දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට රජය දුන් පොරොන්දු ඉටු නොකිරීම නිසා ජනවාරි මාසයේ දිනක යළිත් මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි.
සයිටම් සිසුන්ට සති පහක සායනික පුහුණුවකින් පසු ලියාපදිංචිය ලබා දීමට වෛද්‍ය සභාව එකඟ වී ඇතැයි ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ (30) ප්‍රකාශ කළ අතර ඊට පිළිතුරු දීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය අද (31) මාධ්‍ය හමුවක් කැඳවා තිබිණි.
දෙසැම්බර් 31 වැනිදාට පෙර සයිටම් අහෝසි කරන බවට නියෝජ්‍ය ආමැති ආචාර්ය හර්ෂද සිල්වා පොරොන්දු වුවත් මේ වන තෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද, එනිසා ජනවාරි මාසයේ දිනක අඛණ්ඩ උපවාසයක් අරඹන බව ද එම සංසදයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නිමල් කරුණාසිරි මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොමිලේ අධ්‍යාපනය යනු නිදහස් අධ්‍යාපනයෙහි උපකුලකයක්ද? නැතහොත් සමකුලකයක්ද? යන්න පැහැදිලි කර මෙම උපවාසය ආරම්භ කරන්න. මෙවැනි ක්‍රියා සඳහා අහිංසක මිනිසුන් යොමුකර එමගින් වෛද්‍ය වෘත්තිය පිළිබඳව පොදුජනයා අතර අප්‍රසාදය ඇති කිරීමේ සියුම් වැඩපිළිවෙළක් තිබෙන බව මාගේ හැඟීමයි.
මේ අය ගමේ බයියලා වෙන්න ඕනේ... දරුවන්ගේ අයිතිය මේ අයට පේන්නේ නැහැ..
අනේ ඔහේ මැරෙන්න අරින්න. මොන වදයක්ද මේ.. කාවද මේ බයකරන්න හදන්නේ? අපිත් බහිමු පාරට... මේ වසංගතේ කෙළවරක් වෙන්න ඕනේ!!!
මුදල් ගෙවා ඉගෙන ගෙන, විභාග පාස් කර, රටට සේවය කරන්න ඉඩ අරින්න. පුළුවන් නම් එකම වෛද්‍ය විභාගයක් හැම පෞද්ගලික සහ රජයේ වෛද්‍ය පීඨයකටම ලබා දෙන්න. එතකොට බලාගත හැකි මුදලට උපාධිය ගන්නවද නැද්ද කියලා සහ කවුද දක්ෂ කියලා. නිකන් කුහක වෙන්න එපා. අපි කවද හරි මැරෙන මිනිස්සු බව අමතක කරන්න එපා.
මේ දෙමව්පිය කුහක සංගමය හිතන්නේ තමන්ගේ ළමයා විතරයි ඉගෙන ගන්න ඕනේ කියලා. තව ටික දවසකින් මුන්දැලා දොස්තර ළමයින්ට තීරු බදු රහිත වාහන සහ මුණුපුරන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා උපවාස කරාවි.
ඇයි දෙවියනේ අර හොඳට තිබෙන පොල් ගස් වලට හෙන පාත් කරන්නේ? පාත් කරන්නකෝ වැඩකට නැති ඔලු ගෙඩි වලට. ඔබලාගේ ළමයින්ට ලැබෙන්නේ ඕනේ දේ පිනට ලැබුනා නම්, සල්ලි දීලා අධ්‍යාපනය ගන්න ළමයින්ට පව් නොදී යන්න...
පව්කාරයෝ ටිකක්... මේ අයගේ ළමයිනුත් ටියුෂන් ගිහින් විභාග පාස් කරගත්තේ... දැන් එනවා සල්ලි දීලා ඉගෙන ගන්න පුලුවන් දරුවන්ටත් වල කපන්න. අඩු තරමින් මේ පාර කාටහරි උපවාසයෙන් මැරෙන්න දෙන්න. එතකොටවත් මේක නවතීවි.
මේ අයව ගහලා පන්නා දමන්නයි තියෙන්නේ... වෙන වැඩක් නැතුව ඇති...
කියන්නටත් ලැජ්ජයි. මේ කාලයේ ලංකාවේ උසස් අධ්‍යාපන සිසුන්ගේ දෙමව්පියන් තරම් කුහකයන් කොහෙවත් නැහැ. ඉස්සර දෙමව්පියන් තමන්ගේ ළමයාට ඉගෙන ගන්න බැරි වුණත් එයට උත්සාහ කරන උදවියට උදව් කළා. දැන් හොඳයි ලංකාවේ ඔක්කොම ගුරුවරු හිතුවොත් තමන්ගේ ළමයා විතරයි ඉගෙනගන්න ඕන කියලා මොකද වෙන්නේ? ඒ නිසා අනුන්ගේ දරුවන්ගේ ඉගෙනීමට බාධා කලොත් තමන්ගේ දරුවන්ට වගතුවක් වෙන එකක් නැහැ.
රටේ හැමෝටම එම්බීබීඑස් උපාධිය දීලා රෙජිස්ටර් කර දැම්මාම ප්‍රශ්න ඉවරයිනේ! අධ්‍යාපනයක් නැතුව එතකොට කාටත් පුළුවනි නොමිලේම දොස්තරලා වෙන්න...!
ලංකාවේ මාරාන්තික උපවාසවලින් කවුරුවත් මැරෙන්නේ නෑ.
මගේ දරුවත් රජයේ වෛද්‍ය ශිෂ්‍යයෙක්... මම මේ දෙමව්පියන් කරන වැඩවලට සම්බන්ධ නෑ.
මේක දැන් දේශපාලන ප්‍රශ්නයක් කරගෙන... මහින්ද මහතාත් දැන් සයිටම් සටන් පාටය අතට අරගෙන... මාරාන්තික උපවාසයක් අරඹන බව වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදය කියයි. මේ පාර මේ අයට උපවාස කරලා මැරෙන්න අරින්න ඕනේ. එතකොටවත් ප්‍රශ්නය විසඳේවි.