ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර නිකුත් කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති විමර්ශන කොමිසන් සභාවේ වාර්තාව පිළිබඳව සහ ක්‍රියාත්මක කිරීමට නිර්දේශ කර ඇති කරුණු සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.
මෙම ප්‍රකාශය ජනවාරි 03 වැනිදා කිරීමට නියමිත බවද ජනාධිපති මාධ්‍ය අංශය කියයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ප්‍රකාශය කරන්න ඉන්නේ නැකැතක් බලලද?
දෙන්නම කොමිසම් පත් කරනවා. විශේෂ වාර්තා දෙනවා. අපිව ගොනාට අන්දනවා. මෙච්චර කල් කළෙත් ඕක තමයි. ඉදිරියට කරන්නෙත් ඒකම තමා...
විශිෂ්ඨ ප්‍රකාශයක්, ජනාධිපතිතුමනි...
මොන විශේෂ ප්‍රකාශද? අණ්ඩර කියවන්නේ නැතුව වැරැද්ද කුමක්ද? වග කිය යුත්තේ කවුද? පාඩුව කොපමණද බව ජනතාවට දැනුම් දී අවශ්‍ය නීතිමය පියවර ගන්න. ඒ වගේම මෙම කොමිසමේදී හෙළිවුණා අර්ජුනලා පසුගිය සමයේ කාලයේදීත් මහබැංකුව සමග මේ වගේම ගනදෙනු කරලා තියෙනවා කියලා. ඒ ගැන හොයන්නත් කොමිසමක් පත් කලොත් හොඳයි.
ඔය විශේෂ ප්‍රකාශ කරන්න ඉස්සරවෙලා රහස් පොලිසියට කියලා චූදිතයෝ අත්අඩංගුවට අරන් අධිකරණයට ඉදිරිපත් කරන්න. නැත්නම් හොරු ටික සිංගප්පූරුවට පැනල යාවි. ලෝකයේ මොනම රටකවත් පොලිස් පරීක්ෂණ ඉවරවෙනකම් මේ වගේ විශාල වංචා සම්බන්ධ කරුණු ප්‍රසිද්ධ කරන්නේ නැහැ. ජනාධිපතිතුමනි, ඉස්සෙල්ලා යමක් කරලා ඉන්න ඊටපස්සේ ඒවා ජනතාවට ඉදිරිපත් කරන්න.
ජනාධිපතිතුමනි, කලින් පැවති රජයේ හොරකම් හෙළිදරව් කිරීමටත් මෙවැනිම කොමිෂන් වහාම පත් කරන්න.
ඇයි ලංකාවේ ඉන්න මිනිස්සුන්ට අකුරු කියවන්න බැහැයි කියලා ජනපතිතුමා හිතනවාද? ඔය කොමිෂන් වාර්තාව මාධ්‍ය වලට නිකුත් කලානම් ඉවරයිනේ... නිකං කාලේ නාස්ති කරගන්නේ නැතිව..
බයිලා කියවන්නේ නැතිව කල යුතු දේ කරලා පෙන්වන්න.
මට බමුණුආරච්චිගේ කමෙන්ට් එකට උත්තර දෙන්න දෙතුන් පාරක් උත්සාහ කළා.
ප්‍රකාශය පමණක් මදි.. එතැනින් නොනැවතී තරාතිරම් නොබලා දඬුවම් දිය යුතුයි. මේක හොඳ ආරම්භයකුත් සහ ආදර්ශයකුත් වෙන්න ඕනේ...
ප්‍රතිපල පෙන්නන්න.