(නිමන්ති රණසිංහ)
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පොදු දේපල පනත යටතේ නිතිමය කටයුතු කිරිම වළක්වාලමින් ලබන දෙසැම්බර් 6 වැනි දා දක්වා බල පැවැත්වෙන පරිදි අභීයාචනාධිකරණය අද (29) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය.
එදිනට අධිකරණයේ පෙනී සිටින ලෙස නිතිපති ඇතුළු වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කැරිණි.
අභියාචනාධිකරණ විනිසුරු එල්.ටී.ඩී.දෙහිදෙණිය සහ විනිසුරු ටිරාන් ගුණරත්න යන මහත්වරු ඉදිරියේ පෙත්සම සළකා බැලිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඹ ගෙඩි කඩනවානම් ගෙඩි 2ක 3න කඩන්න එපා, ගස් පිටින් වතු පිටින්ම කඩන්න ඕනේ. එතකොට තමා නීතියෙන් ගැලවෙන්න ලේසි.
මේ දෙවැනි වතාව. රටේ අනෙකුත් අයට වඩා වැඩි සැලකීමක් මොහුට මොකද? ජනපති කෙනෙකුට ව්‍යවස්ථාව අනුව නඩු දැමිය නොහැක. මෙය අනාගත ජනපති නිසාද? ලලිත් වීරතුංගට වෙන නීතියක්ද? ගාල්ල රිච්මන්ඞ් 2012 වසර 1 ට සුදුසුකම් සැපිරූ දරුවකු ඇතුළත් කර නොගෙන අල්ලස් පනතේ ‘දූෂණය’ නම් වරද කළැයි අල්ලස් චෝදනා ලැබූ (එහෙත් අල්ලස් නොගෙන) තර්ස්ටන් විද්‍යාලීය විදුහල්පතිවරයා රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැරීය. සෙවිලි තහඩු බෙදාදීමේදී දිවිනැඟුම කෝටි 3 ½ පරිහරණය බැසිල් රාජපක්ෂට නඩු. රන්ජන් රාමනායක කියන දේ හරි නේද?
"අඹ ගෙඩි කඩනවානම් ගෙඩි 2ක 3න කඩන්න එපා, ගස් පිටින් වතු පිටින්ම කඩන්න ඕනේ. එතකොට තමා නීතියෙන් ගැලවෙන්න ලේසි." ගෝඨාභය මහතා මින් පසු කුහක ජාතියට හෙන ගසා ගියත් දන්සිටින නායකයින් වගේ ජාතියම පාවාදී තමන් ගැන පමණක් සිතා කටයුතු කරන්න . පෙනෙනවා නේද ඒ කාලේ ගෙදරින් එලියයට බහින්න බයේ සිටිය අය දැන් අපිට අඹ කඩන හැටි කියලා දෙනවා.
ගෝඨාට සියලු අය මෙතරම් බය මොකද?
ලංකාවේ මේ සිදුවෙන දේවල් තේරුම් ගන්නත් අපහසුයි. රාජපක්ෂ ජනාධිපති තුමාගේ දෙමව්පියන්ගේ සොහොන අති විශාල මුදලක් වියදම් කර සාදා තිබෙන වග දැන් අධිකරණයේ විනිසුරු මහතුන්ට පවා බලා ගත හැකියි. ඒ සඳහා ගෝඨාභය ලේකම් තුමා එතුමාට බලය තිබු කාලයේ, එතුමා යටතේ තිබුණු ආයතන වල රජයේ මුදල් භාවිතා කල බවට සැකයක් පවතින නිසා ඒ සඳහා පොලිසිය පරීක්ෂණ කරයි. එවැනි පරීක්ෂණයක් කිරීමේ ඇති වැරැද්ද කුමක්ද? සමහර විට එය එම පවුලේ උදවියගේ මුදලින් කරන්න ඇති, එහෙමනම් එතුමා නිවැරදි වග ඔප්පු කිරිමට ඇති හොඳම මග නිර්භීතව නීති කටයුතු වලට ඉදිරිපත් වීම නොවේද? ඒ වගේම ඊට මහජන මුදල් භාවිතා කර ඇත්නම් ඒවා අය කර ගත යුතු නේද?
ඇස් බැඳපු රෙදි කෑල්ලේ සිදුරුද නැත්නම් තරාදිය හොර එකක්ද?
මම මේ නොදන්නා කමට අහන්නේ වරදක් කරලා නීතිමය කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණයෙන් අතුරු තහනම් නියෝග ගන්න පුලුවන්ද. එහෙනම් මේක ගෝඨාභය මහත්තයාට විතරක් නෙවෙයි මේ රටේ ඕනෑම පුරවැසියකුට කරන්න පුළුවන් වෙන්න ඕනා නේද. එහෙම කලොත් මිනීමරුවන්ට, මංකොල්ල කාරයින්ට , ස්ත්‍රී දුෂකයින්ට , කුඩු මුදලාලිලාට , කසිප්පු පෙරන අයට ඕනෑම කෙනකුට පුළුවන් වෙන්න ඕනා නේද. අනෙක යුද්ධය දිනවපු ෆොන්සේකා මහත්තයාව බිම දාලා ඇදගෙන යනකොට ඔය නීති රීති කොහෙද තිබුනේ.
පක්ෂවලට කඩේ යන බහුතරයක් උදවිය බලාගෙන හිටියේ මේ මනුස්සයව හිරේ දානකම්. එත් මේ රටේ කලගුණ දන්න මිනිස්සුන් දන්නවා මෙතුමා හොරෙක් නොවන බව. එත් කට්ටියට නින්ද යන එකක් නැහැ කොහොමහරි ඇතුලට ගන්නකම්.
කෙනෙක් රාජ්‍ය මුදල් අවභාවිතාවක් හෝ මූල්‍ය වංචාවක් හෝ කර තිබේනම් ඔහුට එරෙහිව දැමිය යුත්තේ සිවිල් වංචා නඩුවක්. එය සනාථ වුවහොත් එකී මුදල මුදල එහුගෙන් අයකර ගැනීමට අධිකරණ විධානයක් නිකුත් වේවි. එවැනි නඩුවක් දැන් වුව ද ගොනුකළ හැකියි. එහෙත් මෙතන කිරීමට සැරසුනේ ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට. මේ අතුරු තහනම ඊට එරෙහිවයි.
උතුරේ ප්‍රභාරකන් සැමරීම, සිංහල සිසුන්ට හිංසා කිරීම, තැන තැන ආයුධ හමුවීම ගැන එක අකුරක් කමෙන්ට්ස් දාන්නේ නැති චන්ඩි ටික ගෝඨාට නම දැක්ක ගමන් කොහොමද ගැරඩියට බූමි තෙල් ගැවුනා වගේ කුලප්පු වෙලා තියෙන හැටි.
ගෝඨාට ගේ කාලෙට වැඩ නීතියේ ආධිපත්‍ය දැන් තියෙනවා කියන්න මේකම හොද උදාහරණයක්. ඉස්සර නීතිපති හිටියේ ජනපති යටතේ. තමුන් කරපුව මෙම උදවියට මතක තියෙන්න ඕන
අපි යහපාලනයට ඡන්දෙ දීපු එක ගැන දුක්වෙනව. මහින්ද රාජපක්ෂටම ආණ්ඩුව බාර දෙන්න. වැඩි වෙනසක් නෑ. ආණ්ඩු කරන්නෙ ඒ මිනිස්සු. පරාද වුණත් කොන්ද පණ නායකයො.
අන්තිමට රැවටුනේ ජනතාවයි.
එහෙනම් එදා වගේම අදත් ගෝඨාභය නීතියට ඉහලින්.
රන්ජන් රාමනායක කියන්නේ බොරුද ? මේවා වහාම නවතා දැමිය යුතුයි නේද ?
සමහරුන්ගේ අදහස් කියෙව්වාම හිතෙනවා ලිපිය හරියට කියවලා නැතිද නැතිනම් යහපාලන මායාවෙන් අන්ධ වෙලාද කියල. මේ අතුරු තහනම නීතිය ක්‍රියාත්මක කිරීම වළකාලමින් නෙවෙයි පොදු දේපළ පනත යටතේ ක්‍රියාත්මක වීම වළකාලමින්.
සිංගප්පුරුව ගොඩනගපු ලී කවන් යූ කොහොමද කරේ කියල බැලුවනම් මෙතුමාට මෙහෙම ගරහන්නේ නැහැ.
ලංකාවේ අනාගතය ඉතාම සෝචනීය එකක් වේවි.
ආණ්ඩුවේ නොහැකියාව මෙයින් මනාවට පැහැදිලි වේ.නැතිනම් ලංකාවෙ තවමත් ක්‍රියාත්මක වෙන්නෙ රාජපක්ෂ භීතිකාවද?
රන්ජන් ඔබ හරි.
දෙසැම්බර් හයෙන් පස්සේ අල්ලලා අත්අඩංගුවට ගනියි. සුළුපටු වරදක්ද කරලා තියෙන්නේ?
රාජපක්ෂ පවුල රටට විශාල සේවයක් කරලා තියෙනවා. ඉතින් රටේ දෙයක් ගත්තාම මොකද වෙන්නේ? සාමාන්‍ය මිනිස්සු රටට සේවයක් කරලා නැහැ. හෙල්පින් හම්බන්තොට නඩුවේ තීන්දුවත් ලැබුණේ හොරකම් නොකළාටද?
අපි බලමු මේ ආණ්ඩුවත් තෝරු මෝරුන්ට දැල් ඉරාගෙන යන්න දීල අර පුංචි හාල් මැස්සන් අල්ලන එකක් වේද කියල.
ගොඩක් උදවියට අපේ රට තිබුණු විදිය , ගෝඨා කරපු කාර්යබාරයේ වටිනාකම, කොළඹ ලෝකයේ අංක එකේ සංවර්ධනය වෙමින් පවතින නගරය කරන්න කරපු වැඩකොටස මතක නැහැ.......එහෙම නැත්නම් අමතකවෙලා වගේ ඉන්නවා... ගෝඨා හමුදාව පාවා දෙන්න එක කතාවක් කිව්වනම් මුළු බටහිරයෝම කියාවි කුහක කමින් තොරව ගෝඨා තමයි ලෝකේ අංක එකේ ආරක්ෂක ලේකම් කියලා.. ගෝඨා හැමතිස්සෙම වැඩ කලේ රට ගැන හිතල . ඇත්අතටම පේ රටට ඕනේ ගෝඨා වගේ නායකයෙක්............. නිවැරදි කෙලින් තීරණ ගන්න, එහෙම නැතිව කාසි උඩදමලා නෝනද පොල්ලද කියල තීරණ අරගෙන රටක් ගොඩනගන්න බැහැ....
පොදු දේපල සාමන්‍ය කෙනෙක් පරිහරණය කොළොත් මොන නියෝගයක්වත් බලනොපා නඩු අහන රටක මේ අයට නීතිය නැවෙන්නෙ තවමත් ප්‍රමාද ඇයිද කියන එක ප්‍රශ්නයක්?
කොටින්ගේ පස්සෙන් යන සිඟාලයින්ගේ අදහස් දැක්කහම ලාංකිකයෙක් වීම ගැන දුක් වෙනවා .
"කෙනෙක් රාජ්‍ය මුදල් අවභාවිතාවක් හෝ මූල්‍ය වංචාවක් හෝ කර තිබේනම් ඔහුට එරෙහිව දැමිය යුත්තේ සිවිල් වංචා නඩුවක්. " " එහෙත් මෙතන කිරීමට සැරසුනේ ඔහුට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කිරීමට" රට පාලනය කරන්නනේ කවුද? නීතිපති කරන්නේ කවුරු කියනදේද? ජනපතිද? අගමැතිද? නීතිපතිට වරදින්නේ කොහොමද? පාර්ලිමේන්තුවේ මේ ගැන අසන්නට බයද? රන්ජන්ට වූ දේ දන්නවනේ. යහපාලනය යනු මිනිසුන් ගොනාට ඇන්දවිමද? නීතිපතිට බැඳුම්කරේ දී වරදින්නේ නැත්තේ ඇයි? සුජීව සේනසිංග හරි වගේ. රන්ජනුත් හරි. අපි තමයි මෝඩයෝ.
මේ ආණ්ඩුවේ හොරු නිදහස්. ගිය ආණ්ඩුවේ හොරුත් නිදහස්. රුපියල් 40000 ක බැංකු ණය ගෙවාගන්න බැරුව කාන්තාවක් හිරේ දාලා. පොඩි එකයි, ආච්චියි අසරණ වෙලා ඉන්නවා ඊයේ ටීවී එකේ දැක්කා....
කොන්ද පණනැති යහපාලන නායකයිනි, තොපට ඡන්දය දුන්නේ මේවා කරන්නද?
යහපාලන ආණ්ඩුව ඇමෙරිකන් කාරයට ඔච්චර බය ඇයි?
ජවිපයට ඡන්ද වැඩි කර ගැනීමට ඔවුන් දන්නේ නැහැ. අපි මෝඩයන්ට විකල්පයක් නැත. වර්ග 3 ක් ඇත. පසුගිය මහා රජ හොරු, දැන් බයනැති හොරු, ඡන්ද කල් දමන හොරු. මෙහි නායකයින් 3 දෙනා යටින් මගෝඩි වැඩ කරති. ජවිපෙ තියෙන්නේ පරණ හණමිටි අදහස්. චීනයේ පුද්ගලික සමාගම් නැතිද? ජවිපෙ බිහිවුනේ රුසියාවෙන්. ජවිපෙ ලාල්කාන්ත වෙනුවට වෙන මොලයක් අදහස් නවීකරණ කර දැමුවොත් ගොඩ. පෙරටුගාමී යනු රටේ තරුණ දක්ෂ මොල වනසා දමන්නෙකි. සිංහල මෝඩයිනි, අන්තවාදී නොවී රට හැදීමට නැගිටින්න. ජපානේ වෘත්තීය සංගම් රටට ආදරෙයි. නිකරුනේ වර්ජන නොකරයි.
අපේ රටේ ගොඩක් දෙනෙක්ට මුල අමතකයි. වරදට දඬුවම් ලැබීම නියතයි. රටේ තියෙන යුධ වාතාවරණය නැතිකාලේ කවුද කියලා අමතක නොකරන්න.
නීතිය, පරිපාලනය, අධ්‍යාපනය, සාහිත්‍ය, කලාව ආදී ඕනෑම ක්ෂේත්‍රයක යටින් දිවෙන රන් හූයක් වෙයි. එනම් රටේ සම්ප්‍රදායයි. ක්‍රි. ව. 1039 උපන් කීර්ති කුමරු හෙවත් මහා විජයබාහුවන්, තම බාල විය නිරුපද්‍රිතව රැක දුන්, එ් නිසාම මෙරට සම්ප්‍රදාය රැක දුන් රාජාධිකරණ විනිසුරු, සිත්තරුබිම් බුදල්නාවන්ට මහා වරයක් දුන්හ. බුදල්නාවන්ටත්, ඔහුගේ පරපුරේ අයවලුන්ටත් මරණීය දණ්ඩනයට යටත් වන වරදක් කළහොත්, තෙවරක් කමා කරන්නැයි පනාකඩු තඹ සන්නසින් රාජාඥා පැනවූහ. ඒ ඉතිහාසය දත් අයට නම්, මේ තීන්දුව මහා ප්‍රශ්නයක් නොවනු ඇත. මක්නිසාද යත්, 'ඔහු එදා නොවන්නට මෙදා පවත්නා ඒකීය රටක් ගැන නොසිතිය යුතු' යයි ඉතිහාසඥයන් අනාගතයේදී පවසනු නොඅනුමානය.
"තාප්ප කඩලා ටයිල් ඇල්ලුවාම නගරයක් සංවර්ධනය වෙනවා නම් අද ලෝකයම සංවර්ධිතයි." පිටිගල මිලානෝ ගිය ඉස්කෝලෙක කියලා දුන්නේ නැද්ද? නගරයක් ලස්සන කරනවා කියන එකෙයි, නගරයක් සංවර්ධනය කරනවා කියන එකෙයි වෙනස කුමක්ද? ඔබගේ ගෙදර ඔබ ලස්සන කරන්නේ කොහොමද කවුරු වෙනුවෙන්ද? සංවර්ධනය කරන්නේ කොහොමද කවුරු වෙනුවෙන්ද? මේ ගැන වැඩිපුර කියන්නේ නැහැ. සංචාරකයෝ කොහොම වෙතත් අපේම අය කොළඹ ගිහිල්ලා ඇවිල්ලා කියනවා. දැන් කොළඹ ලස්සනයි කියලා. 2015න් පස්සේ නැවත කොළඹ ජරා වුණා.
"ලංකාවේ මේ සිදුවෙන දේවල් තේරුම් ගන්නත් අපහසුයි. රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දෙමව්පියන්ගේ සොහොන අති විශාල මුදලක් වියදම් කර සාදා තිබෙන වග දැන් අධිකරණයේ විනිසුරු මහතුන්ට පවා බලාගත හැකියි. සමන්ත, රාජපක්ෂ ජනාධිපතිතුමාට එතුමාගේ දෙමව්පියන්ගේ සොහොන අති විශාල මුදලක් වියදම් කර සෑදුවේ ඔබලාගේ සොහොන් මහපාරේ ඉදිවෙන එක නවත්තපු නිසයි. නැතිනම් පත්තරේ පලවෙනවා අද ක්ලේමෝ බෝම්බයකට 40ක් මැරුණා 50ක් මැරුණා කෝච්චියේ බෝම්බයට මෙච්චර මැරුණා කියලා. එ්ක නවත්වපු මිනිහා එයාව ජාතක කල මව්පියන්ට සොහොනක් සෑදීම වැරදිද හරි නම් ඔබලාගේ ජීවිත රැකදුන් ඔහුගේ මව්පියන්ට සොහොනක් සැදීම අපි සිංහලයන් කල යුතුය. එ්ත් කුහක මිනිසුන්ගෙන් එවන්නක් බලාපොරොත්තු විය නොහැක.
"යහපාලනය යනු මිනිසුන් ගොනාට ඇන්දවීමද?" කොහොම වුණත් ගොනාට ඇඳගත් මිනිස්සු යහපාලනය ඇතිකළ බව නම් දනිමි. අමුතුවෙන් ගොනාට අන්දන්න දෙයක් නැත. 62 ක් ගොනාට ඇඳ ගත්තේ 2015 දී. දැන් අං සේරම මෝදුවෙලා.
අඹ ගෙඩි 3 හිරගෙදර, පොල්ගෙඩි 5 හිරගෙඩර, ණය මුදලේ වාරික දෙකක් නොගෙවූ වරදට බැංකුව නඩු දමා ඉතාම අසරණ කාන්තාවක් රිමාන්ඩ් (ඊයේ ප්‍රවෘත්ති බලන්න) ඒත් මහජන මුදලින් කෝටි 6 ක් වියදම් කර ඒ අයගේ දෙමාපියන්ගේ සොහොන් හදාපු කෙනා ගෙදර හොරකම් කර බේරෙන්න ඕනෑනම් මහ එකකු වියයුතුමයි. නොඑසේ නම් හිරගෙදර අනිවාර්යයි. අහෝ අප අධිකරණය හා විනිසුරුවන් !!!
"කෙනෙක් රාජ්‍ය මුදල් අවභාවිතාවක් හෝ මූල්‍ය වංචාවක් හෝ කර තිබේනම් ඔහුට එරෙහිව දැමිය යුත්තේ සිවිල් වංචා නඩුවක්. එය සනාථ වුවහොත් එකී මුදල මුදල එහුගෙන් අයකර ගැනීමට අධිකරණ විධානයක් නිකුත් වේවි. " දීපාල් නිරෝෂ් ඔබ ඔය කතා කරන්නේ ජනාධිපති කොමිසමකින් කියවුණු රටේ නායකයින්, බැංකු අධිපති මාමලා, බෑනලා, ඇමතිලා එක්ව කෙරුණු මහබැංකු කොල්ලය ගැනද, නැතිනම් රජපක්ෂවරු හොරකම් කළා කියලා මිනිසුන් ගොනාට අන්දලා කරගෙන යන කටකතා ගැනද? පැහැදිලි නැත.
"කොන්ද පණනැති යහපාලන නායකයිනි, ඡන්දය දුන්නේ මේවා කරන්නද?" මොනවා කරන්නද? යහපාලනයට ඡන්දය දුන්නේ රටේ නීතිය හරියට ක්‍රියාත්මක වෙන්න ...ඉතින් එක වෙනවා. රටේ නීතියට අනුවයි වැඩ සිදුවෙන්නේ... නැතුව ඔහෙලා වගේ ගොඩ පෙරකදෝරුවන්ට වුවමනා විදිහට නොවෙයි. මේ මිනිසුන්ට මොලේ කලඳක් දීලා නැද්ද?
"නින්දෙන් නැගිටින්න වෙලාව හරි , ඔය කියපු ගෝඨා හිටියේ මොන රටේද?" කොටි ගහනකොට ඇඳයට රිංගලා මර නින්දට වැටුණු කෙනා දැන් ඇහැරිලා අපට නින්දෙන් නැගිටින්න කියන ගමන් අහනවා ගෝඨා හිටියේ මොන රටේද කියලා. ක්ලේමෝ බෝම්බයකට අසුනොවුණු එකට ගෝඨාට පින් දෙනවා.
මේක මාර රටක්නේ
ඔබ තුමා රට කල සේවයේ පිනට ඔබට කාටවත් අනතුරක් කරන්න බැහැ.
ඩී.ඒ රාජපක්ෂ පදනම විසින් ඩී.ඒ රාජපක්ෂ සිහිවටනයක් ඉදි කිරීමේ කොන්ත්‍රාත් එක ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවට පවරනවා. සංස්ථාවට එහෙම පෞද්ගලික වැඩ භාර ගෙන කරන්න පුළුවන් ද? උත්තරය ඔව්. 1982 අංක 52 පනතින් සංශෝධිත ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථා පනතේ 8(ඇ) වගන්තියෙන් ඊට බලය පවරා තිබෙනවා. ඒ අනුව සොහොන, කෞතුකාගාරයක් සහ වැක්ස් ප්‍රතිමා වලින් සමන්විත මෙම ස්මාරකය ඉදි කරන්න රුපියල් මිලියන 33.9ක ඇස්තමේන්තුවක් සකසා 2014 පෙබරවාරි මස පත්‍රිකා අංක 3714 යටතේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලබා ගත්තා. මේ වියදම පරිත්‍යාගශීලින්ගෙන් එකතු කර සංස්ථාවට ගෙවීමට ඩී.ඒ රාජපක්ෂ පදනම සැලසුම් කර තිබුණා. ශ්‍රමය ලබා ගැනීමේ දුෂ්කරතා හේතුවෙන් වාණිජ පදනමින් ඉදි කිරීම් කටයුතු කලේ නාවික හමුදාවෙන්. ඒ සඳහා සංස්ථාව විසින් රුපියල් මිලියන 25ක් නාවික හමුදාවට ගෙව්වා. 2014 නොවැම්බර් 6 දා මෙම ස්මාරකය විවෘත කළා. වසර අවසන් වීමට තිබෙන්නේ මාස දෙකකට අඩු කාලයක්. ආණ්ඩුවේ ව්‍යාපෘති අවසන් කර බිල්පත් ඉදිරිපත් කිරීමට අපොහොසත් වුණොත් එම මුදල් ආපසු භාණ්ඩාගාරයට යනවා. එබැවින් මෙම ව්‍යාපෘතියේ බිල්පත් ඉදිරිපත් කිරීම අතපසු වුණා.
සේවාලාභියාගේ එකඟතාවය නැතුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ දාන්න පුළුවන්ද? මගේ අධ්‍යයනය අනුව ඇස්තමේන්තුව තුන් ගුණයකින් ඉහළ නැගීමට හේතු ගණනාවක් බල පා තිබෙනවා. එකක් තමයි නාවික හමුදාව දැරූ වියදම ද්විත්ව ගණනය වීම. මිලියන 90.8 හදා තිබෙන්නේ නාවික හමුදාවට ගිය වියදමයි... සංස්ථාව දැරූ වියදමයි එකතු කරලා. නාවික හමුදාවට ගිය වියදම කොපමණ ද කියා ඇසුවාම මිලියන 29ක් බව පවසා තිබෙනවා. සංස්ථාවේ වියදම මිලියන 61යි. ඒ අතරේ නාවික හමුදාවට ගෙවූ රු මිලියන 25ක මුදලත් තිබෙනවා. දෙවැනි කාරණය තමයි ස්මාරකය ඉදි කරන සමයේ වීරකැටිය පොලීසිය ඉදිරිපිට ඇති උඩුකිරිල්ල වැවත් ප්‍රතිසංස්කරණය කර තිබෙනවා. ඒ වියදමත් මේ ව්‍යාපෘතියට එකතු කරලයි තිබෙන්නේ. මේ ව්‍යාපෘතිය වීරකැටිය වාපෘතිය ලෙසයි නම් කරලා තියෙන්නේ. ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සහ උඩුකිරිල්ල වැව ප්‍රතිසංස්කරණය කිරීම යන ව්‍යාපෘති දෙකම මෙයට ඇතුලත්. මේ දෙකේම වියදම් අද ඩී ඒ රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීම සදහා වියදම් ලෙස දක්වලා තිබෙනවා. තුන්වෙනුවට මෙහි පිරිවැය පුම්බා පෙන්වන්න අවශ්‍ය නිසා බොරු ගණන් හිලව් ඇතුලත් කර තිබෙනවා. නිදසුනක් විධියට 200 ධාරිතාවයේ ෂෝර්ට් ආර්ම් එස්කැවේටර් සඳහා...
රුපියල් මිලියන 7.2ක් ගෙවූ බවට බිල්පත් තිබෙනවා. මේ යන්ත්‍රයට පැයකට ගෙවන සම්මත මුදල රු 2,360/-යි. කෑමට තේ බීමට කාලය හැරලා දවසට පැය හයක් වැඩ කලොත් දවසට රු 14,160යි. මිලියන 7.2 ගෙවීමට නම් දවස් 508ක් වැඩ කළ යුතුයි. 2014 පෙබරවාරි මාසයේ ආරම්භ කරපු මේ ව්‍යාපෘතිය සම්පුර්ණ කරල 2014 නොවැම්බර් 6 වෙනිදා විවෘත කරනවා. මේක වැවක් හෑරීමක් නොවේ. ස්මාරකයක් ඉදි කිරීමක්. පස් හෑරීම වැඩිම වුණොත් මාසයක් තිබේවි. සම්පූර්ණ ව්‍යාපෘතිය මාස නවයකටත් අඩු කාලයක් තුල දී ඉවර කරලා විවෘතත් කරලා. හැබැයි මාස 17ක් පස් හෑරුවා කියලා වියදමක් පෙන්වනවා. ඇත්ත තත්වය නම් සංස්ථාව දැරූ වියදමට වඩා රුපියල් ලක්ෂ දෙකක් ඩී ඒ රාජපක්ෂ පදනමින් ගෙවා තිබෙනවා. වැඩි ගණනක් අය කළාට රාජපක්ෂ පදනම සංස්ථාවටයි නඩු දාන්න ඕනෑ. එහෙම නැතත් මෙතැන පොදු දේපල අපහරණයක් නෑ. වාණිජමය ගනුදෙනුවක් විතරයි. සංස්ථාවට යම් මුදලක් අය කර ගන්න තිබෙනවා නම් කළ යුත්තේ දිසා අධිකරණයේ නඩු පැවරීම මිස පොලීසියේ පිහිට පැතීම නොවේ.
මේ ආණ්ඩුවත් පරණ කුණු අවුස්සා අවුස්සා ඉන්නවා. කරන දෙයක් නම් නැහැ.
මේක රටක් නෙවෙයි හොර ගුහාවක්. පුදුම කලකිරීමක් දැනෙන්නේ. මොකට මේකෙම ඉපදුණාද මන්දා?