බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදි.
මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.
කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදි. කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.



COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.