(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යොදා ඇති පක්ෂ කාර්යාල හා අපේක්ෂක කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති ඒක පුද්ගල ඡායාරූප (අපේක්ෂකයාගේ) දින තුනක් ඇතුළත ඉවත් කිරීමට දඹුල්ල මැතිවරණ බල ප්‍රෙද්ශයේ දේශපාලන අධිකාරියට දැනුම් දී ඇති බව දඹුල්ල සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා 31 දින පැවසීය.
එසේ නොවන්නේ නම් එය මැතිවරණ නීතිය උල්ලංඝණය කිරීමක් බව සහකාර පොලිස් අධිකාරී ගාමිණී මීගහකුඹුර මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.
මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් තොරව ඉතාමත් සාමකාමී මැතිවරණයක් දඹුල්ලේ පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කටයුතු සිදුකරන බව එතුමා වැඩි දුරටත් අදහස් දක්වමින් පැවසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ඔය කියන ඒක පුද්ගල ඡායාරූප වල ඉන්නේ එක්කෙනෙක් නොවේනේ. ලොක්කෝ දෙන්නෙක් එක්කනේ හැම විටම ඒවා ගහන්නේ... ඉතින් ඒවා ඉවත් වේවිද? ඒවා නීති විරෝධී නම් ඇයි ඒ ලොක්කන්ට කියන්න බැරි අපේ ඡායාරූප ගහන්න එපා කියලා. මට පෙනෙන හැටියට නම් ඒ ලොක්කොත් කැමතියි වගේ... එවලා තමුන්ගේ පින්තූරයත් ප්‍රදර්ශනය වෙනවා දකින්න.
හිටපු ලොක්කා බාල මල්ලි ඔය විරිත්තගෙන ඉන්නේ...
අනේ අප්පේ... අපේ බෝපේ පෝද්දලට නම් දෙන්නෙක් ඡන්දෙ ඉල්ලනවා. දෙන්නා එකටම පෝස්ටරෙත් ගහලා තියෙනවා ලයිට් කණු පුරා...
අනේ ඔය වැඩට අසීලාචාර මිනිස්සුන්ගේ රූපකාය දානවට වඩාත් යෝග්‍ය වන්නේ සත්ව ලෝකයේ සතුන්ගේ ඡායරුප ටිකක් දාලා අදාල පාට සහිත පෝස්ටර් සකසුවා නම් හොඳයිනේ...
ඒ කියන්නෙ සිරාගෙයි, රනිල්ගෙයි එක්ක ගහපු කට් අවුට් ගලවන්න එපා.... මරු නේද නීතිය? කොහොමද අපේක්ෂකයා තමන්ගේ බිරිඳ එක්ක ඉන්න ඡායාරූපය දැම්මා නම්...