රංජන් කස්තුරි
ජංගම දුරකතනයක් භාවිත කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ ගණිතය ප්‍රශ්න පත්‍රයට පිළිතුරු ලියූ බව කියන අනුරාධපුර වලිසිංහ හරිස්චද්‍ර විදුහලේ ශිෂ්‍යයාගේ මෙවර විභාග අපේක්ෂකත්වය අවලංගු කිරීමට විභාග දෙපාර්තුමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව එම ශිෂ්‍යාට මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉදිරි ප්‍රශ්නපත්‍රවල අපේක්ෂකත්වය අවලංගු කරන බවද විභාග දෙපාර්තුමේන්තුව සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුම්බලා මාලු කෑවා නම් දුක විදපන් බළලෝ කියන්නේ ඔන්න ඕකට තමයි.............
මෙම සිද්ධිය විභාග කර අවසාන වුනාට පස්සෙ නේද ලමයාගේ අනාගතය ගැන තීරනයක් ගත යුත්තේ? මගේ අදහස නම් මේ ලමයාට ඉතිරි විෂයයන් ලිවීමට ඉඩ දෙන්න කියායි. වංචා කිරීම ගැන තීරණයක් ගත යුත්තේ එම සිද්ධිය මුලුමනින්ම විභාග කර අවසන් වීමෙන් පසුවයි.
බයවෙන්ට දෙයක් නැහැ.. වැඩිකල් නොගොහින්ම දියවන්නාවේදී දැකගන්ට පුළුවන්...
අපේ රටේ ගොන්කම ලෝකයට පෙන්වන තවත් එක උදාහරණයක්, ඔහු සැබෑ දක්ෂයෙක්... ඔහුට අවවාද කර විභාගයට සහභාගි වීමට අවස්ථාව ලබාදීම කලයුතුය. රජතුමාගේ පුතාට කාමරයක නීති විභාගය කිරීමට හැකිනම් තවත් පුරවැසියෙකු අහිංසක උත්සයයක් දැරීමට නොහැකි ඇයි?
කොහොම වුණත් ලක්ෂ සංඛ්‍යාත සිසු දරු දැරියන්ගේ අනාගතය ගැන හිතලා ගත්තු හොඳ තීරණයක්. දැන් ඉතින් මින් ඉදිරියටවත් ළමයි මේක පාඩමකට අරගෙන හැදේවි. හදිසියේවත් මේ ළමයා පව් කියලා මෙයාට සමාව දුන්නානම් දිගින් දිගටම ළමයි මෙවැනි දේවල් කරන්න පෙලබෙනවා. මේවට දෙමව්පියොත් වගකියන්න ඕනෑ. යන්තම් අටේ, නවයේ පන්තිවලට එනකොට ජංගම දුරකථන ළමයින්ට අරගෙන දෙන එක දැන් දෙමව්පියන්ටත් අලුත් කලාවක් වෙලා.
මේ වික්‍රමය ඇගයීමක් වශයෙන් ශිෂ්‍යත්වයක් දුන්නොත් නරකද මහඋළු ගෙදරට...?
පැරකුම් මහත්තයෝ කොහොම වුණත් පාසල් දරුවෙක් නිසා එච්චරම දැඩි දඬුවමක් දුන්නොත් පව්. මේ ගමන මේක පාඩමකට අරගෙන වැරදි නිවැරදි කරගෙන අඩුපාඩු හදාගෙන ලබන අවුරුද්දේදීවත් මේ ළමයට නිවැරදි ලෙසට විභාගය ලියන්න කියලා අවවාද කරලා නිදහස් කරන එක තමයි හොඳ. මොනවා වුණත් අංගුලිමාලලත් වැරදි හදාගෙන රහත් වුණානේ.