(බිමල් ශ්‍යාමන් ජයසිංහ/ දයාරත්න ඇඹෝගම)

අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඒ අනුව අදාළ සිසුවා හා එම විභාග ශාලාවේ ශාලාධිපති ඇතුළු පිරිස අනුරාධපුර වෙනත් විදුහලකට රැගෙන ගොස් මේ වනවිට පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය කියයි.

මෙම සිසුවා ජංගම දුරකතනයක් රැගෙන විභාග ශාලාවට ඇතුළුවී ගණිතය ප්‍රශ්න පත්‍රයේ සේයාරුවක් රැගෙන එය මිතුරකුට යවා පිළිතුරු ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඇතැයි ද එය විභාග ශාලාධිපතිවරයාට හසුවී ඇතැයි ද වාර්තා වේ.