(කාංචන කුමාර ආරියදාස)
විදේශීය රටවලින් මෙරටට ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර අර්තාපල්, ලොකු ලූනූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අවට විශාල ගබඩාවල රහසිගතව තෝරා වෙළඳපළට යැවීමේ ජාවාරමක් පිළිබඳව මාධ්‍ය මගින් හෙළිදරව් කිරීමත් සමඟ දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී තිබේ.
වැටලීම සිදුකරන අවස්ථාවේ දී ආහාරයට නුසුදුසු විදේශ රටවලින් ගෙන්වන ලද අර්තාපල් අල , ලොකු ළුණු තොග රැසක් පිරිසිදු කරන අයුරු නිලධාරීන්ට දැකගත හැකිවිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට අයත් ව්‍යාපාරිකයන් කිහිප දෙනෙක් විදේශ රටවලින් අර්තාපල් අල ලොකු ළුණු ගෙන්වනු ලැබේ. මෙම ලොකු ලූණු අර්තාපල් අල ගෙන්වා ඇති ලියකියවිලි නොමැතිවීම විශේෂත්වයකි.
ජනතා පරිභෝජනයට නුසුදුසු තත්ත්වයේ නරක් වී ඕජස් ගලන පණුවන් සහිත අල සහ අර්තාපල් සහ ලොකු ළූණු මෙයාකාරයෙන් රට තුළට පැමිණීම ජනතාවට විශාල ලෙඩ රෝග බෝකරන කාරකයක් බවට පත්වන බවද දඹුල්ල මහනගර සභාවේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වෛද්‍ය දයන්ත වීරසේකර මහතා පැවසීය.
දඹුල්ල නාගරික කොමසාරිස් රුවන් රත්නායක මහතා පැවසුවේ මාධ්‍ය මඟින් සිදු කළ හෙළිදරව්ව නිසා මෙම වැටලීමට සිදු කරන්නට වූ බවත් ඉදිරියේදී දිගින් දිගටම මේ ආකාරයෙන් වැටලීම් සිදුකරන බවයි. විශාල වශයෙන් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර පාන පමණක් නොව කිසිදු සෞඛ්‍ය ආරක්ෂතාවයෙන් තොරවූ අල ලූනු ගබඩා රැසක් දැක ගැනීමට හැකියාව ලැබුණු බවත් සඳහන් කළේය.
පිටරටවලින් අර්තාපල් අල ලොකු ලූනු ගෙන්වන සියලුම ව්‍යාපාරිකයන් ඒකරාශී කොට මේ පිළිබඳව ඔවුන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් දඹුල්ල මහ නගර සභාව මගින් ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවද නාගරික කොමසාරිස්වරයා සඳහන් කළේය.





2025 නොවැම්බර් මස 04
92
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2026
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1564
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
දඹුල්ලේ අල ලූනු ගබඩා වටලයි
sena Thursday, 21 December 2017 06:24 AM
වටලලා ඇති වැඩේ මොකක්ද කිසියම් නීතිමය ක්‍රියාමාර්ගයක් නොගෙන.............
PRADEEP Thursday, 21 December 2017 09:45 AM
මේවා වැටලුව කියල නීතියෙන් ඇති වැඩක් නැහැ. පොලීසියට,නගරසභාවට ජරාව දුන්නාම ඔක්කොම ඉවරයි අපි ඉතින් එදත් කුණු කෑවා , අදත් කනවා , හෙටත් කනවා .... පුදුම වැඩේ කියන්නේ මේ රේගුව තියෙන්නේ මොන කෙන්ගෙඩියටද ???? මේ හැමදෙයක්ම එන්නේ රේගුව හරහා නේද ?? කෝ මේ නීතිය එතෙන්ට ක්‍රියාත්මක වෙන්නේ නැත්තේ ඇයි ??????????????????????????????? මේවා බොරු දේවල් , ඔය වෙළඳ මහතුන්ට ඔය ටික විකුණලා අපිව පෝෂණය කරන්න අරින්න...