(විනීතා එම් ගමගේ)
අධිකරණවල මේ වනවිට නඩු 6,50,000ක් පමණ වූ ගොඩගැසී ඇති බව අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරල මහත්මිය පවැසුවාය.
නඩුවල පැටලෙන සාමාන්‍ය ජනතාව විශාල අපහසුතාවයකට පත් වීමෙන් වැළැක්වීමට ගත යුතු පියවර පිළිබඳව නව වසරේ අවධානය යොමු කරන බවත් එම ගොඩගැසී ඇති නඩු කඩිනමින් විසඳීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරිය කීවාය.
අතුකෝරල මහත්මිය මේ අදහස් පළ කළේ නව වසරේ අධිකරණ අමාත්‍යංශයේ රාජකාරි කටයුතු අරඹමින් කාර්ය මණ්ඩලය ඇමතූ අවස්ථාවේ දීය. එහි දී තව දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරිය මෙසේ ද කීවාය.
‘‘ නඩුවකට පැටලූණාම සාමාන්‍ය පුද්ගලයෙක් විශාල අපහසුතාවයකට පත් වෙනවා. අපි ඒ පිළිබදව අවධානය යොමු කරලා වැඩ කළ යුතුයි. නව වසරේ විශාල වැඩ කොටසක් තිබෙනවා. පසුගිය වසරේ අවසන් මාස කිහිපය තුළ අපි විශාල වැඩ කොටසක් කළා. ඒ සදහා හිටපු ලේකම්තුමා ඇතුළු ඔබ සියලූම දෙනා උපරිම සහයෝගය දැක් වුවා. මේ වසරේ විශාල වැඩ කොටසක් තිබෙනවා. අපි අතරේ ජාති ආගම් කියලා කිසිම බෙදීමක් තිබෙන්න බැහැ. තම තමන්ට පුද්ගලික වු ආගමක් ජාතියක් දේශපාලන පක්ෂයක් තිබෙන්න පුළුවන්. නමුත් අපි අධිකරණ අමාත්‍යාංශය තුළ රාජකාරී කටයුතු කිරීමේදි එකතු වෙලා කටයුතු කරන්න ඕන. අපි හොදින් හිටියොත් අපේ මනස හොදින් වැඩ කළොත් අපි අතරින් යහපත් සිතිවිලි සමාජ ගත වුණොත් එය අපේ හෙට දවසේ රටේ අනාගතය සාර්ථක වීමට හේතු වෙනවා. ඒ නිසා නව වසරේ වෛරයෙන් ක්‍රෝධයෙන් තොරව කටයුතු කිරීමට සියලූ දෙනාට ශක්තිය ධෛර්යය ප‍්‍රාර්ථනා කරනවා‘‘ යැයි ද අමාත්‍යවරිය කීවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජාති ආගම ප්‍රශ්න නිසා නොවේ ලංකාවේ නඩු කල්යන්නේ , නඩු කාරයෝ අඩු නිසා , ලංකාවේ මේ ඉන්න නඩුකාරයෝ වගේ තව දෙගුණයක් නඩුකාරයෝ බඳවා ගන්න ඕනේ මේ ප්‍රශ්නය විසදන්න , උසාවි වල මිනීමැරුම්,විශාල අපරාධ වලට වෙනම නඩු කරයකුත් , ඉඩම් නඩු වලට වෙනම නඩුකරයකුත් , සුළු අපරාධ , මත්පැන් ,රථවාහන නඩුවලට වෙනම නඩුකාරවරු පත්කළ යුතුයි .
වික්ටර් අයිවන්ගේ "නොනිමි අරගලය" කියවනලද ඕනෑම කෙනෙකුට ලංකාවේ අදිකරණ ක්‍රියාදාමය ගැන හොඳ අවබෝදයක් සමගම ඇතිවන්නේ පිළිකුලක් !
හදිසියේ මතක් උනේ භාණ්ඩාගාර බිල්පත් නඩුව ආවම ප්‍රමාද කරන්න හේතු හොයන කොටද?
නඩු කාරයන් තමයි රටේ ඉන්න අකාර්යක්ෂම රජයේ සේවකයන්
ලංකාවේ අධිකරණ සාක්ෂි ක්‍රමවේදයන් ගල් යුගයට ගැලපෙන ඒවා මිස නවීන දියුණු ලෝකයට ගලපන්න බෑ! නඩු පරක්කු ඒකයි. මම ඒක අත්දැකීමෙන්ම දන්නවා. මගේ සහෝදරියට විරුද්දව පොලිසියෙන් බොරු නඩුවක් දැම්මා අධිකරණ තීන්දුවකින් මායිම් යෙදු ඉඩමක වැටක් කඩලා අධිකරණයට අපහාස කල කියලා! ඒක පැමිණිලි පාර්ශවයෙන් අල්ලස් අරගෙන ඔවුන්ගේ උවමනාවට කල අසත්‍ය පැමිණිල්ලක් මත කල දෙයක් ! පොලිසියෙන් නිසි විමර්ශනයක් නොකර සටහන් යොදා තිබුනා! ග්‍රාම නිලදාරීතුමිය ස්ථාන පරීක්ෂාවක් කර වැටට හානි සිදුව නොමැති බවත් එය පෙර තිබු පරිදි ඇති බවත් ලිඛිතව පොලිසියට දැනුවත් කලා. එම ලිපිය උසාවියටත් ඉදිරිපත් කළා. චායාරූප මගින්, වීඩියෝ මගින් එහි අසත්‍යතාව පෙන්වා දුන්නා. බලදාරියෙකුට ඇවිත් බලන්න කියලා ඉල්ලීම් කලා. පොලිස්පතිතුමා ඇතුළු බලදාරීන් සියල්ලම දැනුවත් කළා.. කිසිම වැඩක් උනේ නැහැ. දැන් නඩුවට අවුරුදු 2 කට කිට්ටුයි. නඩු වාර ගණනාවක් ගතවෙලා. ඉඩම අයිතිකාරිය ඉඩම විකුණලත් ගිහින් මාස ගණනක් ගතවෙලා. තවම නඩුව අහනවා. අපරාදේ අධිකරණයේ පොලිසියේ අපේ කාලය, මුදල්, ශ්‍රමය.
ද සිල්වා, ඔබ දන්නේ නැද්ද මිනීමැරුම් වගේ මහා අපරාධ වලට මහාධිකරණ තියෙනවා, ඉඩම් නඩු සහ පවුල් සම්බන්ද නඩු වෙනුවෙන් දිසා අධිකරණ තිබෙනවා, සුළු අපරාධ සහා රථවාහන නඩු සඳහා මහේස්ත්‍රාත් අධිකරණ සහා ප්‍රාථමික අධිකරණ තියෙනවා, වෙනම අධිකරණ පිටුවීම නෙවි කෙරෙන්න ඕනා රටේ මේ අධිකරණ පද්දතිය තව ව්‍යාප්ත කරන්න ඕනා නඩු ගොඩ ගැසීම වැලක්වීමට නම්.