(ඉන්දික අරුණ කුමාර)
එළඹෙන පළාත් පාලන මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ පිල් මාරුකිරීම් පිළිබඳ මාතලේ දිස්ත‍්‍රික්යේ ප‍්‍රාදේශිය සභා රැසක හිටපු මන්ත‍්‍රිවරු රැසක් රහස් සාකච්ඡා ආරම්භ කර ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂය පිළිබඳ ඇති කරගත් කලකිරීම් මෙන්ම පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වයන් හිමි නොවු පුද්ගලයින් ද වන බව එම ආරංචි මාර්ග සඳහන් කරයි.
මාතලේ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් අලුතෙන් පත්වු සංවිධායකයකු කියා සිටියේ නොදුරේදීම එක්සත් ජාතික පක්ෂයේ හා ඒකාබද්ධ විපක්ෂයේ විශාල පිරිසක් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය පලකිරීමට නියමිතය.
මේවන විටත් දිර්ඝ වශයෙන් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වෙන බවත් නොදුරේම එම පිරිස විවෘත ප‍්‍රකාශයන් සිදුකර ජනපති සහාය පලකිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.
මාතලේ,විල්ගමුව,නාඋල සහ පල්ලේපොළ ප‍්‍රාදේශිය සභාවන් හි හිටපු මන්ත‍්‍රිවරුන් රැසක් මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම කියන එක අයෙකුගේ හරි නමක් දාන්නකෝ, කිසියම් හෝ විශ්වාසයක් ඇති කර ගන්න. නැත්නම් ඉන්දික ඕවට කියන්නේ අතේ රෝල් කියලා. මාධ්‍ය කාරයකුට විශ්වාසය බොහොම වැදගත් බව තේරුම් ගන්න.
යන එන මන් නැති කට්ටිය හැමෝම එස්.එල්.එෆ්.පී. එකට. අනේ මේ පක්ෂයට ගිය කල.
එ්කාබද්ධයේ කට්ටියට ඕනෑම පැත්තකට යන්න ඉඩ හසර තිබුණත් එජාප, ශ්‍රීලනිප අතරේ පාට මාරු කරන්න අවසර දෙන්නේ නැහැ කිව්වා නේද?
නමක් සඳහන් නැති අතේ රෝල් ලියන්න එපා. ලැජ්ජයි.
ඔය පැත්තේ ලඟදි සල්ලි විසික්කරන කෙනෙක් පිල් මාරු කරලා දැන් ඔය කට්ටියටත් හොඳට ගෙවන බව නම් මෙවන් ගොතපු බොරු දේවල් වලින්ම පේනවා. කමක් නෑ ගන්න ගන්න මේ ඡන්දෙ දවස්වලට විතරනේ. ඊටපස්සේ තැබෑරුමට ගිහින් එයාට පොලියටත් එක්කම ආපහු ගෙවන්නකෝ ...
ඇත්තට අප්‍රිය සහගතයි මේ අසික්කිත දේශපාලනය ගැන. කවදා මේවා හරියයිද? හොරා එකරැයින් සුදනා වෙන ක්‍රමයක් ලෝකෙ කොහෙවත් නැතිව ඇති.
මොකා පිල් මාරු කලත් හිටපු දූෂිතයින්ට ඡන්දෙ නොදීමට ජනතාව වග බලා ගත යුතුයි! සුදුසු උගතාට ඡන්දය දෙන්න. හොරුන් චන්ඩින් පිටු දකින්න.