(අජන්ත කුමාර අගලකඩ)
ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල් මද පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත.
ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන තිබේ.
ජීවන වියදම ඉහළ යාමට සියයට 60 ක් බලපා ඇත්තේ සහල් සහ පොල් මිල බව එම කැබිනට් රැස්වීමේදි ඇමැතිවරුන් පෙන්වා දී ඇත.පොල් මිල සියයට 33 කින්ද සහල් මිල සියයට 27 කින්ද ජීවන වියදම ඉහළ යාමට බලපා ඇති බව එහිදී අනාවරණය වී තිබේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් සහ පොල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත.
ජීවන වියදම ඉහළ යාම පිළිබඳව කැබිනට් රැස්වීමේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. ජීවන වියදම පාලනය සඳහා සහල් ආනයනය කර වෙළෙඳපොළට නිකුත් කරන ලෙස සතොසට දැනුම් දුන්නද සතොස එම කාර්යය නිවැරදිව සිදුකර නැති බවට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප‍්‍රකාශ කළ බවද වාර්තාවේ.
ඊට පිළිතුරු දී ඇති වෙළෙඳ ඇමැති රිෂාද් බදියුදින් මහතා සතොසට සහල් ගෙන්වීමට මුදල් අමාත්‍යාංශය මුදල් නොදුන් බවට චෝදනා කර ඇතැයි ද වාර්තාවේ. ඇමැතිවරුන්ගෙන් ඉදිරිපත්වූ අදහස් සැලකිල්ලට ගත් ජනාධිපතිවරයා සහල් ආනයනය සඳහා තිබෙන සියලූ බාධක ඉවත් කර සහල් ආනයනය සඳහා ඉඩ දෙන්නැයි උපදෙස් දී ඇත.
මේ අතර පොල් මද ආනයනය කිරීමටද කැබිනට් අනුමැතිය ලබා දී ඇත. මේ අතර පොල් තෙල් නිෂ්පාදනය කර අපනයනය කරන ව්‍යාපාරිකයින්ට ආනයනය කරනු ලබන පොල් මද ලබාදී ඔවුන් සතු පොල් තොග වෙළෙඳපොළට නිකුත් කිරීමටද එහිදී තීරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටින්කළ රයිස් ඇන්ඩ් කරි ගේනවා ලාබෙට දුන්නම මීට වැඩිය හොඳයි. අපට රූපවාහිනියෙන් තව මිල අධික චිත්‍රපටි ටිකකුත් දෙන්න. කන්න දෙනවනම්, බොන්න දෙනවා නම් තව මොනවද ඕනේ කියන්නේ? කතිරය දෙපාරක්ම ගහන්න.
අවුරුද්ද පුරා වහින, සාරවත් පසක් තිබෙන රටක්, දේශපාලකයන් විසින් ගෙනත් තිබෙන දුර පේනවද? පොලුත් රටින් ගේනවා නම් ජාතියක් වශයෙන් අප ලැජ්ජා විය යුතුයි. මන්ද අච්චර, මෙච්චර අපනයනය කරනවා කිව්වට වැඩක් නැහැ. කෘෂිකර්මාන්තය මේ රටේ සංවර්ධනය කරගන්න බැරිනම් !
රටේ අමන පාලකයන් රජකරනකොට ඔහොම වෙනවා. අනේ අපේ රටට වෙච්ච දෙයක්.
වී ඇටයක්... පොල්ගෙඩියක් නිකම් විසි කරත් පැලවෙන මේ මහපොළොවේ... ජාතියක්, රටක් වශයෙන් අපි සැම දෙනා ලජ්ජාවිය යුතු දෙයක්... රජාත්, පොළොන්නරුවේ නේද..? කවදත් ඉතින් පිටරටින් එනකම් බලන් එන්න රටක්නේ මේ....
හාල්, පොල් ටිකත් පිටරටින් ගෙනෙන්න පටන්ගෙන. ඒ වුණාට අගමැතිතුමා කියන්නේ අපි දියුණුවෙමින් ඉන්නවා කියලා. එහෙම කියනවා ඇත්තේ එතුමා සහ ඇමති මණ්ඩලය දියුණුවෙමින් ඉන්නවා කියන එකද දන්නේ නැහැ.
බලන්න අපේ සරල ජනාධිපතිතුමයි, අගමැතිතුමයි දෙන්නම එකතුවෙලා ජාත්‍යන්තරය ජය ගෙන තියෙන හැටි. මෙතුමලා නැත්තම් පිටරට හාල්, පොල් අපිට කවදා කන්න ලැබේවිද?
යහපාලන ලොක්කා මීට මාස කිහිපයක පෙර ඉඳන්ම පිට පොට ගහනවා මේ දේ කරන්න. ගේන මගුලක් ඉක්මණට ගෙනෙන්න.
හාල් වේවා!!! පොල් වේවා!!! රටින් ගෙන්නුවේ අද ඊයේ නෙවෙයි. රටේ පොල් ඉඩම් කට්ටි කරලා විකුණද්දී, ගොවියෝ හැමදාමත් රසායනික පොහොර පස්සේ දුවද්දී ඵලදායිතාව කොහොමත් අඩු වෙනවා. මේකට කට්ටිය එරෙහි වේවි. ඒත් ලංකාවේ වී ගොවියා රකින්න නම් හාල් වලින් එතනෝල් හදන්න දීලා ගොවියට ඉහළ මිලක් දීලා, පාරිභෝගිකයාට රටින් ආනයනය කරලා දෙන්න වෙනවා. නැත්නම් හැමදාම අතරමැදියා ගසා කනවා.
රටේ පොල් හිඟයට දේශපාලකයෝ වග උත්තර කරුවන් වන්නේ කොහොමද කියා මම නම් නොදනිමි. ලොකු පොල්වතු තිබුණු අය ඒවා පාලනය කර ගත නොහැකි නිසාත් එකවර විශාල මුදලක් ලබා ගැනීම සඳහාත් ඉඩම් කොටස් කර විකිණුවේය. දැනට අවුරුදු 40-50 කට පෙර ඉඩම් කට්ටි කැඩුවේ පර්චස් 20 කැබලිය. ඒවායේ ගේ සාදා පොල් ගස් 4-5 වවා ගැනීමට ඉඩතිබුණි. දැන් ඉඩම් කට්ටි කරන්නේ පර්චස් 10 හෝ ඊට අඩුවටය. ගෙය සාදා ගත් විට මල් පැලයක් හැරුණු විට වෙන කිසිම ගසක් සාදා ගැනීමට නොහැක. ගත්තේ පොල් වත්තක කොටස් නම් ගෙය සාදා ගැනීමට තිබුණු පොල්ගස් කැපීමට සිදුවිය. එය තමයි පොල් හිඟයේ මූලික හේතුව. මගේ පර්චස් 20 ඉඩමේ පොල් ගස් 6 ක් ඇත. ඉන් ලැබෙන පොල් අපේ පරිභෝජනයට හොඳටම ප්‍රමාණවත්ය. ගෙඩි 10 විකුණාගත් විට පොල් කඩන්නන්ගේ ගාස්තුව ඉතිරි පොල් වෙලා කුඩා කැබලිවලට කපා ගේළඟ තිබෙන තෙල් හිඳින තැනට දී අවශ්‍ය පොල්තෙල් හිඳගන්නේය. අනාගතයේදී ඉඩම් කට්ටි කැඩී බෙදීයාම වළක්වා ගන්න නම් පවුලේ ළමයි දෙදෙනාට සීමා කරන්න. අපි පවුල දෙදෙනෙකුට සීමා කළොත් රැකියා ප්‍රශ්න, ඉඩම්, පාසල් ප්‍රශ්න බොහොමයක් විසඳෙනවා. ඒත් මුස්ලිම්වරුන් බුරුතු පිටින් ඉන්න නිසා අපේ ළමයින්ට හිමි සම්පත් ඒ අයගේ ළමයින්ට යනවා.
ජනගහනය වැඩි වුණොත් නිවාස වැඩිවෙනවා. එවිට තිබෙන ඉඩම කුඩා කෑලිවලට කඩ කඩා නිවෙස් සාදන්න වෙනවා. එවිට පොල්ගස් තබා තණකොළ ටිකක්වත් සාදා ගන්න ඉඩ නැතිවෙනු ඇත. ජනගහනය පාලනය කරමු. මේ අයට දෙන පහසුනම් නවතා දමමු.