මනෝප‍්‍රිය ගුණසේකර
මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයාගේ රාජ්‍ය පාලන සමය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් 17කට අදාළ වාර්තා 17ක් බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හෙට (02) දින පෙරවරුවේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට බාරදීමට නියමිතය.
බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම විසින් දීර්ඝ සාක්කි විභාග කිරීම් වලින් අනතුරුව සකස් කොට ඇති මෙම බරපතල වංචා සහ දුෂණ පරීක්‍ෂණ වාර්තා 17ට අමතරව මෙවැනි බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම සඳහා ගතයුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන්ද කොමිසම ජනාධිපතිවරයාට බාරදීමට නියමිතය.
බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් යළි ඇති නොවීම ස`දහා ගතයුතු ක‍්‍රියාමාර්ග ඇතුලත් නිර්දේශයන් සහ යෝජනා අඩංගු වාර්තාව පිටු 1200කින් යුත් බව වාර්තා වේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජ්‍ය පාලන සමය වු 2010 ජනවාරී මස පළමුවැනිදාත් 2015 ජනවාරී මස පළමුවැනිදාත් අතර කාලය තුළ සිදුවු බරපතල වංචා සහ දුෂණ සිද්ධීන් මෙන්ම රාජ්‍ය බලය අවභාවිතා කිරීම මඟින් රාජ්‍ය ආයතන වලට සිදුකළ පාඩු ආදීය සෙවීම සඳහා 2015 මාර්තු මස 15 වැනිදා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් මෙම බරපතල වංචා සහ දුෂණ චෝදනා විමර්ශන ජනාධිපති පරීක්‍ෂණ කොමිසම පත් කරන ලදී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වාර්තා පක්ෂෙ හදන්න පාවිච්චි කරන්නේ නැතුව රට හදන්න යොදා ගනියි කියල ලක්ෂ හැට දෙකක් ජනතාව බලාගෙන ඉන්නවා. හොරු හැමෝටම එක හැන්දෙන් බෙදන්න.
ඡන්ද ගුණ්ඩු කියන්නේ ඕවට
ඩීල් ගහලනේ තියෙන්නෙ. ඒක නිසා ඔය සිද්ධි 17ම යට යනවා.
අනේ යන්න බොරු කරන්නේ නැතිව. කරනවානම් ඕන තරම් කල් තිබුණා. බොරුවට පත්තරේ දාලා නිකන් මිනිස්සු රවට්ටනවා. හිතන් ඉන්නේ අපි ගොන්නු කියලා.
මෙන්න ඒ 17 අතුරින් සමහරක්. කෘෂිකර්ම අමාත්‍යංශයට මසකට කුලිය ලෙස මිලියන 24 බැගින් නිලි සබීත පෙරේරාට ගෙවීම, රුසියවෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 210 කට අනවශ්‍ය නැවක් නාවික හමුදාවට මිලදී ගැනීම, මහා බැංකුව හොරා කෑම, අර්ජුන ඇලෝසියස් මුදල් ඇමතිට මිලියන 175 කට නිවසක් අරන්දීම සහ ඊට කලින් එම නිවස වෙනුවෙන් කුලී ගෙවීම ....... තවත් ඕනද?
මේ ලිපිගොනු ටික අර ලිපිගොනුවට උඩින් තියයිද?
කාගේ හරි ගෙයක් කඩලා මුදල් සොරාගෙන සියලු සාක්ෂි ලැබුනට පස්සේ පොලිසිය කියනවා අපි මින් ඉදිරියට මේ වගේ දේවල් නොවෙන්න වග බලාගන්නවා, එමනිසා අපි හොරාව නිදහස් කරනවා කියල. කොහොමද රටට දැනෙන අපමණ අගය?
මෙම වාර්තා වලට විදම් කරලා තියෙන්නේ අපේ මුදල්. මේවා අපටත් බලන්න සලස්වන්න. කුණු කුඩේට යන්න දෙන්නම එපා. අපි නොදන්නා කොමිසන්.
ජනාධිපතිතුමා නියමෙට වැඩේ කළා වගේ.
දැන් එකතු වෙන්න හදන්නේ වැරදිකරුවන්ට ශ්‍රී ලංකා ජනරජයේ නීතිය යටතේ දඩුවම් කරන්නද, පක්ෂයේ බලය පතුරන්නද ? ආයේ වෙන්නේ දූෂිත යුගයට යන එක නේද ? ඔය ෆයිල් සෙල්ලම ජනතාවට විහුලුවක්. ලංකාවට දූෂිතයන්ගේ සරණයි !
බොහොම හොද දෙයක්
යුද්ධයක් නැති නිසා මහා ජනතාවට කික් එකක් දෙන්න තමයි මේ පුස් වෙඩි පත්තු කරන්නේ
මේකටත් විශේෂ ප්‍රකාශයක් කරනවද
හැමදාම හැමෝම මිනිස්සු රවට්ටන්න බැ.
තනිකර බොරුවෙන් ගෙනියන පාලනයක් තියෙන්නේ. රටේ මහජනයාට මොලේ කවදත් නැහැ.
මේ පරීක්ෂා වාර්තාව ගැන සොයන්නත් ජනාධිපති කොමිසමක් පත් කරනවා. පරීක්ෂණ වාර්තා නැතිව මොකවත් කරන්න බැහැ මතකනේ සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව වාර්තා එන කොට කාලේ ඉවර වුණා
පරිස්සමට අරන් තියන්න වෙන්නැති
ලෝකයේ දුෂිතම,නුඋගත් මිනිස්සු පිරිසක් වාසය කරන රට ලංකාවයි කියල කියන්නේ මහත් ආඩම්බරයෙන්.
හොරු අල්ලනවා. මිනි ගොඩ දානවා. ලැම්බෝගිනි, රත්තරන් අස්සයෝ හොයල දෙනවා. ඡන්දෙ ලං උනාම දාන සෙල්ලම්. කවද වෙනකන් මිනිස්සු ගොනාට අන්දන්නද?
එතකොට 2015 ජනවාරි පස්සේ වෙච්ච ඒවාට මොකද කරන්නේ. දුෂණය මර්දනය කරනවා කියල නේද පත්වුණේ ? මේගොල්ලෝ ඡන්දෙ කාලෙට දාන පුරුදු සෙල්ලම මේක. රැවටෙන්නෙපා මේපාර.
ඡන්දය ලග ලගම එනවනේ.. දැන් මළමිනිත් ගොඩ එයි.
මට අනුර කුමාර දිසානායක මහත්තය පාර්ලිමේන්තු මැතිවරණ කාලෙ කියපු කතාවක් මතක් වෙනව. "මහින්ද මහත්තය දාං අදිද්දී මෛත්‍රීපාල මහත්තය ඇද්දෙ චෙස්" මේ සැරේ ඒ කතාවට රනිල් මහත්තයගේ නමත් එකතු කරන්න වෙනවා.මොකද බැඳුම්කර වාර්තාවත් දැන් මෛත්‍රීපාල මහත්තයගෙ අතේ.
මෙදා සැරේ මේ මොන උප්පරවැට්ටි ගැහුවත් හරි හන්නේ නැහැ. ජනතාව අන්තයටම කලකිරිල ඉන්නේ. පොහොට්ටුව පිබිදී ගෙන එන්නේ. ඒක පෙබරවාරි 10 වැනිදා පිබිදෙන හැටි කාටත් බලා ගන්න පුළුවන් වේවි.
බැදුම්කර හොරුන්ව යට ගහන්න හදනවා වගේ
මේ වාර්තාව පොතක් හැටියට මුද්‍රණය කලා නම් අවශ්‍ය අයට මිලදීගෙන බලන්න තිබුනා, පහු ගිය කලේ වගේ නෙමෙයි නේ දැන් , තොරතුරු දන ගැනීමේ අයිතිය ජනතාවට ලබාදීලා තියනවා.
ඡන්දය ළග ළගම එනවනේ.. දැන් මළමිනිත් ගොඩ එයි.
හිටපු ජනපති ,ඔහුගේ දේසපාලන පිරිස සමග එකට හොරකම් කල සියලුම නිලධාරීන්ට් විරුද්ධව නඩු පැවරීමට මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කටුයුතු කරනුලබන බව එකන්තයි. අපගේ එම බලාපොරොත්තුව ඉටුවේවා.
හොරු සහ එම හොරුන්ගෙන් යැපෙන එවුන් ඇරෙන්න මොලේ තියන අයනම් පොහොට්ටුවට ඡන්දය දෙන්නේ නැහැ...............
කොහොමද බැදුම්කරේ යටගහන්න දෙන්න හදන සෙල්ලම.....කොහොමද ටිකිරි මොලේ......