චන්ද්‍රසේන ගමගේ සහ අනීෂා මානගේ
මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (01) දින විවෘත කරනු ලැබූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හම්බන්තොට දිස්ත්‍රික් මෙහෙයුම් කාර්යාලයේ ක්‍රියාත්මක කරමින් තිබූ ශබ්ද විකාශන යන්ත්‍රය තංගල්ල පොලීසියේ නිළධාරීන් කන්ඩායමක් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කිරීම සදහා අදාළ බලපත්‍ර ලබා නොගැනීම නිසා එම යන්ත්‍රය අත් අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සභාව ඇමතා මෙහෙයුම් කාර්යාලයෙන් පිටව ගොස් සුළු මොහොතකින් පැමිණි පොලිස් නිළධාරීහු ශබ්ද විකාශන යන්ත්‍රය අත් අඩංගුවට ගත්හ.
උත්සවයේ සංවිධායකයන් පවසන්නේ ශබ්ද විකාශන බලපත්‍රයක් ලබා ගෙන ඇති බවත් එම මොහොතේ එම බල පත්‍රය අදාළ ස්ථානයේ නොතිබූ බවයි. පොලීසිය පවසන්නේ ජන හමුවක් සදහා ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතා කරන්නට බලපත්‍රයක් ලබා ගෙන තිබූ බවත් මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම සදහා ශබ්ද විකාශන යන්ත්‍ර බලප්‍රත්‍රයක් කිසිවෙකු විසින් ලබා නොගත් බවයි. කෙසේ වුවද ලියා පදිංචි නැති මැතිවරණ කාර්යාලයක් සදහා ශබ්ද විකාශන බලපත්‍රයක් දීමට පොලීසියට බලයක් නොමැති බවද පොලීසිය පැවසීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙයුම් කාර්යාලයක් විවෘත කරනවා කියන්නේ ජනහමුවක් නේන්නම්. ජනයට හොරෙන් කරන වැඩක් නෙමෙයිනේ. මේ වැඩ වලින් දැන හෝ නොදැන හෝ කරන්නේ පොදු පෙරමුණට ඡන්ද වැඩි කරලා දෙන එක.
ගරු යහපාලකයනි, ජනහමුවක් යන්න සර්වස්ත්‍ර කුලකය වනවිට මෙහෙයුම් කාර්යාලය විවෘත කිරීම යන්න එහි උප කුලකයක් නොවන්නේද? පොහොට්ටුවේ කට්ටිය මීට පස්සේ කරනදේ හරියටම ලියල පොලිසියෙන් බලපත්‍රය ගන්න.
රටක නිතිය යනු එක් පුද්ගලයකුගේ දේපලක් නොවේ. දැනට හිටින ජනාධිපති තුමා විවුර්ත කිරීමේ උත්සවයකදී වුවත් බලපත්‍ර නොමැතිනම් අත්අඩංගුවට ගන්න එක තමා නීතියේ ආධිපත්‍ය සුරැකීම . හරි විදියට නම් ඔය ශබ්ද විකාශන යන්ත්‍රය අත්අඩංගුවට ගන්න තිබුනේ එම යන්ත්‍රය ක්‍රියාත්මක කරපු මෝහතෙමයි.
යට ගිය දවස මේ රටේ නීතිය එකම පවුලක් සතුවූ ගානට තිබුණු බව සමහර පුද්ගලයින්ට අමතක වී ඇත. ජනතාවට පහුගිය කාලයේ නින්ද ගොස් සිටින්නට ඇති යයි සිතාගෙන මෙන්, දැන් ඒ මහා ඇත්තන් කතා කරන්නේ වෙනතකින් දැයි සිතේ. පරණ හොරුන්ට ඔවුන්ගේ හොරකම්, මැරකම් නොසණ්ඩාලකම් අමතක වී දැන් අනිත් පැත්තට ඇඟිල්ල දිගු කරමින් චෝදනා නගති. අලුත් හොරුන්ට දඬුවම් කරන ලෙස ඉල්ලා සිටින්නේ පරණ හොරුන් බව ජනතාවට අමතක වී නැත !
දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහත්තයා. එදා එහෙම කළාට දැන් එහෙම බැහැ... ඉස්සර රටේ මොනයම් නීතියක්වත් තිබුනේ නැහැ.
මෙයා හිතාගෙන ඉන්නේ තාම ජනාධිපති කියලා...
කවුද පොලිසියට ටිප් එක දුන්නේ ? දන්නේ නැති නිසයි අහන්නේ. මෙහෙයුම් කාර්යාලයක් විවෘත කිරීම සදහා ශබ්ද විකාශන යන්ත්‍රයක් අවශ්‍යමද ? එහෙම නම් ඒක අති විශාල දැවැන්ත මෙහෙයුම් කාර්යාලයක් වෙන්න ඇති!
මොකද දන්නේ නැහැ පොලිසිය මන්ත්‍රීවරයා කතාකරලා ඉවර වෙනකල් හිටියේ නීතිය ක්‍රියාත්මක කරන්න.
හිටපු මනුස්සයාට නම් පුදුම බලතන්හාවකින් පෙලෙන්නෙක් බවයි වැටහෙන්නේ පව්.
දහම්, කොටි මර්ධනය මහින්ද කිසිසේත්ම තනියෙන්ම කරපු වැඩක් නොවෙයි. ඒ ජයග්‍රහණයට පසුබිම් වූ එමෙන්ම දායක වූ තව සාධක බොහොමයක් තිබුණා.
මොකට ඇල්ලුවද? ඔය හඩ නගමින් කියන්න ඇත්තේ මේ ආණ්ඩුව දුෂිතයි, හොරු ගොඩයි. ඒ හින්ද පරණ හිටපු අයට ඡන්දෙ දෙන්න කියලනේ. ඉතින් ඕක ජනතාව තීරණය කරයි.