(නිමන්ති රණසිංහ / රංජන් කටුගම්පොළ)
පොදු දේපල පනත අනුව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව නීතිමය පියවර නොගන්නැයි නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය දෙසැම්බර් 15 දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද(6) තීන්දු කළේය.
මැදමුලන ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරයට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් ඇති හෙයින් එම සිද්ධිය සිවිල් ගනුදෙනුවක් නිසා එම පරීක්ෂණ තාවකාලිකව අත්හිටුවන්නැයි ගෝඨාභය රාජපක්ෂ මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් අතුරු තහනමක් මීට පෙර නිකුත් කර තිබිණි.
සභාපති එල්.ටී.පී. දෙහිදෙණිය හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල හමුවේ ලබන 15 නඩුව විභාගයට ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට ගිය මුදල අතින් ගෙව්වා කියලා ආරංචියි...
දිගුවක් අවශ්‍ය නෑ. රට බේරගත්ත මෙතුමාව අනාගත නායකයා කරමු සිහල අප සැම. මේ ආණ්ඩුව කලේ බොරුවක්. අල්ලපු හොරෙකුත් නෑ. කරපු සංවර්ධනයකුත් නෑ.
නීතිය හරි හැටි නොදැන හෝ නීතිය කණපිට හරවමින් අත්අඩංගුවට ගැනීමක් කළහොත් මෙවැනි අකටයුතුකම් නැවත නොවීමට මහා අධිකරණයක් මහින් හෝ තීරණයක් ගෙන එම පොලිස් නිලධාරීන්ව වැඩ තහනමකට ලක් කර විශාල වන්දි මුදලක් එම පොලිස් නිලධාරීන්ගෙන් අගතියට පත් පුද්ගලයාට ලබාදිය යුතුය.
තීන්දුව නම් සාධාරණයි. මොකද්ද මේ චෝදනාව අඹ, පොල්, කුකුල් හොරකම් වගේ බරපතල සිද්ධියක් නොවේ. මේක ඉතා සුළු සිද්ධියක්. වඩා සුදුසු නේද මේක සමථ මණ්ඩලයට යොමුකරලා ගොඩින් බේරගත්ත නම්... මේක තමයි යහපාලනයේ රස. මේක 62 ලක්ෂ ජනවරමට නිසි ගෞරවයක්.
අධිකරණයත් නීති නමනවා වගෙයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම රටට කරපු සේවය සලකා බලන විට එක් වරක් නෙවෙයි දහවරක් ඔහු හිරභාරයට ගතයුතූව ඇත. ඔහුගේ සේවාවන් අතර ප්‍රභාකරන්ගෙන් රටබේරාගැනීම කොළඹ දියුණු කිරීම ආදී සේවාවන් වෙයි.
ගෝඨා වැරැද්දක් කර නැත්නම් මොකද දැන් හිටන්ම වෙව්ලන්නේ? හිතේ කහටක් නැත්නම්, තමා නිර්දෝෂී නම් අත් අඩංගුවට නොගැනීම ඉල්ලා උසාවි පිහිට පතන්නේ මොකද? "යුද්ධ කරලා රට බේරාගත්තා" යයි උදම් අනන පුද්ගලයෙක් මේ විදියේ බියගුළු, නිවට විදියට හැසිරෙන්නේ ඇයිද කියා තේරුම් ගන්න අමාරුයි ..... තනිවම කරගන්න බැරි දෙයක් "කොක්කෙන් හෝ කෙක්කෙන්" ඉටුකරගැනීම සඳහා මේ "වීරයා" සමහර භික්ෂූන් සහ සාමාන්‍ය ජනතාව "මිනිස් පළිහක්" හැටියට යොදා ගැනීමට තැත්කිරීම.... ලැජ්ජා නැති වැඩක් නොවේද?
දැන් සමාජය ගොඩක් බුද්ධිමත් නිසා කැලෑ පත්තර කාරයින්ට ඕන විදිහට සමාජයට බොරු වපුරන්න බැහැ නේද? ඒ නිසා මේ දවස් වල, දත කට විතරක් නෙමේ, පිටිපස්සත් පූට්ටු වෙලා වගේ නේද? ඒ දවස් වල සමාජයට වැපුරූ, අශිෂ්ඨ, අධම, තුප්පහි විෂබීජ වල අස්වැන්නත් ඉතාම සරුයි නේද? ඒ වගේ සාර්ථක බීජ තව වපුරන්න. එවිට අනාගතයේදී මීටත් වඩා සරු අස්වැන්නක් ලැබේවි.
යුද්ධය නිමා කිරීමට ඔහුගේ දායකත්වය ගැන සැමදා ඔහු බුහුමන් ලැබිය යුතුයි. රාජ්‍ය දේපල අවභාවිතාව ගැන ඔහු වැරදිකරුනම් එහි විපාක වලට ඔහු මුහුණ දිය යුතුයි. හොඳ දේවල් කිරීම හොඳ මුත් එය වැරදි දේවල් කිරීමට දෙන බලපත්‍රයක් නොවේ. යහපාලන අයටත් මෙය අදාලයි.
නන්දලාල් ඩි සිල්වා ෆ්‍රාන්ස් සහෝදරයා ඔබගේ දෙමාපියන්, බිරිඳ, දරුවන් සහ ඥාතීන් ඉදිරියට අන් ගැහැනියක් දරුවකු වඩාගෙන පැමිණ "මේ දරුවා ඔබගෙයි ඔබ මා සමග පැමිණිය යුතුයි" පැවසුවහොත් මම නිර්දෝෂයි මම බය නෑ කියා ඇයත් සමග යනවද? ඔබේ නිවැරදි බව තහවුරු කරන්න ඥාතීන් සමග උත්සහ කරනවද? පාට කන්නාඩි ගලවා බොරු චෝදනාව හා ඇත්ත චෝදනාව අතර වෙනස හදුනා ගන්න.
පොල් ගෙඩියක් අහුල ගත්තා නම්, ඒකට අදාළ නීතිය යටතේ නඩු දාන්න ඕනේ... ඒක නීතිය යටතේ නඩු දාල හරියන්නේ නැහැනේ... මේ වෙලා තියෙන්නෙත් ඒ වගේ වැඩක්....