අජන්ත කුමාර අගලකඩ සහ මනෝප්‍රිය ගුණසේකර
බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව හෙට (30) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත භාර දීමට නියමිතය.
මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සොයා බැලීමට මේ වසර මුලදී ජනාධිපතිවරයා විසින් ජනාධිපති කොමිෂන් සභාවක් පත් කරනු ලැබූ අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ ටී චිත්‍රසිරි මහතා එහි සභාපතිවරයා විය.
මෙම කොමිෂන් සභාවේ කාලය අවස්ථා තුනකදී දීර්ඝ කරනු ලැබූ අතර එම කාලය අනිද්දායින් (31) අවසන් වෙයි. බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් එය නීතිපති දෙපාර්තමේන්තුවට බාර දෙනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කර හොරු, මිග් හොරු, සුනාමි හොරු, ටෙන් පසන්ට් හොරු සියල්ලටම වහා දඬුවම් කරනු.
හැමදෙයක්ම පත්තරෙන් දැනගන්න එකේ ඔය වාර්තාවත් පුවත්පත් වල මුද්‍රණය කර නම් තමා හරි
වාර්තා කියවලත් දන්නව කවුද හොරු..... වාර්තා නොකියලත් දන්නව කවුද හොරු..... නම ගම නැතත් දන්නව උන්ය හොරු...... මොනදේ නැතත් සිත් දන්නව තොපිය හොරු.....
ෂා..මාර වැඩේ දැන් හොරුන්ට වෙන්නේ...ජනවාරි පලවෙනිදාම හිරේ විලංගුවේ දමලා ජනතාවට සාදාරනය පෙන්නන්ටයි යන්නේ..
අර කඩුව හොඳට මුවහත් කරගෙන ඇති නේද?
අපිට බලාගන්න පුළුවන් වෙන්නේ කවදාද?
ඔක්කෝම එළිවෙනවා. හැබැයි ඊට පස්සෙ මොකක් කරයිද කියන එක තමයි අපිට තියන ලොකුම ගැටළුව.
ඔය තරම් ඉක්මණට අර අනික් පක්ෂයේ හොරු ටිකගේ ෆයිල් ටිකත් එලියට ගන්න බැරිද? ඕක ජනපතිගේ පහත් ශ්‍රේණියේ ඡන්ද ගුණ්ඩුවක් කියලයි අපට හිතෙන්නේ...
"බැඳුම්කර වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් අනතුරුව නීතිමය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා...." ඔව් ! මේක එක ක්‍රමයක්. මේ සඳහා ජනාධිපතිවරයාට විශාල ධෛර්යක් තිබිය යුතුයි. එජාපයේ පිරිස මෛත්‍රීපාල සිරිසේන මහතාව හිතා මතා අමාරුවේ දැම්ම බව අවබෝධ කරගත යුත්තේ එතුමා නොව රටේ සමස්ත ජනතාවයි. ජනාධිපතිව ඔය තැනට තල්ලුකර හිර කර තබා " අර මිනිහට තීරණයක් ගන්න කොන්ද පණ නැහැ" කියන කතාව නිර්මාණය කරන්නෙත්, එය ප්‍රචාරය කරන්නෙත් වර්තමාන ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විරෝධී කණ්ඩායමයි. රනිල් වික්‍රමසිංහ හා මහින්ද රාජපක්ෂ අතර තිබෙන අප්‍රකට සම්බන්ධය නිසාම මේ කුමන්ත්‍රණකාරී සැලසුම ක්‍රියාත්මක වෙමින් පවතිනවා. රටේ පවතින නීතියේ ඇස් බැඳ, එහි කනින් රිංගා යන්නට සැලසුම් කර ඇති පිරිස නැවත ජනතාව ලඟට එන්නේ ඡන්ද හිඟා කන්නයි. එවැනි මොහොතක ජනතාව ආයුධ අතට ගන්න ඕනෙත් නැහැ. මෛත්‍රීපාල මහත්මයා ලවා මේ ගොල්ලන්ට දඬුවම් කරන්න ඕනෙත් නැහැ. ඔය වැඩේට අවශ්‍යය එක කතිරයයි. ඒ කතිරයෙන් මේ හැම හොරෙක්ම (හිර) ගෙදරම යවන්න පුළුවන්. අප විසින් කළ යුත්තේ ජනතාව එතනට ගෙන ඒමයි.
කිසිම සැකයක් තියාගන්න එපා. කාටවත් කිසිම දෙයක් වෙන්නේ නෑ. මට දුක කොමිසමට වියදම් කරපු ජනතාවගේ මුදල් ගැන. අන්තිමට සිරිසේන මහත්තයාගේ කඩුවට වූ දෙයක් නැති වෙනවා.
සුජීවගෙන් තවත් මාධ්‍ය සාකච්ඡාවක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වනවිටත් කී දෙනක්ට උණ හැදිලා ඇද්ද?
හැමදෙයක්ම පත්තරේ බලලා දැනගන්න එකේ, ඕකත් පත්තරේටම දැම්ම නම් තමයි හොඳ. අඩුම තරමින් මහා ඡන්දෙට කලින්වත් කියවල බලයි නොවැ...
අනේ අපොයි අපි ගෙවපු, ගෙවන බදු මුදල් මේ අය හොරා කනවා.
මම ජනාධිපති නම් ඔය හොරු සැකපිට අත්අඩංගුවට ගන්න කියලා නියෝගයක් දෙන්නේ මීට ගොඩ කලකට ඉස්සෙල්ලා.., පසුගිය කලේ මේ සොරුන්ට විරුද්ධව සාධාරණ සාක්ෂි ප්‍රමාණයක් එළිවුණා. ඕනේ නම් බලන්න තව මාස 2 -3 කින් ඡන්ද උණුසුම ගියහම ජනාධිපතිතුමා ඔය වාර්තාව කුණුකුඩේට දමලා නිකන් ඉන්නවා. ඡන්දෙට කලින් බොරුවට තරහ වෙන ලොකු පක්ෂ දෙක ප්‍රතිඵල අවාම එකතුවෙලා පළාත් සභාවලත් බලය අරගෙන ජනතාව ගොනාට අන්දවනවා. දෙමල ජාතික සන්ධානයත් විපක්ෂයේ වරප්‍රසාද භුක්ති විදිමින් වැඩි කලබලයකින් තොරව ඉඳීවි. ලොකු පක්ෂ දෙක සහ පොහොට්ටුව පාර්ලිමේන්තු මැතිවරණය කිට්ටු කරලා නැවතත් මොකක් හරි නාඩගමක් පටන්ගනිවි. කොහොම නමුත් මේ විදිහට ගියොත් රට පාලනය කරන්නේ පසුගිය අවුරුදු 10 ක් රට පාලනය කරපු ඔළුගෙඩි ටිකම තමයි. මේ තත්වයේ යම් වෙනසක් සිදුකරන්න නම් ජවිපෙට පළාත්පාලන ආයතන තුල සහ පාර්ලිමේන්තුවේ යම්කිසි බලයක් ලබාදිය යුතුය. අඩුම තරමේ විපක්ෂයේ බලයවත්...
අන්තර්ජාලයේ පලවෙයි නේද අපටත් කියවන්න. ඊට පසු අපේ අදහස් දෙන්නම්. දැන් නිකම් බොරුවට කතාකරලා වැඩක් නැත.
මහ බැංකුවේ 2015-2016 අතර කාලයේ සිදුවූ බැඳුම්කර ගනුදෙනුව ගැන කතාකරල විතරක් ජනාධිපති තුමා සැහීමකට පත් වෙන්නද හදන්නේ ? එයත් ඇමති කෙනෙක් වෙලා හිටපු රෙජිම කාලේදී ඔහොම දේවල් උනේ නැද්ද ? 2020 වෙන්න තියෙන්නේ තව සුළු කාලයක් පමණයි නේද ?