(නිමල කොඩිතුවක්කු)
රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම දෙසැම්බර් 30 වැනිදායින් පසු ඉවත් කර ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා අද(25) ලංකාදීපයට පැවසීය.
තේ තහනම ඉවත් කර ගැනීම සඳහා රුසියාව බලා පිටත්ව ගිය විශේෂ තාක්ෂණික කමිටුව සහ රුසියානු බලධාරීන් සමග පැවති සාකච්ඡාවෙන් පසු මෙම තීරණය ගෙන ඇති බවද අමාත්‍යවරයා කියා සිටියේය.
ඒ අනුව දැනට රුසියාව වෙත යැවීමට සූදානම් කර ඇති තේ කොළ සහිත කන්ටේනර් බහාලූම් ලබන 30 වැනිදායින් පසු රුසියාව වෙත යැවීමට අදාළ බළධාරීන් වෙත උපදෙස් ලබා දෙන බවද ඒ මහතා පැවසීය.
රුසියාව විසින් මෙරටට පනවා ඇති තේ තහනම ඉවත් කර ගැනීමට සාකච්ඡා කිරීම සඳහා පත්කර ඇති සාමාජිකයින් නම දෙනකුගෙන් සමන්විත තාක්ෂණික කමිටුව පෙරේදා(24) දිවයිනෙන් පිටත්ව ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය අපේ, රජයට අපේ උපහාරය.
අනේ සර් අපෙන් තේ ගන්න. අපට පිළිකා හැදුනත් කමක් නැහැ ඔයාලගෙන් ඇස්බෙස්ටොස් අපි දිගටම ගන්නම්.
එතකොට ඒ ගොල්ලෝ අපේ හොද තේ බොනකොට, අපි ඒ ගොල්ලන්ගේ පිළිකා කාරක ඇස්බැස්ටොස් යට තැම්බි තැම්බි ඉන්න ඕනේ?
ඇස්බැස්ටස් තහනම ඉවත් කරපු හින්ද තේ තහනමත් ඉවත් කරා කිව්වනම් ඉවරයිනේ. ඕක තමයි තීරණ ගනිද්දී "මොලයක් කියල තියෙන දේ පාවිච්චි කරන්න ඕනෙ කියල" කියල තියෙන්නෙ. රටේ ප්‍රධානියා වාචාල කමට කියවන දේවල් වලින් වෙන්නෙ රටටම හානි වෙන එක. කොහොමත් ඉතින් මේ යහපාලනේ ආපු දවසේ ඉදන් රටට උනේ රට විනාශ වෙන එක තමා. ස්වාභාවික විපත් නැති දවසක් මේ රටේ දැන් නැහැනෙ.
ඔන්න ජාත්‍යන්තරය ජය ගන්ත්තා , රුසියාවෙන් සමාව ගත්තා..
මේක දුන්නේ 2018 අප විසින් පනවන්න හදපු ඇස්බැස්ටස් තහනම ඉවත් කරපු නිසා. ඕක තමයි තිත්ත ඇත්ත. නැතිනම් ඔය ගිය සෙට් එක හින්දවත්, අපේ ජනදිපතිගේ හොදම හිතවතා පුටින් හින්දවත් නොවේ.
රුසියාවෙන්නම් ගොඩ.
කුරුමිනියෙක් වත් නැති සෞඛ්‍ය හිතකර තේ අපෙන් රුසියාවට , පිලිකා කාරක ඇස්බැස්ටෝස් රුසියාවෙන් අපට , පිලිකා නැති කරන්න බෙහෙත් රුසියාවෙන් ඉන්දියාවෙන් එංගලන්තයෙන් අපට , රටේ ශ්‍රම බලකාය දුර්වල වීම අපට , පිලිකා සැදුණ විට ඔවුන්ගේ පවුල් වල අය විඳින දුක දන්නේ අපි විතරයි , අපේ රට හිඟමනට ඇදල දාපු , නිදහස ලැබුන දා ඉඳන් පුරසාරම් දොඩවමින් රට කරවපු පාලකයන් වුනත් දැන් අසරණයි , ජනතාව හැටියට අපි සියලු දෙනා මේ වෙලාවේ කල යුත්තේ ඇස්බැස්ටෝස් වෙනුවට උළු සහ වෙනත් විකල්ප වලට මාරු වීමයි . නව නිපැයුම් කරුවන් අලුත් දේ හිතන්න , ඉදිරිපත් කරන්න , පාරිභෝගිකයන් අලුත් දේ වෙත යොමු වෙන්න , අපි වත් මේ රට හදාගන ඉදිරියට යන්න බලමු.
කෙන්යාව ඒක අස්සෙ ටීම් එකක් යවල තමන්ගේ තේ වලින් ලංකාවට ගේම දෙන්න ගියා කියලයි ආරංචිය. නමුත් ලංකාවෙ තේ වල ප්‍රමිතිය අසමසමයි. මේ වගේ ප්‍රශ්න ඇති උනාම වගකිවයුතු අයරට ගැන හිතල වගකීමෙන් වැඩ කරන්න ඉගෙන ගන්න ඕන. ශ්‍රී ලාංකිකයන් විදියට අප මේ ගැන අතිශය ලැජ්ජා විය යුතුයි.මේ පාඩම අපි ඉගෙන ගන්නකම් අපේ රටට කවදාවත් ගොඩ ඒමක් නෑ.
ලොව දිනූ නායකයන්ගේ යහපාලනයයි - ගොන් පාලනයයි.....