සිරංගිකා ලොකුකරවිට
පෙබරවාරි මස 4 වැනි දාට යෙදෙන 70 වැනි නිදහස් දින සමරු උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බ්‍රිතාන්‍යයේ එඩ්වර්ඩ් කුමරු සහභාගි වීමට නියමිත බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
දෙවැනි එළිසබෙත් රැජිනගේ සහ ෆිලිප් කුමරුගේ බාල පුතණුවන් වන එඩ්වර්ඩ් කුමරු වැසෙක්ස්හි අර්ල්වරයා යන නමින් හඳුන්වන අතර බ්‍රිතාන්‍යයේ රජ කිරුළ හිමිවන අනුපිළිවෙළ අනුව 9 වැන්නා ද වේ.
ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ විදේශ අමාත්‍යාංශය හරහා බ්‍රිතාන්‍ය රජ පවුල වෙත යවා ඇති ආරාධනා පත්‍රය පිළිගෙන ඇති බවයි.
1998 වර්ෂයේ සමරනු ලැබූ 50 වැනි නිදහස් දින උත්සවයේ ආරාධිත අමුත්තා වූයේ එළිසබත් රැජිනගේ වැඩිමහලු පුතණුවන් වන චාර්ල්ස් කුමරුය.
“එක් ජාතියක්“ යන තේමාව යටතේ පවත්වන මෙවර නිදහස් දින උළෙල සඳහා තායිලන්තයේ සහ ජපානයේ රජ පවුල් වෙතද ආරාධනා යවා ඇති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ නිදහස සමරන්න මේ අය මොකටද?
නිදහස් දිනය සමරන්න අධිරාජ්‍යවාදීන් ගෙන්වන්නේ මොකටද? එක වතාවක් නිදහස් දිනයේ ඔපෙරා කිව්වා. නිදහස සැමරීමට කලින් එහි අරුත දැනගත්තොත් හොඳයි.
මීට වඩා හොඳ නැද්ද 2009 රට එක් සේසත් කරලා නැවත වාරයක් රටට නිදහස දිනා දීමට දායක වෙච්ච දේශපාලන හරි හමුදා හරි නායකයෙක්ව ආරාධිත අමුත්තා විදියට ගෙනාවනම්.
අපි ආදරයෙන් සමාදරයෙන් පිළිගන්නවා. මේ මිනිස්සු කියන ඒවා දූවිලිගානට ගණන් ගන්න එපා. ඔබලා මෙහි පැමිණියේ නැතිනම් තවමත් අපිව පාලනය කොරන්නේ වඩුග දෙමල්ලු. සිංහලයාට පරිපාලනය කියන්නේ මොකක්ද කියලා කියා දීල කැලෑ ටික තේ - රබර් - පොල් වතුකරලා දුන්නාට බොහොම ස්තුතියි. නැතිනම් අද වෙනකොට අපිට බෙහෙත් පෙත්තෙක් ගෙන්න ගන්න විදේශීය මුදල් නැත. දැන් මුන් පරිපාලනය කඩාවටිලා කියන්නේ ඔබතුමන්ලා දුන් පරිපාලනය කාබාසිනියා කරගෙනය. නැතිනම් විදේශීය ඇමතියාට ලොතරැයි මණ්ඩලය දෙන අය ඔය රටේ ඉන්නවාද.
වහල්ලු තමන් බැඳපු යදම් වලට ප්‍රේම කරාලු. මේ වැඩෙත් එ්කම තමයි...
බටහිර කුමන්ත්‍රණය කියමින් දැන් උපවාස කරාවි.
කොදු නාරටි බිදගත් යහපාලනය....
අපි නැවත සුද්දට රට බාරදෙමු
අවරුදු 70කින් පසුවත් වහල් ගතිය ගිහිල්ලා නැහැ. තවමත් සුද්දා තමයි ලොකුවට පෙනෙන්නේ
"වහලා තමන්ව බැඳී යදම් ආභරණයක්සේ දකිනතාක්කල් තමන් යමෙකුගේ වහලෙක් බව නොදනී".. යනුවෙන් එක්තරා පොතක මම කියවලා තියෙනවා.
බොරු වැඩ මේවා. රටේ යුද්දේ නෙවතුණු දිනය අපි සමරන්න ඕන. එදා තමයි අපිට හරියට නිදහස ලැබුණේ. මිනිස්සු ඒවා දැන් අමතක කරලා තියෙන්නේ. අඩුම රට එක්සේසත් කරන්න දායක වූ රණවිරුවෝ අව්වේ තියල රට විනාශ කරන එමතිවරුනට ආචාර කරවන එක කරවනවා. පිස්සු වැඩ. අඩුම පෙළපාලිය බලන්න එන ත්‍රිවිධ හමුදා නිලධාරීන් පෙළපාලිය බලන්නේ කෙළවරක ඉඳගෙන. ඒ අයව කොනකට දාල අපේ ඇමතිවරු ප්‍රධාන පීටිකාව ලඟට වෙලා යස අපුරුවට පෙළපාලිය බලනවා. හරියට යුද්දේ කලේ ඒ අය වගේ.....
රට වැසියෝ සියලු දෙනා ඔබවහන්සේගේ පැමිණීම අපේක්ෂා කරනවා රජතුමනි......මේවා යහපාලනය නිසා ලැබුණු පිළිගැනීමක්..........
රට ජාතිය විනාශ කරපු පර සුද්ද නැතිවම බෑ.. පුරන් අප්පු හිටියානම් මේ අයගේ ෙඅවසානය තමයි එහෙනමෙ ..ලැජ්ජා නැති ජාතියක් වී ගෙන යනවා සිංහලයෝ................
මේ සුද්දො තමයි අපේ රට කෑවේ.
ඔයිට වඩා හොඳ නැද්ද මට ආරාධනා කරානම්.
"බොරු වැඩ මේවා. රටේ යුද්දේ නැවතුණු දිනය අපි සමරන්න ඕන." කොහෙද යුද්දයක් තිබුනේ මෙරටේ දකුණේ හිටිය අපිට යුද්දයක් තිබුන බවනම් දන්නේ නැහැ බෝම්බ පිපිරවූ බවනම් දැනගන්න තිබුනා. යුද්දය ඉවරකරපු නිසා නිදහස් ගත්තා කීවම කියයි සුද්දෝ වගේ අපිත් උම්බ්ලව යටත් කරගෙන සිටියා කියලා. ගොන් යෝජනා.
වහල් බාවය කියන්නේ මොකක්ද කියලා කව්රුහරි අර්ථ දක්වනවානම්.
පුරන්අප්පුත් පෘතුගීසි කාරයා නිසා ක්‍රිස්තියානි වුණු කෙනෙක්. එයා කරපු දෙයක් නැහැ මේ රටට. ලංකාවේ පාරක සුද්දෙකුගේ නමක් තිබෙනවා නම් ලංකාවට සේවයක් කරපු කෙනෙකුගේ නමක් මිස අපේ දේශපාලකයන්ගේ වගේ වැඩකට නැති අයගේ නම් දාලා නැත. ග්‍රෙගරි ලංකාවට විශාල සේවයක් කලනිසා ග්‍රෙගරි රෝඩ් කියා පාරක් ඇත. නමුත් කොළොන්නාවේ ජයන්ත මල්ලමාරච්චි නමින් පාරක් තිබෙන්නේ එයා මොන දෙයක් රටට හෝ පළාතට කළ නිසාද?