(ඩයනා උදයංගනී)
මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි සහ බරපතල වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි ඇතුළත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක් පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්, ඇමති මහින්ද අමරවීර මහතා පැවසීය.
පාර්ලිමේන්තුව වෙනම කැඳවා හෝ මෙම විවාදය පවත්වන ලෙස නිදහස් පක්‍ෂය ඉල්ලීමක් කර ඇතැයිද මහ ලේකම්වරයා සඳහන් කළේය.
අමරවීර මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (4) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ජනතාව බලාඉන්නේ මේ හොරුන්ට දඬුවම් කරඉඳියි කියලා.
පාර්ලිමේන්තුවේ දිනකට වියදම කීයද? යහපාලනය යනු එජාපයේ අය කල වැරදි සොයා දඬුවම් දීම වේ. අනෙක් අය කල වැරදි සෙවීම තහනම්...
අනිත් මොන කොමිසම් එක්කර ගත්තත් වැඩක් නැහැ ළමයෝ, මේ මහා බැංකු මහා මන්කොල්ලෙට රනිල් සහ සිරිසේන යන දෙන්නම වගකියන්න ඕනේ බව මුළු රටම පිළිගෙන ඉවරයි. මහින්දලට මඩ ගහන්න හැදුවට වැඩක් වෙන්නේ නැහැ. මහින්දට තියෙන ජනප්‍රසාදය එන්න එන්නම වැඩි වෙනවා ඔහේලා කරන මෝඩ වැඩ නිසා.
තොවිලය පටන් අරන් කඩුවෙන් අළු පුහුල් ගෙඩිය කැපුවා විතරමයි. එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් කිව්වලු.
ඔය හදන්නේ වැඩේ තව කල්මරන්නනේ.
ඕක ගැන වාද විවාද පවත්වමින් කාලය කන එක බොරු වැඩක්. කරුණාකරලා මේකට අවශ්‍ය සැකකාරයෝ අත්අඩංගුවට අරන් නඩු පවරන්න. ඔවුන්ගේ දේපල තහනම් කරන්න. වංචා කල මුදල් ආපසු ලබාගන්න කටයුතු කරන්න. කරන විවාදයක් හොරු අත්අඩංගුවට අරගත්තට පස්සේ කරන්න. නැත්නම් වාද විවාද කරකර ඉන්න අතරේ සල්ලිත් රටින් පිට කරලා හොරු පැනල යාවි .
මොන විවාදේ කලත් අපි තීරණය කරලා ඉවරයි කව්ද වැරදිකාරයො කියලා
විවාද කරන්න තවත් මොනවද තියෙන්නේ? ඔය හදන්නේ ඡන්දෙ ඉවර වෙනකන් කාලය කා දමන්න. ඒ වෙනකොට මිනිසුන්ගේ අවධානය වෙන අතකට යොමු වෙලා මේ ගැන අමතක වෙලා තියේවි. කරුණාකර මෝරු ටික කූඩු කරලා නඩු දාන්න. අශ්වයා පැනල ගියාට පස්සේ ඉස්තාලය වහලා වැඩක් නැහැ.
මෙම වාර්තාව පාර්ලිමේන්තුවට දැම්මම සුපුරුදු විදිහට මීහරක් වගේ කෑ ගහගෙන කුණුහරුප කියාගෙන දවස් දෙක තුනක් කලාදමවී. එමනිසා මෙම වාර්තාව අපට බලා ගැනීමට ප්‍රසිද්ධ කරන්න . 2008 සිට මෙවැනි වංචා සිදුවී ඇති බව වාර්තාවේ තිබෙන බව ජන්ධිපතිතුමා සදහන් කලා . එම නිසා එම වංචා සෙවීමට කොමිසමක් කඩිනමින් පත් කල යුතුය .
1) වහාම පාර්ලිමේන්තු පනතක් මගින් මෙම මුදල් අය කර ගැනීමට කටයුතු කළ යුතුයි. 2) රවී කරුණානායකට විරුද්ධව නඩු පැවරිය යුතුයි. 3) 2008 වර්ෂයේ සිට 2015 දක්වා කාලය තුළ මූල්‍ය අක්‍රමිකතා සිදුවී ඇත්ද යන්න සොයා බැලිය යුතුයි. 4) රටේ මූල්‍ය අක්‍රමිකතා සහ අල්ලස් ගැනීම පිළිබඳ සොයා බැලීමට දිගුකාලීන වැඩ පිළිවෙළක් සකස් කළ යුතුයි.
ඔන්න ඡන්ද රැස්වීම් පාර්ලිමේන්තුවේ තියන්න හොඳ අවස්ථාවක්. පොහොට්ටුව ඉවරයි තමා.
ඇයි පරණ බැදුම්කර ගනුදෙනු ගැන හොයන්නේ නැත්තේ ? නීතිය කාටත් එකයි නම් වහාම හොයල බලන්න. ඊට අමතරව පසුගිය රජයේ සිටි මැතිඇමතිවරුන් මෙපමණ දේපලක් උපාය ගත්තේ කෙසේද යන්න ඉතා වැදගත් ,යහපත් සමාජයක් ගොඩනගන්න. දැන් ඉන්න අයටත් පාඩමක් .
අර කුරුණෑගල මන්ත්‍රීතුමා ඒකටවත් සහභාගී වෙයිද?