(විනීතා එම්. ගමගේ)
මෙරට ඇතුන් ගේ දළ තුළ ගජමුතු නැතැයි හිටපු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ, මැණික් පිළිබඳ විශේෂඥයකු හා වනජීවී වෙළඳාම පිළිබඳ විශේෂඥයකු වන සමන්ත ගුණසේකර මහතා පවසයි.
ඇතුන් දහස් ගණනකගෙන් එකෙකුගේ මුතු තිබිය හැකි වුවත් එසේ මුතු ඇතිවිය හැක්කේ වසර සියයකට ආසන්න කාලයක් ජීවත් වූ සතකුගේ පමණකැයි ගුණසේකර මහතා පෙන්වා දෙයි.
ගජමුතු බව පවසමින් ජාවාරම්කරුවන් විකුණනු ලබන්නේ මුතු බෙල්ලන්ගෙන් ලබා ගන්නා මුතු හෝ ඇත් දළවලින් කපා ඔප මට්ටම් කරන ලද කොටස් බව වගකීමෙන් පැවැසිය හැකි බව ගජමුතු පිළිබඳව ලංකාදීපයට අදහස් දක්වමින් ගුණසේකර මහතා කීවේය.
එමෙන්ම ගජමුතු බව පවසමින් විකුණන්නට තැත් කරන දේ අතර හරක් ඇට, පළිගු හෝ වෙනත් පාෂාණ වලින් කපා ඔප දැමූ දේ ඇතැයි ද හෙතෙම පැවැසීය.
ඇතුන් ගේ පශ්චාත් මරණ පරික්ෂණ සිය ගණනකට තමන් සම්බන්ධ වී ඇතත් එකම අවස්ථාවක හෝ ගජමුතු හමු නොවූ බව කී ගුණසේකර මහතා ගජමුතු හමුවූ බව පවසන්නන්ට හසුනොවන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් ද කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩි කාලේ ඉස්කෝලේ මිස්ලා අපිට බොරුනේ උගන්වලා තියෙන්නේ. ලෝකේ ලස්සනම මල් පිපෙන, රසම පලතුරු හැදෙන, හොඳම දේශගුණය ඇති, හොඳම මනුෂ්‍ය ගති ඇත්තන් සිටින ලොව සුන්දරම රට ලංකාව කියලා. ඇත්තටම ඉතාලියට එනකල්ම මමත් හිතාගෙන හිටියේ එහෙමයි.
මේවා ගැන පුළුල් ප්‍රචාරයක් සහ දැනුවත් කිරීමක් ,මීට කලකට පෙර නොවෙයිද කරන්න තිබුනේ.පමා වී හෝ දැනුවත් කිරීම අගය කරමි.
අවුරුදු ගණනාවක් අපේ මුතුන් මිත්තන් රැකගෙන ආ ශිෂ්ට සමාජීය ගතිගුණ සියල්ල රට කාපු පාදඩ දෙසපලුවෝ විසින් විනාශ කිරීමේ ප්‍රතිපල තමා ඔය. මෑත අතීතයක් වනතුරු ලංකාවේ සියලු සත්වයෝ හට, සියලුම ජාතින් සැලකුවේ දැඩි සෙනහසකින්. අද? එකිනෙකා මරාගන්නවා මදිවට සතුන්ගේත් ඇට මිදුළු උලාකන්න හදනවා.
ලංකාවේ දේශපාලකයන්ගේ ඔලුවේ මොළේ නෑ වගේ
එතකොට ගජ මුතු ළඟ තිබුන කියා අත් අඩංගුවට අරන් උසාවි දාල හිරේ යවන එකත් බොරු චෝදනාවක්. ? දැනටත් හිරේ ඉන්න අය වන්දී ගෙවා නිදහස් කරන්න වෙනවා.
මම අහලා තියෙනවා ගජමුතු කියලා දෙයක් ඇත්තෙම නැහැ කියලා
ඇත්තටම කිව්වොත් ගජමුතු කියලා දෙයක් ඇත්තෙම නැහැ. ලංකාවේ අලින්ගෙන් දළ තිබෙන්නේ 5%කට පමණයි. හැබැයි ඇතැම් රටවල සිටිනා අලින්ගෙන් 95% කට දළ තිබෙනවා. එම රටවල පවා ගජමුතු කියා දෙයක් ඇත්තේ නැහැ. ජාවරම්කාරයෝ තමයි විවිධ දෑ ගජමුතු කියා විකුණන්නේ. බොහෝ ධනවතුන් මෙයට රැවටෙනවා, මේ ගැන පුළුල් දැනුවත් කිරීමක් අවශ්‍යයි.
පිටිගල තව දේවල් සොයාගෙන තිබෙනවා ඉතාලියේ.
ගජමුතු හැදෙන්නේ විශේෂයෙන්ම මැදිවිය පසු වූ ඇතුන්ගේ දළ කොටස් කැඩී දළ අභ්‍යන්තර කුහරයට වැටී ඒ තුල සෙලවීමෙන් වටකුරු වී ඔප මට්ටම් වීමෙන්. මෙය කලාතුරකින් සිදු වන්නේ.
ගජ මුතු තියෙන්නේ දේශ පාලුවන්ගේ උගුරේ කියලයි මට හිතෙන්නේ!