(චමිල් රූපසිංහ)
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ සිසුවකු දරුණු ලෙස නවක වධයට ලක්වීමෙන් රෝහල් ගත කරනු ලැබ සිටී.
පේරාදෙණිය විශ්ව විද්‍යලයේ ශාස්ත්‍ර පීඨයට පසුගියදා ඇතුළත්වූ ශිෂයෙකු නවක වධයට ලක් වෙමින් සිටියදී හදිසියේ සිහිසුන්ව ඇද වැටීමෙන් පසු නවක වධය ලබාදුන් සිසුන් විසින් එම සිසුවා මහනුවර පෞද්ගලික රෝහලකට රැගෙන ගොස් ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාල ආරක්ෂක අංශය මැදිහත් වී සිසුවා පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ.
රජයේ රෝහලකට නවක සිසුවා ඇතුළත් කළහොත් ගැටලු මතුවන බව දැන අදාළ සිසුන් විසින් සිහිසුන් සිසුවාව ත්‍රිරෝද රථයකින් පෞද්ගලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එහි ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී විශ්ව විද්‍යාල ආරක්ෂක අංශයට ලැබුණු තොරතුරකට අනුව කණ්ඩායමක් එහි ගොස් සිසුවා පේරාදෙණිය රෝහලට ඇතුළත් කර ඇත.
දියතලාව ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවා සති අන්තයේ නිවාඩුවට නිවසට ගොස් පසුගිය 17වැනිදා යළි විශ්ව විද්‍යාලය වෙත එමින් සිටියදී ශාස්ත්‍ර පීඨයේ ජ්‍යෙෂ්ඨ සිසුන් තිදෙනකු ගලහ මංසන්ධියේදී ඔහුව විශ්ව විද්‍යාලයේ පාළු ස්ථානයකට රැගෙන ගොස් නවක වදය ලබා දෙමින් සිටින විට එම අවස්ථාවේ සිසුවා සිහිසුන්ව ඇද වැටී තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා පේරාදෙණිය පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙන අතර අදාළ සිසුන් විසින් නවක සිසුවාව පෞද්ගලික රෝහලට ඇතුළත් කර ඇත්තේ තමන් සමඟ එකම වසරේ අධ්‍යාපනය ලබන මිතුරෙකු යැයි පවසා ඇති බව පරික්ෂණවලින් තහවුරු වී ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.