(රංජන් කස්තුරි)
පළාත් පාලන ආයතන 248 ක මැතිවරණය පැවැත්වීම සඳහා වන නාම යෝජනා කැඳවීමේ නිවේදනය මැතිවරණ කොමිසන් සභාව මගින් අද (4) නිකුත් කෙරිණි.
ඒ අනුව මහනගර සභා 17 ක නගර සභා 23 ක ප්රාාදේශීය සභා 208 කට අදාලව මැතිවරණය පැවැත්වීම සඳහා ඒ ඒ තේරීම් බාර නිලධාරීන් විසින් නාම යෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කර තිබිණි.
එම පළාත් පාලන ආයතන 248 වෙනුවෙන් මේ මස 18 වැනි දා සිට 21 වැනි දා දහවල් 12 දක්වා නාමයෝජනා බාර ගැනීමට නියමිතය.
මීට ඉහත නාමයෝජනා කැඳවා තිබු පළාත් පාලන ආයතන 93 සඳහා නාමයෝජනා බාරගැනීම මේ මස 11 දිනෙන් ආරම්භ වී 14 වැනි දා දහවල් 12 න් අවසන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ කෙනා කලාකරුවෙක්ද? ගුරුවරයෙක්ද?මේසන් බාස් කෙනෙක්ද? යන වග නෙවේ.. වැදගත් වන්නේ යහපත්, ගුණවත් පුද්ගලයෙක් හා පොදු ජනතාවගේ නායකයෙක් වියයුතුයි. යහපත්, ගුණවත් පුද්ගලයන්ටයි අවස්ථාව දියයුතු වන්නේ. ජනතා හදවත් හඳුනා ගත්තෙකු වියයුතුයි.
රටේ ප්‍රජාතන්ත්‍රවාදය මත යහපාලනයේ හෙළුව හොඳින්ම දර්පනය වන නිසා යහපාලුවන්ගේ සියලු වණ කැළැල් ජනතාව හොඳින්ම දකින ලදී. ජනතා මතය වෙනස් කිරීමට හෝ ජනතාව අසහනේ හෙලා තමන්ගේ ගොඩ වැඩිකිරීමට වත්මන් යහපාලකවරු උත්සාහ කරයි. එහෙයින් මොවුන්ට හිමි අතීතයේ ආසනය ජනතාව විසින්ම ඔවුන්ට නැවත පැනවිය යුතුය. ජනතාව විසින් මොවුන්ව කොන් නොකරන්නේ නම්, වෙන කවුරු එසේ කරාවිද?
මෙම අවස්ථාවේදී පක්ෂ නායකයන්ට ලොකු වගකීමක් තියෙනවා. හොඳ යහපත් මිනිසුන් ඡන්දයට ඉදිරිපත් කිරීමට වගබලා ගන්න. ජනතාවද නුසුදුසු පුද්ගලයින්ට ඡන්දය දීම සුදුසු නැහැ. කුඩු කාරයින්ට, හොරුන්ට ඡන්දය දිය යුතු නැහැ. හොරුන්ට ඡන්දය දීල පස්සේ පළාත් පාලන නියෝජිතයෝ හොරු කියලා මෝඩයෝ වගේ දඟලලා පලක් නැහැ.