(සෙනරත් බණ්ඩාර)
ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් මහනුවර දූෂණ මර්දන ඒකකය මගින් අද(28) වටලා එහි කළමනාකාරිණිය සහ කාන්තාවන් 5 දෙනකු අත්අඩංගුවට ගත් බව මහනුවර පොලිසිය පවසයි.
මහනුවර හේවාහැට ගාල්තැන්න පාර චන්දන කුමාර මාවතේ මෙම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය පවත්වාගෙන ගොස් ඇති අතර උපාය දුතයින් යොදවා ලබාගත් තොරතුරු අනුව සොදේසි වරෙන්තු මත එය පරික්ෂා කිරීමේදී ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය පවසයි.
එහි ඇතුළුවීමට රුපියල් 1500ක් වශයෙන් සහ ඇතුළු වූ පසු වෙන වෙනම ගාස්තු අයකරන බවත් සඳහන් වන අතර ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානය වශයෙන් පවත්වාගෙන යාමට වෛද්‍යවරයෙකු සිටිය යුතු වුවත් වැටලීම සිදුකරන අවස්ථාවේ වෛද්‍යවරයෙක් නොසිටි බව ද පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරු, ඔය දීලා තියෙන්නේ නොමිලේම ප්‍රචාරණය...
අසරණ කාන්තාවන්ගේ බඩට ගහන්න එපා. මේවා ප්‍රසිද්ධ කරන්න එපා. ඇල්ලුවා නං රහසිගතව නඩු දාන්න. කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරකිමු.
මොකක්ද මෙතන ඇති විශේස පණිවිඩය ගණිකා සේවය බොහෝ පැරණි රැකියාවක් නමුත් අද මෙය පහත් කියා කීවට මොකද අද අපේ කාන්තාව මේ තැනට වැටුනේ මොකද කියන කාරණය අපි පළමුව බලන්න ඕන ,හැබැයි ඒකට විවිධ හේතු තියෙන්න පුළුවනි ,නමුත් ඇයගෙන් පහස විදින පිරිමි කොපමණ ඉන්නවද ,හැබයි ඒ පිරිමියම තමා මේ කාන්තාවන්ට පරිබව කරන්නේ අන්න එතන තමා අපට තියන ගැටලුව. අනික අපේ රටේ විතරක් නොව හැමරටකම තියනවා හැබැයි අපට වඩා දියුණු විදිහට නීතියට අනුකුලව.
නාලිනී කතාව හරියට හරි... ලංකාවේ කාන්තා අයිතිවාසිකම් මීට වැඩිය ආරක්ෂා කල යුතුයි.
මහ ලොකු වැඩක් කරලා වගේ...
මේ අයට රජයෙන් රැකියාවක් දුන්නා නම් මොකද? ඔය දෙනවයි කියපු රැකියා එයාලට දෙන්න. ඒක මනුෂ්‍යත්වයක්... ලොකුම පිනක්...
රජය මේ පිළිබඳව නීති ක්‍රියාත්මක කළ යුතුයි.
අනේ අර බැඳුම්කර වංචාව කරපු අයව, විල්පත්තුව කැලය විනාස කරපු අයව, සාම්පුර් චෛත්‍යය ඩෝසර් කරපු අයවත් ඔය විදියටම අත්අඩංගුවට ගන්නකෝ.
ඔය වැටලීම් වලට යන මහත්වරු කවදාවත්ම ගණිකාවක් සමග හෝ අනියම් සබදතාවක් පවත්වා නැති උපාසක පිරිසක් වෙන්න ඇති. දුප්පත්කමට පොඩි තැන්වල ඔය රස්සාව කෙරුවට තරු හෝටල්වල මෙය මහාපරිමාණයෙන් කරනවා. පුලුවන්නම් මේවත් නවත්වන්නකෝ
මා සිතන්නේ නෑ මේ කාන්තාවන් බොහෝ දෙනෙක් සිය කැමැත්තෙන් මේ වෘතිත්යේ යෙදෙනවා කියා. අද රටේ තිබෙන ආර්ථික තත්වය නිසා යම් මුදලක් සොයා ගැනීමට මේ දේ කලා හැකියි. මේ තමා විවෘත ආර්ථිකයේ අනිසි ප්‍රතිපල.
අනේ මන්දා... පොලිසියට මාස්පතා දෙන සන්තෝෂම් ලැබුනේ නැතුව ඇති නේද?
අයියෝ... මේ මොන අපරාධයක්ද?
මේ කාන්තාවන් වෙනුවෙන් වචනයක් හෝ පලකළාට සැමට ස්තුතිය. විරුද්ධව අදහස් පලකල අය කාන්තාවන්ට අකමැති මහත්වරු විය හැකිය. කාන්තාවක් මෙවැනි තැනට පත්වෙන්නේ කවුරුන් නිසාද? එක්කෝ වංචනික පිරිමියෙක්, නැත්නම් සල්ලිකාර මැරයෙක්, එසේත් නැතිනම් නම්බුකාර හොර උපාසකයෙක් හෝ ජීවත් වීමට ලෙහෙසියෙන් මුදල් සෙවීමට.. නමුත් මහජනතාව රවටා බලය ලබා ගන්න, බද ගොස්තර වැඩි දේශපාලකයන්, තම රැකියාව හරියට ඉටු නොකරමින් පවත්නා නීතියෙන් ජනතාව පෙලන, පාගා ගසන නිලධාරීන්ට වඩා මේ කාන්තාවන් දහස් වරක් හොඳයි.
අර රනිල් හදවපු වොක්ස්වැගන් කම්හලේ ඇබෑර්තු ටිකකට මේ අයව දැම්මා නම් ඔය නරක රක්ෂාව අතහරියි...
අර රනිල්ගේ රක්ෂා ලක්ෂ 10න් ගිහිල්ලා ඉල්ලගෙන සජිත්ගෙන් ගෙවල් ඉල්ලගත්තා නම් ඉවරයිනේ..
මේ වගේ සරණක් නැති ගෑණු පස්සෙම එලවන්නේ නැතුව රට වනසන අනවසර අවි ටික හා කුඩුකාරයන් ටික පුලුවන්නම් වටලලා පෙන්වන්නකෝ.
ගණිකා වෘත්තීය ලංකාවේ නීතිගත කල යුතුයි ! ලිංගික ආශාව මානුෂීය අවශ්‍යතාවයක් ! එය ඉටුකරගන්නට නොහැකි අවිවාහක පුද්ගලයන් හට විකල්ප තිබිය යුතුයි ! නොමැතිවිට ළමා අපචාර, ස්ත්‍රී දුෂණ, සිදුවීම අවම කිරීම - වැළැක්විය කල නොහැකියි. අනෙක කොළඹ තරු හෝටල් වල එය කිසිදු බාදාවක් නොමැතිව කෙරෙද්දී ගමේ පොඩි තැන වලට පොලිසියේ උපාසක මහත්වරු පැනල ලොකු වැඩක් කළා වගේ කරන මේ වැඩේ අන්තිම අසාදරනයි ! අයුක්තිසහගතයි !