(ඉන්දිකා රාමනායක)
අධික වැසි හා සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන වනවිට පුද්ගලයින් හය දෙනකු මියගොස් තවත් හය දෙනකු තුවාල ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
මින් දෙදෙනකු ගස් කඩා වැටීමෙන් ද සෙසු තිදෙනා ධීවර කටයුතු සඳහා ගොස් සිටියදී සහ එක් අයකු පස් කන්දකට යටවීමෙන් ද මියගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීය.
කිරිබත්ගොඩ ප‍්‍රදේශයේ දී ගසක් ලොරි රථයක් මතට කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පස්දෙනකු තුවාල ලබා ඇති අතර මඩොල්සීම ප‍්‍රදේශයේ දී යතුරු පැදියක් සහ ති‍්‍රරෝද රථයක් මතට ගසක් කඩා වැටීමෙන් එක් පුද්ගලයකු මියගොස් තවත් පුද්ගලයකු තුවාල ලබා ඇත. බණ්ඩාරවෙල කොහිලබොක්ක ප්‍රදේශයේ දී පස් කන්දකට යටවීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇත.
අම්බලන්ගොඩ, දොඩංදුව, අකුරල යන මුහුදු තීර වෙත ධීවරයින් තිදෙනකුගේ මළ සිරුරු ගොඩ ගසා තිබියදී සොයා ගෙන ඇත.
හික්කඩුවෙන් මුහුදු ගිය තවත් ධීවරයකු අතුරුදන්ව ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සොබාදහමත් කෝප වෙනවා මෙහෙම සත්තු මරනවා , අධම වැඩ කරනවා.
පාලකයින් අධාර්මික වන විට සොබා දහම කෝපවන බව අමුතුවෙන් කිවයුතු නොවේ.