(ඩයනා උදයංගනී)
තද වැසි හා සැඩ සුළං සමඟ ඇති වූ කාලගුණයේ වෙනස්වීමෙන් සිදුවූ මරණ සංඛ්‍යාව මේ වන විට 11ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ගාල්ල දිස්ත‍්‍රික්කයෙන් මුහුදු ගොස් අතුරුදන් වී සිටි ධීවරයින් තිදෙනෙකුගේ සිරුරු අද (1) පස්වරුවේ සොයාගැනීමෙන් පසු මෙලෙස මරණ සංඛ්‍යාව ඉහළ ගිය බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
ගාල්ල දිස්ත‍්‍රික්කයේ තවත් ධීවරයින් සිව් දෙනෙකු හා මාතර එක් අයෙකු ඇතුළු පස් දෙනෙක් තවමත් අතුරුදන් බව ද ඔහු සඳහන් කළේය.
දිවයිනේ පළාත් 6ක, දිස්ත‍්‍රික්ක 15 කට බල පා ඇති තද වැසි හා සැඩ සුළං හේතුවෙන් මේ වන විට පවුල් 18,752 කට අයත් පුද්ගලයින් 61,125 ක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම මරණ සියල්ලන්ටම අකාර්යක්ෂම අාපදා කලමනාකරන මෙන්ම කිසිම වැඩකට නැති කාලගුණික දෙපාර්තමේන්තුව කියන්න ඕනෑ. හරිහමන් පාලකයෙක් ඉන්නවා නම් ඔය ආයතන දෙකේ වැඩ කරන අයට ගෙවන සතියක වැටුප මේ වගේ වළකා ගන්න හැකියාවක් තිබුණා. මරණයන්ට ලක්වූ අයට මාසිකව ලබාදිය යුතුය. රටේම තියෙන ගොන් රියලිටි ශෝස් වලට එස්.එම්.එස්. ගහන්න උනන්දු කරවන මීඩියා වලින් මිනිස්සු අවුස්සනවා වගේ මේ ආයතන දෙක එකතුවෙලා රටේම තියෙන දුරකථන වලට අනතුරු ඇඟවීම පණිවිඩ එව්වා නම් මිනිස්සු දැනුවත් වෙනවා. (මෙය බොහෝ දියුණු රටවල සිදුවන දෙයක්)
මේකෙන් තේරෙනවා මේ දේශපාලකයන්ට ඕනේ රටේ ජනතාවගේ සුභසිද්ධිය නොව හුදෙක් ඒ අයගේ අභිවෘද්ධිය පමණක් බව. මෙවන් අය රට පාලනයට යවා ඇත්තෙත් ජනතාව විසින්මයි. ලංකාව පින් කෙතක් සේ අප සැලකුවත්, මෙය මහා අපායක් බවට මා විසින් නොකිව්වත්, එයට කදිම උදාහරණ දිනෙන් දින අප විසින්ම සපයමින් සිටිමු. මියගිය අයට නිවන් සුව පතන අතර මේවාට වගකිව යුත්තන්ටද ඔවුන් රස කරගන්න පව් වලින් වන්දි ගෙවීමට සිදුවෙනු ඇති.