(නිමල කොඩිතුවක්කු)
මහ වැසි සහ සුළං හේතුවෙන් කොළඹ අවට සිදුවූ අපදා නිසා අද රාත්‍රී 11 වන විට 15 දෙනකු පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
ගිලන් රථ කිහිපයක් අපදා ස්ථාන වලට පිටත්ව ගොස් ඇතැයි ද දැනගන්නට තිබේ.
තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සඳහා කොළඹ හදිසි අනතුරු අංශය යුහුසුළුව කටයුතු කරන බව ද එම ආරංචි මාර්ග පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපුරුදු පරිදි , අපේ කාලගුණ දෙපාර්තුමේන්තුව මිනිසුන්ට මේගැන දැනුම් දුන්නේ සුළි කුනාටව ලංකාවට ඇතුල් වුනාට පස්සේ ,මිට වඩා ලොකු ස්භාවික අනතුරක් අාවොත් ඔච්චර තමයි
වැඩක් නෑ. අපි ඉතින් පෝස්ට් මොර්ටම් තියනවා මිසක් කල් ඇතුව අවවාද දීල ජීවිත රැකගන්න කටයුතු කරන්නේ නැහැ නේ. වෙන රටවල නම් එහෙම නෙමෙයි. අඩු ගානේ පැය 24 කට වත් කලින් අනතුරු අඟවනවා. ලයිට් කපනවා කියලවත් කලින් දැනුම් දුන්නේ නෑ. කාලගුණ දෙපාර්තමේන්තුව එකිනෙකට පරස්පර නිවේදන නිකුත් කරලා ඇඟ බේරගන්න හදනවා. නිවැරදි කාලගුණ අනාවැකි කීම සඳහා අවශ්‍ය වියදම් නොකර කොහෙත්ම වැඩකට නැති දේවල්වලට අසීමිත විධියට අපේ බදු මුදල් නාස්ති කරනවා. රටේ මිනිස්සුන්ට දෙය්යන්ගෙම පිහිටයි.