(චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු දරුණු ලෙස නවක වධයට ලක්වීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටී.
පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ශාස්ත්‍ර පීඨයට පසුගියදා ඇතුළත්වූ ශිෂයෙකු නවක වධයට ලක් වෙමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇද වැටීමෙන් පසු නවක වධය ලබාදුන් සිසුන් විසින් එම සිසුවා මහනුවර පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය මැදිහත් වී සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.
රජයේ රෝහලකට නවක සිසුවා ඇතුළත් කළහොත් ගැටලු මතුවන බව දැන අදාළ සිසුන් විසින් සිහිසුන් සිසුවාව ත්‍රිරෝද රථයකින් පෞද්ගලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහි ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට ලැබුණු තොරතුරකට අනුව කණ්ඩායමක් එහි ගොස් සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
දියතලාව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සති අන්තයේ නිවාඩුවට නිවසට ගොස් පසුගිය 17වැනිදා යළි විශ්ව විද්‍යාලය වෙත එමින් සිටියදී ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු ගලහ මංසන්ධියේදී ඔහුව විශ්ව විද්‍යාලයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් නවක වදය ලබා දෙමින් සිටින විට එම අවස්ථාවේ සිසුවා සිහිසුන්ව ඇද වැටී තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර අදාළ සිසුන් විසින් නවක සිසුවාව පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත්තේ තමන් සමඟ එකම වසරේ අධ්‍යාපනය ලබන මිතුරෙකු යැයි පවසා ඇති බව පරික්ෂණවලින් තහවුරු වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය උග්‍ර මානසික රෝගී තත්වයකි. මෙවන් මානසික රෝගීන් පුනරුත්ථාපනය කිරීමට විශේෂිත වූ රෝහල් වලට යොමු කර විශ්ව විද්‍යාල පරිශෝධනය කිරීම බලධාරීන්ගේ යුතුකමයි.
මේක අනිවාර්යයෙන්ම සයිටම් කාරයන් පුද්ගලික රෝහල සමග එකතුවෙලා කරපු කුමන්ත්‍රණයක්, රජයේ විශ්ව විද්‍යාල වල සිසුන් නියමිත ප්‍රමිතියක් ඇති නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් තම ජීවිතය වුනත් පුදන්න සුදානම් වුණු පිරිසක්, ඔවුන් තම සහෝදර සිසුන්ට අඩන්තේට්ටම් කරන පිරිසක් නොවේ. අද හෙටම දොස්තර සංගමය මේ නින්දිත ක්‍රියාවට විරුද්ධව පාරට බහිනු ඇත. මවුපිය සංගමයේ මරාගෙන මැරෙන යුනිට් එක පෙරට ඒවි. ඔය සයිටම් එක තහනම් කරලා විතරක් මදි. ගොඩනැගිලිත් බිමට සමතල කරලා දමන්න ඕනේ, කුමන්ත්‍රණකාරයින්ව වහාම අල්ලනු...
‘රජයේ රෝහලකට නවක සිසුවා ඇතුළත් කළහොත් ගැටලු මතුවන බව දැන‘ දැන උගත් අය වැරදි වැඩ කරන්නේ දැනමුත්තන් ලෙසටය. මොවුන් වඩා බයානකය. අප ගරුකල යුත්තේ ධනවත් බවටවත්, බලවත් බවටවත්, උගත් කමටවත් නොව යහපත් ගුණවත් සිල්වත් ධර්මය උගත් සත්පුරුෂයින්ටමය.
නවක වදය ලැබූ සිසුවා ඊළඟ වසරේද මෙය ක්‍රියාත්මක කරාවි. මෙහි අවසානයක් නොමැත.
මේ රටට පෞද්ගලික අධ්‍යාපන ආයතන අවශ්‍යයි. නිතිවිරෝදි කටයුතු වලින් තොරව තමන්ට අවශ්‍ය විදියට නිදහසේ කටයුතු කිරිමට නිදහස තියෙනවා නම් එතන අධ්‍යාපනයට හොද තැනක්. මේ වගේ හේතු නිසා තමයි සමහරු මේ රටේ උසස් අධ්‍යාපනය අතහැර පිටරට ගොස් අධ්‍යාපනය හදාරන්නෙ. හොද ගුනාත්මක අධ්‍යාපන ආයතන මෙරට තිබේනම් පිටරට යන්න අවශ්‍ය වෙන්නෙ නැනෙ.
පේරාදෙණිය කැම්පස් එකේ නවක වදය දෙන්නේ ආයෙමත් නැගිටින්න බැරිවෙන්නමයි. විශේෂයෙන් අක්බාර් හෝල් එකේ දෙන වදය ඉවසන්න පුළුවන් වෙන්නේ ඉබිමස් නැත්නම් මී හරක් මස් කාල ගස් නැගල පුරුදු ගමේ ගොඩේ ඉලන්දරින්ට විතරමයි. ටවුන් වල හැදිලා සෝමාරි ඇඟවල් තියෙන එවුන්ට දවස් දෙකක් තුනක් වදේ දුන්නම ඇවිදින්නෙත් හොඳටම ඩෝප් වෙන්න බීපු එවුන් වගේ. මේ නවක වදය දෙන අයගේ ශිෂ්‍ය භාවය අවුරුදු කිහිපයකට අත්හිටවන්න ඕන.
සිල්වා දන්නා බම්බුවක්...........අපේ රටේ විශ්ව විද්‍යාලවල දෙන වද හිංසා ........... වධකාගාරවල වත් නැතිව ඇති.........
දැන් අර අන්තරෙයි, වෛද්‍ය සිසුනුයි, දෙමපියනුයි, දොස්තර සංගමයි නිදහස් අද්‍යාපනය රකින්න එන්නේ නැද්ද?
තමන් සමඟ එකම වසරේ අධ්‍යාපනය ලබන (පස)මිතුරෙකු මටත් හිටිය. ජෙෂ්ටයන්ගේ බහට තමන්ගේම සහෝදරයන්ව බිලිබා ගන්න උදව් කරන එවුන්ගෙන් තමා වැඩිපුරම පරිස්සම් වෙන්න ඕනේ.
අධ්‍යාපන ඇමතියා ඇතුළු අනික් වගකිවයුතු බලධාරීන් ඔක්කොම නිතමෝ බවට පත් වෙලා. එකයි මේකට හේතුව.අපේ දරුවනුත් විශ්ව විද්‍යාල වල ඉන්න නිසා මේවාට අපිත් සංවේදී වෙනවා. මම නම් මගේ දරුවෙකුට මේ වගේ දෙයක් කලොත් කල එකාට අයෙත් කරන්න ඉඩ තියන්නේ නැහැ.
ඇයි ප්‍රමිතියට අනුව නෙමෙයිද නවක වදය දීලා තියන්නේ මේ වෙනුවෙන් දැන් අම්මලා තාත්තලා පෙලපාලි යන්නේ නැද්ද?????????????
ඇත්ත නේන්නම් මේ ගොල්ලෝ පහු උනාමත් පාරට බහින්නේ හැම දේටම. නවක වදයක් මේ දියුණු ලෝකයේ උවමන නැහැ.
දියුණු ඇමරිකා යුරෝපා රටවල විශ්ව විද්‍යාල සිසු සිසුවියන්ගේ විනය සහ අධ්‍යාපන මට්ටම ලංකාවත් එක්ක බැලුවම අහසයි පොලවයි වගේ දුරස් !
කොහොමත් කැම්පස් වලට යන ගොඩක් අයට අමුතු මානසිකත්වයක් එනවා. හෙන පොරක් කියන මානසිකත්වය. ඉතින් ඉගෙන අරන් අම්මට තාත්තට සලකලා රටට ලෝකෙට දෙයක් කරන්න හිතාගෙන එන ළමයින් එක්ක ජනතා විමුක්ති පෙරමුණටයි පෙරටුගාමී පක්ෂෙටයි කඩේ යන බහුතරයක් අයට තියෙන්නේ වෛරයක්. ඒ උන්ගේ මතවාදය ප්‍රතික්ෂේප කරන නිසා. හැම වෙලාවේම පාරට බහින්න බලාගෙන විතරක් එන මුන්ට තියෙන්නේ ඉගෙන ගැනීමේ උවමනාවක් නෙවෙයි. උන්ගේ පක්ෂ වලට මතවාද වලට නම්ම ගන්න බැරි ළමයි හැමදාමත් මේ අයගේ ගොදුරු වෙනවා. තමන්ගේ පිඩිත පන්තියේම ඉන්න එවුන් වෙනුවෙන් පාරට බහින්න, අහින්සකයින්ව ආරක්ෂා කරනවා කියලා මැරෙන්න හදන ගමන් තමන්ගේ අයවම විනාශ කරන එක තමයි සමාජවාදේ
ජෙර්මනියේ විශ්ව විද්‍යාල තුල නවක වද හෝ දේශපාලන ක්‍රියාකාරකම් මොනවත් නැත . දොස්තර සංවිධාන හෝ දේශපාලන සංවිධාන විශ්ව විද්‍යාල සිසුන් අතකොලු ලෙස යොදා ගන්නේ ද නැත , ඔවුන් බොහෝවිට උදේ වරුවේ ඉගෙන ගන්න අතර සවස් වරුවේ පොඩි ජොබ් එකක් කර කියක් හෝ සොයා ගනිති.......... එහෙම නැත්නම් පර්යේෂණ කටයුතු වලට යොදාගනිති....... මෙම විශ්ව විද්‍යාල වලින් පිටවන සිසුන්ගේ ප්‍රමිතියත් අපේ විශ්ව විද්‍යාල වලින් පිට වන සිසුන්ගේ ප්‍රමිතියත් අහසට පොලව මෙනි , අපේ රටේ විශ්ව විද්‍යාල වලින් පිටවන උගතුන් රටේ වැඩිපුර උගතුන් බිහිවනවට කැමති නැත , නමුත් මේ රටේ මිනිස්සු බිහිවෙන පරම්පරාවට අත හිත දෙන්න සැදී පැහැදී සිටිති , දෙවන ලෝක යුද්ධයෙන් විනාශ වූ මේ රට දැනට මෙ පමණ දියුණුවක් ලැබීමට මෙයත් එක හේතුවකි..............
නවක වදයට තිත. කියල හමුදුරු කෙනෙක් අපුරු පොතක් ලියල තියෙනවා.ලංකාවේ අධ්‍යාපන ආයතනවල තියෙන වද හිංසාවල හැටි දැන ගන්න ඕනේ නම් ඒ පොත කියවන්න....