ලබන ජනවාරි 1වැනිදා සිට කොළඹ නගරයේ මාර්ගවල හා පොදු ප්‍රවාහන සේවා තුළ සිඟමන් යැදීම තහනම් කර ඇතැයි මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
සිය අමාත්‍යංශය කොළඹ මහ නගර සභාවේ මහජන ආධාර දෙපාර්තමේන්තුව, සහ සමාජ සුබ සාධන අමාත්‍යංශය සමග එක්ව කළ සමීක්ෂණයකදී කොළඹ නගර සීමාව ඇතුළත යාචකයින් 600ක් පමණ සිටින බවට තොරතුරු ලැබී ඇතැයි ඇමැතිවරයා කීය.
ඇමැතිවරයා කියා සිටියේ යාචකයින් බහුලවීම හේතුවෙන් මහජනතාවට හිරිහැරයක් මෙන්ම කොළඹ නගරයේ අලංකාරත්වයට ගැටලුවක් ඇතිවන බවයි.
කෙසේ වුවත් එම යාචකයින් ගේ ජීවනෝපාය මාර්ගයන් සකසා දී පුනරුත්ථාපනය කිරීම සඳහා තම අමාත්‍යංශයේ අභිප්‍රායක් ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් මිලියන 80 ක වියදමින් අම්බලන්තොට රිදීගම පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් ඉදිකර ඇති බවත් ඔහු කියා සිටියේය.
කිසිදු පිළිසරණක් නැතිව හිඟමනට වැටී සිටින යාචකයින් වෙනුවෙන් අනුකම්පා කළ යතු බවත් කෙසේ වෙතත් සිඟමන වෘත්තියක් ලෙස සිදුකරගෙන යන අය පිළිබඳව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් චම්පික රණවක ඇමැතිවරයා පැවසීය.
එසේම සිඟමනට වැටී සිටින පාසල් යන වයසේ පසුවන දරුවන් වෙනුවෙන් පාසල් අධ්‍යාපනය ලබාදීමටද විවිධ අසනීප හා පිළිසරණක් නැති දරුවන් වෙනුවෙන් ජීවිත කාලය පුරා ඔවුන් රැකබලාගැනීමේ වැඩපිළිවෙළක් ද සකස් කරන බව කී ඇමැතිවරයා මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ යාචකයින් වැනි විවිධ තරාතිරමේ පුද්ගලයින් මෙම යාචකයින් අතර සිටින බැවින් ක්‍රමානුකූලව මෙම වැඩපිළිවෙළ සකස් කරගෙන යායුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොළඹ නගරයේ සිඟමන් යදින එක මින් මතුවට පාර්ලිමේන්තු කාරයින්ට විතරයි. කට්ටියම ඡන්ද හිඟාකන්න යන්න අමුඩ ගහමින් ඉන්නවා. කොළඹ මහා නගර සැලසුමට ඒකත් අයිතිද දන්නේ නැහැ.
හිඟන්නන්ටත් ඡන්ද අයිතිය තියනවා කියලා අමතකවෙලා වගේ. ඕක නම් වෙන්නේ නැහැ.. ඡන්දෙ ඉවර වෙනකම්.
අපොයි ඡන්දය ඉල්ලලත් ඉවරයි.
කොළඹ නගරයේ සහ අවට නගරවල සිඟමන් යදින්නේ වැඩක් නැති පොත්, හඳුන්කූරු, බුක් මාර්ක්, කපුරු බෝල විකුණන මුවාවෙන් නිසා එවැනි දේත් තහනම් කළ යුතුයි.
දියවන්නාවේ සිඟාකන්නේ පිවිතුරු විදියට රුපියල් 100 ගානේ හෝ විමධ්‍යගත විදිහට බැවින් ඒවා කරානම් රිදියගමටම යවමු.
අම්බලන්තොට රිදියගම යාචක පුනරුත්ථාපන කඳවුර පිහිටුවලා දැනට වසර කීයක්ද? මෙතෙක් ඒකෙන් වෙච්ච යහපත මොකක්ද? ගණනින් කිව්වොත් බින්දුවයි. අපි කතාවට නම් හරි දක්ෂයි.
මෙවැනි නීති ක්‍රියාත්මක කිරීම ඉතාමත් හොඳයි.
මහාචාර්ය නන්දසේන රත්නපාල 1976 දී පමණ ඉතිහාසයේ පළමු වතාවට හිඟන්නන් ගැන කල පර්යේෂණයේදී (වර්තමානයේ පර්යේෂණ කරන ආකාරයට කොම්පියුටරය ඉදිරිපිට ඉඳගෙන නොව, එතුමාත් හිඟන්නෙකු ලෙස කල් ගෙවා) ලබාගත් ප්‍රතිඵල අනුව බහුතරයක් හිඟන්නන් වෘත්තීය හිඟන්නන් (එනම් හිඟන සංවිධානයේ ලොක්කාට දෛනික වේතනයට සේවය සපයන්නන්) ලෙස සේවය කරන්නවුන් මිස සැබෑ හිඟන්නන් නොවන බව පෙන්වා දුන්නා. හතළිස් වසරකට පසුව හෝ ඒ ගැන සලකා බැලීම හොඳ දෙයක්. ඒ වගේම මට මතක් වූ තවත් දෙයක් කිවයුතුයි. මහාචාර්යතුමා තම විශ්ව විද්‍යාලයටත් හිඟන්නෙකු ලෙස හිඟමනේ ගියා. ආචාර්ය මණ්ඩලයේ, අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ හෝ උපාධි අපේක්ෂක ශිෂ්‍යයන් කිසිවෙකු එතුමා හඳුනා ගත්තේ නැහැ. නමුත් එතුමා දිනපතා ආහාර දුන් සුනඛයා පමණක් එතුමාව හඳුනා ගත්තා.
අගය කල යුතු කාර්යයක්. ඉස්සෙල්ලා පොඩි හිඟන්නන් එලවලා පස්සේ ලොකු හිඟන්නො එලවමු.
ඔන්න ඇමතිතුමෝ කරනවානම් හොඳ වැඩක්. වංචා කාරයන් අතරින් සැබෑ දුප්පතුන්ට පිහිට වෙලා යාචකයෝ නගරයෙන් ඉවත් කලාම හැමෝටම පහසුයි.
ඔය එක්කම ඡන්ද හිඟමනත් තහනම් කරා නම් මිනිස්සුන්ට අඩුම තරමේ කං කරච්චලයක් වත් නැතිව ඉන්න පුලුවන් වෙයි.
අනේ !!! අපොයි !!! ඡන්ද හිඟන්නෝ පාරට බහිනකොට හැබෑ හිඟන්නෝ අම්බලන්වල ලැගිය යුතුවේ. නීතිය ඒකද?
ඡන්ද හිඟමනේ යන අයත් අල්ලනවද ඇමතිතුමෝ?
අදහස නම් හොඳයි.
අන්තර්ජාතික හිගන්නන් රටේ හිඟන්නන්ට එරෙහිව...
ඔව් එක හොඳයි. මොකද දැන් ඉදිරි ඡන්දෙට හිඟන්නෝ වැඩිවෙනවානේ. අපිට එතකොට අඳුනගන්න බැහැ නියම හිඟන්නා කව්ද කියලා. දැන් පහසුවෙන් හඳුනා ගන්න පුළුවන්. කාලෝචිත තීරණයක්.
හොඳ වැඩක්.... කොළඹ විතරක් නෙවෙයි. හැම නගරයකම වදයක් වෙලා මේක....