(ඉන්දිකා රාමනායක,ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
ගී‍්‍රන් ටී වශයෙන් සකස් කර ඇමැරිකාවට සහ බි‍්‍රතාන්‍ය යන රටවලට යැවීමට සුදානමින් තිබු මත්ද්‍රව්‍යමය ශාක කොටස් කිලෝ 542 ක් කොළඹ 14 නාගලගම්වීදියේ දී අත්අඩංගුවට ගත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය කියයි.
මෙම මත්ද්‍රව්‍ය ශාක කොටස් සැමිබියාවේ වනාන්තර වල වැවෙන මුරුංගා විශේෂයක් බවත් මේ පත‍්‍ර කොටස් වල මත්වීමේ රසායනිත සංඝටක අඩංගු බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
මෙම ශාක කොටස් සැම්බියාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ඇති බවත් පසුව ඒවා නාලගම්වීදියේ ගබඩාව තුළ දී ගි‍්‍රන් ටී ලෙස පැකට් වශයෙන් ඇසුරුම් කර නැවතත් අපනයනට කරන බවද පොලිසිය කියයි.
වැටලීම සිදුකරන අවස්ථවේ එම ස්ථානයේ පුද්ගලයෙක් හා කාන්තාවක් මේවා ඇසුරුම් කරමින් සිටි බවත් ඔවුන් දෙදෙනා ද අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙම මත්ද්‍රව්‍යඅ කොටස් පෙට්ටිවල සහ ප්ලාස්ටික් බේසම්වල දමා තිබී ඇති අතර තවත් කොටසක් පැකට් වශයෙන් අසුරා තිබු බවද පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු සහ සැකකාරිය අවුරුදු 31,18 යන පසුවන්නියන් බවත් ඔවුන් වැල්ලම්පිටිය, කැළණිය යන ප‍්‍රදේශ වල පදිංචිකරුවන් බවද පොලිසිය සඳහන් කරයි.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.