අප්සරා යෝසිත්
ඌබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරලීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි. තවත් 41කට වැඩි පිරිසක් තුවාල ලබා රත්නපුර රෝහල ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
අප්සරා යෝසිත්
ඌබොක්කේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක් පැල්මඩුල්ල පතුල්පාන දොඩම්ඇල්ල දිය ඇල්ලට පෙරලීමෙන් දෙදෙනකු මියගොස් ඇතැයි රත්නපුර පොලිසිය කියයි. තවත් 41කට වැඩි පිරිසක් තුවාල ලබා රත්නපුර රෝහල ඇතුලත් කර ඇතැයි පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
2ක්ද, 41 ක්ද මැරුනේ ? කණගාටුයි..
සමහර බස් පාරේ යන හැටි දැක්කාම හිතෙන්නේ මේ යක්කුන්ට ලයිසන්ස් දීල තියෙන්නේ එමිරේට්ස් එයාර් ලයින් එකෙන්ද කියලා. පව් අහිංසක ජීවිත!
ලංකාවේ බස් රියදුරන්ට වයස සීමාව අවුරුදු 30 ට වැඩි කරන්න ඕන. මේ රියදුරාගේ බලපත්‍රය සම්පූර්ණයෙන් තහනම් කරන්න ඕනෑ. බස් රියදුරන්ගේ අවම දඩය රුපියල් 5000 කරන්න ඕනෑ. පුද්ගලික බස් රියදුරන් හෝන් එක ගහගෙන පාරේ ඉන්න මින්ස්සු පාරෙන් එලියට එලවල තමයි ධාවනය කරන්නේ.
මේ මග මරුවන් මෙල්ල කල හැකි, මග මරුවන්ගේ වේගය පාලනය කල හැකි නීති සහ ක්‍රියා මාර්ග තියෙනවා.. නමුත් මේ රටේ නීති හදන පඬිතුමන්ලා එවැනි නීති හදන්නේ හෝ ක්‍රියා මාර්ග ගන්නේ නැහැ. එබැවින් අදහස් දක්වා වැඩක් නැහැ. මෙසේ කියන්නේ සෞදියේ බර වාහන රියදුරෙකු, කුවේටයේ බස් රථ රියදුරෙකු වසයෙන් ලද අත්දැකීම සහ මේ රටේදී රියදුරා පැදවීම ප්‍රතික්ෂේප කල බර පැටවූ ලොරියක් වංගු 18 වංගු 14 ක් පහළට පදවාගෙන පැමිණි ප්‍රවාහන නිලධාරියෙකු සහ රියදුරු බේබද්දෙකු පැදවූ ලංගම බස් රථ අනතුරකින් මිය ගිය ගුරුවරයෙකුගේ දරුවෙකු වශයෙනි.
නීතිය හරියට ක්‍රියා කරනතුරු සහ වැඩිපුර දඩ ගස ගසා මේ තක්කඩියන් මෙල්ල කල හැක. නමුත් රජය මොවුන්ට අවනත වී ඕනෑම දෙයක් කිරීමට ඉඩදී බලා සිටින්නේ ඡන්ද ටික නැති වෙන නිසා මිසක් වෙන හේතුවක් නැත. පසුගිය දිනවල සිදුවූ රිය අනතුරු ගැන කවුද කතා කරන්නේ? පාර්ලිමේන්තුවේ මොනවද කරන්නේ? කිසිවක් නැහැ මේවා දුටුවාම කේන්තිය මිසක් වෙන යමක් මිනිසුන් ලෙස අපට කල නොහැකිය.
දෙකක් මරුට? කජු ඇටද කොස් ඇටද? මොකද මේ වෙන්නේ?
මාරක රිය අනතුරු වල යම්කිසි වගවීමක් පොලීසියට සහ රජයට පවරන ලෙස නීති සැකසිය යුතුය.
බස් රියදුරෝ මෙන්ම හැම දුම්රිය නියාමකයෙක්ම පාහේ සේවා කාලය තුල මත්වතුර බොනවා.
ලංකාවේ යල් පැන ගිය නීතිය අනුව රිය අනතුරු අපරාධ ගණයට වැටෙන්නේ නෑ. ඒ නිසා මේ මරණ වලට වග කියන්න කව්රුත් නෑ. ඒ වගේම නීතිය සැමට එක ලෙස ක්‍රියාත්මක වෙන්නෙත් නෑ. මේ දේවල් හදාගන්න කල් මේ වගේ මරණ තවත් අංකයක් විතරයි.
අපි නීති ගැන වාද විවාද කරනවා. එකක් කිව යුතුයි. නීතිය රජ වෙන්න නම් රටේ නියම රජෙක් ඉන්න ඕනි. රජා කොයිතරම් සාදාරනව හිතුවත් වැඩක් නෑ. අසාදාරනය දුටුවිට එයට විරුද්දව ක්‍රියා කරන්න තරම් කොන්ද පන තියෙන්න ඕනි. නිර්භය වෙන්න ඕනි. නැත්නම් අවනීතිය තමයි රජකරන්න පටන් ගන්නෙ.
මීගමුව කොච්චිකඩේ වාහන තදබදය වරු ගනන් කාලය කා දමනවා. පොලිසිය පෝලිමට පිටින් පාර අගුවෙන් සහ පාර මැදින් දමාගෙන පාලම ලඟ හිරකරන රියදුරන් ගැන බලන්නේ නැහැ. තදබදය අඩු කිරීමට උත්සාහයක් නැහැ. ඒත් ටවුමට පසුව පාර නිදහස් තැනකට වී වෙනත් වැරදි වලට දඩකොල ලියන්නට නම් පොලිස් මහත්වරු සැදී පැහැදී ඉන්නවා.
මේ බස් රියදුරන් බලපත්‍ර තිබුණත්, නැතත් හැන්දෑවට අනිකාට වඩා හොයන්නමයි දුවවන්නේ... මේ වාහනවල උදේට රෝද තියෙනවදවත් බලන්නේ නැහැ. හවසට නවත්වනවා. උදේට බල්ලො මරල හරි ගාන කපන්නයි දුවවන්නේ...