(රේඛා තරංගනී ෆොන්සේකා)
මොරටුව අධිකරණ සිර මැදිරියේ සිටියදී සැකකරුවෙකු පැන ගොස් ඇතැයි පොලීසිය කියයි.
මොහු මත්ද්‍රව්‍යය ජාවාරමක් සම්බන්ධයෙන් සැකපිට අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා මොරටුව පොලීසියෙන් අත්අඩංගුවට ගනුලැබ අධිකරණ සිර මැදිරියේ රඳවා සිටි සැකකරුවෙකි.
සැකකරු සිරමැදිරියේ වහලය මතින් පැන ගිය බවට සෙසු සැකකරුවන් කළ කෑගැසීමෙන් පසු සොයා බැලුවද මෙතෙක් සිරකරු අල්ලා ගැනීමට නොහැකි වූ බව බන්ධනාගාර නිලධාරීහු පවසති.
මෙම සිද්ධිය වාර්තා කිරීමට ගිය ලංකාදීප ප්‍රදේශිය මාධ්‍යවේදිනි රේඛා තරංගනී ෆොන්සේකා මහත්මියට පොලිස් නිලධාරීන්ගෙන් දැඩි බාධා එල්ල විය.
සිද්ධිය ඡායාරූප ගත කරමින් සිටියදී ඇගේ කැමරාව පවා බලෙන් ලබා ගැනිමට උත්සහ කළ අවස්ථාවේ නීතිඥවරුන්ගේ ද විරෝධය හේතුවෙන් එය වැලකී ඇත.
මේ සම්බණ්ධයෙන් ඇය මොරටුව පොලීසියට පැමිණිල්ලක් කර ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවී යන 2017 වසරේ අසන්නට ලැබුණු හොඳම විහිළුව මේක තමයි.!!! උසාවියකින් පැන යාමට තරම් "ස්මාර්ට්" සැකකරුවන් ඉන්නා රටකි. අපේ මේ "සකල සිරින් පිරි සිරි ලංකාව !!! සමහර විට මොහු වැරදිකරු වී බන්ධනාගාරගත කලානම්, වහලෙන් යන්නේ සියලු රැඳවියන් එක්කමයි .... එමෙන්ම මේ සැකකරු බලාගන්න හිටපු බන්ධනාගාර නිලධාරීන්, " 2017 වසරේ කාර්යක්ෂම ජේලර්" උපහාරයෙන් පිදුම් ලැබීමට සුදුස්සන් හැටියට අනුමත කරමු !
මෙයා අනාගතයේදී රාජපක්ෂ පවුලට ඉතාමත් ප්‍රයෝජනවත් විය හැකියි. මොහුව ආරක්ෂා කර ගැනීම පොහොට්ටුවට බාරයි...