හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ ජුඩ් සමන්ත
හිටපු ඇමතිවරයකු වු මිල්රෝයි ප්‍රනාන්දු සහ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු යන මහත්වරුන් අතර පුත්තලම දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී ගැටුමක් ඇති විය. පසුව එය පාලනය කිරීමට දෙපිරිසේ පිරිස් දැඩි පරිශ්‍රමයක් ගෙන තිබුණි.
මෙලෙස ගැටුම්කාරි තත්ත්වයක් මතුවුයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත ලකුණින් වෙන්නප්පුව ප්‍රදේශීය සභාවට තරග වදින හිටපු ජේෂ්‍යඨ ඇමතිවරයකු වන මිල්රෝයි ප්‍රනාන්දු මහතා නාම යෝජනා විරෝධතා වලින් පසුව රුස්විම් ශාලාවේන් එළියට බසින විට ඔහු ශ්‍රී ලංකා පක්ෂයට ජයවේවා යැයි පවසමින් පැමිණිමත් සමඟය.
ඒ ආසන්නයේ සිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණෙ වයඹ පළාත් සභා මන්ත්‍රි ට්‍රෙවින් ප්‍රනාන්දු මහතා පොහොට්ටුවට ජය වේවා යැයි කෑගැසිමත් සමඟ දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වි ගුටි බැට හුවමාරුවක් බවට පත්විමට සුදානම් වීමේදී කන්ඩායම් දෙකෙහිම පිරිස් දෙදෙනාව ඉවත් කර ගැනිමට කටයුතු කරනු ලැබීය .
දේශපාලන පක්ෂ වලට පෙළපාලි සහ අනිකුත් දේ තහනම් කර තිබියදි පක්ෂ දෙකෙහිම දේශපාඥයින් දෙදෙනා දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළදි මෙලෙස හැසිරී ඇත.
ජනතා විමුක්ති පෙරමුණ සහ එක්සත් ජාතික පක්ෂයේ පාලිත රංගේ බංඩාර මහතා සහ මුස්ලිම් කොන්ග්‍රසයේ කේ .බායිස් මහතා ඇතුළු පිරිස සාමකාමිව පිටව ගියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආණමඩුව සංවිධායක ආනන්ද සරත් කුමාර මහතාගේ ආධාරකරුවන් 1000 ක් පමණ ඔහුව පිළිගනිමින් රුගෙන යාම සිදුවිමක් විය. පිටුපසින් හිටපු ඇමතිවරයකු වු ප්‍රියංකර ජයරත්න මහතා නෙළුම් පොහොට්ටුවක් රුගෙන සනත් නිශාන්ත , අරුන්දික ප්‍රනාන්දු , ඇතුළු ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ කන්ඩායම ගමන් කළේය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හුරේ........මීහරකුන් ,අම්බරුවන් , පාදඩයන්, කුඩුකාරයන් , ගංජාකරයන්තේරීමේ මහා තරගයේ අයදුම්පත් කැදවා ඇති බැවින් ඉහත සදහන් අයට ඉල්ලුම් කල හැක.කුලල් කාගැනීම, බලු පොර ක්‍රමයෙන් වැඩිවන බැවින් හැකි ඉක්මනින් තම තමන්ගේ හොර චරිත සහතික සහිතව අදාල " හරක් මඩුවලට " ඉදිරිපත් කරන්න.
ඕව ඉතින් බත් හැලිය තැම්බෙන කල් විතරයි.
ඔය දේශපාලනය නිසා ආනමඩුව හැමදාම අනමදුවක්ම වෙලා තියේවි
මේ ඔක්කොම තමන්ට සේවය කරගන්න එන අය. රටක් තියෙනවද කියලවත් දන්නේ නැති අය. ආධාරකරුවෝ කවුද කියලත් දැන් අපි හොඳින් දන්නවා.
දැන් ගහගනිවී අවසානයේ මොකද වෙන්නේ දන්නවද? මොකුත් නොව මේ දෙගොල්ලම අවසානයේ එකතු වෙනවා ,
මිල්රෝයි ප්‍රනන්දෝ - වෙන්නප්පුව ප්‍ර. සභාවට.... ???? මහින්ද රාජපක්ෂ - බෙලිඅත්ත ප්‍ර. සභාවට.... ච. බ. කු. - අත්තනගල්ල ප්‍ර. සභාවට.... රනිල් වික්‍රමසිංහ - බියගම ප්‍ර. සභාවට....
සිංහලයා සිංහලයා සමග ගහගන්න කොට සිංහළ විරෝධී ජනකොටස් වලට මගුල් වගේ ශ්‍රීලනිපයේ මෛත්‍රී කණ්ඩායමත් මහින්ද ප්‍රමුඛ පොදුජන පෙරමුණ ගහ ගන්න කොට ඒජාපයට හා වෙනත් පක්ෂ වලටත් මගුල්. මේවා කාගේ කාගේත් අතීත මෝඩකම්. ශ්‍රීලනි පක්ෂයට තියෙන අලුත්ම අභියෝගය "බෙදී වෙන්වෙමුද නැතිනම් එක්වී ජය ගනිමුද" යන්නයි. අප දැන් තීරණය ගැනීම ජනතාවට පවරමු.
මෝඩ කමට බෙහෙත් නැහැනෙ.
දීලත් බෑ. නොදීත් බෑ. ඡන්දය.
ජනතාවට සේවය කරන්න පුදුම කැපකිරීමක් කරන්නේ.
මේ ආරම්භයක් විතරයි... එළිවෙන ජාමෙට හොඳ හොඳ සෙල්ලම් බලන්න බැරිය.