(කාංචන කුමාර ආරියදාස / මොහොමඩ් ආසික්)
මහවැලි සංවර්ධන ව්‍යාපාරය යටතේ ඉදිකළ විශාලතම බහු කාර්ය සංවර්ධන ව්‍යාපෘතියක් වන මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ මංගල දියවර නිකුත්කර ජනතා අයිතියට පත්කිරීමේ මහෝත්සවය අද(8) ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.
මොරගහකන්ද ප්‍රධාන වේල්ල මත සංවිධානය කර තිබූ උත්සව අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු මැති ඇමැතිවරු සහභාගී වූ අතර එහි ස්ථාපනය කර තිබූ විවෘත කිරීමේ ඵලකය විවෘත කිරීමෙන් අනතුරුව මොරගහකන්ද ජලාශයේ නිරීක්ෂණය ආරම්භ කළහ.
පසුව මැති ඇමැතිවරු පිරිවරා ගත් ජනාධිපතිවරයා මොරගහකන්ද වේල්ල මත සවිකොට තිබූ ස්වයංක්‍රීය ස්විචයකින් එහි වාන් දොරටු පහ විවෘත කරනු ලැබීය.
පසුව පැමිණ සිටි සියලු දෙනා මංගල දිය වරට මල් ඉසීම සිදු කරනු ලැබූහ. ගුවන් මගින් ද මල් ඉසීම මෙහිදී විශේෂත්වයක් විය.
මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් සිදුකරනු ලැබූ චීන සමාගම විසින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට ජලාශයේ වැඩ නිමවා භාර දීම මෙහි ප්‍රධාන අරමුණ වී තිබිණි.
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5 කි. මෙම ව්‍යාපෘතිය මගින් කාලාන්තරයක් පුරා ඵලදායී කටයුත්තකට නොගෙන මහ සයුරට ගලාගිය ඝන මීටර් දශ ලක්‌ෂ 818 ක ජලස්‌කන්ධය පොළොන්නරුව දිස්‌ත්‍රික්‌කයට අයත් මින්නේරිය, ගිරිතලේ. කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්‌ත්‍රික්‌කයට අයත් හුරුළුවැව, තිසාවැව, නුවරවැව, නාච්චාදූව වැව, මහකනදරාව වැව යනාදී ජලාශ මෙන්ම ඉන් පෝෂණය වන ලොකු කුඩා වැව් රැසකට නිකුත් කිරීම ද මෙමගින් සිදුකෙරේ.
මොරගහකන්ද ජලාශයට නමක් ලෙස විවිධ අය විවිධ නම් යෝජනා කළද තමන් ඒ සියලු නම් ප්‍රතික්ෂේප කළ බවත් එම ජලාශය ඉදි කිරීම සඳහා දැඩි කැපවීමක් කළ ඉංජිනේරු ඒ .එන්.එස්. කුලසිංහ මහතාගේ නම යොදා ඉංජිනේරු ඒ.එන්. එස් කුලසිංහ ජාලශය ලෙස නම් කිරීමට තමා යෝජනා කරන බවද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙහිදී කීය.









(ඡායාරූප - කාංචන කුමාර ආරියදාස)





(ඡායාරූප - ශාන්ත රත්නායක)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතිගරු ජනාධිපතිතුමනි, ඔබ හා ඔබගේ රජයට මෙවැනි ජනතා හිතවාදී වැඩ ඉටුකිරීමට යොදා බලවිරිය ලැබේවා. වහලුන් ඔබට ගල් ගසාවි. නොසැලී ඉදිරියට යන්න. හම්බන්තොට මාර්ග දෙපස ඉරිඟු, බෙලි, දිවුල් විකුණන අහිංසක ජනතාව ඒ කාලේ කල සංවර්දනය මනාව පෙන්නුම් කරන බව වහලුන්ට නොව ඔබව පත්කළ බුද්ධිමත් ජනතාවට තේරුම් ගත හැකිය.
හරිම සතුටුයි. මෙය සාර්ථක කරගැනීමට මහන්සි වූ සැමට ස්තුතියි !
යහපත් පාලනය = යහපාලනය. වැඩට ගිය මුදල = පිටරට ආධාර ලංකා ආණ්ඩුවේ වියදම. මින් පෙර, වැඩට ගිය මුදල සාක්කුවට ගිය මුදල = පිටරට ආධාර ලංකා ආණ්ඩුවේ වියදම .
ඒයර් ලංකා කොමිසන් අද නොවේ හෙට ?
ඉතාමත් වැදගත් වූ මහවැලි ව්‍යාපෘතියේ අවසානය මෙසේ සනිටුහන් වන වගයි. එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛව ඇරඹු එම දැවැන්ත ව්‍යාපෘතිය මෙරට එකම ප්‍රධාන ව්‍යාපෘතිය විය. නැවුම් දෙයක් ලොවට දුන් පක්ෂයක් ඇත්නම් එය එක්සත් ජාතික පක්ෂය නායකත්වය දී ඇත. ජනපති තුමනි, පෙර ගමන් සුබයි. ගලන ගඟකට පොඩි ගලක් තියෙනකොට පොඩ්ඩක් ලස්සන එකතු වනවාසේම, හෙලකට වැටෙන විට සුන්දර දිය ඇලි මතුවනවා. ඔබගේ රජයටත් මෙවන් දේ කිරීමට ශක්තිය සහ ධෛර්යය ලැබේවා කියා ප්‍රාර්ථනා කරන්නෙමු.
පොහොට්ටුවට යන කල .
ඔබ ජනාදිපති නොවන්නට අදටත් මෙය සිහිනයකි...
මොරගහකන්ද - කළුගඟ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වැය කළ මුදල ඇමරිකන් ඩොලර් 557.5කි. පල කිරීමට පෙර මේවා කියවන්න.
මේවා තමයි කරන්න ඕනේ පරම්පරා සිය දහස් ගණනකට සෙත සිදුවෙනවා ...
වැඩක් නැහැ. ඔය මොනවා කරත් දැනට මහ බැංකුව සුද්ද කරපු විදියටයි. සබිතාගේ බිල්ඩින් එකට මාසෙකට කෝටි දෙකක් දෙනවා කියලා කියන විදියට නම් ඡන්දයක් ලැබෙන්නේ නැහැ.
2007දී සිටවූ ගසක ඵල නෙලීමකි.
ජනාධිපති උතුමාණන්ට මොරගහකන්ද හදලා හරි මහන්සි ඇති...නේද? උඩ අදහස් දාපු අයටත් හරි මහන්සි ඇති ඒක හදනවා බලන් ඉඳලා..!
2007 ජනවාරි 25 වන දින වැඩ ආරම්භ කරන ලද මෙම ව්‍යාපෘතිය කාගේ වැඩක්ද කියලා අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. මහජන මුදල් මහා පරිමාණ ලෙස මෙවැනි උත්සව සඳහා නිරපරාදේ දේශපාලන ප්‍රචාර සඳහාම පමණක් නාස්ති කරන්නේ.
ඇමරිකන් ඩොලර් 557 ගිහිල්ලා තියෙන්නේ
ඔව්, රංග හිටපු කෙනා වරාය හදලා, යුද්ධය දිනලා මහන්සි වුනා වගේ තමයි. කුහක වෙන්න එපා... මේක රට වෙනුවෙන් කරපු දෙයක් ඉස්සර වගේ කොමිස්වලට කරපු තේරුමක් නැති දෙයක් නෙවෙයි.
රුවන්වැලි දාගැබ දුටුගැමුණු රජතුමා ඉදිකළ සද්දාතිස්ස රජතුමා විසින් සම්පූර්ණ කලත්......ඉතිහාසයේ කියවීම කුමක්ද ?