බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව අද (30) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදි.
මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.
කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ.ටී. චිත්‍රසිරි මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගන්වන ලදි. කොමිසමේ ලේකම් එස්. උඩුගමසූරිය මහතා සහ එහි සාමාජිකයින් වන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පී.එස්. ජයවර්ධන, විශ්‍රාමික නියෝජ්‍ය විගණකාධිපති වී. කන්දසාමී යන මහත්වරුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු මහතා ද ඊට සහභාගී විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුසියාවෙන් ගන්න හදන පරණ නැව ගැනත් කොමිසමක් පත් කරන්න.
හිතුවා බැංකුව කඩන්නට... ඇන්දා ප්ලැනක් හොර එලි නොවන්නට.. බැරි වුණා නේද මාධ්‍යයට වසන්නට.. කෙළවුණා නේද මැති ඇමතියෝ ඔක්කොටම...
අපිට සක් සුදක් සේ හොඳටම විශ්වාසයි. ජනාධිපතිතුමා වැරදි කරපු අයට උපරිම දඬුවම් ලබා දෙනවා කියලා.
බැඳුම්කර ගණුදෙණුවේ නීති විරෝධී කටයුත්තක් සිදුවී නැති බවත් එය සාරධර්ම වලට පමණක් පටහැනි බවත් ඔප්පුවේවි... උදහරණ 10% පොලියට දෙන කෙනෙක් සහ 50% පොලියට දෙන කෙනෙක් ඉන්න විට 10% ට නොගෙන 50% ගැනීම නීතියෙන් වරදක් නොවේ. මේ සියලු සමාගම් ලාභ ලැබීම පරමාර්ථය කරගෙන කරන ව්‍යාපාර, ඉතින් අධික ලාභ ලැබීම නීති විරෝධී නැත. නමුත් සාරධර්ම වලට හොඳ නැත. නමුත් මෙයට අනුබල දීම සහ බැංකුවට පාඩු සිදුකිරීම ගැන යම් ක්‍රියා මාර්ගයක් ගත යුතු වුණත්, නීතියෙන් එයට ප්‍රතිපාදන තිබේද සැකයි. අන්තිමට නටපු නැටුමකුත් නැහැ... බෙරේ පලුවකුත් නැ .
ජනාධිපතිතුමනි, අපි ඔබගේ තීරණය බලා සිටිමු.
අර කඩුව හොඳට මුවහත් කරගෙන ඇති නේද?
ඕකේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න ජනාධිපතිතුමා ඡන්ද රැස්වීමක් අමතන කල් ඉන්න වෙනවා.
කඩුවෙන් කපන වෙලාව පැමිණ ඇත. කඩුවත් චීනෙට, ඉන්දියාවට විකිණීමට පෙර කපනු මැනවි...
31 වෙනිදායින් සම්මුතිවාදී ආණ්ඩුවේ කාලයත් ඉවරයි. ඡන්දෙත් ලඟයි. දැන් ගානට ජනාධිපතිතුමාට අවස්ථාව තියනවා. වාර්තාවෙන් කෑලි පෙන්නලා අනිත් අයගේ ඡන්ද ටික කඩන්න. ඊයේ එතුමා කඩුවෙන් කපන කතාවක් කියුවා. දැන් තියෙන්නේ පක්ෂ විපක්ෂ බේදයකින් තොරව ක්‍රියාත්මක වෙන එක. එතුමා මෙතෙක් ක්‍රියා කල ආකාරය දෙස බැලුවොත් මෙම වාර්තාව පාවිච්චි කරන්නේ ළඟ එන මැතිවරණයේ ඡන්ද ගොඩ වැඩිකර ශ්‍රීලනිපය තුන්වන හෝ හතරවන ස්ථානවලින් ගොඩ දාගන්නයි. නැත්නම් රට වෙනුවෙන් දෙයක් කරයි කියලා හිතන්න අමාරුයි. එතුමාට වටින්නේ රටට වඩා ශ්‍රීලනිපයයි.
කඩුවෙන් කොටනකොට මොට පැත්තෙන් නැතුව කැපෙන පැත්තෙන්ම කෙටුවොත් තමා මිනිස්සු වැඩක් කළා කියල පිළිගන්නේ. නැත්නම් අපරාදේ. ඡන්දයක් නම් ලැබෙන එකක් නැහැ.
ගලබොඩ චමින්ද මහතාගේ අදහස් මමත් අනුමත කරමි. ජනාධිපතිතුමා ඔහොම යමු... ලබන ජනාධිපතිවරණය තෙක්... එතකොට බලාගන්න පුළුවන් ජනතාවගේ කඩුවට කවුද කැපෙන්නේ කියලා.
ලොක්කා හෙට ඉඳන් කඩුව බටේ දමාගෙන කතා කරයි ඡන්දෙට...
අපේ රට හොරාකලා ඉවරයි. 225 දෙනාම තරගෙට හොරකනවා. ඇයි දෙයියනේ පේන්නැද්ද ඔබට?
ජනාධිපතිතුමනි, අපි ඔබගේ තීරණය බලා සිටිමු.
කඩුව ඕනෙම මිනිහෙකුට අතට ගන්න පුළුවනි නමුත් පාවිච්චියේ පුහුණුව කාලයක් ලැබිය යුතුය. පුහුණුව ලැබිලත් පාවිච්චිය බැරි අය අපි දැකලා තිබෙනවාය, අනුන් කපන එක කොහොම උනත් හමන් කපා නොගත්තොත් හොඳය
අපි අසරණ වෙලා වගේ සිතට දැනෙනවා බුදු හාමු දුරුවනේ ...
හොරකම වුවත් නිත්‍යානුකුලව කරලා ඒකනෙ අද මෙවැනි වාර්ථාවක් ජනපති අතට පත්කළේ.එතකොට කබ්රාල්ලත් මේ විදිහෙම සුද්දයක් දුන්නෙ නැද්ද?පහුගිය රජය කරපු හොරකම් ඇල්ලුවද?අපිනම් අලුත් ආණ්ඩුවක් අලුත් ජනපතිවරයෙක් පත්කරගන්න උරදුන්නේ හොරු අල්ලන්න.මේ වගේ ජරා පාලනයක් ඇති කරගත්තට වඩා හොඳනේ තිබ්බ එකම
ඔය වාර්තාව හෙට කුණු බක්කියට .....
මේක වාර්තාවකට පමණක් සීමා නොවේවා!
මේ පොත සිංහලෙන්ද ඉන්ගිරිසියෙන්ද තියෙන්නෙ. තීරණයක් කෙසේවෙතත් ලොකු අකුරුවලින් ලියල නැතිනම් සෑහෙන කාලයක් යාවි කියවල ඉවර කරන්න. කොමිසමට ගිය වියදමින් බකමුණේ වගේ මෘත ශරීරාගාර හැම රෝහලකම හදාගන්න තිබුණ. මුල්‍ය කටයුතු සම්බන්ධ වියෙතෙකුට කොමිසම භාර දීල තිබුණ නම් ඇත්තටම වුනේ මඩ ගැසීමක් ද එහෙම නැති නම් මඩ ගැසීමක් ද කියල සාමාන්‍ය ජනතාවට දැනගන්න තිබුණ. එදා, උතුම් වූ අධිකරණයේ වගකීම් දැරූ පෘතග්ජනයන් ම අධිකරණයට සාධාරණය ඉටුකළ අයුරු දන්නේ ඒ අයගේ හෘද සාක්ෂිය පමණයි.
ලංකාවේ ඉතිහාසේම මෙයට කලින් ප්‍රකාශ කරපු ජනාධිපති කොමිෂන් සභා වාර්තා වලින් කිසිම ප්‍රතිපලයක් නොලැබුන එකේ කාටද හිතන්න පුළුවන් මේකෙන් වැඩක් වෙයි කියල.
"යහපාලනය" ට එකතු වුන පිරිස හිතුවේ මෛත්‍රීපාල ජනාධිපති තුමා ඉංග්‍රීසි කතා නොකරන ගැමි පසු බිමකින් එන අයෙක් නිසා සහ නීතිය හදාරා නැති නිසා ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන අඟේ ඉඳන් කණ කන න්‍යායට අනුව නාමික "යහපාලනය" ගෙනයන්න. බලාපොරොත්තු රහිත අන්දමින් වැඩේ ගැස්සිලා ගියා. මේ අයගෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එල්ල වූ අභියෝගය ජනාධිපති කෙනෙකුට එල්ලවන අභියෝගයක් නොව සිංහළ-බෞද්ධ ගැමියෙකුට කරන ලද අවිනීත සරදමක්. අපට නම් හැඟෙන්නේ සිංහළ බෞද්ධ ගැමියා අවතක්සේරු කිරීමේ පාපයට එතුමා අවට ඉන්න කිහිපදෙනෙකුට ම තනතුරු වලින් ම වන්දි ගෙවන්න වෙයි කියල හිරේ විලංගුවේ දැමීම කෙසේ වෙතත්. සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නිර්දෝෂී අහිංසක කාන්තාවකගේ ප්‍රජා අයිතිය නැතිකළ කිලිටි වූ අතීතයක් ඇති පාර්ලිමේන්තුවකට සැබෑ හොරුන් ගේ ප්‍රජා අයිතිය අහෝසි කරනවා පමණක් නොව දඟගෙයට වුවත් යවන්න හැකියාවක් තිබිය යුතුයි.
මෙම වාර්තාව අන්තර්ජාලයට දමනවානේද අපටත් කියවන්න. අපි කියවලා ගලවන්නම් ලොක්කගේ කලිසම ඔලුවෙන්.
ඕකට ලේන්සුව කුදුවෙන්නම කැපෙයිද?
කිවරුව විතරි.2018 දී දුප්පතුන් ලංකාවේ නැතිකරන කිව්වෙත් මෙයාම තමා.දැන් අපිට සහල් පොල් පිටරටින් ගෙන්නන වෙලා.අපොයි රටකට ගිය කල.
ඔය කඩුවට කැපෙන්නේ යු. අන්.පී කාර හොරු විතරයි. එස්.එල්.එෆ්. පී . හොරු කැපෙන්නේ නැහැ.
අපේ දුප්පත් රටේ ධනය හොරා කන හැම එකෙකුගේ මුළු පරම්පරාවටම සාපම වේවා නිරයේම ඉපදේවා !{සමාවන්න මහත්වරුනි බෞද්ධ යෙක් වනමම මෙවැනි ප්‍රාර්ථනාවක් කිරීම ගැන }
මේකට සම්බන්ධ මහ මොළකාරයා, 2002 දී නොර්වේ එක්ක සෙට් වෙලා මේ රට බිඳ වට්ටන්න අයි.එස්.ජී.ඒ. හරහා කටයුතු කල හැටි අපට මතකයි. එදා එය සාර්ථක වූවා නම් අද රටක් නැහැ. එදා කුඩා අවධියේ හිටපු අද තරුණයන්ට අයි.එස්.ජී.ඒ. යෝජනා කියවලා බලන්න කියලා අපි ආරාධනා කරනවා. 2015 දී ඊට වඩා සූක්ෂම විදියට ඒ ප්‍රයත්නයම දරූ බව දැන් හෙළි වී තිබෙනවා. මේ ද්‍රෝහියාගේ දේශපාලන ජීවිතය අර කඩුවෙන් මුලින්ම කැපුවොත් ජනාධිපතිතුමාගේ නම ඉතිහාසයේ රන් අකුරෙන් ලියවේවි. ඊට ශක්තිය හා ධෛර්යය ත්‍රිවිධ රත්නයේ අනුභාවයෙන් ලැබේවා !!!
වෙන්නේ මෙන්න මේ දේ ඔය වාර්තාව ඡන්දේ අවසන් වන තුරු තියෙන්නේ නීතිපති ලඟ එය අද හෙටම ඔහුගේ අතට ලබාදෙයි ඡන්දෙන් පසුව කියාවි... මහ බැංකු බැඳුම්කරය හරි විදියට සිදුවී අැත කියලා... හොරුන් ටික ගොඩ...
"යහපාලනය" ට එකතු වුණු පිරිස හිතුවේ... නිර්දෝෂී අහිංසක කාන්තාවගේ ප්‍රජා අයිතිය නැතිකළේ ඉඩම් අක්කර 50හේ සීමා වංචාවත් ඇතුළත්ව බව සඳහන් කළයුතුය. අඟේ ඉඳන් කණ කන නියායට අනුව කටයුතු කරන්නේ කැහි ගෑනිගේ අයම බව ප්‍රසිද්ධ රහසකි.
අද යමරෙට කඩුව මුවත් තියනවා ඇති... රජ ගෙදර පැත්තේ.
2015 ජනවාරිවලදී අපි හීනෙකින්වත් බලාපොරොත්තු වුණේ නැහැ අද මේ වගේ බැඳුම්කර කොමිසම් වාර්තා බාරදෙනවා, බාරගන්නවා දකින්න වේවි කියලා. අපි බලාපොරොත්තු වුණේ පොරොන්දු වුණා වගේම යහ පාලනයක්. අපේ අවාසනාවක මහත. බලාපොරොත්තු වුනේ එකෙක් කියාපු දේවල් අහලා... නමුත් දැන් වෙලා තියෙන්නේ, වෙන්නේ වෙන එකක්. දැන් ඉතින් කාවවත් විශ්වාස නොකරන්න, කාගෙවත් කතා බාර නොගන්න තීරණය කරලා තියෙනවා. බලාපොරොත්තු සුන් වුණු අපි වෙන මොනවා ගැන හිතන්නද?
"බලාපොරොත්තු සුන් වුණු අපි වෙන මොනවා ගැන හිතන්නද?" 1977 දී හඳෙන් හාල් බලාපොරොත්තු වුණා නේද?
ඔය කඩුවෙන් නියම වැරදි කාරයා කැපුවොත් ලොක්කට සොරිම තමයි. ඒ හින්දා ඕක තවත් එක ඡන්ද ගුණ්ඩුවක්....