බරපතල වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප‍්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත බාර දෙන ලදී.
පිටු 1135කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සුරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයින් වන විකුම් කළුආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග සහ පී.ඒ. ප්‍රේමතිලක යන මහත්වරු ද එක්ව සිටියහ.
( ඡායාරූප : කපිල ආරියවංශ - ජනාධිපති මාධ්‍ය අංශය )


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔතැනින් නීතිපතිට එතැනින් හමස් පෙට්ටියට... එහෙමද?
බැඳුම්කර වංචාව පිලිබඳව සොයා බැලීම සඳහා කොමිෂමක් පත් කිරීම, දුෂණ පිටු දැකීමට ජනාධිපති තුමා තුළ ඇති කැපවීම පෙන්නුම් කරන එක ප්‍රබල සාක්ෂියක්. මන්දයත් මීට පෙර ආණ්ඩුවල එවැනි ලක්ෂණ අඩු වශයෙන් දක්නට ලැබුන නිසා. දැන් මුළු රටම බලා සිටින්නේ මේ කොමිෂම පත් කිරීමට ජනාධිපති තුමා තුළ තිබු උනන්දුව කොමිෂමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේදී ද පෙන්නුම් කරාවිද යන්නයි. රජය මේ සිද්ධියේ වැරදි කරුවන්ට දඬුවම් නොදී සිටී යයි ඒකාබද්ධ විරුද්ධ පක්ෂය ගෙනයන ප්‍රචාරය පිටුපස අතීතයේ ඔවුන් අතින් සිදුවූ වැරදි වලටත් දඬුවමක් නොලැබීමට එයම හේතු පාදක කරගත හැකිය යන බලාපොරොත්තුවද නොතිබිය හැකි නොවේ. යහපාලනයේ ප්‍රධාන පාර්ශව කරුවා වන එ ජා පයේ පිරිස් මෙම ප්‍රශ්නයේ චුදිතයන් වී සිටීම ශ්‍රී ල නි පක්ෂ පාර්ශවයේ ප්‍රධානි මෛත්‍රීපාල සිරිසේන මහතා දැඩි අපහසු තත්වයකට පත් කළද, කිසිම පාර්ශ්වයකට අයත් නොවන විධායක ජනාධිපතිවරයාට නෛතික මෙන්ම සදාචාරාත්මක අයිතියක්ද තිබෙනවා මේ ප්‍රශ්නයේදී මෙතෙක් කල් වල් වැදී තිබුන නීතියේ ආධිපත්‍යයට සැබෑ අරුතක් ලබා දෙන්න. එතුමාට ජනතාවට ලංවෙන්න හා ජනතාවට එතුමාට ලංවන්න තිබෙන එකම මාවත එයයි.
වැඩේ කියන්නේ ඡන්දයක් එන්නම ඕන. දින 100න් හොරු අල්ලන්න පොරොන්දු වෙලා ආවේ. අවුරුදු 3ක් ඕන වුණා වාර්තාවක් හදන්නත්.
බැඳුම්කර වාර්තාවක් විතරක් අරන් මඩ ගහන්න බැරි හින්ද හදිස්සියේම බරපතල වංචා ගැනත් වාර්තාවක් අරන් පුදුමය වංචා විසි ගණනක් කළ කොමිෂන් වාර්තාවේ පිටු 135 යි ලු.. මේ ඔක්කොම වාර්තා බොරු වැඩ මේවාට නඩු දාන්න බෑ. නඩු දාන්න ගියාම නැවත සීඅයිඩිය විසින් පරීක්ෂණ කළ යුතුයි කියනවා. ඒක තමයි ඇත්ත. අපරාධ නඩු දාන්න ජනාධිපතිගේ කොමිෂන් වලට බෑ. ඒ බලතල තියෙන්නේ පොලිසියට. මේවා අපරාධ කරුවන් තොඳොල් කරන බොරු ප්‍රචාරක වැඩ.
කොමිෂම කාලයත් ශ්‍රමයත් මුදලුත් වැය කර ඉදිරිපත්කල වාර්ථාව රටෙි විධායක ජනාධිපතිවරයාට භාර දී ඇත. රටේ ජනතාව තුල අපේක්ෂාවන් ගොඩනැගී පවතින මොහොතක ඒකත් පුස්සක් නොවෙනු ඇතැයි ප්‍රාර්ථනා කරමු.
ජනාදිපතිතුමට දැඩි තීරණයක් ගත හැකිද? ප්‍රධාන චුදිතයා එ ජ ප. ජනාදිපති වරණයේදී ජයග්ග්‍රහණයට ආදාර කලේ එ ජ ප, මෙම බැදුම්කර බිලියන 59 වංචාවට අගමැතිවරයා රිජුවම වග කිව යුතුයි. නමුත් ඔහු චුදිත්යෙක් නොවේ. රනිල් ට රවී බේර ගත යුතුයි. එ ජ ප නායක සටනේදී රවී රනිල්ට ආදාර කලා එ වගේම අර්ජුන මැතිවරණයේදී මුදල් ආදාර කලා . වංච කලා අයට දඩුවම් කල හැකිද? නීති පතිට යොමුකරට පසු කාලයත් සමග යට යයි. එයයි සිදුවන්නේ.
ප්‍රශ්නය තියෙන්නේ පක්ෂයක් ජයග්‍රහණය කරන්න යන නිසා දුෂිත අයට විරුද්ධව තිබුන, ලංකාවම හූරකාපු චෝදනා යට යාමයි . නැවතත් ලංකාව යන්නේ පරණ පාරේම තමයි. පරණ ඒවා යට ගියා අලුත් ඒවා උඩ අවා. දෙකම උඩට එන්න ඕනා, ඊට පස්සේ ක්‍රමයෙන් දුෂිත වැඩ අඩු වෙලා , යහපත් සමාජයකට යන්න පාර කැපෙයි.
මේකටත් විශේෂ ප්‍රකාශයක් කරයිද
අපට පේනවා යහපාලන ආණ්ඩුව යමක් කරනව වංචනිකයින්ට දුශිතයින්ට මිනීමරුවන්ට දැඩි දඬුවම් දිය යුතුයි..
ජනාදිපති කොයි පැත්තේ උනත් ජමාල් නා හොරුන්ට තක්කඩින්ට මෙන්ම පක්ෂ විනය කඩනන්ටත් ඉක්මනින් දඬුවම දෙන්ඩ. කපලම දාන්ඩ
දැන් කඩුව අරගෙන කපන්න තම තියෙන්නේ. බලමු කවද කපන්නේ කියල.
“බරපතල වංචා ගැන වාර්තාව ජනපතිට“ - මේ වර්තාවේ තියෙන බරපතලකම තේරෙයි ද කියන එකයි ප්‍රශනේ????
මොන වාර්තා ආවත් කිසි වෙනසක් වෙන්නේ නෑ .... මහින්ද රනිල් සිරිසේන ඔක්කොම එක වල්ලේ පොල් කියලා ලංකාවේ මිනිස්සුන්ට තේරෙන්නේ නැති එකයි කරුමේ ....
මෙන්න දේශපාලන පළිගැනීම්.පසුගිය ආණ්ඩු කාලෙ වුණ ඒව දැන් හොයන්නෙ ඇයි.ඒ කාලෙ සුළු සොරකම් හොයන්න දැවැන්ත කොමිෂන් හදල.මේව තනිකර නාඩගම්.හොරකමක් කලත් මොකද.ඒවයින් කොටසක් දනට පිනට දුන්න.දන්සැල් දුන්න.දැන් මුකුත් නෑ.
ජනාධිපතිට බැරිද විධායක බලය යොදවා වැරදි කරුවන්ගේ සොරා කෑ සියලු දේපල රජයට පවරාගෙන ඒවගේ වාසිය ජනතාවට ලබා දෙන්න? අර්ජුන්ලට ඕනෙනම් නීති මාර්ගෙන් එයාල නිර්දෝෂී කියලා ඔප්පු කරන්න පුළුවන් සහ පසුව එම වත්කම් නැවත ගන්න පුළුවන්නේ. නැතුව නඩු දාල ඕව ගන්න ගියොත් තව වියදම් විතරයි. අවසානෙට නඩු වලට වෙච්ච දේකුත් නැ, හොරා කාපු සල්ලි වලට වෙච්ච දේකුත් නැ.
අගමැතිතුමා යටතට ගත්තා ශ්‍රී ලංකා මහබැංකුව. අගමැතිතුමාගේ නිර්දේශය මත අර්ජුන් පත් කලා. අර්ජුන ලංකා පුරවැසියෙක් නොවේ. අගමැතිතුමා අධීක්ෂණය කළාද? පාර්ලිමේන්තුවේදී අර්ජුන ආරක්ෂා කරන්න කතා කළා. සිදුවී ඇති බිලියන 59 වංචාවට අගමැතිතුමා වගකිව යුතුය. ඔහුට වගකීමෙන් මග හැරිය හැකිද? මේ කොමිසමෙන් අගමැතිතුමා නිදහස් කර ඇත. ජනාධිපතිතුමා කඩුව ගිලලයි තිබෙන්නේ. කඩුව ඇද්දොත් පළමුවෙන් කැපෙන්නේ කවුද? කඩුවෙන් කපන්න අවස්ථාවක් උදාවේවිද?
දේශපාලන වශයෙන් එතුමාගේ නිවැරදි බව දැකගැනීමට ජනතාව බලා සිටිනු ඇත.
සජිත් අළුත් සූට් එකක් වගෙයි පේන්නේ..