(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා,ඡායාරුප සිරිනිහාල් ගමගේ)
අහංගම රජයේ බැංකුවක් කොල්ලකෑමට අද(19) දහවල් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකුගෙන් එක් අයකු බැංකුවේ ආරක්ෂකයන් විසින් තබන ලද වෙඩි පහරකින් තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි අහංගම පොලීසිය කියයි.
සැකකරු ළඟ ජීව අත් බෝම්බයක් තිබී හමුවු බවද පොලීසිය පවසයි.
මෙම සිද්ධියේදී බැංකුවට ඇතුළු වු සැකකරුවන් දෙදෙනාගෙන් එක් පුද්ගලයෙක් බැංකුවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරින් දෙදෙනාගෙන් එක් අයකුට පහර දි ඇති අතර මේ අවස්ථාවේදී අනෙක් ආරක්ෂක නිලධාරියා මංකොල්ලකරුට තම අත තිබූ ගිනි අවියෙන් වෙඩි තබා ඇත.
වෙඩි පහර කෑ මංකොල්ලකරු සහ අනෙක් සැකකරු බැංකුව පිටුපස කැලයට දිවගොස් ඇත. එහිදී අහංගම පොලිසියට සිද්ධිය සැලවි ඇති අතර පොලීසිය පැමිණ කළ පරික්ෂාවේදි වෙඩි වැදි සිටි සැකකරු අත් අඩංගුවට ගෙන තිබේ.


ඡායාරුප - අමල් වික්‍රමරත්න




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ආරක්ෂක නිලධාරියාගේ දක්ෂකම නිසාම සිදු වී ඇති බව පෙනේ. අපේ බැංකුවේ ඉන්න ආරක්ෂකයින්ට තියන ගිනි අවිය දිගින් වැඩි බරින් වැඩි හැසිරවීමට ඉතා අපහසු එකකි. ඔවුනට තිබිය යුත්තේ කුඩා එහෙත් කාර්යක්ෂම ගිනි අවියකි. මේ ගැන බලධාරීන් සිතා බැලිය යුතුය.
පොහොට්ටුවේ අපේක්ෂකයෙක්ද????????
බිම වැටී අසරණ වී සිටින විට සිතට දුකක් දැනුනි. කාගේ වුනත් දරුවෙක් කියා සිතුනි. වරද සමාජයේ සහ රට අරාජික කල පාපතරයන්ගේ බවද සිතුනි. තුවාල වී වැටී සිටින්නාගේ දුරකථන චායරුප ගැනීම පහත් ක්‍රියාවක් කියාද සිතේ. මගේ රට පත් වී ඇති කණගාටුදායක තත්වය පිලිබඳ දැනෙන්නේ මහත් කලකිරීමකි.
හැමදා නියන් එකදා වැහි වළාවේ.
තම රාජකාරිය නිසි ලෙස කරනලද මෙම මිනිසාට මගේ ප්‍රණාමය. නිර්භයව ජීවත් වීම නියම මිනිස්කම වේ. නීතිය අනුව මෙම නිලධාරියාට සැනසිල්ල ලබා දෙන්න. එසේම වේවා.
ආරක්ෂක නිලධාරියාට අපේ උපහාරය!!!!!! ඔය විදිහට දෙතුන් පලකින් කෑවානම් ලංකාවේ බැංකු කැඩීම නතර වෙයි....
පැරකුම් මහතා ගේ යෝජනාව ඉතාමත් කාලෝචිත එකකි.....බැංකු ආරක්ෂකයන් සාමාන්‍යයෙන් පාවිච්චි කරන තුවක්කු ඉතා විශාල වන අතර හදිසි අවස්ථාවකදී ඒවා හැසිරවීමට අපහසු බව පෙනේ බොහෝවිට ඒවා නිෂ්පාදනය කර ඇත්තේ වනයේ දඩයමේ යාමටය.... ඒවා මගින් වෙඩි තැබීමේදී බැංකුවේ සිටින ගනුදෙනු කරුවන්ටද තුවාල වියහැක.....විදේශ රටවල මෙවැනි ආරක්ෂකයන් පරිහරණය කරන්නේ 9 mm ප්‍රමාණයේ පිස්තෝල වේ.......එම පිස්තෝල ළඟ තිබෙන ඉල්ලක්ක වලට වෙඩි තැබීමට භාවිත කරන අතර එහි වැඩි පතුරම් සංඛ්‍යාවක් ගබඩා කල හැකි නිසා වැඩි වෙඩි ප්‍රමාණයක් එල්ල කල හැක....බඳ පටියක් ආධාරයෙන් ශරීරයේ රඳවා ගත හැකි නිසා පරිහරණයටද පහසුය...........
ෂොට් ගන් එකෙන් හරි හොරුන්ට වෙඩි තිබ්බ ආරක්ෂක මහතුන්ට දැයේප්‍රණාමය , අපරාදේ තව එකක් තියලම දැම්මනම් ඉවරයි කියල හිතෙයි නඩු අහල මොවුන් වසර කීපයකට පමණක් හිරගෙදර ගිහින් අපේම බදු මුදල් වලින් යැපෙන්න ගත්තම
ප්‍රතමයෙන්ම විරෝදාර ආරක්ශක නිලදරුවාට මාගේ ප්‍රනාමය. දෙවනවර දනහිසට තබා මේ රටට ඔබෙන් විය යුතු සේවය මග නොහරින ලෙසද ඉල්ලා සිටිමි
රනිල් මහත්තයට වෙඩි වැදිලද ?