(අජන්ත කුමාර අගලකඩ)
හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අසම්මත හා සාවද්‍ය අන්දමින් බැඳුම්කර වෙන්දේසියට මැදිහත්වී, අභ්‍යන්තර තොරතුරු පිටතට දීමෙන් පර්පෙචුවල් ටේරෂරීස් සමාගම මාස පහක කාලයක් තුළදී මිලියන 11,145ක ලාභයක් ලබා ඇති බව බැඳුම්කර කොමිසම තීරණය කර ඇතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ විශේෂ ප‍්‍රකාශයක් කරමින් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ඡන්දෙට තමයි. ඒත් වැරදි කරලා නම් දාන්න නඩු.
යසන්ත කෝදාගොඩ මෙහෙම කියලා තිබුණා. 'අන්තිමට වෙන්නෙ මිනිස්සු රැවටෙන එක විතරයි.' කොමිසම විශාල මුදලක් හා කාලයක් නාස්ති කර එය ඔප්පු කළා
ඕස්ට්‍රේලියාවේ අගමැති ජීවිතාරක්ෂක කබායක් නොමැතිව බෝට්ටුවක් පැදීමේ වරදට දඩ කද්දී, ලංකාවේ කෙනා මහ බැංකුවම හොරා කාලත් කිසිම ප්‍රශ්නයක් නැහැ... එහෙමයි සිරි ලංකාවේ හැටි...
මේ ගැන පුවත්පත් වලට විශේෂ ප්‍රකාශ කරන්න කලින් ඔවුනට විරුද්ධව චෝදනා ගොනු කලානම් වටිනවා.
අයියෝ බිලියන 11 ක් ද ලොස් එක...පොඩි ගාණක් නේ...ඔන්න ඕක අමතක කරල දාන්න... ඔය වගේ ලූනු බිකක් තරම් වත් නැති ගාණකට ලංකාවේ මිනිස්සු වොරි වෙන්නෙ නැහැ... ඒ වගේ ද නුවර වැව වටේ රේස් පදින එක, රත්තරන් අස්සයෝ ගෙදර තියාගෙන ඉන්න එක, ලැම්බෝගිනි තියාගෙන ඉන්න එක.. එව්වනෙ ප්‍රශ්න... ඒ වගේ නම් ගහලම තමයි එලවන්නේ...
බැඳුම්කර හොරුන්ට දඬුවම් දෙන බව කියන්න ඡන්දයක් එනකන් ඉන්න ඕනෑද? මේකත් අර ගිය ඡන්දයේදී හොරු අල්ලනවා කිව්වා වගේ ඡන්ද උප්පරවැට්ටියක් වේවිද? විරුද්ධ පක්ෂයේ හොරු ආරක්ෂා කරන අය තමන්ගේ පැත්තේ ඉන්න අයට දඬුවම් දේවි කියා විශ්වාස කරන්න පුළුවන්ද?
අනිත් වංචා වලින් සිදුවෙච්ච පාඩුව කීයද සර්?
මෙතුමා වගේමයි, මෙතුමගේ කඩුවත් දෙකට නැවෙනවා.
නළුවෝ රංගනයේ යෙදෙති. ලක්ෂ 62 තාම රැවටෙති. චන්දෙන් පස්සෙ නළුවෝ සේරම පාර්ලිමේන්තුත් යති. ලක්ෂ 62 අනිත් අයට බැන බැන වැඩි කරන ටැක්ස් එකත් ගෙව ගෙවා හූල්ල හුල්ල උලා කති.
මහින්ද මහත්තයා එක ඡන්දෙකින් හරි පාර්ලිමේන්තු එනවා. හිටන්ලාට එක නවත්තන්න බැහැ. ලබන පාර්ලිමේන්තු මැතිවරණෙන් ඒකාබද්ධ විපක්ෂය ලංකාවෙන් ලක්ෂ 6 පන්නලා ඡන්ද ගන්නවා. ඒ කියන්නේ මොනවා නැති වුණත් ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුර 4 ක් වත් එනවා. මහින්ද, නාමල්, විමල්, දිනේෂ් අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු එනවා.
ගරු ජනාධිපතිතුමනි. දේශපාලන භේදයකින් තොරව ඔබගේ ක්‍රියාව අගය කරමි. මගේ වසර පනහක දිවියේ කොමිෂන් සභා වාර්තාවක සාරය ජනගත කල ප්‍රථම අවස්ථාව මෙයයි. එය කදිම ඇරඹුමකි. මගේ ආචාරය....
දැන් ඉතින් ඕක කියා කියා ඉඳලා වැඩක් වෙන්නේ නැත. කරපු අයගෙන් ගත්ත මුදල් අයකර ගන්න කටයුතු කරන්න.
හරි හරි අපි දැන් දන්නවා ඔය පාඩුව සෑහෙන කාලෙක ඉඳන්. කියන්න බලන්න ඔය පාඩුව නැවත පියව ගන්න විදිහ.
පරණ රුසියනු නැව ගත්තොත් රජයට අහිමි වන මුදල කීයද?
ඕක බොහොම සුළු දෙයක්නේෙ.. ඔය හොරාකාපු සුලුමුදල පුළුවන් වෙලාවක ගෙවල දාන්න කියමු. බැරිනම් පිනට දුන්නා කියලා අපගේ සිත් සතන් සදාගනිමු. වැලිගම යනකොට හොරකපුවා ලඟින්ම තියාගන්නත් කියමු.
මෙයා ඔක්කොම ගොන්නු කියල හිතන්නේ ...පොඩි රගපෑමක් කරලා තියන්නේ ...මෙයාව දිනවපු UNP එක මෙයා කවදාවත් අමතක කරන්නේ නෑ....ඡන්ද ටිකක් කඩා ගන්න දෙගොල්ලම සෙට් වෙලා දීපු පොඩි අතල් එකක්.....ඡන්දෙන් පස්සේ ඩබල සෙට් වෙලා අයෙ රට කනවා....
ජනවාරී 08 වෙනස මෙයයි... 100% ක් හොරකම කරපු තැනකින් 100% ක් හොරකම එකවර නතර කල නොහැකි. එත් යම් ප්‍රමාණයක ප්‍රගතියක් උනන්දුවක් ඇතිව ආණ්ඩු හොරකම තුරන් කිරීමට ආදර්ශවත් විය යුතුයි. ජනතාව ආණ්ඩුවලට බලපෑම් කල යුතුයි. ඒ විතරක් නොවෙයි පාගා කාරයන්ගෙන් පිරුණු ආයතනවල නිලධාරීන් සඳහාද නිර්දේශ ක්‍රියාත්මක වියයුතුයි. මේ ශක්තිමත් වන්නේ ජනතා පරමාධිපත්‍යය බව මතක තබාගත යුතයි. තව ජයග්‍රහණයට ගොඩක් දුර යායුතුයි. මගේ පැතුම ආදර්ශවත් නම්බුකාර ලාංකිකයන්ය.
ඔයා කියන දේවල් කවුරුත් ගණන් ගන්නෙ නැහැ...ඒක නිසා කිසි අවුලක් නැහැ...
නැහැ ඊට වැඩ බොහොම වැඩියි. ඉදිරි අවුරුදු තිහටම ගණන් හදලද කියන්නේ? මේ නිසා මහා බැංකුවේ පොලි අනුපාතය පවා වෙනස් වුණා. එමගින් ව්‍යාපාරික ප්‍රජාවට වූ හානිය කොපමණද?
බැදුම්කර වංචාවට සම්බන්ද හැමදෙනාටම නීතියෙන් දඩුවම් කල යුතුයි... නිලතල වලින් ඉවත් කර මුදල් ආපසු පවරා ගත යුතුයි....
එතකොට කබ්රාල්ලගේ කාලේ අහිමි වුනු මුදල් හොයන්න වෙනම කොමිසමක් පත් කරාවී.
අප පක්ෂ, ජාති , ආගම් ලෙස බෙදී සිටින තාක් කිසි දිනෙක අපට රටක් ලෙස ඉදිරියට යා නොහැකිය. අප සමගි ජාතියක් වූ දිනක, ශ්‍රී ලංකාව දියුණු රටක්වනු ඇත. එක අයකුට පමණක් රටක් තනිව ගොඩනැගිය නොහැක. ජනතාවට විශාල වගකීමක් ඇත. (ඡන්දය නිසිලෙස පාවිච්චි කිරීමට). අපට නිදහසින් පසු නිසි ජාතික ප්‍රතිපත්තියක් නොතිබීම සහ එවැන්නක් නිර්මාණය කිරීමට කිසිදු නායකයෙකු අසමත්වීම මත බොහෝ සමාජ ප්‍රශ්න නිර්මාණය විය. අදටද සියලු දේශපාලන පක්ෂ ඉන් ප්‍රයෝජනය ගනිමින් ජනතාව රවටමින් සිටියි. යුද්ධය නිමකිරීම සහ උදම් ඇනීම පමණක් සියලු ප්‍රශ්න සඳහා විසඳුම් නොදේ. (මෙම ප්‍රකාශය ජාතිවාදී හෝ ආගම්වාදී ප්‍රකාශයක් ලෙස නොබලන්න)
අරගොල්ලන්, මේ ගොල්ලන්ට වඩා අඩුවෙන් හොරකම් කරලා තියෙන්නේ... එ්ක නිසා මේ ඡන්දෙදි මම තෝරාගන්නේ අරගොල්ලන්...
දැන් ඔය හොරකම පිලිබඳ සියලුම දේ ඔය වාර්තාවේ තිබෙනවා නේද? මෙච්චර කාලයක් පෙරුම් පුර පුරා හිටියේ ඕක එනකම් නේද? ඕක කියවල බලලා ඕකට සම්බන්ධ දුෂිතයෝ සැකපිට අත්අඩංගුවට අරන් නඩු නොපවරන්නේ මොකද? හැමදාම ඕක ගැන කියකියා හිටියා කියලා වැඩක් තිබෙනවද? පළාත් පාලන ඡන්දෙදි ඡන්දෙ ඕනේ නම් පළාත් පාලන ඡන්දෙට ඉස්සරවෙලා ඔය හොරු අත්අඩංගුවට අරන් චෝදනා ගොනු කරලා පෙන්වන්න. ඊට පස්සේ ලබන අවුරුදු 2 තුළ හොරුන්ට දඬුවම් දී සොරාගත් ජාතික ධනය නැවත රජයට පවරාගෙන ජනතාවට වාර්තාවක් ඉදිරිපත් කරන්න. එතකොට අපි ලබන ජනාධිපතිවරණයට සහ පාර්ලිමේන්තු ඡන්දෙදි ඔබතුමාට කලගුණ සලකන්නම්... නැතුව සුරඟන කතා කීමෙන් පමණක් අපව රැවටිය නොහැක.
මෙතන මිලියන හා කෝටි පැටලැවිල්ලක් තියෙනවා. මිලියන 11,145 කියන්නේ කෝටි 1114.5ක්. ඒ වගේම රජයට අහිමි වූ මුදලක් හෝ පාඩුවක් නෙවෙයි. සමාගම ලබපු ලාභයක් තමයි මේ කියන්නේ. එතකොට කොමිසමටත් මෙතන පාඩුවක් ගණනය කරන්න බැරි වෙලාද?
සාධාරණ සමාජ හදන්න ගිය චිවරධාරියෝ ටිකයි NGO කාරයෝටිකයි,රටට දුන්න වෙනස මෙකයි, සැප මෙකයි, මෙම ජනවාරි 8 තව අපේ මුදල්වියදම් කර සංදර්ශන දායි. පුලුවන්න නම් මේ ජනවාරි8 ටකලින් එකක්වත් අත්අඩංගුවට ගන්නවද? තව ඉතිරි අර සුමන්තිරන් ඉල්ලන ව්‍යවස්ථාව ඒ විදියටම හදල බොරු කියලා සම්මත කරගන්න එක්ක විතරයි.බැදුම්කරය ගැන අවරුදු 2ක් බොරුකිව වගේම ව්‍යවස්ථාවත් බොරුවෙන්ම සමත කරගන්නයි බලන්නේ!!!
වාර්තාවන් 35ම භාරගත්තනම් කෑ ගහපු කට්ටියට මොකද වුනේ?
කියන කතා වල මොන මොන අඩුපාඩුකම් තිබුනත් මෙය නීතිමය ක්‍රියා මාර්ගයකට යොමු කල යුතුය , එවිට නිවැරදි තත්වය බලා ගන්න පුළුවන් . තවද ජනධිපතිතුමා කිව්වා මෙවැනි වංචාවල් 2008 සිට සිදුවෙලා තියෙනවා කියා කොමිසම් වාර්තාවේ සදහන්ව තියෙනවා කියලා. ඡන්දෙට කලින් දන්නා එකටත් කොමිසමක් .
2015 ජනවාරි 8 දා ඉඳල කතාව දෝලාවෙන් ගමන පයින් තමයි. අපි ඡන්දෙ දුන්නේ කතා අහන්න නෙමෙයි...............
ඉතින් ඕක කියා කියා ඉඳලා වැඩක් නැහැ නේද? හොරකම ප්ලෑන් කරපු අය. හොරකමට උදවු කරපු අය, හොරකම කරපු අය, හොරකමින් ඵල ප්‍රයෝජන ලබපු අය කව්ද කියා ජනතාව දන්නවා. එම නිසා දඬුවම් දීමට කටයුතු කරන්න.
රටේ ජනතාවට සිදුවූ අහේනියට මෙහ අය වගකිව යුතුයි. වෙන කිසිත් අවශ්‍ය නැහැ සියලු දේපල රාජසන්තක කොට ජනතාවට අහිමි වූ මුදල ආපසු ගෙවීමට අණ කල යුතුයි.