අමල් වික්‍රමරත්න
ජනවාරි 2 දා ආරම්භ කිරීමට නියමිත ඒකාබද්ධ පොදුජන පෙරමුණට නායකත්වය දීමට මහින්ද රාජපක්ෂ මහතා තීරණය කර ඇතැයි වාර්තාවේ. මහින්ද රාජපක්ෂ මහතා මේ වනතුරු ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ (පොහොට්ටුව පක්ෂයේ) කිසිදු නිල තනතුරක් ලබා නොගත් අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුසාශකවරයෙකු වශයෙන් සිටිමින් නිල නොවන මට්ටමින් එම පෙරමුණට සහයෝගය දැක්වීය.
ඉදිරි පලාත්පාලන මැතිවරණයට නව ජවයක් ලබා දීම සදහාත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ (පොහොට්ටුව) පාක්ෂිකයන්ගේ සැකය දුරුකිරීමත් සඳහාත් එළබෙන 2 වනදා සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන මහ සමුළුවේදී මෙම ප්‍රකාශය කිරීමටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්වීමටත් නව සන්ධානයේ නායකත්වය භාර ගැනීමටත් සැලසුම් කොට ඇතැයි දැනගැනීමට ඇත.
ඒ අනුව මේ වනවිටත් පොදුජන එක්සත් පෙරමුණේ දැනට සිටින සියලු ලොකු කුඩා පක්‍ෂ සහ කොටස්ද සහභාගී කර ගනිමින් වඩාත් පුළුල් ජනතාවාදී දේශපාලන පෙරමුණක් ලෙස මෙම පෙරමුණ දියත් කිරීමට දැනටමත් අවශ්‍ය කටයුතු සකස් කර අවසන් බව පොදුජන එක්සත් පෙරමුණේ ඉහළ පෙලේ ආරංචිමාර්ග සදහන් කරයි.
මෙයට සමගාමීව රටපුරා ඉදිරි පලාත්පාලන මැතිවරණය වෙනුවෙන් ප්‍රධාන රැස්වීම් මාලාවක් මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමටද සැලසුම් කර ඇතැයි දැනගැනීමට ඇත.
දැනට රජයේ මැති ඇමති තනතුරු දරන කිහිප දෙනෙක් ඉදිරියේදී තමන් සමග එක්වීමට කැමැත්ත පළකර ඇතැයිද මෙම නව පෙරමුණේ බර කරට ගෙන සිටින ප්‍රධානියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මෙහෙමත් බල තණ්හාවක් !!
ඔබට ජය වේවා!!!
ජය නියතයි මැතිඳුට !
ඔබගේ ප්‍රතිරූපය ඇයි මේ විදියට විනාශ කරගන්නේ? ඔය හිවලුන් අත්ඇරලා දේශපාලනයෙන් ඉවත් වන්න... ඉදිරියත් වීරයෙක් සේ ජීවත් වන්න.
අන්න නැවතත් අප්පච්චි මලා !!!
ඔන්න දැන් තමයි නියම ඉල්ලන් කෑම සහ ඇදගෙන නෑම කියන්නේ...
කැපුවත් කොළ සෙට් ඉන්නකන් මෙයාලා කොච්චර පක්ෂ හැදුවත් කැඩෙන්නේ නිල් ඡන්ද මිස කොළ ඡන්ද නොවේ. මේ වැඩෙන් වෙන්නේ අලි ටික මෙදා පාර උඩින්ම දිනන එකයි.
මෙතුමා ගිහින් නවතින්නේ වීරකැටිය සමූපාකාර ඡන්දෙන්...
හොඳ නායකයෙක්, නමුත් රාජාලියා මතක් වෙද්දී හිතෙනවා.., මේක මෝඩ තීරණයක්ද කියලත්...
තම සේවා කාලය අවසන් වීමටත් පෙර මහජනයා ලද අවස්ථාවෙන් කතිරයක් පමණක් ගසා මෙතුමාව ගෙදර ඇරියේ රට පාලනයට තවත් සුදුසු නැති නිසයි. මේ නිසාම මොහු ලංකාවේ පරාජිත එකම ජනාධිපති බවට වාර්තාවක්ද තබා තංගල්ලට කොඩි දමාගෙන සිටි මොහු හෙමින්ම කුරුණෑගල මන්ත්‍රීතුමා ලෙස පාර්ලිමේන්තුවේ පසුපෙළ වාඩිවෙනවා. අනේ මෙහෙම තණ්හාවක්..!
මොනවා හරි කරලා හොර අලි ටික එලවලා දැම්මොත් ඇති.... මේ අය හිටියොත් රට ඉවරෙටම ඉවරයි. මිනිසුන්ව හූරා කනවා. එකම කණගාටුව එ්කේ නැහැ ඡන්දයක් දෙන්න කෙනෙක්... ඔක්කොම හොරු...
ඒකාබද්ද හොර පෙරමුණ තමයි..
ගාලු මුවදෙර ඉදිරිපිට පිහිටි හමුදා මූලස්ථානය සම්පූර්ණයෙන් ඉවත් කරලා පසුගිය රජය ෂැන්ග්‍රිල්ලා හෝටලය ඉදිකරන්න ඉඩම ලබාදුන්නා. මේ නිසා හමුදා මූලස්ථානයේ තිබූ විවිධ අංශවල ශාඛා කොළඹ නගරයේ කුලියට ගත් ගොඩනැඟිලිවල ස්ථාපිත කර තිබෙනවා. එම ගොඩනැඟිලිවල මාසික කුලිය රුපියල් කෝටි 44ක්. වසරකට රුපියල් කෝටි 500ක් වැය වෙනවා. මේ වන විට එම ගොඩනැඟිලි සඳහා රුපියල් කෝටි 2,500ක් වැය කරලා තිබෙනවා. නමුත් ෂැන්ග්‍රිලා හෝටලයට ඉඩම් ලබාදීමෙන් රජයට ලැබුණේ රුපියල් කෝටි 825ක් පමණයි
මදූෂ රාමසිංහ එන්නේ නැද්ද?
ආයේ රටේ ඉතුරුටිකත් කාලා දාල මිනීමරුවන් රජකරන පාතාල රජයක් ගේන්න තමයි හදන්නේ...
යහපාලනයේ අවසානය සහ බොරුකාරයින්ගේ අවසානය...
දැන් හත්පණ කතාව වගේ වෙන්න යන්නේ.. අප්පච්චිගෙ දෙවෙනි මරණය කිට්ටුයි..
එහෙම කරලා තවත් පුළුවන් වෙයිද? අපි තමා නියම ශ්‍රී ලංකා කාරයෝ කියකියා රට පුරා යන්න පුළුවන්ද?
ජාතියට ආදරේ එකම එක මනුස්සයා. අනිත් අයට ජාතිය, ආගම තියා අම්මා තාත්තාවත් ඕනෑ නැත.
යූ.එන්.පී. කාරයෝ ටික බයවෙච්ච බයවිල්ලක් ..!
ඔය කැපුවත් කොළ කට්ටියටයි. රතු අලි පැටවුන්ටයි දුක ඇති මෙහෙම වුනාට. බෙදුම්වාදය හිතේ තියෙන්නේ ද්‍රවිඩ නායකයන්ට විනා සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට නෙවේ කියලා හරියට තේරුම් අරගෙන මෙතුමා ක්‍රියා කළා. ද්‍රවිඩ නායකන් ලං කර නොගෙන සාමාන්‍ය ද්‍රවිඩ ජනතාවට පුළුවන් උපරිම අයුරින් සැලකුවා. මෙතුමාගේ කාලේ උතුරේ පාසල් දරුවන් දකුණටත්, දකුණේ දරුවන් උතුරටත් ගොස් සුහදත්වයේ මංපෙත් හෙලිකලා. මේ යහපාලනය ඒ සියල්ල විනාශ කළා. දැන් උතුරේ නැවත බෙදුම්වාදය හිස ඔසවනවා. සිංහල විශ්වවිද්‍යාල සිසුන්ට පහර දෙනවා. සිංහල ජනතාවට දැන් යාපනයට යන්න තියන්නේ බයක්. ඔබතුමාට ජයෙන් ජය!!!
නිවට ද්‍රෝහීන්ට සහ ඒ අයගේ බත් බැලයින්ට රාජපක්ෂ නමට පුදුම බයක් තියෙන්නේ. එදා හිටියෙත් කොටින්ට සහ එන් ජී ඒ කරුවන්ට ආවඩමින්..
බලය ලබා ගැනීමට තිබෙන මෙහෙමත් ආශාවක්, තණ්හාවක් !!! රටට ආදරයෙන් නියැලෙන උත්සාහයක් නම් කමක් නැත. නමුත් යටි අරමුණ වී ඇත්තේ මෙතෙක් තමන් හා එකට එක්ව කප්පරක් වැරදි කළ අයව ගොඩ දමා ගැනීමට මග පාදා ගැනීම සඳහා බලය පෙන්වීමයි. බලය ලබාගත් පසු සුපුරුදු ක්‍රීඩාවේ නියැලී සියල්ල කණපිට පෙරලීම බව මහ ජනතාව නොදන්නවා නොවෙයි. අර 2 වැනිදාට ඒ අදාළ ස්ථානය පිරවීමට මැතිවරණ කොට්ඨාශ 150කින් බස් 2 බැගින් අනුගාමිකයින් ගෙනාවාම (50 බැගින් බස් 2 x උපරිම කොට්ඨාශ 150 = 15,000 ) මුළු ලංකාවේම සෙනග ආවා වාගේ කියා පෑමට හැකිවනු ඇත. සිතා බැලිය හැකි අය බුද්ධිමත්ව කටයුතු කරනු ඇත.
තමන්ගේ වල තමන්ම කපා ගැනිමක් හිටපු ජනපතිතුමනි...
එතුමාගේ තවත් මෝඩ තීරණයක්..!!!
මෙයා ජනාධිපති වුණොත් වැලිකඩ බාගයක් නිදහස්...
බැඳුම්කර හොරු ටික අල්ලලා උපරිම දඬුවම් දෙන්න මහරජාණෙනි... ඔබට ජය වේවා !!!
තනතුරු ගැන ඔබ කඳුලැලි සලන්නෙපා.. නැති බලයක් ගැන හදවත ගැහෙන්නෙපා.. හොරුන් එක්ක යලි ගිවිසුම් ගසනු එපා.. රජකම ගැන ඇති ආශා දැනෙන්නෙපා.. අහස් මාලිගා ඔබහට මැවී ඇතී.. තනතරු ගැන ඔබ යලි යලි හිතෙනු ඇතී.. හොරුන් එක්ක යලි ගිවිසුම් ගසනු එපා.. නැති වූ දේ ගැන යටි හිත හඩනු ඇතී.. හිමිකම් නොකියනු බලයට යලි කිසිදා.. හොරුන් එක්ක යලි ගිවිසුම් ගසනු එපා.. උරණ නොවන් ඔබ රජකම නැති හින්දා.. සැකසංකා නැත යලිඔබ නොඑනු ඇතී.. මිරිගුව පසුපස ඔබ දුවනානා.. බව ළඟදීම දැනෙනු ඇතී.. උරණ නොවන් ඔබ රජකම නැති හින්දා.. සැකසංකා නැත යලිඔබ නොඑනු ඇතී.. සැකසංකා නැත යලිඔබ නොඑනු ඇතී....
මහින්දගේ දේශපාලයේ අවසානය .....
කාගේ කාගේත් දැන ගැනීම පිණිස මෙය සටහන් කරමි. මහින්ද රාජපක්ෂ ට පොහොට්ටුව හදන්න මුල්වුණ ජී. එල් උපදෙස් දුන්න එකවරම පොදු පෙරමුණට එක් නොවී ටිකක් බලා ඉන්න කියා මෛත්‍රීපාල ජනාධිපති මහින්දව පක්ෂයෙන් නෙරපන තුරු . මන්ද එවිට මෛත්‍රී "රට බේර ගත්ත නායකයාව" පන්න ගත්ත කියා රට පුරා යමින් අහිංසක ගැමි මිනිසුන්ව රවටමින් පොහොට්ටුවට ජනතා ප්‍රසාදය දිනා ගන්න. මෛත්‍රී පාල ජනාධිපතිට මහින්දට වඩා මොළය තිබෙනබව පොහොට්ටු පිළ තේරුම් ගත්තේ මේ සිද්ධියෙන්. යම් විධියකින් මෛත්‍රීපාල මහත්මය මේ උගුලේ අසුවුනානම් ඒ මහත්මය ළඟ ඉන්න ශ්‍රී ල නි පක්ෂ කාරයොත් පක්ෂ සභාපතිට දොස් කියනවා. නමුත් සිදුවුනේ අනික් පැත්ත.
මේ යතාර්ථය තේරුම් ගන්න ජනතාව තුළ ඇති හැකියාවේ අඩු වැඩි වීම තුළ රටේ ඉදිරි අනාගතය තීරණය වනු ඇත.
කැටේ කොහොම පෙරලුවත් පැති හයට වඩා දෙයක් නොපෙරලෙන සේ වටේ සිටින ත්‍රී වීල් පක්ෂවල සාමාජිකයන් අතලොස්ස හැර වෙනත් ජනතාවක් කොහිද?
බලය නැති කල වෘත්තීය දේශපාලකයාගේ මරණය සිදුවේ. මෙය 29 වතාවක් පැරදුනු රනිල් මෙන්ම මහින්දද දනී. UNP ට වරද්දාගත හැකි තැන නම් මහින්ද භීතිකාවට යටත් වී තම මැතිවරණ ව්‍යාපාරය වෙනතකට යොමු කිරීයි. රාජ්‍ය බලය ඇති UNP -SLFP සන්ධානය ගමේ බලය වෙනෙකකුට දීමෙන් තමන්ටද , ගමටද යහපතක් නොවන බව ජනතාවට හැකි තරම් ඒත්තු ගැන්විය යුතුයි.
මට මතක් වෙනවා කවියක්: "උන බට කෙහෙල් පුදින්නේ විනාසෙට!"
පොහොට්ටුව දිනුවෙ නැතත් කමක් නෑ ඒකට දුක නෑ ඒත් මේ රටේ ශක්තිමත් විපක්‍ෂයක් ගොඩ නැගිල පවතින ආණ්ඩුවේ නොමනා ක්‍රියා පාලනය කරන්න පුළුවන් පක්‍ෂයක් බිහි වෙනවනම් හොදයි
එකම ජනතා පෑතුම මහින්ද
රට පුරා නිල් මල් පොහොට්ටු පිපෙන වසන්තය උදාවීමට නියමිතය.....
ඉතිහාසයේ නායකත්වය බැලුවොත් u n p තමා අපේ රටට වැඩදායක එත් ... වත්මන් නායකයෝ සහ සහචරයෝ හිස්මිනිසුන්වෙලා අයාලේ යන විදිහක් පෙනෙන්නේ ,කොහොමත් සමස්තයක් විදිහට හොරුන්ගෙන් සහ දුෂකයන්ගෙන් දේසපාලනය පිරිලා.
මහපොළොවේ පයගහලා ඉන්න දුප්පත් මිනිසාගේ නායකයා.
කෙනෙක් ලියනවා "එකම ජනතා පෑතුම මහින්ද...." කියල. ඒ කියන්නේ බදු මිළ ඉහල ගියත් කමක් නැහැ ජීවන වියදම දරා ගන්න බැරුව ගියත් කමක් නැහැ. දරුවාට පාසලක් නැහැ. සරසවි යෙන් පිටවූ දුවට පුතාට අනාගතයක් නැහැ. මේ මොනවා නැතිවුනත් කමක් නැහැ මහින්ද නැවත රජවෙලා දොන් ජුවන් ට වසර 10කින් රජකම පවරනවා නම් ඒ පැතුම සමග අප නිරාහාරව මිය යන්න උනත් සුදානම්...ඒකද පැතුම?
රටට ආදරේ කරන නායකයෝ කොතරම් හිටියත් යුද්දේ ඉවර කරන්න පුළුවන් වුනේ මෙතුමාට විතරයි. අපි මෙතුමා සමගයි. ජය වේවා.
හොරකම් අතේ අහුවුණා එවුන්ට හොරු කියන්නේ නැහැ. මහා බැංකුවේ හොරකම අතේ අහුවෙලා කට්ටියක්ව ගෙදරත් යවල තියෙන්නේ. ඒ යට හොරු කියන්නේ නැහැ. නමුත් පුරුද්දට අනිත් යට හොරු කියනවා. යමක් කියන්න කලින් එය හිතින් කියවල තමන්ම බලන්න මේක හරිද, මම කොහොමද දන්නේ, කියල. එකට තමා විශ්ලේෂණ බුද්ධිය කියන්නේ.
ත්‍රී වීල් ඩ්‍රයිවර්ට ලෝකෙම ඉන්න අය ත්‍රී වීල් ඩ්‍රයිවර්ලාද? අනේ අපොයි අනේ අපේ ළමයි
හැංගි හැංගි වෙස්මුහුණු බැන්දත් නටන්න වෙන්නේ එළියේ බව ඔබතුම අමතක කරන්න එපා
ඡන්දය කවුරු දිනුවත් මේ ප්‍රතිචාර ගණන අනුව නැවත නැවත පෙන්වන්නෙ රටේ ජනප්‍රියම හා අභ්‍යන්තර වශයෙන් බලාත්මක දේශපාලකයා මහින්ද බවයි.
ඇත්තටම අපි ඔක්කොම එකතුවෙලා ගම හදන්න ජවිපයට තමයි දෙන්න ඕනේ.. නැතිනම් තරුණයාට ලස්සන රටක් තියෙන්නේ නැහැ. මේ ඔක්කොගේම නාටකය බලාගෙන ඉන්නයි වෙන්නේ අපිට...