ඩයනා උදයංගනී
වන අලි ඝාතනයක් සම්බන්ධයෙන් උසාවියෙන් වරදකරු වන අයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් නියම කළ හැකි වන අයුරින් වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබේ.
රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට මෙසේ අනුමැතිය හිමි වූ බව සම කැබිනට් ප‍්‍රකාශක සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
එමෙන්ම වනජීවී රක්‍ෂිත තුළ සහ ඉන් බැහැර වනජීවී සම්පත්වල ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය බලතල වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආඥා පනත යටතේ වනජීවී නිලධාරීන් හා පොලිස් නිලධාරීන් වෙත පවරනු ලැබ තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
මීට අමතරව අලි මිනිස් ගැටලූව ඇතුළුව වන සතුන් හා මිනිසුන් අතර වන ගැටුම් කළමනාකරණය හා බැදුණු රාජකාරීන්ද වනජීවී නිලධාරීන් වෙත පවරනු ලැබ ඇති බව ද අමාත්‍යවරයා කීවේය.
අලි මිනිස් ගැටුමේ ප‍්‍රතිඵලයක් ලෙස සෑම වසරකම වන අලි 240ක් පමණ මියයන බව ද අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ස`දහන් කළේය.
දළ ඇතුන් ඇතුළුව අලි ගහනය හා අනෙකුත් වනජීවීන් ස්වභාවික වනාන්තර තුළදීම ආරක්‍ෂා කිරීම සඳහා වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය සහ ආරක්‍ෂක හමුදාවල නිලධාරීන්ගෙන් සමන්විත ඒකාබද්ධ කාර්යසාධක බලකායක් ඇතිකර මුර සංචාර සිදුකිරීමේ වැඩපිළිවෙලක් ක‍්‍රියාත්මක කිරීමට ද මෙහිදී අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය එක එක්කෙනාට නවන්නේ නැතුව පුද්ගලයින්ගේ තරාතිරම බලන්නේ නැතුව ක්‍රියාත්මක කරනවානම් මේක ගොඩක්ම හොඳ තීරණයක්... අනෙක් සමහර නීති වගේ පොතට විතරක් සීමා නොවී මේ නීතියවත් ක්‍රියාත්මක වේවා කියලා ප්‍රර්ථනා කරනවා. මොකද දැන් සමනල්ලු අපේ රටෙන් වඳවෙලා ඉවරයි. මෙහෙම ගියොත් අලි ටිකත් වඳවෙලා යාවි. අනාගතේ දවසක අලියව දකින්න වෙන්නේ පොටෝ එකකින් විතරයි.
අලි මැරීමට අපි කවදත් විරුද්ධයි. ඒත් මේක වැරදි තීරණයක්. කොළඹ මැද පන්තියට පේන්නේ නැහැ දුෂ්කර පළාත්වල මිනිස්සු තවම ස්වභාව ධර්මය එක්ක මොන තරම් අරගලයක නිරත වෙනවද කියලා. සීත කාමරවල ගන්න තීන්දු නිසා අසරණ මිනිස්සු කීයකට හිරබත් කන්න වෙයිද? ඇත්තු බේරගන්න ඕන නම් ඔය ජ්‍යෝතිෂකාරයෝ ටික අල්ලලා හිරේ දාන්න.
ඉතාමත් හොඳ තීරණයක් ...!!! ඒ වගේම අලින්ගෙන් මිනිසුන්හට වෙන පීඩා වැලැක්වීම සඳහා අලි වැට ක්‍රමවත්ව ඉදිකොට ආරක්ෂාව සැපයීම පිළිබඳව මේ වගේම ඉක්මන් තීරණයක් ගැනීම කල යුතුය.
වත්කම් හෙළි නොකරන මන්ත්‍රීතුමන්ලාගේ රුපියල් දාහේ දඩය වැඩි කරන්ට ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට්ටුවට මේ වගේ වහාම ක්‍රියාත්මක වෙන්න බැරි මොකද?
හොඳ තීරණයක්. එලෙසම අලි මිනිස් ගැටුමටත් නිසි පිළිතුරු සෙවීමද යුතුකමක්....
නීති පනවන අය, නීතියට යටත් නොවන බව ජනතාව විදිහට අප තේරුම් ගතයුතුයි...
මරු නීතියක්... මේක ඩොලර් කෝටි ගණනක් යටි මඩි ගහපු අයට දඩය රුපියල් 1000, ප්‍රකෝටි ගණන් හොරකම් කරපු මහා බැංකු හොරු බෙන්ස් කාර් වල නිදහසේ ගමන් බිමන් යති. පොල්ගෙඩියක් දෙකක් හොරකම් කරපු මිනිහ හිරේ... මිනිස්සු බුරුතු පිටින් බෝම්බ ගහලා මරපු ත්‍රස්තවාදියාට හිර දඬුවම අවුරුදු 2-3 , එක පුද්ගලයෙක් මරපු මිනිහ එල්ලුම් ගස්, අලියෙක් මැරුවොත් ජීවිතාන්තය දක්වා හිරේ. සමහර විට එකවර අලි 10 විතර මැරුවොත් මොකද වෙන්නේ?
ඒ ඉතින් නඩු දැම්මොත්නේ නේද?
හොර වැඩ කරන ඇමති මන්ත්‍රීතුමන්ලාගේ වැඩ වලට ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට්ටුවට මේ වගේ වහාම ක්‍රියාත්මක වෙන්න බැරි මොකද? ඒවා හරි අමාරු වැඩ වෙන්න ඇති... කාලකන්නින්ව පත් කළාට අපිට ගහන්න ඕනෑ...
ගොවියනි ඡන්දය වර්ජනය කරව්. මිනිහ බල්ලට දාපු නීතියක්. ඇත්තු මරණ වුන් ලොක්කෝ අහුවෙන්නේ නෑ. අහිංසක ගොවියා තමා හිරේ . ගොවියාගේ කෑම කාල අත උස්සපු අයට සාපවේවා.
හරකුන්ටත් මේ නීතියම දාන්නකෝ.
අලි ගහල මිනිස්සු මැරෙන එකටත් පිලියමක් යෙදුවොත් තමා වැඩිය හොඳ.
අලි මිනිස් ගැටුම පටන් ගත්තේ වනාන්තරයෙන් නොවෙයි. කොළ පාට මිනිස්සුයි රතු පාට මිනිස්සුයි නිදහස ලැබූ දා සිටම පාර්ලිමේන්තුවේ ගහ ගත්තා. අලියා ලකුණෙන් පාර්ලිමේන්තුවට ආ අයෙක් මේ ළඟදී ප්‍රසිද්ධියේ කිව්වා ලංකාවට අලි වැඩියි කියල. මැති සබේ අලි ගැන හිතල කිව්වා නම් කතාව ඉතාම අගෙයි.
එතකොට අලියෙක් මිනිහෙක් මැරුවොත් දේපල විනාස කලොත් එකටත් කව්රුහරි වග කියන්න ඕන නේද? මේක හරියට කැකිල්ලේ නීතිය වගේ වෙන්න දෙන්නේ නැතුව දෙපැත්තටම සාධාරණය ඉටු වෙන විදිහට කරන්න. (මේ නීතියෙන් අපේ අලි ඇතුන් මැරීම යම් තරමකට හෝ පාලනය වේවි. කලොචිට පියවරකි.) එත් අලින්ගෙන් මිනිසුන්වත් බේරා ගත යුතුයි.
හිරේ දාල විතරක් මදි. දේපල රාජසන්තක කරන්න ඕන.
ඇමතිතුමනි, ඉතාමත් කාලෝචිත තීරණයක්. වනාන්තර විනාස කරන පුද්ගලයන්ටත් මෙවැනි දඬුවමක් දීම සාධාරණයි. ගාමිණී දිසානායක ඇමතිතුමාගේ කාලේ වනාන්තර ආරක්ෂා කරන්න යුධ හමුදාවෙන විශ්‍රාම යාමට පෙර ඉවත්වූ නිලධාරීන් බඳවාගෙන ෆොරෙස්ට් පොලිස් කණ්ඩායමක් වන නිලධාරීන්ගේ සහයට ලබාදී තිබුණා. ඇත්හදා බැලීම සිදු කලේ පුත්තලම දිසා වන නිලධාරී කොට්ටාශයේදී. අධීක්ෂණ නිලධාරියෙක් ලෙස මම කටයුතු කළා. ඒක ඉතාමත් සාර්ථක කාර්යයක් උනා. නැවත එවැනි කණ්ඩායමක් පත් කරනවා නම් වඩාත් සුදුසුයි.