන පක්ෂයක් වේවිද ? අනේ මන්දා
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොන්ද කැඩිලද? ඒකාබද්ද විපක්ෂය කියන කියන විදිහට නටන්නේ. බණ්ඩාරනායකලාගේ මේවගේ දැවැන්ත පක්ෂයකට මෙහෙම වේවි කියලා කවුද හිතුවේ ..?
ඩයස්පෝරා, ජාත්‍යන්තර කුමන්ත්‍රණ, එන්.ජී.ඔ, යුද්ධය, සිංහලයා, දෙසප්‍රේමීයා දෙසද්‍රෝහියා, යුද්දේ. යුද්දේ යුද්දේ. ඉස්සර විදුලි පුටුව. මේවා තමයි මේ කට්ටියගේ සටන්පාඨ. ඕවට අපේ මිනිස්සු රැවටුණු කාලයක් තිබුනා. දැන් ඉවරයි.
ශ්‍රී ලංකාවේ කාටත් එකම නීතියක් ඇත. අපි තරාතිරම නොබලා නීතියට ගරු කල යුතුය.
ඕවා නොකෙරෙන වැඩ. කට්ටියම වෙන වෙනම තරඟ කරලා තම තමන්ගේ ශක්තිය උරගා බලන්නකෝ.
මේවා ලොකුගේගේ කතානේ. සුසිල් කියලා තිබුනා අවසාන තීරණය නායකයෝ ගනී කියලා
අවුරුදු හැත්තෑවක් ශ්‍රි ලංකාවේ පැවති දේශපාලනය තේරුම් ගැනීමට ජනතාවට හොඳ අවස්ථාවක් පැමිණ ඇත. ජනතාව එය තේරුම් නොගන්නේ නම් හොරුන්ගේ රාජධානියක පුරවැසියන් වීම ජනතාව විසින් සිය කැමැත්තෙන්ම තෝරා ගැනීමකි.
අපේ රට කවද ඉදිරියට යයිද. අපේ මිනිස්සු මේ අයට ඡන්දයත් දෙනවා.
අද දින රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩ ගැනීමට කිසිදු දේශපාලන නායකයෙක් කරන කතාවක අදහසක් රැදී නොතිබුනත් එම කතා තුල ඇත්තේ තම ඉදිරි අනාගතය වැඩිදියුණු කරගන්නේ කෙසේද යන්න නොව, එම කතා වල ඇත්තේ රටට ජනතාවට කිසිදු වැඩක් නොවන සම්ප්‍රප්ප්‍රලාපයන්ය. මෙම මන්ත්‍රීවරු හොදින් ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටක පාර්ලිමෙන්තුකට යවා එහි සිදුවන්නේ මොනවාද යන්න ගැන ඇසීමට බැලීමට ඉඩ සලස්වා එම පාර්ලිමේන්තු වල පවතින ගුනානාත්මකභාවයන් පිලිබදව විනිවිද භාවයන් උකහා ගැනීමට ඉඩ ලබාදීමෙන් ඔවුන් යහ මගට ගත හැකි වනු ඇත. නැති නම් ජනතා දුක හදුනන ජනතා නියෝජිතයකු පාර්ලිමේන්තුවට යැවිය යුතුය.
ඔය එක්කෙනකුටවත් අපි නං අපේ ඡන්දෙ දෙන්නේ නැහැ . විකල්පයක් කරන්නයි මෙදා පාර හිතා ගෙන ඉන්නේ .
ආණ්ඩුව තමන්ට සහය දුන් ජනතාව ගොනාට අන්දන්න හදනවා. වංචා කරලා තිබෙනවා පාක්ෂිකයන් අන්දලා තිබෙනවා කට්ටියම වෙන වෙනම තරඟ කරලා අපිට පාමංකඩ යන්න සලස්වල දෙන්න
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් නායකත්වයේ අසරණ කමෙන් හා නොහැකියාවෙන් ඒකාබද්ධ විපක්ෂය උපරීම ප්‍රයෝජන ගනිමින් ඉන්නවා තමන්ගේ හොරු ටික ආරක්ෂා කර ගන්න.
පාක්ෂිකයන් හැටියට එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම අනුමත කරන්නේ නැහැ .
රටට 3 වැනි බල වේගයක අවශ්‍ය තාවය තියෙනවා. පොහොට්ටුවේ කාර්ය බාරය හොඳට කරනවා. සුළු ජාතීන්ගේ බලපෑමට ප්‍රදාන පක්ෂ දෙකෙන් දෙදිද්දී තනියම ගමනක් යාමට හිතන එක හොඳයි.. පොහොට්ටුව තුන්වැනි ගෝ දෙවැනි බලය වෙනවාමයි. අපිට ඕනා සිංහල ගැන හිතන්නේ පක්ෂයක්.
"විකල්පයක් කරන්නයි මෙදා පාර හිතා ගෙන ඉන්නේ " විකල්ප කරන්න ගියොත් එජාප කරුවන් බලයට එනවා පරිස්සමින් වැඩ කරන්න.