(නිමල කොඩිතුවක්කු)
 
මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට   15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
 
ගිලන් රථ කිහිපයක් අපදා ස්ථාන වලට පිටත්ව ගොස් ඇතැයි ද දැනගන්නට තිබේ.
 
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.