ක.ග කරුණාරත්න සහ වජිර ප්‍රසන්න
පිබිදෙමු පොලොන්නරුව සංවර්ධන ව්‍යාපෘතිය යටතේ මෙම වසරේ (2017) පොලොන්නරුව දිස්ත්‍රික්කයේ රැකියා විරහිත තරුණ තරුණියන්ට ආධාර මුදලක් ලෙස ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා වෙන්කළ රුපියල් කෝටි 60 ක මුදලින් වැයකර ඇත්තේ රුපියල් කෝටි 05 ක් පමණක් බවත් ඉතිරි රුපියල් කෝටි 55 ක මුදල අද (31) ආපසු නැවත භාණ්ඩාගාරයට යැවෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
අද දහවල් පොළොන්නරුව සිරිපුරදී පැවැති රැස්වීමක දී සහ ඊයේ රාත්‍රී පොළොන්නරුවේ පැවැති රැස්වීමකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ස්වයං රැකියා ආරම්භ කිරීම සඳහා ආධාර ලෙස වෙන් කළ මුදල් මෙලෙස නැවත රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ආපසු ගියේ මහජන නියෝජිතයන්ගෙන් සැදුම්ලත් ආයතන ගම්වල නොතිබීම නිසා බවද ජනාධිපතිවරයා පැවසීය.
මෙවර පළාත් පාලන ආයතන සඳහා නියෝජිතයින් තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම පැවැත්වීමෙන් පසුව තේරීපත්වන නියෝජිතයන් ද ඇතුළත්ව ගම්වල සංවර්ධනය සඳහා විශේෂ බළකායක් පිහිට වන බව ද ජනාධිපතිවරයා කීය.
පක්ෂ පාට කුමක් වුවද අරක්කු නොබොන අපේක්ෂකයින්ට පමණක් ඡන්දය දෙන්නැයි තමන් ජනතාවගෙන් මෙවර ඉල්ලා සිටින බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙහිදී පැවසීය.
(ඡායාරූප ක ග කරුණාරත්න)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ නායකයා කවුද?
ඔබට කියන්න තියෙන්නේ එෆ්.සී.අයි.ඩී. එකටයි, නීතිපති දෙපාර්තමේන්තුවටයි කියලා ඕවා බෙදා දෙන්න... අහිංසක නිලධාරීන් අමාරුවේ නොදා..
මේ මනුස්සයා පළාත්සභා මන්ත්‍රී කෙනෙක්ද? නැත්නම් වැඩ බැරි ජනාධිපති කෙනෙක්ද?
ජනපතිතුමනි, විශිෂ්ඨ ප්‍රකාශයක්...
රටක ජනාධිපති කෙනෙක් ඉන්නේ පොල් ගාන්නද? නියමයි මේ රට ආපස්සට යනවා මේ හින්දා...
ලොක්කා හෙට ඉඳන් කඩුව බටේ දමාගෙන කතා කරයි ඡන්දෙට...
ඡන්දෙ කල් දැම්මේ අපිද? නැතිනම් පාණ්ඩු ආණ්ඩුවද? කටින්ද කතා කරන්නේ?
ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ කාලේ තාක්ෂණය මෙපමණ තිබුණේ නැති වුණාට එතුමා උදේ 4 ට නැගිටලා වැඩ පටන්ගත්තා. කොටි තර්ජන, ජවිපෙ කැරලි තිබුණත් එතුමා රට වටේ ගොස් වැඩකටයුතු සොයා බැලුවා.. වැඩ කටයුතු කරන්න ඕනේ ආකාරය ගැන එතුමා නිලධාරීන්ට උපදෙස් දුන්නා. නිලධාරීන් හරියට වැඩ කරනවද කියලා හොයලා බැලුවා. වැඩ නොකරන නිලධාරීන්ට විරුද්ධව ගන්න ඕනේ පියවර ක්ෂණිකව ගත්තා. එතුමා මළගෙවල්, මගුල් ගෙවල් වල යමින් එතුමා නායකත්වය දරන රජයේ නිලධාරීන්ගේ, ඇමතිවරුන්ගේ වැරදි ජනතාවට කියමින් නිකන් කාලය සහ රජයේ මුදල් නාස්ති කලේ නැහැ. එතුමා අද කඩුව පාවිච්චි කරනවා. හෙට පාවිච්චි කරනවා කියකිය හිටියේ නැහැ. ක්ෂණිකව කඩුව පාවිච්චි කලා. ඒ බව උසස් නිලධාරින් සහ ඇමැතිවරු දනගෙන හිටියා. අද රටේ යුද්ධයක් නැතත් දිනෙන් දින ජීවන බර උග්‍ර වීමට රටේ නායකයා වශයෙන් ඔබතුමා ඍජුවම වගකියන්න ඕනේ...
සල්ලි දුන්නට වැඩක් නැහැ කිසි ප්ලෑන් එකක් නැතිව. වැඩ බැරි ටාසන් කෙනෙක්...
ඡන්දය වෙනුවෙන් බොරු වලත් සීමාවක් තියාගන්න. මොනවද කිව්වේ දැන් මොනවද වෙන්නේ? දැන් විශාල වෙලාවක් ටීවී එකේ ප්‍රවෘත්ති අතරේ ඔබගේ දේශපාලන ප්‍රචාරම නේද? ඔබගෙයි... හිටපු ලොක්කගෙයි දැන් ඇති වෙනස මොකද්ද? අාවෙත් බොරුවෙන්, ඉන්නෙත් බොරුවෙන්..., යන්න වෙන්නෙත් බොරුව නිසාමයි.
ඡන්දය කල් දැම්මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවශ්‍යතාවකටද? ගරු ජනාධිපතිතුමනි භාණ්ඩාගාරයට යැවූ මුදල වහාම ගෙන්වා දෙනු මැනවි.
දඩ දාන්නේ ඩෙංගු හැදිලා සියගාණක් මැරුණෙත් ඔයනිසා තමයි. කොහේද ඉතින්... ගොනෙක් දන්නේ තප්පුලන්න විතරයිනේ...
අරක්කු බොන අයට ඡන්දෙ ඉල්ලන්න අවසර දුන්නේ කව්ද? බලේ තිබිලත් ගුණාත්මක දේශපාලනයක් හදන්න බැරිනම් වැඩක් නෑ.
එක අතකින් බලනකොට මෙම නිලධාරීන්ට ලොකු වරදක් කියන්නත් බැහැ. කෝටි 60 ලැබුණත් 5 ක වැඩක් කරලා ඉතුරු 55 අපහු හරවල යවලා තිබෙනවානේ... සාමාන්‍යයෙන් ලංකාවේ සිදුවෙන්නේ කෝටි 5 ක විතර වැඩ කරලා ඉතුරු කෝටි 55 කොන්ත්‍රාත්කාරයෝ.... නිලධාරී සහ දේශපාලකයෝ එකතුවෙලා බෙදා ගන්න එකනේ..., ඉහළින් කරන්න ඕන ක්‍රමය පැහැදිලිව නිලධාරීන්ට දන්වල එවලා ඒවා කලට වෙලාවට අධීක්ෂණය කරනවා නම් මෙහෙම වෙන්නේ නැහැ. මේවා භාර ඇමතිතුමාගේ විශාල වරදක් තිබෙනවා. ඇමතිවරු පත්කරන්න. ඉවත්කරන්න පුළුවන් විදියක් ජනාධිපති කෙනෙකු වන ඔබ අතිනුත් මෙතන අතපසුවීමක් වෙලා තිබෙනවා . ගිය දේ ගියා, නමුත් ඔබතුමාට තව අවුරුදු 2 ක ධුර කාලයක් තිබෙනවා. එම කාලය තුල මගුල් ගෙවල්, මල ගෙවල් වල යාම සහ පුරාජේරු , ආඩපාලි කීම අඩු කර , කාලය සහ ශ්‍රමය වැය කර මෙවැනි අඩුපාඩු ඉදිරියට නොවෙන්න කටයුතු කරන්න.
ඔබතුමා දන්නවද ඔබතුමාගේ පක්ෂේ පාර්ලිමේන්තු මන්ත්‍රීලගෙන් වැඩි දෙනෙකුට සහ ඔවුන්ගේ ලඟම නෑයන්ට, අරක්කු බාර් 2-3 තිබෙන බව... අපේක්ෂකයෝ නිවාඩු පාඩුවේ ඉන්න වෙලාවට අරක්කු ටිකක් බිව්වට මොකද වෙන්නේ? අරක්කු කියන්නේ ලංකාවේ නීත්‍යානුකූල බීමක්නේ...
ඒක තමයි මෙතුමා ඉඳලා හිටන් මොනවාහරි දොඩවනවා. පෙරේදා කියලා තිබුණූ කඩුවේ කතාවක්... අද මේ කතාව. හෙට තව මොනවාහරි කියාවි. ගමේ පළාත් පාලන නියෝජිතයෝ නැතිබව දැනගෙන ඇයි ප්‍රතිපාදන වෙන්කළේ?
කොහොමද ටිකිරි මොලේ... අවුරුද්ද ඉවර වෙනකම් හොරා වගේ බලන් ඉඳලා අන්තිම දවසේ රටටම ඇහෙන්න කිව්වා.. ඇනස්ලි, බර්ටි නැති අඩුව දෙයියනේ කියලා අඩුවක් නැතුව පුරවනවා.
ජනාධිපතිතුමා වැඩ කරන්න හැදුවත් රෙජීමය නිසා වැඩ කරන්න බැහැ. නමුත් එතුමා සහ ගරු අගමැතිතුමා රටේ ආර්ථිකය දියුණුකළා. හොරකම් නැවැත්වුවා. යහපාලනය, සංහිඳියාව ඇතිකළා.
පාකිස්තානේ අගමැති කවුද කියල දන්නේ නැති එකේ කවර කතාද?
කාර් ගන්න දුන්නා නම් හරවා යවාවි නේද? හැම නියන් කාලෙම වර්ෂාව අපට ලැබෙන්න ඕනේ...
මහජන නියෝජිතයින්ගෙන් සැදුම්ලත් ආයතන නොතිබුණු නිසා වාසනාවකට මේ මුදල් හරවා යවා තිබුණා. නැතිනම් මේ අය ඒවටත් ඉවරයි. මේ අය මහජන නියෝජිතයෝ වෙන්නේ අපිට ආදරේටද? මහජන නියෝජිතයින් ගැන අපිට කියලා දෙන්න එපා.
අනේ කුහුඹුවනේ නුඹලාටත් රජෙක් ඉන්නේ...!
අද වෙලා තියෙන්නේ මේක තමයි. මේ මුදල් ඉදිකිරීම් වලට වෙන්කලානම් කොහොම හරි ඉවර කරන්න බලන්න. මේකෙන් කොමිස් කාටවත් නැහැ. එ්ක තමයි වෙලා තියෙන්නේ.. කොමිස් ගහන්න තියෙන තැන් වලට විතරයි උනන්දුව...
මේ වෙන් කළා කියන මුදල් ආධාර කියන්නේ නිකම් බෙදලා දීමට නියමිත වූ ඒවාද? නැත්නම් ණය දීමට වෙන් කල මුදල්ද? මිනිස්සු ණය ගත්තේ නැති නම් ආපසු ගෙවීමේ අපහසුකම් නිසා නොගත්තා වෙන්න පුළුවන්. ඉතින් මේ මහා ලොකු වැරද්දක් හොයා ගත්තා වගේ කියන කතා... එහෙම නම් කිසිම හරයක් නැති බොළඳ කතාවක්....
අරක්කු බොන අයට ඡන්දෙ දෙන්න එපා... අනික් අයට දෙන්න.
ස්වයං රැකියා ලාභීන්ට අවශ්‍ය මහන මැෂින්, ගෑස් ලිප් වගේ දේවල් අපේ ගමේ කිහිප දෙනෙකුටත් ලැබුණා. හැබැයි ජනාධිපතිතුමනි, ඒවා ගන්න කලින් 50% ක මුදලක් ගෙවන්නත් වුණා. එක කාන්තාවකට මුදල් ගෙවලත් අද වෙනකම් එයාට නියමිතව ඇති භාණ්ඩ ලැබුනේ නැහැ. මුදලත් නැහැ. බඩුත් නැහැ. පොළොන්නරුවේ අයට කෝටි ගණන් දීලා ඉතුරුත් වෙලා. අපූරුයි !!!
ජනාධිපති ලෙස මෙහෙම ස්ටේජ් ගානේ නහයෙන් අඬන එක ඉතාමත් කණගාටුයි. එය එසේ වී අැත්තේ එතුමාගේම කලමනාකරණයේ වැරැද්දෙන්. හැම ජනාධිපතිටම උපදේශකයන් රොත්තක් ඉන්නවා. ඒ අයගෙන්වත් උපදෙස් අරගෙන මේ දේවල් නිවැරදි කරන්න බැරිද?. අරක්කු බොන අයට ඡන්දෙ දෙන්න එපාලු?. එතකොට මෙතුමා ඒ කාලේ ඡන්ද කැම්පේන් කලේ මිනිස්සුන්ට අරක්කු බොන්න නොදීද?. අරක්කු වලට ඔච්චර අකමැති නම් හිටපු සහ දැන් ඉන්න මන්ත්‍රීලාගේ බාර් ලයිසන් අවලංගු කරලා ආදර්ශමත් විදිහට මතට තිත තියන්න පටන් ගන්න.
ඔය කාවද රවටන්නේ? ඔය ගම්බට්ටෝ ටික රවටන්න මෙතන අයත් රවටන්න නමුත් අපිව රවටන්න බැහැ. මතකයි නේද අධ්‍යාපනයට බිලියන ගානක් වෙන් කළබව ලියා යැව්වා. දෙපාර්තමේන්තුවෙන් ඇසුවාම මේ සල්ලි මොනවටද වියදම් කරන්නේ කියලා භාණ්ඩාගාරය කිව්වා ඔය මුදල නාමික අගයක් පමණයි කියලා. මේ කොටි 60 එහෙම නොවෙයිද? බලන්න දෙසැම්බර් 17. මේවා පලවෙන එකක් නැහැ. මොකද අපිට කොලේවාහන එකනේ කරන්නේ. මේවා පලකරන එක ජාතියට කරන සේවයක්....