(සුජිත් හේවාජුලිගේ)
‘කිලිටි නැති තරම් පවිත්‍ර අවංක දේශපාලන නායිකයින් හැදීම මගේ එකම අරමුණයි. පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේ දී මගේ කඩුවට කාගේ බෙල්ල කැපේවී දැයි දන්නේ නැතැයි’ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28) පැවසීය.
ඒ අවස්ථාවේදී මොන පක්ෂයේද මොන වර්ණයේද කාගේ කවුද මගේ ඥාතීන්ද කියන කිසිම කාරණයක් තමා ගණන් නොගන්නා බවද ජනාධිපතිවරයා කීය.
ජනාධිපතිවරයා මෙසේ පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී ඊයේ (28) පෙරවරුවේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නිදහස් සම්මුතිය ප‍්‍රතිඥාව දීමේ උත්සවයේදීය. ඉදිරි පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් මෙම ප‍්‍රතිඥාව දුන් අතර මේ අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන දේශපාලන පක්ෂ 32ක නායකයෝ හා ක‍්‍රියාකාරීහු සහභාගී වූහ.
එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.මට අවශ්‍ය වන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසිදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්. මා ප‍්‍රමුඛත්වය දෙන්නේ එතැනටයි. අංක එක එතැනයි. එතැන හරි ගියොත් අනෙක් ඔක්කොම හරි යනවා. එතැනින් පල්ලෙහාත් හැදෙනවා. මෙතැනින් මේ වැඬේ පටන් ගත්තම ඒක කරන්න පුළුවන්. හෘද සාක්ෂිය හොඳ සාක්ෂියක් කර ගනිමින් අපි හොඳ රටක් හදමු. ගමේ පුංචි ආණ්ඩු ආදර්ශමත් තැනක් කරගෙන ඉන් එහාට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගනිමු. වෛරය, ක්‍රෝධය, ද්වේෂය නැති රටක් වෙනුවෙන් සියලූ දෙනා අධ්‍යාත්මික දර්ශනය අනුව කැපවෙමු.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ තුමාට කඩුවක් තියෙනව ද? අපි හිතුවෙ තියෙන්නෙ "පොරවක්" කියල...
දැන් ඔබතුමා වටේ ඉන්නේ ඔය කියන දේශපාලනයට සුදුසු පිරිසිදු අවංක ජනතාවාදී දේශපාලන නායකයන්ද?
කඩුවෙන් කපන්න ගිහිල්ල කඩුව කැඩිලා යයිද දන්නේ නැහැ .
රුසියාවෙන් ලැබුණු කඩුව හොඳට මුවහත් කළා බැදුම්කරය. බැදුම්කරය, වනජීවී ඉඩම් පාලුවන්, අලි හොරුන්, ඉඩම් හොරුන්, හිටි හැටියේ බිහිවූ කෝටිපතියන් ඇතුළු සමාජ දූෂකයන් එක පාරින් ඡේදනය කරන්න.
රාජපක්ෂයි රනිලුයි දෙන්නම කපෝතිද?
අනේ අපි නොදන්න ඔබතුමාගේ කඩුව.
අනේ නිකන් ඉන්න රට්ටු හිනස්සන්නේ නැතුව................
වැදි බන...
එහෙම නම් ඉතින් ඉස්සෙල්ලම තමන්ගේ බෙල්ල තමයි කපා ගන්න වෙන්නේ පුර්වාදර්ශයටත් එක්ක.
පළමුව ඔයාගේ අග්‍ර පුරෝහිතගේ බෙල්ල තමා කැපෙන්න ඕනේ බැදුම් කර මගඩියගේ. එත් ඔය බලන කණ්ණාඩියේ හැටියට තමා ඔක්කොම වෙන්නේ. මොනවා උනත් කර්මය කරත්ත රෝදේ වගේ පස්සෙන් එනවා කියන එක ඔයත් අමතක කරන්න එපා.
කඩුව මොට්ට නිසා කවුරුවත් බය වෙන එකක් නැහැ
අනේ මෙයාගෙ කඩුව?එයාර්පෝර්ට් වහල හොරු අල්ලනව කිව්වට අල්ලපු හොරෙක් ඉන්නවද?මෙතුමත් එක්කම එකට හිටපු කම්බ හොරු ආරක්ෂා කරල කාව කපන්නද මේ අලුත් කඩුව?
ඉක්මනින් ඔය කඩුව පාවිච්චි කරන්ඩ. පහු ගිය අවුරුදු 20 තුළ හොරුන් සියලු දෙනා කුඩුවට දමන්ඩ.
ජනපති තුමනි, කඩුවෙන් හෝ වෙන යමකින් හෝ කපා දැමිය යුතු පසුගිය රජයේ සොරුන් තවමත් නිදැල්ලේ සිටි. එම නිසා පළමුව ඔබගේ කඩුවේ තරම ඔවුන්ට පෙන්විය යුතුයි. කතාවෙන් නොව එය ක්‍රියාවෙන් පෙන්වීමටයි අප ඔබව පත් කර ගත්තේ. නමුත් ඉටු නොවූයේත් එයම තමයි. මිනීමරුවෝ, වංචාකාරයෝ, සියල්ලන්ම තවමත් නිදැල්ලේ සිටි.
කටින් නොවෙයි වැඩ පෙන්නන්නේ......................
මෙයාගේ කඩුව පොලිතින් වගේ තමා.......
අර දුමින්ද දිස්සනයක නිළියකට නිකන් ගෙවන කුලිය කැපුවොත් හොද නැද්ද .
ඔවු ඉතින් කෙසෙල් බඩවලින් හදපු කඩුවලින් මැස්සෙකුටවත් හානියක් කල හැකිද කියා ළදරුවකුටත් තේරෙන එක මේ උන්දැට නොතේරීම ඉතාමත් කණගාටුදායක කරුණකි.අවංකව සිතන්න දියවන්නඔය මඩවගුරේ ලැගල ඉන්න ඔය " හොර තක්කඩි රැල එසේ මෙසේ හොරුනොව" හොදම උදාහරණය මහා බැංකුවට හතරගාතේ වැටෙන්නේ දුන්නු " පාහරයන් " ඉන්න තැනක් බව අමතක නොකරන්න .
බලයට එවින් දැන් මේ ජනවාරි 8ට අවුරුදු තුනයි. ආපු දවස ඉඳන් කයිවාරුත්, පම්බෝරිත් විතරයි. රවී, විජේදාස අයින්කලා. නමුත් කිසිම වෙනසක් නං පෙන්න නැහැ. පොලීසිය බාර ඇමතිගෙන සතුටු නැහැ කිව්වා. රටේ මතයක් තියනවා මෙතුමා අගමැතිට බයයි කියල. ඉතුරු අවුරුදු 2 ටත් මේ වගේ කයිවාරු තමයි අපට අහන්න තියන්නේ.
මහින්ද කපන්න එසවෙන ඔය කඩුව විජාතිකයන් ඉදිරියේ දෙකට නැමෙනවා........
පවිත්‍ර දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමට යන ගමනේදී.... ඒ කියන්නේ තාම අවුරුදු තුනක් තිස්සේ යනවා. තව අවුරුදු කීයක් විතර යන්නද බලාපොරොත්තුව? මම හිතන්නේ මහ බැංකුවට තව සල්ලි ටිකක් එකතු වෙනකල්ම යයි.
හිනත් ගියා මේ නිව්ස් එක දැක්කාම.
මෙයා ආවේ හොරු ටික බේරාගන්න. දැන් ඊට උඩින් තවත් හොරු ඇතිවෙලා, මේ කියන කැපිල්ල කවදාවත් වෙන වැඩක් නොවෙයි. එහෙම කරන්න ගියොත් ලංකාවේ දෙපැත්තේම දේශපාලන මාෆියාව මෙයාව කපලා දායි... නිකන් කෙසෙල් ගසක් වගේ.
කට කොයි පැත්තේද දන්නේ නෑ තියෙන්නේ? එ්කට මෙයා කල දේ හැමෝම දන්නවනේ.
ඔය කඩුවට රිෂාඩ් බදියුදීන්ලා අහු වෙන්නේ නැත්තේ ඇයි..?
මෙයා කඩුව උස්සනකොට අන්න ඇමෙරිකාවෙන් මෙයා කපලම දාලා.
ඔබතුමාට තියෙන මහජන ගෞරවය ඉතාම වේගයෙන් පිරිහෙමින් පවතිනවා. මොකද ඔබතුමා ලඟින්ම තියන් ඉන්න පහුගිය රජයේ ප්‍රබල පිරිස රජාගේ නැව ගිලෙනකොට පැනපු අන්තිම කට්ටිය. මේ කම්බහොර ඇමතියෝ ටික මහින්දට කඩේ යනගමන් ඔබතුමාගේ කරේ නැගලා ඉන්නේ. මුලින්ම කඩුවෙන් මේ වෙස්වලාගෙන ඉන්න මේ කම්බ හොරු ටික කපන්න.
දැන් ලංකාවේ ඉන්න හොඳම විකට නළුවා වෙලා...
පොහොට්ටුව එක්ක එකතුවෙන්න හදන්නේ භෞතික සම්පත් සංවර්ධනයට වඩා දේශපාලනයට සුදුසු පිරිසිදු අවංක, කිලිටි නැති පවිත්‍ර අවංක ජනතාවාදී දේශපාලන නායකයන්... එතන ඉන්න නිසා වෙන්න ඇති.... ලැජ්ජයි..!!!
ගරු ජනාධිපතිතුමා, මේ විදිහට මහජනතාව අන්දවන්න එපා. අපි මෝඩයි තමා ඒත් ඔබතුමා හිතන තරම් මෝඩ නැහැ. ඔබතුමා අල්ලගත්ත හොරෙක් ඉන්නවද? මේ අවුරුදු කීපයකට දඬුවම් දීලා කපලා දාපු කී දෙනෙක් ඉන්නවද?. පවුලේ අය වුණත් දඬුවම් දෙනවලු... පවුලේ අයට ඔබතුමා දුන්නේ තනතුරු සහ වරප්‍රසාද. ඔය ඔබතුමාගේ කඩුවෙන් කපන්න ඉස්සෙල්ලාම 2015 පෙර හිටපු අයගෙන්ම පටන්ගන්න. පිළිවෙලට දැන් ඉන්න හොරුත් කපලම දාන්න. මේකත් ඔබතුමාගේ වචන සංදර්ශනයක් විතරයි.
මේ කතා නම් දැන් ඇඟට දැනෙන්නෙම නැහැනේ. 2015 ත් කිව්වේ මෙහෙම නේද? හැබැයි කඩුවෙන් කපනවා කියලා කිව්වේ නැහැ.
අර රාජගිරිය පැත්තේ තියෙන අපි නිකම් සල්ලි ගෙවන බිල්ඩිම පැත්තටත් ඔය කඩුව ගෙනියනවද?
ප්‍රවේසමෙන් ජනාධිපතිතුමනි, ඔබතුමාට ඡන්දය දුන් ජනතාව අමතකකර දැන් ඔබතුමාට විරුද්ධව ඡන්දය දුන් පක්ෂයක් කරගහගෙන වද විඳිනවා.
කඩුව බටේ දාගන්න. මිනිස්සු ඕවට දැන් රැවටෙන්නේ නැහැ. පරක්කු වැඩියි.
අවි ගන්නෝ අවියෙන්ම නසී... පිරිසිදු දේශපාලන මාවතක යනවා නම් ඔය කුණු ගොඩින් අයින්වෙන්න මඩේ ඉඳන් හොඳ වතුර නාලා වැඩක් නැහැ.
අනේ යන්න.... කඩුව අපි දැන් අවුරුදු තුනක් තිස්සේ පෙන්නලයි තියෙන්නේ...
මෙයාගේ ළඟ තියෙන්නේ කඩු කොපුවනේ. චන්ද්‍රිකා කඩුව රනිල්ට දීලයි තියෙන්නේ. මෙයා දන්නේ නැහැ බෙල්ල කැපෙන වග. රටටම ලැජ්ජාවක් තමයි මේ වගේ අය පත් කර ගැනීම. නිවටකමට කදිම සලකුණ තමයි..
අර කාටද දැලිපිහිය ලැබුණා වගේද ?
තිබුණත් කඩුව පොල් පිත්තෙන් කපලා... වනනව හැම දෙසටම හොඳ කඩුවක් කියලා... හිතුවත් අනිකා රැවටෙනු ඇති කියලා... රටවැසියන් සිනාසුනේ කොක්හඩවල් නගලා...
වඳුරට දැලිපිහිය ලැබුණා වගේ කියන උපහැරණය දැන් වෙනස් වේවි නේද? මම නම් පැරණි උපහැරණය වෙනස් කර අලුත් උපහැරණය පාවිච්චි කරනවා.
අර රුසියාවෙන් ගත්ත යුද නැවේ කුට්ටිය ගත්ත කට්ටියත් කැපෙයිද?
අයියෝ අපි දන්නේ නැද්ද? ඔයාගේ ලඟ තියෙන්නේ ප්ලාස්ටික් කඩුවක් නේ...
කයිවාරුව කඩුවට වඩා බලවත් බව, කැපෙන බව අපේ රටේ ජනතාව 2015 ජනවාරි මාසේ ඉඳන්ම තේරුම් අරගෙන තියෙනවා. සිරිසේන මහත්තයා ගැන කියනවා නම්, එයා නටපු තොයිලෙකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ, පන්දම්(කාරයෝ) ටිකත් එකින් එක නිවී ගෙන යනවා !!!
දේශපාලකයින්ගේ කථා වලට රැවටෙන අපි බූරුවන් නොවේද?
කුඩුකාරයින්ව ලං කර ගත්තේ ඒ නිසා හින්දා වෙන්න ඇති...?
ගනු කඩුව! එනු සටනට! නූතන මනමේට මගේ හද පිරි උපහාරය! බලගෙන, ඔයාගේ කඩු සටන් අතර ශ්‍රී ලංකා වැද්දෝ ටික විකුණලා, හොරකම් කරලා, හදි කරලා දායි !!!
කටු ගෙයි නැතිවුන කඩුවද?
ඔබතුමාගේ කඩුව හොන්දඊ කොස් කොටන්න ,
කැබිනට් සභාවේ සහ පාර්ලිමේන්තුවේදී ඔබතුමාගේ කඩුව තිබෙන්නේ කොපුවේ , මගුල් ගෙවල් , මල ගෙවල් වල විවුර්ත කිරීමේ උත්සව වලදී ඕක එලියට අරන් හොඳට වනල හොඳ " වන් මෑන් ෂෝ" එකක් පෙන්වනවා , ඔබතුමාගේ කඩු සංදර්ශන හරියට" රාබිපු මීයාගේ "වැඩ වගේ ඊට පස්සෙන්දට ඔක්කොම අමතකය , එක නිසා ඔක්කොම හොරු සුපුරුදු පරිදිම තම හොරකම් කරගෙන යන අතර , පක්ෂේ මන්ත්‍රීවරු අර උදේට රජයේ ඉස්පිරිතලෙත් හවසට චැනෙල් එකෙත් වැඩකරන දොස්තරලා වගේ , උදේට පාර්ලිමේන්තුවේ ජනාධිපති තුමාගේ පැත්තේ ඉගෙන ඉඳල ඉඳල හවසට පොහොට්ටු දේශපාලනය කරනවා ,
කොහිල, රතුළූණු සමග වංගෙඩියේ දමා කොටා ගත් ඉස්ම, පොල්කිරි සමග මිශ්‍රකර කැඳ සාදා බීමෙන් ගුණයක් ලැබේවි...
මෙයාට දැන් වෙන්නේ කඩුව බටේ දාගන්න වෙන විකල්පයක් ඉතිරිවෙලා නැත.
මේවා ඇහෙනකොට මට මතක් වුණේ, යසලාලක තිස්ස රජතුමායි, දොරටුපාලකගෙයි කතාව. හා නැද්ද .?
කොහොම හරි පක්ෂය දිනවන්නයි, කඩුවෙන් කපන්නයි දෙකක් කරන්න බැහැ නේද? බලයට ආවේ පක්ෂ පාට නොබලා කඩුවෙන් කපනවා කියලයි. ජනතාවගෙන් හොරකම් කරපු කෝටි 32000 ක විස්තරයට මොකද වුනේ?
ජනාධිපතිතුමනි! මෙහි අදහස් දක්වා ඇති අය අනිවාර්යයෙන්ම හිටපු ජනාධිපතිගේ අනුගාමිකයින්ම වෙන්න ඕනේ නැහැ. ඔබතුමා දැන් ඇස් ඇරියේ නැත්නම් කඩුවෙන් සොරුන්ගේ ගෙල සිඳලන්න කලින් මිතුරන් සේ ලංව සිටින මෝර හොරුන් කඩුව ඔබගෙන් උදුරාගෙන ඔබගේ ගෙල සිඳ දමනු ඇත. ඔබතුමාට මේ මොහොතේ අවශ්‍යය ජනතාවගේ අනුකම්පාව නොව ජනතාවගේ උරදීමයි. පෙබරවාරි මස 10 දාට කලින් එක දැවැන්ත මෝරෙක් හෝ ඔබගේ කඩු පහරට හසු නොවුන හොත් අපට ඔබතුමාව එළියට ගන්න සිදුවන්නේ මෝරගේ කුස තුලින් තමයි.
ඔයා කඩුව ගත්තේ ළඟදිද? ! එස්.බී., අප්පච්චි මලෝ., ඩිලාන් ඔය ඔක්කොම ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගත්තේ පිරිසිදු දේශපාලකයෝ නිසාද? බයිලා නැතුව ඉන්න.