2008 සිට 2015 කාලය තුළ මුල්‍ය මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් ට්‍රිලියන 4 ක මුදලක් බැඳුම්කර මගින් වෙන්දේසි කිරීම නිසා ඉදිරි වසර 25 තුළ රුපියල් බිලියන දසදහසක මුදලක් ගෙවීමට රජයට සිදුවී ඇති බව රනිල් වික්‍රමසිංහ මහතා අනාවරණය කළේය.
වික්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ අද (07) දින බොරැල්ල කැම්බල් පිටියේ පැවැති එක්සත් ජාතික පක්‍ෂ විශේෂ සම්මේලනය අමතමින් වැඩිදුරටත් මෙසේ ද පැවසීය.
ඒ පිළිබඳ විගණනය කළ යුතු බව බැඳුම්කර ජනාධිපති කොමිසම නිර්දේශ කර ඇති බැවින්, කඩිනමින් ඒ පරීක්‍ෂණ ඇරඹිය යුතු බවද පෙන්වා දුන් වික්‍රමසිංහ මහතා, බැඳුම්කර කොමිසම පිළිබඳ විවිධ අදහස් පළ කරන ජනමාධ්‍ය දැන් බිලියන දසදහස පිළිබඳව ද ප්‍රශ්න කිරීම ආරම්භ කරන්නේදැයි තමන් බලා සිටින බව ද පැවසීය.
මේ අයුරින් රට සහ රටේ අනාගතය විනාශයට පත් කළ රාජපක්‍ෂවරු දැන් ගම හදන්නට බලය ඉල්ලන බවත්, රටේ ආර්ථිකය පරිහාණියට පත් කළ අයට ගම නංවාලීමට කිසිඳු හැකියාවක් නැති බවත් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.
ඡායාරූප චතුර එස් කොඩිකාර



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කමක් නැහැ. යුද්දෙ ඉවරම කරලා, අධිවේගී මාර්ගත් හදො, ණය පොලි අනුපාතිකෙත් පහලටම දැම්ම කාලයක්. මෙයාලා හොරාකාපු සල්ලි වලින් බෝක්කුවක්වත් හැදුවද? හොඳට තිබ්බ ආර්ථිකේ බින්දුවටම වට්ටලා, මිනිස්සුන්ට ණයක් වත් ගන්න බෑ. අන්තිමේට අල්ලපු හොරෙකුත් නෑ. මෙයාලට ඡන්දෙ දීලා මහජනතාව ඉල්ලන් කාපු එක විතරයි වුණේ...
ලෝකේ වටේ යමින් මේ රට පාවා දෙමින් විනාශ කරන රනිල් බොරුවෙන්, වංචාවෙන් සහ මංකොල්ලයෙන් තමයි දේශපාලනය කරන්නේ. මේ වගේ බොරු කාරයින්ගෙන් ප්‍රවේශම් විය යුතුයි.
කතාව දෝලාවෙන් ගමන පයින්. අවුරුදු තුනක් බලයේ හිටියා නේද?. මොකද 2008-2015 කාලයේ බැඳුම්කර ගැන හොයා බලන්න හිතුනේ නැත්තේ? තාජුඩීන්, ලසන්ත, ප්‍රගීත් තවමත් වලපල්ලේ. අල්ලනවා කීව කිසි කෙනෙක් තවම අල්ලන්න බැරි වෙලා තියෙන්නේ මොකද?. 2015 ජනවාරි 9 වෙනිදා මිහින් ලංකා ගුවන් යානයක් සී ෂෙල්ස් වලට යැව්වේ කවුද? එම යානයේ ගමන් කලේ කවුද ? ගෙනගියේ මොනවාද? වගේ දේවල් ගැනත් හොයල බැලුවොත් නරකද?
මහින්දලා දන්නවා බැඳුම්කර හොරුන්ට දඬුවම් කලොත් ඒ ගොල්ලන්ගේ පැත්තේ ඉන්න හොරුන්ටත් දඬුවම් ලැබෙනවා කියලා. හතුරාගේ හතුරා මිතුරා කියන සංකල්පය පාවිච්චි කරලා දැන් පොහොට්ටුවත් එජාපයත් එක්ක ඩීල් දානවා. මහින්ද, එජාප සාමාජිකත්වය ගත්තත් මම පුදුම වෙන්නේ නැහැ. දැන් ජී. එල් කියකියා යනවා අර්ජුන් පිටරට හින්දා දඬුවම් කරන්න බැහැ කියලා. ජි එල් ට ඕනේ අර්ජුන්ලව රකින්න තමයි.
නොදකින්.... තවත් ජනතාව ගොනාට අන්දවන්න හදනවනේ.
සේරම වංචාවල් හොයලා දඬුවම් දෙන්න තමයි රෙජීමය එලවලා අලුත් ජනපතිවයි, අගමැතිවයි එකතු කරලා යහපාලනයක් පිහිටවා ගත්තේ. පහුගිය රජයේ වංචා, දූෂණ හොයන එක පැත්තකට කරපු ජනාධිපති මෛත්‍රිපාල පසුගිය රජයේ හොරුන්ව, දූෂිතයන්ව ආරක්ෂා කරමින් මේ රජයේ බැඳුම්කර සිද්ධිය පමණක් ප්‍රසිද්ධ කළේ කන්න දීපු අත හපා කැමෙනුයි.. (මේ බැඳුම්කර වංචාවටත් දඬුවම් කලයුතු අතර පරීක්ෂණ අවසන්වී ඇති රෙජීමයේ වංචා, දූෂණ ගැන ජනපති නිහඬ ඔහුත් දැන සිටි නිසාද?)
රාජපක්ෂලා හොරකම් කලා කියකියා ඉඳලා හරි යන්නේ නැහැ. ඒක ඔබලාට හොරකම් කරන්න ලයිසං එකක් නෙවෙයි. මහජන මුදල් ගසාකාපු සෑම දේශපාලකයෙක්ම සතු සියලු වත්කම් රාජසන්තක කල යුතුයි. ඔප්පු නොවුනට රාජපක්ෂ ආණ්ඩු කාලෙත් හොරකම් වුණා කියලා මහජනතාව දන්නවා. (වහලුන් හැර). ඩීල් නොදා පසුගිය ආණ්ඩු කාලෙත් කාබාසිනියා කල මහජන මුදල් සම්බන්ධව හොයා මහජනතාවට සෙත සැලසවීම තමයි හිතෛෂී රාජ්‍ය පාලනයක යුතුකම. තම කල්ලියේ උදවිය කල දේවල් පසුගිය කාලේ වූ දේවල් වලින් වසන්න බැරිබව දැනගත යුතුයි.
ජාතිද්‍රෝහීන්ව එල්ලා දමන්න කවුරුවත් නැතිද?
ඔබතුමා මුලින්ම ඔබතුමාගේ පක්ෂයේ තුන්දෙනෙක් කමිටුවක් දාලා කිව්වා බැඳුම්කර වංචාවක් සිදුවෙලා නැහැ කියලා. පසුව ඔබතුමා බැඳුම්කර කොමිසමට ගිහින් ඇවිත් බය නැති අගමැති කිව්වා. මොනවාද දැන් කියන බයිලා? ඔබතුමාලට බලය දුන්නේ මෙවැනි අකටයුතුකම් නැති කරන්න. නමුත් දැන් කියන්න සූදානම් වන්නේ කලින් මෙහෙම වෙලා තියෙන නිසා දැනුත් එහෙම වුණාට ගැටලුවක් නැහැ වගේ...
ඔබගේ විකාරවලට රජය මෝඩකම් පෙන්වාවි කියා ඔබ හිතනවාද? කලින් රජයේ වංචාකරුවන් නීතියේ ඉදිරියට ගෙනඒමට අවුරුදු 3ක්ම තිබුණා. ඇයි මෙවැනි දේ වගකීමකින් නොකරන්නේ?
බැඳුම්කර වැඩේ දුන්නු තුන් කට්ටුව රෙදි ඇඳගෙනද වේදිකාවේ ඉන්නේ?
ඒ කියන්නේ ඉස්සර අය හොරකම් කළා. එම නිසා දැන් අපිත් හොරකම් කරන එක හරි කියලද කියන්නේ? 2015 ජනවරම ලැබුණේ හොරකම් නවත්වනවා කියලා නේද?
එදා වගේම අදත් මෝඩයා, මෝඩ චූන් කතා තමයි...
හොඳටම විකාර වගේ... සාගලටත් මේවට වගඋත්තර කියන්න වෙයි.
දැන් බලන්න මොවුන්ගේ ප්‍රකාශවල තියෙන ව්‍යාජත්වය. අනෙකාට වඩා වැඩියෙන් හොරාකාල මම නෙවෙයි අරයයි කියලා, ආයෙත් මිනිස්සුන්ව ගොනාට අන්දන ඇන්දිල්ල... බලන්නත් අප්පිරියයි. මේ උන්දැලා නායකයෝද? සරදියෙල් හොරෙක් මංකොල්ල කාරයෙක් තමයි, එ්ත් ඒ මිනිහා දුප්පතාගේ බඩට ගැහැව්වේ නැහැ. ඒත් මොවුන් දුප්පතාගේ දේත් හොරා කාලා සරදියෙල් හොරෙක් කරන්න හදනවා. මේ රටේ සිටින සියලුම පුරවැසියනි, මේ ඡන්දෙදීවත් එළඹ සිටි සිහි නුවණින් කතිරය ගහන්න. සුළු අඩුපාඩු නිසා හිටපු ජනපතිව පැන්නුවත් දැන් සිද්ධ වෙන්නේ ඔහුට බැන බැන ඔහුට වඩා සිය ගුණයක් යහපාලනය විසින් හොරකම් කිරීමක් නොවේද?
අනේ මහත්තයෝ, බලේ ගන්න ඒ වගේම බලේ අරන් දෙන්න කටයුතු කරපු කාලේ තිබුනේ රෙජීමයේ හොරකම් විතරයි නේද? දැන් ඇයි මේ අලුත් බැඳුම්කරයක්? මම ඇත්තටම ඔබට ගරු කරපු කෙනෙක්. කියන්න, ඔබ මගේ ගරුත්වය ලබන්න පුළුවන් කෙනෙක්ද?
මහතීර් මොහමඩ් බලයට පත්වෙලා සති තුනකට පසු සියලුම ආණ්ඩුපක්ෂයේ අයට කීවේ.. තවත් පෙර පැවති රජය විවේචනය කලොත් දැඩි පියවර ගන්නා බවයි. නමුත් අපේ අය වසර දෙකක් ගිහිල්ලත් තවම රාජපක්ෂ රජයට බැන බැන ඉන්නවා. රට පස්සට යනවා.
මේවා ගැන පරීක්ෂා කරන්න මෙච්චර කල් ගියේ ඇයි? කොයි දූෂණ ක්‍රියාවලියටත් රාජ්‍ය නීතිය අනුව දඬුවම් ලැබිය යුතුයි. දේශපාලනය කලා කියලා නිදහසට කරුණක් නොවේ. යහපාලන ආණ්ඩුව යටතේ වුණු දේවල් වුනත් සුළුපටු නොවේ. අනිවාර්යෙන් දඬුවම් දිය යුතුයි.
ඒ හින්දා ඒ හොරකමට හරියන්න අපිත් හොරකම් කරා... කොහොමද ටිකිරි මොලේ...
අැයි ඔබතුමන්ලා එතකොට විපක්ෂයේ නේද හිටියේ? එතකොට ඔබලා අඳ, ගොළු, බිහිරිද? ඔබතුමන්ලාගේ නොහැකියාව කොච්චරද කියනවා නම්... ඔබලට අාණ්ඩුවක් තිබිලත් රට කරනවා තබා හොරකමක්වත් කර ගන්න බෑ. එ්කත් මාට්ටු. ගිය අාණ්ඩුවේ කට්ටියගේ වැඩ කොහොමද? ඔබතුමන්ලා දැන් අාණ්ඩුවේ වුණත් එ්වා අල්ලන්න බෑනේ. එයාලා රට කෝටියේ සල්ලි මිටි දසලක්ෂයක් රට ණය කරලා. හැබැයි සුළු පරිමාණ හෝ මහා පරිමාණ සංවර්ධන වැඩ වලට වියදම් කරලා තියෙන්නේ එතනින් 20% විතර... ඉතිරි සල්ලිවලට වෙච්ච දේ දන්නෝ දනිති. නුඹලාත් දනී කෝ ඉතින් එක රුපියලක් අල්ල ගත්තද? දැනගන්න නම් මොකවත් බෑ වගේ...
අනේ යන්න. කිව්වොත් බොරුවක්ම තමයි.
හරිම කාර්ය බහුලයි වගේ.. මම හිතන්නේ මහගෙදරට ඉතාමත් ළඟයි වගේ.. ගේට්ටුව අරින්න කළින් ටිකක් විවේක ගන්න.
පළමුවෙනි පින්තුරයේ මෙතුමා ජනතාවට කියන්නේ "අපි දෙගොල්ලොම එකයි" කියලද?
මුන් ගෙදොල්ලෝම පුන පුනා කියනවා "අපි දෙගොල්ලොම එකයි" කියලා. නමුත් මෝඩ ජනතාව මුන්ව එපා කියලා උන්ව ගේනවා. පස්සේ උන්ව එපා කියලා ආයෙම මුන්ව ගේනවා. ඒ මදිවට අපේ ලොක්කෝ හොරකම් කරලා තියෙන්නේ පොඩ්ඩයි. හොරකම් කලත්මොකෝ අරක කලානේ. මේක කලානේ කියලා දෙපැත්තට බෙදිලා බෙරිහන් දෙනවා.
ගම තියා ගමේ බෝක්කුවක් වත් හදන්න බැරි ඔබ තුමා පම්පෝරි නොගහ කරන්න පුළුවන් කෙනුකුට බාර දෙන එක තමා රටට හොඳ . අඩුමගානේ රටේ නොවිකපු බිම් අඟලක් වත් ඉතිරි වේවි ආර්ථිකය බල්ලට ගියත් !
මේ අගමැති නම් රාජපක්ෂලාට බනිනවා හැර වෙන මොකුත් බෑ. ඒකාලේ රාජපක්ෂලා හොරකම් කලානම් විපක්සෙ ඉඳගෙන ඒ බැඳුම්කර ගැන හෙලිකෙලේ නැත්තේ ඇයි? නිකම් විහිළු සපයන්නේ නැතුව.
තවත් ලජ්ජා නැතුව ජනතාව රවටනවා.
උන් හොරකන් කලයි කියලා දන්න නිසානේ වෙනසක් කලේ. වෙනසත් හෙනයක් උනානේ පටන් ගනිද්දිම. Mr Clean ..බැංකු Clean උනෙක විතරයි උනේ. මේවා සාමාන්‍ය මිනිස්සුන්ටත් හොදට දැන් තේරෙනවා. මිනිස්සු මෝඩයෝ නෙවේ මහත්තයෝ...
ඒ බැදුම්කර වෙන්දේසියේදී වංචාවක් වෙලා කියල ඔබතුමා කියන්නේ නැහැනේ. එච්චර මුදලක බැදුම්කර නිකුත් කළා කියල විතරනේ කියන්නේ. ඉතින් මොකක්ද කරලා තියෙන වැරැද්ද? ඔබ තුමාල කරපු වැරැද්ද වහන්න මේ වගේ දේවල් කියන්න ගිහින් හත් පොලේ ගා ගන්න එපා අනේ. පාක්ෂිකයෝ තවත් අනාත වෙනවා.
මහනිද ගෙදර යවල ගෙන්නගත්තා කට්ටියක් මහින්ද කරපු විදිහට නොකරන්න කියල. බලන් ගියාම ගෙන්න ගත්තු අය මහින්දත් කරා කියා කියා නේ හොරකම් කරන්නේ. ජනතාව නිහඬ නොවන්න
රටේ මිනිස්සුන්ව මීහරක් බූරුවන් ගානට දාල මේ දෙගොල්ලන්ම කරන්නේ හොරකම් කිරීම සහ හොරුන්ව ආරක්ෂා කිරීමයි. රටේ මිනිස්සුන්ට පේන්න බොරු රඟපෑමක් කරනවා එක විතරයි. හොරු වෙනුවෙන් හොරු සංකල්පයක් තමයි ඇත්තටම වෙන්නේ. ඔය කිසිකෙනෙකුට කිසිම දඬුවමක් ලැබෙයි කියල මම නම් හිතන්නේ නැහැ.
අගමැතිතුමනි, ඔබතුමාගේ කාලයේ බිලියන 59 ක් පාඩු කල එක ගැන කතා කරමු. ඒ කට ඔබතුමා වගකිවයුතුයි. වෙනත් බයිලා කතාකරන්න එපා.
ඉදිරිපක් කරල තියෙන අදහස් බලපුවාම දුක හිතෙනවා, යහපාලනයට එන්න කලින් රනිල් හිටියෙ කොතනද දැන් ඉන්නෙ කොතනද කියලා. යහ කියන වචනයට ලොකු තේරුමක් ගැඹුරක් තියනවා මහත්තයෝ.
මෙතුමා තවමත් හදන්නේ මින්ස්සු රවටන්න. බැදුම්කර ගනුදෙනු නිකම් කරන්න බැහැනේ , ඒවාට සාදාරන පොලියක් දෙන්න වෙනවා. රුපියල් ට්‍රිලියන 4 කට අවුරුදු දහයකදී රුපියල් බිලියන 10,000 ක් ගෙවන්න ඕනෙලු. ගත්ත මුදල වගේ දෙකහමාරක් අවුරැදු 25කදි. එක කොහොමද හොරකමක් වෙන්නේ ? 2015න් පස්සේ වෙච්ච බැදුම්කර ගනුදෙනුව මගින් හොරකමක් උනා කියන එක දැනටමත් ඔප්පුවෙලා ඉවරයි. මුදල් ඇමති රජයේ බැංකුවලට නියෝග කරනවා අඩු පොලියට ලන්සු තියන්න. ඇලෝසියස් වැඩිපොලියට ගනුදෙනුව දිනාගෙන රජයේ සල්ලි වලින්ම අදික ලාබ සොයනවා. මහබැංකු අධිපති නිලදාරීන් 572 ක් මාරුකරලා දැනුමෙන් අඩු නිලදාරීන් දමල අවශ්‍ය වටපිටාව හදනවා. පළමු ගනුදෙනුවට එකාබද්දේ කරපු විවේචන ගැන ක්‍රියාමාර්ග නොගෙන මහබැංකු අධිපති තියාගෙන එයටත්වදා වැඩි හොරකමක් තවත් අවුරැද්දක් ඇතුලත කරනවා. තවමත් ලැජ්ජා නැති අගමැති නං දොඩනවා.
මෙයා කට ඇරියොත් කියන්නේ අනුන්ගේ වැරදි.
“දින 100න් අලුත් රටක් හදනවා කියපු අය දින 100න් රොබරි 60ක් සිදු කරපු බවයි දැන් අනාවරණය වන්නේ. මේ ආණ්ඩුව බලයට පත් වෙලා දින 20කින් මේ රටේ මහ බැංකුව සුද්ද කළ ආකාරය පිළිබඳව දැන් ඕනෑවටත් වඩා කරුණු අනාවරණය වී තිබෙනවා.
දැන් මේ හදන්නේ බොරු බැදුම්කරයක් ගැන කියලා මේපාරත් ජනතාවගේ කැමැත්ත අරගන්න.
අපේ බය නැති අගමැතිතුමා.
අවරුදු තුනක් ගිහිල්ලද ඕව මතක්වෙන්නේ ඔය බයිලා වලට මින්ස්ස්සු රවට්ටන්ට දැන් බෑ
දැන් සියලුම හොරුන්ට දඬුවම් දිය යුතුයි. අලියට නව නායකත්වයක් ඕනෑ.
ආ හරි හරි.. එහෙනම් ඉතින් අනේ අපි ඔන්න ඕක අමතක කරලා දාමු.
අගමැතිතුමා පිටින් ගෙනැල්ලා හොරෙක්ව මහබැංකුවට පත් කලේ ඔය වගේ ගේමක් දෙන්න පුළුවන් කෙනෙක්වත් එතන හිටියේ නැති නිසානේ? මේ රටේ මහ බැංකුවට ලොක්ක වෙන්නේ කවදාවත් ඇතුලෙන් කෙනෙකුට ඉහලට එන්න දෙන්න බැහැ නෙව...
කරන දෙයක් කරන එකනේ තියෙන්නේ,
ඒ කියන්නේ විපක්ෂයේ ඉන්න කොට ගත්තා කියලද? නැතිනම් වර්තමාන විපක්ෂය තමන්ගේ රාජකාරිය නියමෙට කළා කියලද?