(ඩයනා උදයංගනී,ඡායාරූප - ඉෂාන් සංජිව)
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙහි පිටපතක් තමාට ලබාදෙන්නැයි ඉල්ලා හිටපු විදේශ කටයුතු අමාත්‍ය රවී කරුණානායක මහතා අද (8) දහවල් ජනාධිපති කාර්යාලයට පැමිණ තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලූම් පතක් භාරදුන්නේය.
බැඳුම්කර කොමිසමේ වාර්තාව සම්බන්ධව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කළ ප‍්‍රකාශයෙන් තමාටද චෝදනා එල්ල වී තිබුණත් එහි කිසිඳු සාධාරණයක් නැති බව මෙම ඉල්ලූම්පත භාරදී පැමිණීමෙන් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් රවී කරුණානායක මහතා ප‍්‍රකාශ කළේය.
එබැවින් ඒ සම්බන්ධව පියවර ගැනීම සඳහා මෙසේ බැඳුම්කර කොමිසමේ වාර්තාවක් ඉල්ලා සිටින බව ඔහු පැවසීය. මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ද ඔහු ප‍්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට සිංහල හරියට අවබෝධ කර ගන්න බැහැ වගේ නේද? ජනාධිපතිතුමාගේ පැහැදිලි කිරීමේදී කිව්වේ, අැලෝසියස්ගෙන් තමාගේ ගෙට කුලිය ගැනීම අල්ලසක් නිසා ඒ ගැන සහ අඩුලංසු තියෙන ලෙස රජයේ බැංකුවලට උපදෙස් දීම සහ කොමිසම හමුවේ බොරු සාක්කි දීම යන කාරණා ගැන නීති මගින් කටයතු කරන ලෙස වාර්තාව නිර්දේශ කර ඇති බව. බැඳුම්කරේ හොර වැඩ කලේ ඔබ කියලා නෙමේනේ කිව්වේ. ඔබ යන්නේ කොහෙද මල්ලේ පොල් කතානේ මේ කියන්නේ....
තමන් ජීවත්වන ගෙය ලැබුනේ කොහොමදැයි නොදන්නා, ඉතා වැදගත් ලිපියක දිනය තිබිය යුතුබව නොදන්නා, තමන්ට, දියණියට හා තමන්ගේ බිරිඳට ඇමතුම් ගන්නා තම කුළුපගයින් ගැනවත් නොදන්නා, ඔබ වැනි කිරිසප්පයෙකුට මෙලෙස දොස් නැගීම මහපොලොව නුහුලන අසාධාරණයකි. ඔබට සහ මෙයට සම්බන්ධ සියලු දෙනාට සාධාරණය ඉටුවන තුරු ඔබව පාර්ලිමේන්තුවට යවා ඔවැනි කරදරයකට පත්කල මහජනයා බලා සිටියි !!!
ආඩම්බරයි රවී මැතිතුමනි
තමන් කරපු හරිය දන්නේ තමුන්මනේ. එ්ක දැනගන්න අනුන්ගේ වාර්තාවක් මොකටද?
මම මේ රටේ ජනාධිපති නම් ඔබතුමා රටේ මුදල් අැමැතිවෙලා ඉන්න කොට රුපියල් මිලියන 100 ක වැඩි නිවසක් අල්ලසක් ලෙස තම භාර්යාව මාර්ගයෙන් ලබාගෙන, එහි පදිංචි වී සිට මේ නිවාස ලැබුණේ කෙසේද කියා දන්නේ නැති බව ප්‍රකාශ කරමින් බොරු සාක්ෂි දීමේ චෝදනාවට අත්අඩංගුවට අරන් නඩු පවරන්න පොලිසියට අණ කරලා බොහෝ කල්... කොහෙද අපේ ලොක්කා ඉන්නේ කඩුව බටේ දමාගෙන නේ? එ්ක එලියට අරගෙන මුවහත් කරලා ගන්නකොට හොරු රටෙනුත් පැනලා ගිහින් බොහෝ කල්...
එයාර් ලංකා කොමිසම පත් කිරීම අද නොවේ හෙටද?
රවී මහත්තයා මේක නවකතා පොතක් නෙමේ... ඔබතුමාට හවසට තේ එකක් බොන ගමන් රස විඳින්න. ලංකා ඉතිහාසයේ එතෙක් මෙතෙක් වෙච්ච ලොකුම වංචාව ජනතාවට දැනගන්න සකස් වුණු වාර්තාවක්. තමුන් කරපු දේවල් හොඳටම දන්නේ තමුන්මයි. එ්කට මොකටද අනුන්ගේ වාර්තාවක් බලන්නේ? ලෝකෙට තව විහිළුවක් නොවී රටට ජනතවට තව පාඩු නොකර මෛත්‍රිගෙන් ලැබුණු මෛත්‍රියේ පිහිටෙන් ඉල්ලා අස් වෙලා ගෙදර ගිහින් නිවී සැනසිල්ලේ ඉන්න...
දුන්නා කුඩුවෙන්න මහා බැංකුවට .... බෙදුව මුදල් දන්සැල මෙන් ලොක්කන්ට .... දැම්ම කොමිසමක් හොරු ගැන හොයන්නට,... ආවා නේද රවීගේ නම ඉදිරියට...
ලොකු බලු කුඩුවක් හදන්නත් වේවි...
"මහ බැංකුව හෝ වාණිජ බැංකු තිබුණේ තමා යටතේ නොවන බව ....." හොඳ වෙලාවට දෙවියෝ බැලුවා. රවී ක්‍රිස්තියානි වුණාට එයාගේ දෙවියෝ බෞද්ධ වූ මෛත්‍රීපාල මහත්මයාගේ මුහුණ බැලුවා. හුළඟ හමන්නේ ඒ පැත්තට. වැඩි දුර දුක් නොවුණු වස් දෙවියෝ ඔබ ළඟදීම කැඳවත්...
ඕකේ තියෙන්නේ හොරකමක්ද අයුතු ලබා ගැනීමක් ගැනද කියලා දන්නා කෙනෙක් කියනවාද?
ලැජ්ජා නැති ඈයෝ.. රජ කාලේ දඬුවම් දෙන්න ඕනෑ .. මේ වගේ එවුන් පස්සේ යන ගොන් මිනිස්සු තවමත් ඉන්නවා.. මොනවද මේ අය රටට කලේ..
වාර්තාව දෙන්නම්... හැබැයි හොරකම් කරපු සල්ලි ටික ආයිමත් අරගෙන දුන්නොත්. නැත්නම් අර ආණ්ඩුවට දුන්නොත්...
අපේ ගමේ ගොඩේ ඇඳන් නානවා කියන්නේ මේවාට ගෙදර තිබිච්ච සල්ලි වියදම් කරලා ජනාධිපති කෙනෙක් පත්කරගෙන.... ලංකාවේ ඉන්න ලොකුම හොරා කියලා නමකුත් හදාගත්තා.
බැංකුව හොරකම් කල රවියා මෙමයි.... නිකන් ලැබුන ගෙය ගත්තෙත් මෙමයි.... කොමිසම ඇසුවිට බොරු කිවුවේත් මෙමයි... ටයි කෝට් ඇන්දත් මම ඇමතිය මෙමයි...
ලොතරැයි මණ්ඩලයෙනුත් ගසාකෑ මුදල් ගැන සොයා බැලුවා නම් හොඳයි.
මටත් එක කොපියක් තිබ්බොත් හොඳයි.
මෙයාට දැන්ද මතක් වෙලා තියෙන්නේ? මහා බැංකුව සහ වාණිජ බැංකු මෙය යටතේ තිබුනේ නැති බව.... සල්ලි කොලේට මෙයාගේ අත්සන ගන්නකොටවත් ඇහුවේ නැද්ද දන්නේ නෑ.
මේ අහිංසක අයගේ හිත් රිදවන්න එපා.
අඹ ගෙඩි හොරකම් කළාට හිරේ දාන රටේ මොවුන් නිදැල්ලේය. එන මැතිවරණයට නැවතත් මිනිස්සු පාර්ලිමේන්තු යවන බව මොවුන් දනී. ඇසේ නොවුණත් ලොක්කා ලිස්ට් එකෙන් බව දනී. හොරකම, අල්ලස්, කොමිස්, වංචා තමන්ගේ වීරත්වය සේ දකියි.
අධිකරණයකින් වරදකරුවකු කිරීමට පෙර පූර්ව විනිශ්චයන්හි දී පසුව අධිකරණ තීන්දු කනපිට පෙරළුණු විට එකී මත පළ කළ මාධ්‍යයට පවා උසාවියට ඒමට සිදු වෙන්න පුළුවන්. කොහොම නමුත් තොරතුරු ඉල්ලා සිටීම රටේ පුරවැසියෙක්ගේ අයිතියක්....
මට මතක් වෙන්නේ කිතුල් ගහට ගිය ස්ටෝරි එක.
මේක වරදක් තමයි. ඒකට දඬුවම් දෙන එක අධිකරණයේ වැඩක්. කවුරු උනත් වැරදි කළා නම් ඒකට දඬුවම් ලැබිය යුතුයි. ඒත් මිනිසුන් අතුරුදහන් කරපු අය ගැන කවුරුත් කිසි කතාවක් නැහැ. මිනිස් ජීවිත නැති කරපු එකට වඩා මේක වැදගත්ද?
රවිට කොමිෂන්වර්තා කියවා තේරුම්ගන්න මොලයක් නැත..... ඒ නිසා ඔහුට ඉක්මනින් දෙන්න අධිචෝදන පත්‍රයක්.
ඔක්කොම කුණු බේරුවල බොක්කට?
හොරා හැම තිස්සෙම හිතන්නේ තමුන් හොරෙක් නෙමේ කියලා. මොනවා කරන්නද මේ ලංකාවනේ.