(ඩයනා උදයංගනී)

කාන්තාවන්ට මත්පැන් අලෙවි කිරීම හා මත්පැන් අලෙවිසල් රාත්‍රී 10 දක්වා විවෘතව තැබීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය නිකුත් කළ චක්‍රලේඛය අහෝසි කිරීමට කැබිනට් මණ්ඩලය ඒකමතිකව කැමැත්ත පළ කළ බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පැවසීය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද(16) පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

පසුගියදා මුදල් අමාත්‍යංශය මගින් මත්පැන් අලෙවිය සම්බන්ධයෙන් නිකුත් කළ එම චක්‍රලේඛයට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රසිද්ධියේ සිය විරෝධය පළ කර සිටි අතර අද රැස්වූ කැබිනට් මණ්ඩලය එම චක්‍රලේඛය ඉවත් කිරීමට කැමැත්ත පළ කර ඇතැයි ඔහු කීවේය.