(බිමල් ශ්‍යාමන් ජයසිංහ/ දයාරත්න ඇඹෝගම)
අනුරාධපුර විදුහලක සාමාන්‍ය පෙළ සිසුවකු අද(18) පැවැති ගණිතය ප්‍රශ්න පත්‍රයට ජංගම දුරකථනයේ වයිබර් හා ඉමෝ තාක්ෂණය ඔස්සේ පිළිතුරු සැපයූ බවට ලද පැමිණිල්ලක් මත පරික්ෂණ පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
ඒ අනුව අදාළ සිසුවා හා එම විභාග ශාලාවේ ශාලාධිපති ඇතුළු පිරිස අනුරාධපුර වෙනත් විදුහලකට රැගෙන ගොස් මේ වනවිට පරීක්ෂණයක් පවත්වන බව පොලිසිය කියයි.
මෙම සිසුවා ජංගම දුරකතනයක් රැගෙන විභාග ශාලාවට ඇතුළුවී ගණිතය ප්‍රශ්න පත්‍රයේ සේයාරුවක් රැගෙන එය මිතුරකුට යවා පිළිතුරු ජංගම දුරකතනයට ගෙන්වාගෙන ඇතැයි ද එය විභාග ශාලාධිපතිවරයාට හසුවී ඇතැයි ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විභාග ශාලාධිපති මේකට වග කියන්න ඕන. ඔහු සියලුම විභාග අපේක්ෂකයන්ගේ විභාගයට අදාල නැති සියලුම ද්‍රව්‍ය ශාලාව තුලට රැගෙන ඒම තහනම් කළයුතුව තිබුණා.
පුන පුනා කියන ටැබ්ලට් තාක්ෂණයට අනුගත වීම සඳහා කරන පෙරහුරුවක් ලෙස මේ වංචනික උත්සහය සලකන්න පුළුවන්. වෙනත් රටවල් පරිඝනක තාක්ෂනය දැනුම ලබා ගැනීමටත් ඒ දැනුම අනෙක් අයට ලබා දීමටත් ක්‍රමවත්ව යොදා ගන්නා යුගයක අපේ තරුණ පරපුරේ ඇතැම් අය ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් යොදා ගන්නේ පෙම් බස් දොඩන්නත් අහිංසක තරුණියන් රවටා නිරුවත් චායාරූප ගැනීමටත් වගේ පහත් වැඩවලට.
මේවත් මහා ලොකු ප්‍රශ්නද? පර්ලිමේන්තුවේ සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ අසමත් අය බර ගානක් ඉන්නේ
අපේ අනාගත රටේ නායකයෙක් නැවතත් රජරටින් බිහිවෙන වගයි.....ජයවේවා!!!
අපි අවුරුදු කීපයකට පෙර රජකාලේ අඩු තාක්ෂණයක් යටතේ පිළිතුරු ලියුවත් දැන් අපේ කාලයට වඩා තොරතුරු තාක්ෂණය අතින් ළමයින් දියුණුබව දැනගන්නට ලැබීම සතුටක්.
මෙවැනි දේවල් ඉදිරියේදී සිදුවීම නැවත්වීමට නම්, මෙම සිසුවාට වසර දහයකටවත් විභාග තහනම් කළ යුතුයි..............
විභාග ශාලාවක ශාලාධිපතිගේ හෝ ඔහුගේ සහයකන්ගේ අනු දැනුම නොමැතිව මෙසේ කරන්න පුලුවන්නම් කොලයක ලියාගෙන ඇවිත් එය ඉතා පහසුවෙන් කොපි කරන්න පුළුවන් බවයි අපගේ හැඟීම. ශාලාධිපතිවරු පුටුවල වාඩිවී නොසිට තම අවට ගැන නිතර සෙවිල්ලෙන් සිටීමට පුරුදු පුහුණු කලයුතු කාලය පැමිණ ඇත. මිට අමතරව විභාග ශාලාවලට ඉතා පහසුවෙන් කැමරා භාවිතා කර මෙය නැවත්වීමට පියවර ගත හැක.
හොද වැඩක් ගුරුවරයා කරලා තියෙන්නේ. එයාගේ ජොබ් එක හරියට කරලා. සිසුව වැරද්දක් කරානම් එය වෙනුවෙන් කලින් ඉදල හදල තියෙන දඩුවම් විදින්න උවමන. සිසුවෙක් කියල යන්න දෙන්න හොද නැහැ.
මෙවැනි විද්‍යුත් උපකරණ විභාග ශාලාවලට ගෙන යාම සම්පුර්ණයෙන්ම තහනම් බව කලින් කියා තිබුණා නේද? ඒ නිසා මේ "හයි-ටෙක්" හොරාට ජීවිතාන්තය දක්වාම රජයේ විභාග වලට පෙනී සිට, රජයේ රැකියාවලට එක්වීම සම්පුර්ණයෙන්ම තහනම් කල යුතුය ! මෙවැනි දේ කිරීමට හිතා ඉන්නා අනාගත වංචා කාරයන්ටත් එය අමතක නොවන පාඩමක් වෙනු ඇත !