වැලි ලොරියකට වෙඩි තැබු පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට පේදුරුතුඩුවේ පොලිස් වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය යාම සම්බන්ධයෙන් සැකපිට පොලිසියේ දෙන්නෙක් අත්අඩංගුවට ගනු ලැබ සිටිති. 10 July 2017
දෙමළ ජාතික සන්ධානය මහ නාහිමිවරුන් හමුවෙන්න සැරසෙයි ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් හමුවී යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් සාකච්ඡාකිරීමට දෙමළ ජාතික සන්ධානය තීරණය කර තිබේ. 09 July 2017
කාලෝ නැත්නම් රට පුරා වැඩ වර්ජනයක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපතිධූරය මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාට හැර වෙනත් අයෙකුට ලබාදුනහොත් ඒ මොහොතේ සිටම කොන්දේසි විරහිතව වැඩ වර්ජනයක නිරත වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 09 July 2017
කඩු පොලු රැගෙන ආ පිරිසක් ළමා නිවාසට හානි කරලා පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මගින් යොමුකරන දරුවන් රඳවා තබන ගම්පහ ළමා සංවර්ධන මධ්‍යස්ථානයක කඩු පෙලු රැගත් පිරිසක් විසින් කළ පහරදීමකින් එහි පාලිකාවකට සුළු තුවාල හා දේපළවලට හානි සිදුවී ඇතැයි ගම්පහ පොලිසිය කියයි. 09 July 2017
රාජපක්ෂවරුන්ට සහනයක් දිය යුතුයි - ඇමති අමරවීර රාජපක්ෂවරුන් වැරදි කර තිබේනම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂෙණ කළ යුතු වගේම ඔවුන් මේ රටට කළ සේවය ගැන සලකා ඔවුන්ට යම් සහනයක් දිය යුතු බවට මගේ පෞද්ගලික් මතයක් තියෙනවා යයි එක්සත් ජනතා නිදහස් සංධානයේ මහා ලේකම් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතා අද (08)දින පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 08 July 2017
උමා ඔය ඉදිකරන ෆරාබ් සමාගම ආධුනිකයි - ඇමති අමරවීර උමා ඔය ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු කරන ඉරානයේ ‘ෆරාබ්’ සමාගම මීට පෙර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධ අත්දැකීම් නොමැති ඉදිකිරීම් සමාගමක් බව දැනට කර ඇති සොයා බැලීම් වලදී හෙළි වී ඇතැයි ධීවර හා ජලජ සම්පත් ඇමැති, උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ සොයාබැලීමේ අමාත්‍ය අනු කමිටුවේ සාමාජික මහින්ද අමරවීර මහතා පැවසීය. 07 July 2017
එජාප මන්ත්‍රීන්ගේ රට සවාරි අගමැති අනුමැතියෙන් පමණයි තම අවසරයකින් තොරව මේ වසර ඇතුළත කිසිදු විදෙස් ගමනක් සඳහා සහභාගී නොවන ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ට දන්වා ඇත. 07 July 2017
උමාඔය කැණීම් නතර කරයි උමාඔය බහුකාර්ය සංවර්ධන යෝජනා ක්රමයේ උමග ආශ්රිත සියලු කැණීම් තාවකාලිකව නතර කරන අතර උමං මාර්ගයේ ඇති විදුම් යන්ත්‍රය ඉදිරි දින දහය ඇතුළත එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගන්නා බව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසීය. 06 July 2017
උමා ඔය ව්‍යාපෘතිය ගැන සොයන්න පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් උමා ඔය බහුකාර්ය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා පාර්ලිමේන්තු තේරීම්කාරක සභාවක් පත්කිරීමට ජනාධිපති හා අගමැති තීරණය කර ඇතැයි වරාය හා නාවුක කටයුතු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය. 06 July 2017
අල්ලස් ගත්තැයි කොස්තාපල් රිමාන්ඩ් රුපියල් 30000ක අල්ලසක් ලබාගත් බව කියන කොල්ලුපිටිය පොලිසියේ කොස්තාපල්වරයකු හෙට (7) දක්වා රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලාල් රණසිංහ බණ්ඩාර මහතා නියෝග කළේය. 06 July 2017
ජනතාව ඡන්දෙ දුන්නේ නව ව්‍යවස්ථාවකටයි - ඇමැති රාජිත මේ රටේ ලක්ෂ 62ක ජනතාවක් ආණ්ඩුවට ජනවරමක් ලබා දී ඇත්තේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මතර කර ගැනීමට යැයි ද, ඒ සඳහා විවිධ සංවිධානවලට බලපෑම් කළ නොහැකි යැයි ද කැබිනට් සම මාධ්‍ය ප්‍රකාශක දොස්තර රාජිත සේනාරත්න මහතා පැවසීය. 05 July 2017
’ජාත්‍යන්තර සම්මුති පනත ඉවත් කළ යුතුයි’ - දිනේෂ් කියයි බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් සියලූ තැනැත්තන් ආරක්ෂා කිරීම සඳහා වු ජාත්‍යන්තර සම්මුතිය පිළිබඳ පනත වැනි පනත් තාවකාලිකව නතර කිරීම නොව එය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගත යුතු යැයි මහජන එක්සත් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය. 05 July 2017
අතුරුදන් කිරීම්වලින් වැළැක්වීමේ පනත අද පාර්ලිමේන්තුවට නොඑන ලකුණු බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින් ආරක්ෂා කිරීමේ පනත අද(5) පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන බව රජයේ ආරංචි පවසයි. එම පනත් කෙටුම්පතෙහි අන්තර්ගතය පැහැදිලි කරගන්නා තුරු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස ජනපති උපදෙස් දී ඇතැයි වාර්තා වේ. 05 July 2017
නව ව්‍යවස්ථාවක් එපා-මහ නා හිමිවරු කියති නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් මේ මොහොතේ අවශ්‍ය නැතැයි ත්‍රෛනිකායික මහ නා හිමිවරු අද (04) නිවේදනය කළහ. 04 July 2017
උමා ඔය ජනතාව රඳවා තැබීම අවදානම් - මහින්ද අමරවීර ‘උමා ඔය’ ව්‍යාපෘතිය හේතුවෙන් බණ්ඩාරවෙල අවට ගම්මාන ගණනාවක ජනතාවට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දීමට සිදුව ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය හා මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. 04 July 2017
වෛද්‍ය වර්ජනය සතියකින් කල්යයි හේතූන් කිහිපයක් මුල් කරගනිමින් හෙට(4) සිට ක්‍රියාත්මක කිරීමට තිබූ වෛද්‍ය වර්ජනය සතියකින් කල් දැමූ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 04 July 2017
රජයේ ප්‍රධාන පුටු හතරක් වෙනස් වෙයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර වු ඔස්ටින් ප්‍රනාන්දු මහතා නව ජනාධිපති ලේකම්වරයා ලෙස අද (04) පෙරවරුවේ නිල පත් වීම් ලබා ඇත. 04 July 2017
ආරක්ෂක ලේකම් තනතුරත් වෙනස් වෙයි ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා එම තනතුරෙන් ඉවත් වී ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 03 July 2017
වෛද්‍යවරු බදාදා සිට යළි අඛණ්ඩ වර්ජනයක මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 03 July 2017
ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද ආණ්ඩු පක්ෂයේ තීරණාත්මක රැස්වීමක් අද(3) පස්වරුවේ පැවැත්වෙන බව රජයේ ආරංචි කියයි. 03 July 2017
රාගම කොල්ලයේ සැකකරුවන් අල්ලයි රාගම බැසිල්කා පාරේ දි වෑන් රථයකට වෙඩි තබා එහි තිබු රුපියල් ලක්ෂ 77ක් පැහැරගෙන ගිය සැකකරුවන් පස්දෙනා මුදල් වලින් කොටසක්ද සමඟ පෑලියගොඩ දිසා බුද්ධි ඒකකය අද (3) අලුයම අත්අඩංගුවට ගෙන ඇත. 03 July 2017
උමාඔය ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ඉල්ලති උමා ඔය ව්‍යාපෘතියෙන් සිදුව ඇති විපත සම්බන්ධයෙන් ජනපතිවරයා සමග පැවති සාකච්ඡාවේදී තමන්ගේ ප්‍රශ්නවලට ලැබුණේ ක්ෂනික පිළිතුරු බවත් තම ජනතාවට අවශ්‍ය සෘජු පිළිතුරු බවත් උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න මහතා පවසයි. 02 July 2017
ආණ්ඩුව පෙරළීම මෝඩ වැඩක්-සුමන්තිරන් ජාතික ගැටළුවට විසඳුමක් වශයෙන් නව ආණ්ඩුවක් පත් කර පසුව එය පරාජයට පත් කිරීම අනුවණ හෙයින් රජයට සහය දෙමින් විසඳුම් ලබා ගත යුතු බව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්තිරන් මහතා කියයි. 02 July 2017
ශ්‍රීලනිප මන්ත්‍රීවරු 18ක් සැප්තැම්බරයේදී ආණ්ඩුවෙන් ඉවතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමැති, රාජ්‍ය ඇමැති සහ නියෝජ්‍ය ඇමැති ධූර හොබවන මන්ත්‍රීවරුන් 18 දෙනෙක් ලබන සැප්තැම්බර් මාසයේ දී ආණ්ඩුවෙන් ඉවත්වීමට තීරණය කර ඇතැයි ඉඩම් රාජ්‍ය අමාත්‍ය ටී.බී.ඒකනායක මහතා ලංකාදීපයට පැවසීය. 01 July 2017
ජනපති ලේකම් ඉල්ලා අස්වෙයි ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇතැයි වාර්තාවේ. 30 June 2017
කොටගල කේම්බ්‍රිජ් විද්‍යාලයට පොලිස් ආරක්ෂාව නුවරඑළිය කොටගල කේ‍්‍රම්බි‍්‍රජ් දෙමළ විද්‍යාලයේ ගුරුවරුන්,දෙමවිපියන් සහ සිසුන් අතර ඇති වු බව කියන ගැටුමක් හේතුවෙන් එම පාසලට දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබේ. 30 June 2017
තැපැල් වර්ජනය අවසන් තම ඉල්ලීම්වලට විසඳුම් ලබාදෙන බවට ලැබුණු පොරොන්දුව මත සිය අඛණ්ඩ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ පවසයි. 30 June 2017
සයිටම් ජනසතු නොකළොත් අඛණ්ඩ වෛද්‍ය වර්ජනයක් මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට තීරණය කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නලින්ද හේරත් මහතා පවසයි. 29 June 2017
උමා ඔය ගැටලුව ගැන සොයන්න විදේශ විශේෂඥයන් ජනතාවට සිදුවන හිරිහැරය වළක්වමින් උමා ඔය ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බැලීමට විදේශීය විශේෂඥයින්ගේ සහාය ගැනීමට අපේක්ෂා කරන බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) නුවරඑළියේ දී පැවසීය. 29 June 2017
උතුරු පළාතට නව ඇමැතිවරු දෙදෙනෙක් උතුරු පළාත් සභාවේ පුරප්පාඩු වී තීබූ අමාත්‍යංශ දෙකක් වෙනුවෙන් නව අමාත්‍යවරුන් දෙදෙනෙක් අද (29) උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ඉදිරියේදී දිවුරුම් දුන්හ. 29 June 2017
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026