ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට විරුද්ධව නඩු පැවරිය නොහැකි බව ව්‍යවස්ථා කටයුතු සහ අධිකරණ හිටපු අමාත්‍යවරයෙකු වන ජී.එල් පීරිස් මහතා කියයි.ශ්‍රී ලංකා පොදුජන පොරමුණෙ සභාපතිවරයෙකු වන ජී.එල් පීරිස් මහතා මේ බව කියා සිටියේ පුංචිබොරැල්ල වජිරාශ්‍රමයේදී පැවති මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ ඉදිරිපත් කළ තක්සේරුව අපි පිළිගන්නේ නැහැ. මේක ලෝක විහිළුවක්. මේ අලාභය කිසිසේත්ම අයකර ගැනීමට හැකියාවක් නැහැ. මේ මුදල් මේ වනවිටත් අපේ රටේ නැහැ. ඒවා තියෙන්නේ සිංගප්පූරුවේ බැංකුවලයි. පවතින නීති හෝ අලුත් නීති යටතේවත් ඒ මුදල් නැවත ලබාගන්න බැහැ. අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු පවරන්න බැහැ. ඒ බව ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයාත් දන්නවා. අවම වශයෙන් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ බලපත්‍රය තාවකාලිකව හෝ අත්හිටුවන ලෙසට අපි ඉල්ලීමක් කළේ ඒ නිසයි. නමුත් එවැනි පියවරක් ගත්තේ නැහැ. අශ්වයාට ගාලෙන් පනින්න අවස්ථාව සලසා දුන්නේ ජනාධිපතිවරයාමයි. ජනාධිපතිවරයාගේ මේ කතා අසමින් අර්ජුන් මහේන්ද්‍රන් හා අර්ජුන් ඇලෝසියස් සිනාසෙනවා ඇති. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටේ පුද්ගලයෙක් නොවන නිසා ඔහුට විරුද්ධව නඩු පැවරීමේ හැකියාවක් නැහැ. ඔහු දැනටමත් ලංකාවේ නැහැ. ඔහු පිටුවහල් කරන ලෙසට සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළ යුතුයි. ඒක සංකීර්ණ ක්‍රියාවලියක්. අර්ජුන් මහේන්ද්‍රන් මේ රටට එවන්න ඔවුන් බැඳිල නැහැ. ඒ නිසා තමන් කියන කතාවල කිසිම හරයක් නැති බව ජනාධිපතිවරයා හොඳාකාරවම දන්නවා.
ජනාධිපතිවරයා පෙරේදා දිනයේදී කළ කතාව ඇසූ පුද්ගලයන්ට අඬන්නද, සිනාසෙන්නද කියලා සිතාගන්න බැහැ. බැඳුම්කර වංචාව එක්සත් ජාතික පක්‍ෂයේ ක්‍රියාවක් බව කියමින් සුදනා වීමට ජනාධිපතිවරයාට හැකියාවක් නැහැ. මහබැංකු අධිපති ධුරයට අර්ජුන් මහේන්ද්‍රන් පත් කළේ ජනාධිපතිවරයායි. ඒ නිසා සියල්ලටම ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඇමැතිවරුන් නිර්දේශ කළ පමණින්ම ඒ පත්කිරීම් සිදු කිරීමට තරම් විධායක ජනාධිපතිවරයා රබර් මුද්‍රාවක් නොවිය යුතුයි. එවැනි පත්කිරීම්වලදී ජනාධිපතිවරයා ස්වාධීන මනසකින් ක්‍රියා කළ යුතුයි.
පළමු බැඳුම්කර සිදුවුණේ 2015 පෙබරවාරි මාසයේදී. දෙවැනි බැඳුම්කර වංචාව සිදුවුණේ 2016 වසරේ මාර්තු මාසයේදීයි. මේ වංචාවන් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිව් ගුණසේකර මැතිතුමා විසින් අපක්‍ෂපාතී පරීක්‍ෂණයක් පැවැත්වුවා. එදා ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර තිබූ සම්බන්ධය අද පවතින සම්බන්ධයට වඩා හාත්පසින්ම වෙනස් සම්බන්ධයක්. ඒ නිසා වාර්තාව නිකුත් කරන්න පැය 24ක් තිබියදී ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ජනාධිපතිවරයා එදා එවැනි පියවරක් නොගත්තානම් අද මෙවැනි තත්ත්වයක් ඇති වෙන්නේ නැහැ.
එමෙන්ම 2008 සිට 2014 වසර දක්වා කාලය තුළදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු පිළිබඳව හොයාබලන බවත් ජනාධිපතිවරයා කිව්වා. ඒ කතාව කොමිෂන් වාර්තාවේ සඳහන් වෙන්නේ නැහැ. ඒ කතාව කිව්වේ අගමැතිවරයායි. ඒ යුගයේදී සිදුවූ දේවල් සම්බන්ධයෙන් සොයන්න මේ කොමිසමට කිසිම බලයක් නැහැ. 2008 සිට 2014 වසර දක්වා කාලය තුළදී සිදුවූ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා කිසිම ප්‍රමාදයකින් තොරව කොමිසමක් පත්කරන්න. ජනාධිපතිවරයාගේ මේ කතා දෙක කලවම් කරලා ජනතාව මුළාකිරීම සඳහා ජනාධිපතිවරයා උත්සාහ ගන්නවා. ජනාධිපතිවරයා තමන්ගේ කඩුව පාවිච්චි කරන ආකාරය සම්බන්ධව මුළු රටම බලාගෙන ඉන්නවා. පසුගිය වසර දෙකහමාර තුළදීම ජනාධිපතිවරයා කළේ කතා කිරීම පමණයි. ඒ නිසා මේ සිදුවීමේදී ජනාධිපතිවරයා ගනු ලබන පියවර දෙස මුළු රටම බලාගෙන ඉන්නවා. රජයේ පාරිශූද්ධ බව සම්බන්ධයෙන් ලොවට පෙන්නුම් කළ හැකි අවස්ථාව මෙයයි. හැමදාම ජනතාව රවට්ටන්න නොහැකි යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙම නඩු පවරන්න බෑ කියන නීතිමය ප්‍රතිපාදනය මොකක්ද?
ගෝටාබය රාජපක්ෂත්, බැසිල් රාජපක්ෂත් ඇමරිකානු පුරවැසියන් ඔවුන්ට නීතිමය පියවර අරගෙන තියෙනවනේ එහෙනම් මහේන්ද්‍රන් මහතාට නීතිමය පියවර ගන්න බැරි මොකද?
ලක්ෂ 62 ට නම් ගොඩක් සතුටු ඇති. සියලුම හොරු නිදොස් කොට නිදහස් කරලනෙ තියෙන්නෙ.
ගොටාබයට සහ බැසිල්ට විරුද්ධව නඩු පවරන්න පුලුවන්ද කියල ඔබතුමාගෙන් දැනගන්න කැමතියි. මොකද ඔවුනුත් ඇමරිකන් පුරවසියෝනේ.
ගොටාබය, බැසිල් ද්විත්ව පුරවැසියන්. සිංගප්පුර්වල ද්විත්ව පුරවැසි දීමක් නෑ. එහි ඇත්තේ ස්ථිර පදිංචිය සහා පුරවැසි භාවය පමණි .
බන්දුල රු. බිලියන 2000ක් පාඩු වෙලා තියෙනවා කිව්වා. ගාන හදපු විදිය හොයල දෙන්න බැරිද මහත්තයෝ මොකද කෝටි 200,000ක් කියන්නේ පොඩි ගානක් නෙමේනේ. ලංකාවේ මුළු ණය බරත් කෝටි 900000 ක් නේ.
එතකොට අපේ හිරගෙවල්වල විදේශිකයන් නැතිද? මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිට නොයෙකුත් වැරදි කල නොයෙකුත් රටවල සිරකරුවන් අපේ රටේ හිරගෙවල්වල දඩුවම් විදිනවා. පිටරටවලත් විදේශිකයන් දඩුවම් ලබා සිරගෙවල්වල ඉන්නවා. සිරකරු විදේශිකයයෙක්නම් ඔහුගෙ රටින් ඉල්ලිමක් කරන්න පුලුවන් දඩුවම එහෙදි ලබාදෙන්න. අර්ජුන මහේන්ද්‍රන්ට ලංකාවෙදි දඩුවම් ලබාදිය හැකියි.
මේ රට සිටින හැම දේසපාලන බල පෙරේතයෙකුටම ජනතාව රවටා බලයට පැමිණියාට පසු කියපු දේඅමත්ක වෙනවා. මම නම් මේවා කියවන්නේ නැහැ. මේ ඉන්න යහ පාලුවන්ට වඩා,හොරුන් රැකපු හිටපු ජනපති තුමා හොඳයි .හේතුව අද මිනිහෙකුට මරණ වරෙන්තුව නැතුව පාරේ යන්න පුළුවන් උනේ එතුමාට මහා කොටියා මරා දාපන් කියන්න තරම් කොන්දක් තිබුණ නිසා......
තවත් සති කිහිපයකින් හෝ පළාත් පාලන ඡන්දෙන් පසුව හෝ මේ සේරම අමතක් වෙනවා. එතකොට තවත් මාතෘකාවක් කරලියට එනවා 2020 වෙනකම් ඕකයි වෙන්නේ.
අම්බලමේ පිනා පිනා වලන් ගොඩක් ගෙනා ගෙනා සාමයට ඇනපු ගොනා
මිස්ටර් ග්ලාස්, ඔබ නීතීඥයෙක්ද? අනවශ්‍ය දේවල් එපා. රටේ නීතියට අප ගරු කළ යුතුය. මංකොල්ලයක් සිදුකළොත් නීතියට අනුව දඬුවම් කළ යුතුයි.
ජී. එල්. ගේ බොරු තර්ක. රාජ්‍ය තාන්ත්‍රිකව ඉල්ලීමක් කලොත් අර්ජුන් මහේන්ද්‍රන්ට නඩු පවරන්නත් පුළුවන් ඔහු මේ රටේ මුදල් සිංගප්පූරුවේ බැංකුවල තැන්පත් කර ඇත්නම් ආපසු ලබාගන්නත් පුලුවන්. ටියුනීසියාවේ බෙන් අලි නැමති එ්කාධිපතියා එම රටේ මුදල් කොල්ලකමින් විදේශ බැංකුවල තැන්පත් කරමින් පිටරටවල වටිනා මාලිගවල් මිලට ගෙන ජීවත්වුවත් ඔහු ටියුනීසියාවෙන් පලාගිය පසු ප්‍රංශ රජය ප්‍රංශය තුළ තිබූ බෙන් අලීගෙ දේපල බැංකුවල තිබු ප්‍රකෝටි ගණන් මුදල් ප්‍රංශ රජය නැවත ටියුනීසියාවට ලබා දුන්නා.
අනේ මන්දා මේවට කොහෙන් හිනා වෙන්නද කියලා. ඔබතුමාගේ නීතියේ දැනුම ඔච්චර අවුල් කියලා දැනන් හිටියේ නැත. ඔබතුමා නාමල් බේබි වගේ නීති විභාග පාස් කරපු කෙනෙක් නෙවෙයි නේද? එතකොට කිසිම විදේශිකයෙකුට මොන වරදක් කලත් මෙහෙ නඩු පවරන්න බැරිද? කියලා දෙන්නකෝ.
මේ රටේ සිටි සියලුම උගතුන්, මුදලට, උගත්කමට සහ මහත්මා ගතිගුණ විකුණලයි තියෙන්නේ. මොනවා හරි කියලා මහජනයා නොමඟ යවලා ඡන්දය ගන්නයි බලන්නේ. මේ රටම සූරා කනකල් කට ඇරියේ නැහැ.. බලාගෙන හිටියා වාසියට සහ බයට.
මෙතුමලා බලයේ සිටියත් කරන්නේ මේකම තමයි. වැරදිලාවත් මෙතුමාලා බලයට ආවත් මේවා ගැන හොයන්නේ නැහැ. බොරුවට ඡන්දෙට කලින් දොඩවන එක තමා හැමෝම කරන්නේ... ඡන්දෙන් පස්සේ ඕවා ගැන කිසිම සද්දයක් නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් සහ ඇලෝසියස් සැකපිට අල්ලලා රිමාන්ඩ් කරන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුවට පසුගිය කාලේ ඕනේතරම් අවස්ථාව තිබුණා කෝ කළාද? අන්තිමට මේ කොමිසමට වියදම් වූ මුදලත් දරන්න වෙන්නේ අපිට
මේ කතාවෙත් ඇත්තක් නැත්තේම නැහැ. මොකද හොරකම් කරලා තියෙන්නේ අහුවුණත් හිරේ නොයන විදිහට... නඩු පවරනවා නම් පවරන්න පුළුවන් වෙන්නේ පටිපාටියෙන් පිට කරපු දේවල්වලට විතරයි. එහෙම කලත් ඇප ලැබෙනවා. අනික අනිසි ලාභයක් ඉපයීම සම්බන්ධයෙන් දැඩි නීති නැති බව තමියි මගේ අදහස...
මට මෙයාගේ අවස්ථාවාදී විකාර තර්ක අහල එපා වෙලා ඉන්නේ.
නාමල්ගේ ගජ මිතුරු ඇලෝසියස් ආරක්ෂා කරන්න ජී.එල් මහත්තයට ඕන වෙලා වගේ. එ්කනේ නඩු පවරන්න බැහැ කිය කියා ආරක්ෂා කරන්නේ... ලංකාවේ හොඳම තරුණ ව්‍යවසායකයා විදිහට අලෝසියස්ට සම්මාන අරගෙන දුන්නේ කව්ද කියලා මිනිස්සු දන්නවා.
'හෙල්පින් හම්බන්තොට' ගැන ජී.එල් පීරිස් මහතා කවදාවත් කතා කලේ නැහැ.
නීති ප්‍රතිපාදන නැත්නම් මෙවැනි ලෝක හොරුන් බොරු චෝදනාවක් හෝ පටලවලා දිවි ඇතිතෙක් හිරේ දැමිය යුතුයි.
යහපාලකයන්ගේ පලි ගැනීම් සැලසුමේ තවත් ජවනිකාවක්. නාමල් අැලෝසියස්ගේ මිතුරෙක් නිසා යහපාලකයෝ පන්න පන්න පලි ගන්නවා. ඇලෝසියස් කරපු එකම වැරැද්ද ශ්‍රේෂ්ඨ ජන නායක මහින්ද මහත්තයාගේ පුතාගේ මිතුරෙක් වෙච්ච එක තමයි.
සමහරුන්ගේ අදහස් දැක්කහම පව් කියලා හිතෙනවා. (දර දිය අදින තරම ගැන) ජනාධිපතිත්, අගමැතිත් "කරුවලේ අතපත ගාමින් " නියමයි කියනවා නෙමෙයිද මේ?
මේක අර්ජුන් මහේන්ද්‍රන්ට කඩේ යනවා. මහාචාර්යකම් බල්ලට දානවා නම් හොඳයි.
මොන්ටිසෝරි ළමෙක්ගෙන් නීතිය ඉගෙන ගන්න වෙනවා මේකට. මහාචාර්යකම් මොකට දීලද? මේ වගේ රට උදවියට.
ග්‍රීක බැඳුම්කරයට සම්බන්ධ අයටත් නඩු දාන්න බැරිවෙයිද පඬිතුමෝ? ඔබතුමා පක්ෂයේ නායකයා වුණාට පින්තුරයක්වත් නෑනේ කොහෙවත්. හැමතැනම තියෙන්නේ සාමාජිකත්වයක් වත් නැති කෙනෙකුගේ පින්තුරනේ. පව් අප්පා...
පිටරට වැසියෙක් වුණත් මේ රට තුලදී වංචාවක් කළොත් නඩු පවරන්න පුළුවන්. මහාචාර්යතුමාගේ ටිකිරි මොලයට නොතේරෙන එක ගැන කණගාටුයි.
මෙතුමාගේ ඒකායන බලාපොරොත්තුව කුමන හෝ ක්‍රමයකින් ළඟ එන ඡන්දයේ වාසි ගන්න. ජනතාව නොමග යවන්න. ජේ ආර් මහත්තයාගේ කාලේ සේපාල එ්කනායකව සිරගතකරේ එදා තිබුණු නීතිය වෙනස් කරලා. ඒ වගේම එය අතීතයට බලපාන ලෙස සකස් කරා. අවංකවම අර්ජුන් මහේන්ද්‍රන් ට එරෙහිව කටයුතු කරන්න අවශ්‍ය නම් ඒකට ඉඩ ප්‍රස්තාව තියනවා. හැම පැත්තේම ඉන්න දේශපාලකයෝ වැඩක් නොකර මේවා හෝද හෝද මඩේ දානවා තමන්ගේ වාසියට.
ඔබතුමාලා අර්ජුන මහේන්ද්‍රන්ලා එකම පැලැන්තියේ එකට කන බොන මිනිස්සු... ඔබතුමාලා පරම්පරා ගණනාවකට සෑහෙන්න දේපල හම්බකරගෙන තිබෙන්නේ. ඔබතුමාලට මහජන මුදල් වන්චා කරුවන්ට දඬුවම් කරන්න මතක් වෙන්නේ ඡන්දෙට කලින් ඊට පස්සේ දැන් හොරු කියා ඇඟිල්ල දික්කරන පුද්ගලයන් සමග තරු පහේ හෝටල් වල එකම මෙසේ ඉඳගෙන එකට කනවා බොනවා. සුද්දා අඩුම තරමේ 1996 වෙනකන්වත් රට පාලනය කළානම් අද අපි හොංකොං දේශයේ වැසියන් මෙන් ආර්ථික ස්ථාවරයක ඉන්නවා. සුද්දා මේ රදළ හොරු ටිකට රට බාරදීලා රට ගියා. මේ අය වරින් වර එක එක පාට වෙස් මුහුණු දමාගෙන එක එක බොරු කියමින් අපේ ඡන්දෙ අරන් බලය ලබාගෙන අපිව හූරා කනවා.
මෙතුමා පොහොට්ටුවේ නායකයා, මෙතුමාගේ කතාවේ සාරාංශය නම් පොහොට්ටුව බලයට ආවත් අර්ජුන මහේන්ද්‍රන්ට නඩු දමන්නේ බැහැ කියන එක.
ජී.එල්. මහදුරුතුමා ඔබට මතකද? 77 ආණ්ඩුව කරපු අය ගෝල්ෆේස් ගෙනැල්ල එල්ලන්න ඔබතුමාම නීති හැදුවා. නීති හදලා බැලුවම එහෙම නැහැ. නීති හැදුව දවසේ ඉඳලනේ බලාත්මක වෙලා තිබුනේ. අතීතයට බලපාන ලෙස නෙමෙයිනේ. එ්ක නිසා හොරු ගැලවුණා මතකද? මහදුරුතුමෝ ඔවා දෙනු පරහට, තමා සම්මතයේ සිට....
නාමල් බේබිද ඔහොම කියන්න කිව්වේ? අර්ජුන් අැලෝසියස්ට අබමල් රේණුවක කරදරයක් වෙන්නේ නැහැ... බය නැතුව ඉන්න කියලා.
ලංකාවේ පුරවැසි භාවය නැති කෙනකු මහබැංකු අධිපති නම්, ජනාධිපති සහ අගමැතිකමත් පිටරැටියෙකුටම දෙමු.
ලංකාවේ උගත් අය නැතුවද පිටරටෙන් ගෙනාවේ මට නම් තේරෙන්නේ නැත
1987 ජුලි මස ජේ ආර් ජයවර්ධන සහ රජීව් ගාන්ධි විසින් අත්සන් කරන ලද ඉන්දු ලංකා ගිවිසුමට එවකට කැස්බෑව ආසනයේ ශ්‍රී ල නිදහස් පක්ෂයේ ආසන සංවිධායක වශයෙන් පළාතේ ජනතාව සමග මා කළ විරෝධතා රැළියකදී මා මරා දැමීමට එවකට තිබූ ආණ්ඩුව ක්‍රියා කළ අතර එය ව්‍යවර්ථ වූ නිසා මාව සිරභාරයට ගැනීමට එවකට සිටි පොලිස්පතිට උපදෙස් දී තිබුණා. මහින්ද රාජපක්ෂ ධීවර ඇමතිව සිටි අවධියේ ඔහුගේ නිළ නිවාසයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව එතන සිටි පුද්ගලයෙක් පසු දිනක බැසිල් රාජපක්ෂ වෙත මා පිළිබඳව එවකට අධිකරණ ඇමතිව සිටි ජී එල් පීරිස් විසින් සකස් කරන ලද රහස් වාර්තාවක් ඉදිරිපත් කර තිබුණා. 1987 ජුලි 27 දා සිද්ධියේ විවිධ අවස්ථා අඩංගු ජායාරූප සමගින් එහි මා හංවඩු ගසා තිබුනේ රාජ්‍ය විරෝධියෙකු ලෙසයි. මේ සියලුම විස්තර මා හට පැවසුයේ බැසිල් මහතායි. පොලිසියේ හිටපු නි.පොලිස්පතිවරයෙක් හා ප්‍රබල ඇමති වරයෙක් සිරෙන් නිදහස් කර ගැනීමට කටයුතු කරද්දී නීති විශාරද මහා ඇදුරා ඔහු සතු නීති ප්‍රතිපාදන භාවිතා කරමින් සාපරාධී ලෙස මා දඩයම් කිරීමට උත්සහ කළා පමණක් නොව ඒ රහස් වාර්තාව පෞද්ගලික බුද්ධි අංශයක ට ලබා දී තිබුණා. තීන්දුව පාඨක ඔබ සතුයි.
හොරු අල්ලන්න කියා බලයට ආ ආණ්ඩුවට යහපාලනය කියන වචනය ගැනවත් යම් කිසි ගෞරවයක් තියෙනවා නම් ආණ්ඩුව දැන් ඉල්ලා අස්වෙන්න ඕනෑ.
එහෙනම් අපි ඔහෙට විරුද්දව නඩු දාන්නම්? අනේ මේ නිකන් බොරු කතා කියන්නේ නැතිව ඉන්න.
පඹයෙකුට ඔයිට වැඩිය දෙයක් කරන්න බැහැ. ලක්ෂ 62 කගේ සතුට එය නම් තව මොනවද?
ජනාධිපති ලෙස පත්කළ කෙනාගේ නොදැනුවත්කම ලෝකෙම තේරුම් අරන් ඉවරයි. බලතණ්හාවට ගත්තට කරගන්න බැහැ දැන්.. නාගෙනයි ඉන්නේ.
පුරවැසිභාවයක් නැති මිනිහෙක් මහබැංකුවෙි අධිපති කලේ නීතිය ගැන නොදන්න මිනිසුන් නෙමේ. මේ තත්වය හිතාමතාම ඇති නොකලා කියමුකෝ ඒත්, රටේ ඉහලම මූල්‍ය ආයතනයට මෙවැන්නෙක් පත් කිරීමේ අවධානම මොවුන්ට නොතේරි තියෙන්නේ නෑ. ජනතා නායකයෝ කියන මේ සිද්ධියට වගකිව යුතු සියලුම අය දැන් ඉවත්වෙලා මහජනයා අපේක්ෂා කල පොදු අපේක්ෂකයකුගේ තිබිය යුතු මහඟු වටිනාකම පෙන්වන එක හොඳයි. ඒත් අපේ රටට යහපත් දේශපාලන නායකත්වයක් හොයාගන්න නැති නිසා හමුදා ආණ්ඩුවක් යටතේ වුණත් පුනරුත්ථාපනය වන්න ජනතාව සූදානම්. ජනතාව සියලුම දඬුවම් වලට මුහුණදිය යුතුද?
මේක ආණ්ඩුව උගුලක අහුවෙච්චි එකක් වගෙයි පේන්නේ. අනිත් අයියලා උන්නත් ඕකම තමයි සිද්දවෙන්නේ. ෆයිල් යට යන එකනේ ඒ කාලේ වුනේ.. අපිට දැන්වත් ජී.එල් ලා වගේ වැඩ බැරි ටාසන්ලා නැතුව උගත් වගේම ප්‍රායෝගිකව දැනුම යොදවන්න පුළුවන් නායකයෝ විශ්ව විද්‍යාලයෙන් හොයාගෙන ඊළඟ සමයට ආණ්ඩුවක් හදා ගන්න කටයුතු කරන්න ඒ අයට කල්පනාව පහළවේවා !!!
අපිට පේන්නේ නැති දේශපාලන ගැටුමක් මෙතන තියෙන්නේ. මහින්දට ඕනේ නිදහස් පක්ෂ ඡන්ද පුළුවන් තරම් අඩු කරලා එජාපය ශක්තිමත් කරන්න. මෛත්‍රීට ඕනේ එජාපය දුර්වල කරවන්න. වැඩි කල් යන්න කලින් මහින්දගේ සපෝර්ට් එකත් එජාපය පැත්තට එනවා. මෛත්‍රී තනි පක්ෂයක් වෙනවා. ජී.එල් පිරිස් මැතිතුමා කියනවා...බැදුම්කර හොරු පිටරැටියන් නිසා අත්අඩංගුවට ගන්න බැහැ කියලා. පොහොට්ටුවේ කට්ටිය කරන්නෙත් බැඳුම්කර හොරු ආරක්ෂා කරන එක... හැබැයි පෙන්නන්නේ බැඳුම්කර හොරුන්ට විරුද්ධයි වගේ. මේවා දේශපාලන උපක්‍රම....
ජී.එල් පීරිස් කියන්නේ නීති විද්‍යාලයේ සිටි මහාචාර්යවරයෙකි. ඔහු දේශපාලනයට අවතිර්ණ වීමෙන් පසු දේශපාලනය වසයෙන් තමයි ප්‍රශ්න දෙස බලන්නේ. විදේශිකයකු පැමිණ ලංකාව තුල යම් අපරාධයක් සිදුකලොත් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගැනීමට පුළුවන්. උදාහරණ වසයෙන් විදේශිකයකු මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන අසු වුනොත් ඔහුට විරුද්ධව නඩු පැවරිය හැකිය. අලාභය අය කලයුතු වන්නේ සාමාන්‍ය සිවිල් නීතිය යටතේ නොවේ. අපරාධ නීතිය යටතේ ඔහුට දඬුවම් කල හැකිය,
අර්ජුන් දැනගත්තොත් නඩුව කෙලින්ම බාරදෙනවා ජී.එල්ට..
ඔබ විහිළු කාරයෙක්ද? විමර්ශණයටත් පෙර නයිජීරියානු මංකොල්ලකරුවකු අත්අඩංගුවට ගෙන සිරගත කළා. අර්ජුන් යනු ලෝකයේම සභාපතිතුමායි.
මෙතන ලියන වැඩි දෙනෙක් මේ කියන එක පටලවාගෙන. මෙයා කියන්නේ මහේන්ද්‍රන්ට නඩු දාන්න බැරි කෙනා විදේශිකයක් හින්දා කියලා නෙවෙයි... එයා රටෙන් පැනලා හින්දා... සිංගප්පූරුව එක්ක අපේ එක්ස්ට්‍රඩිෂන් ගිවිසුමක් නැති නිසා කියලා !
මෙතන මේ ගණුදෙණු වලට නියමින් සහ අනියමින් අනුබල දීපු අය ඉන්නවා. එතකොට එතකොට වගඋත්තරකරුවන්ගේ ලැයිස්තුව මොකක්ද? අනෙක විදේශිකයකුට නඩු පැවැරීම සංකීර්ණ ක්‍රියාවක්.. කොහොම කිව්වත් සමහර වෙලාවට ගමේ ඉන්න කෙනාට සිතාසියක් බාර දෙන්න කොයිතරම් අමාරුද?
අර්ජුනගෙන් වැරද්දක් වෙන්නේ නැහැ, ඒ ගැන බලාගන්නම් කියපු රනිල් ඉල්ලා අස්වෙන්න ඕන. ජනතාව මුලා කිරීමක් කරේ. අර්ජුනට පත්වීම් ලිපිය දුන්නේ ජනාධිපති එයත් මේකට වග කියන්න ඕන. ආණ්ඩුව බලේට අවේ වැරදි නොකරන්න. වැරදි කරානම් ආදර්ශමත් විදිහට ඉල්ලා අස්වෙන්න ඕන