පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ රුපියල් බිලියන 12ක මුදල් තමා ඇමැති ධුරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැකුව මේ වන විටත් රඳවාගෙන ඇති බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කියයි.
බැඳුම්කර කොමිෂන් සභාව නිර්දේශ කළ පරිදි එම සමාගම අයුතු ලෙස උපයාගත් බව කියන බිලියන 9.2ක අයුතු ලාභය නැවත රජයට ලබා ගත හැකි බවත්, එනිසා රජයට කිසිදු අලාභයක් සිදු නොවන බවත් වික්‍රමසිංහ මහතා පවසයි.
අගමැතිවරයා මෙසේ ප්‍රකාශ කළේ අද ජාතිය අමතමින් විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.
අගමැතිවරයා සම්පූර්ණ කතාව පහත දැක්වේ.
‘‘ අපි බලයට ආවේ දූෂණය හා වංචාව නවත්වන්නයි. පක්ෂ පාට තනතුරු කුමක් වුණත් දූෂිතයන්ට දඬුවම් ලබා දෙන්නයි.
බලයට පත් වී ටික කලෙකින් බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ චෝදනාවක් නැගුනා. අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ.
සති දෙකක් ඇතුළත විමර්ශන කමිටුවක් පත් කළා. විමර්ශන කාලය තුළ මහබැංකු අධිපති රාජකාරි කටයුතු වලින් ඉවත් වුණා. පාර්ලිමේන්තුව දැනුම්වත් කළා. පාර්ලිමේන්තුවට වුවමනා නම් තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස මම දැනුම් දුන්නා. විමර්ශන වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා.
මෙතෙක් කල් කෝප් කමිටුවේ සභාපතීත්වය දැරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක්. වත්මන් පාර්ලිමේන්තුවේ කෝප් කමිටු සභාපතිත්වය විපක්ෂ මන්ත්‍රීවරයෙකුට දුන්නා. කමිටුව මගින් බැඳුම්කර නිකුතුව පිළිබඳ පරීක්ෂණ ආරම්භ කළා. ඒ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. විවාද කළා.
මේ වාර්තාව පිළිබඳ සුදුසු ක්‍රියා මාර්ග ගැනීම සඳහා 2016 ඔක්තෝබර 31 වන දා නීතිපතිවරයාට යොමු කළා.
මේ ගැන, විශේෂයෙන්ම පර්පචුවෙල් ටේර ෂරීස් සමාගම ගැන වැඩි දුර පරීක්ෂ්ණ පැවැත්විය යුතු බව කෝප් කමිටුව නිර්දේශ කර තිබුණා. ඒ අනුව ජනාධිපතිතුමා මා සමගත් සාකච්ඡා කර ජනාධිපති කොමිසම පත් කළා. කොමිසමේ කටයුතු වලට අපි සහය දුන්නා. අපේ ඇමතිවරු කොමිසම හමුවට ගියා. මමත් ගියා.
චෝදනාවක් එල්ල වූ විට එය විමර්ෂණය කිරීම සඳහා මේ ආකාරයට කටයුතු කළ කිසිම ආණ්ඩුවක් නෑ. තුන් වතාවක් අප මේ ගැන පරීක්ෂණ කළා.
පසුගිය ආණ්ඩුව සමයේ අවස්ථා ගණනාවකදීත් මේ ආකාරයෙන් චෝදනා එල්ල වුණා. නමුත් ඒ කිසිම අවස්ථාවක ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කළේ නෑ. පාර්ලිමේන්තුවට කරුණු හෙළි කළේ නෑ. පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කළ අවස්ථාවන්හි පවා පිළිතුරු දුන්නේ නෑ.
ලංකාවේ මූල්‍ය පාලනය සතු පාර්ලිමේන්තුවටයි. පාර්ලිමේන්තුවේ මේ බලය අමතක කර තිබුණා. අපි පාර්ලිමේන්තුවේ මූල්‍ය පාලන බලය යලිත් තහවුරු කිරීමටයි කෝප් කම්ටුව සහ පාර්ලිමේන්තුවට මේ වගකීම භාර දුන්නේ.එම වගකීම එතනින් ඉවත් කිරීමට බැහැ. පාර්ලිමේන්තුව සිය මූල්‍ය පාලන බලතල නිසි අයුරින් පාවිච්චි කළ අවස්ථාවක් ප්‍රදර්ශනය කිරීමක් ලෙස බැඳුම්කර සිදුවීම උඩ අපි දැක්කා.
ආණ්ඩුව විනිවද භාවයෙන් යුතුව ක්‍රියා කරන බවට හොඳම උදාහරණයක්.
මේ බැඳුම්කර නිසා පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගම අයුතු ලෙස බිලියන 9.2 ක් උපයා ගෙන ඇති බව කොමිසම් වාර්තාවේ සඳහන්. මා ඇමති ධූරය දරන ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය යටතේ ඇති මහ බැංකුව මේ වන විටත් ඒ සමාගමේ බිලයන 12 ක මුදලක් රඳවා ගෙන තිබෙනවා. ඒ නිසා කොමිසම නිර්දේශ කළ පරිදි රුපියල් බිලියන 9. 2 ක නැවත ලබා ගන්න පුළුවන්. අපි ඒ සඳහා කොමිසම විසින් යෝජනා කළ ක්‍රියාමාර්ග අනුගමනය කරනවා. එවිට මේ මුළු මුදලම රජයට ලබා ගන්න පුළුවන්. රජයට කිසිදු අලාභයක් සිදු වන්නේ නෑ.
ඒ වගේම මේ වංචාවට කිසියම් හෝ නිලධාරීන් පිරිසක් හවුල් නම් ඒ අයට නීතිය අනුව ක්‍රියා කරනවා.
බැඳුම්කර පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ පටන් ඒ සඳහා අවශ්‍ය විමර්ශන කරන්නට අපි උපරිම සහය දුන්නා. දැන් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්නත් අපි උපරිමයෙන් ක්‍රියාමාර්ග ගන්නවා. අපේ ආණ්ඩුව ප්‍රතිපත්ති ගරුක, විනය ගරුක, ශීලාචාර ආණ්ඩුවක් බව ක්‍රියාවෙන්ම ඔප්පු කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා.
මෑත ඉතිහාසයේ මේ ආකාරයෙන් ආණ්ඩුව කටයුතු කළ අවස්ථාවක් අප දුටුවේ නැහැ. අපේ ඇමතිවරු සම්ප්‍රදාය කඩ කිරීම පිළිබඳව ඉල්ලා අස්වුණා. නීතිය ක්‍රියාත්මක වුණා. ඇඟිලි ගැසීම් නොමැතිව අධිකරණය තීන්දු දුන්නා. ජනතාව නිදහසේ අදහස් දැක්වූවා. ජනමාධ්‍ය බයක් නැතුව කටයුතු කළා.
ඒ විතරක් නෙවෙයි. බැඳුම්කර වාර්තාවෙන් චෝදනා ලබන අපේ පක්ෂතයේ සාමාජිකයන් ඉන්නවා නම්, ඒ අය පිළිබඳව සොයා බලා තීරණයක් ගන්නට අපි තිලක් මාරපන මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර තිබෙනවා. කමිටු නිර්දේශය අනුව අපි ක්‍රියාමාර්ග ගන්නවා.
ඒ එක්සත් ජාතික පක්ෂ සම්ප්‍රදාය. ඒ අප ඇති කරමින් ක්‍රියාත්මක කරන සම්ප්‍රදායයි. අපේ පක්ෂ්යේ සම්ප්‍රදාය සහ යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවා. ගම හදනවා. යහපත් හෙටක් මේ රටට උදා කරනවා.
ජනවාරි 08 වන දා මේ රටේ ජනතාව බලාපොරොත්තු වුණු වෙනස, යහපත් සමාජය අපි උදාකරනවා. එය එක දවසින්, එක රැයෙන් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ විභාගයත් එයට ආරම්භයක් ලෙස සළකන්න පුළුවන්. අපි අතීතයත් වර්තමානයත් පිළිබඳව එක සේම අවධානය යොමු කරනවා. අපි හරි පාරේ ඉදිරියට යනවා. වැරදි නිවැරදි කර ගන්නවා. අඩුපාඩු සකස් කර ගන්නවා.
බැඳුම්කරය පිළිබඳ චෝදනාව එල්ල වූ අවස්ථාවේ සිට මේ දක්වා අප ගත් ක්‍රියා මාර්ග මගින් පෙන්නුම් කරන්නේ අප හොඳ ආරම්භයක් ගෙන ඇති බවයි. අප සොයා බලන්නේ පසුගිය රජයේ දූෂණ වංචා ගැන පමණක් නෙවෙයි. වර්තමානයේ එල්ල වන දූෂණ චෝදනා ගැනත් අප සොයා බලනවා. විමර්ෂණය කරනවා. නිසි පියවර ගන්නවා.
අපේ රටට යහපත් අනාගතයක් උදා කර දීම අපේ අරමුණයි. අපේ රට යහපත් හා පොහොසත් රටක් බවට පත් කිරීම අපේ අරමුණයි. ඒ අරමුණ ජය ගැනීම සඳහා අපි එකට එක්ව කටයුතු කරමු. අභියෝග ජය ගනිමු. බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊම මුදල් යේ කර ගන්න අතර තුර. අම හොරකමට සම්බන්ද පුද්ගලයින්ට දඬුවම් දිය උථුඉ. රවී කරුනනයග්ම් හේ පක්ෂ සාමාජිකත්ව තහනම් කල උථුඉ. අපිත් අලි තමා.
හාදය උරහිසේ ගැවිලා තියෙන අළු ටික ගසන ගමන්ම තමා කතාව. අළු කෙසේල්ද ? පුහුල්ද ?? දෙකමද ??? මින්පසු අපගේ මවුබිමේ ඕනෑම හොරෙකුට තක්කඩියෙකුට හොරකම අසුවුනොත් හොරකම්කල දේවල් නැවත බාරදී හොදින් ගෙදරයා හැක. මෙහි ගැබ්ව ඇත්තේ එයට කදිම උදාහරණයකි.
දැන් හොරකම් කරන සල්ලි වලට කියන්නේ අයුතු ලෙස උපයාගත් ලාභය කියලද.
ඔව් අගමැති තුමෙනි ඒ ටික හොඳටම ඇති අනික මේක මුදල් සොරකමක් නෙවෙඉ යුතු ලාබ ලැබීමක් විතරයි කෙනෙක් ලාබ ලබන්න තව කෙනෙක්ට පාඩු විඳින්නට වෙනවා කියන සරල මුලදර්මය අනුගමනය කරමු කලින් ආණ්ඩුවේ අය සොරකම් කල මුදල් වලින් සතයක් වත් සොයා ගන්නවත් බැහැ ඔවුන් කපටි තක්කඩි දැන් සුදනෝ වගේ චන්දෙට ඇවිත් රටේ අනාගතය ඔබගේ අත ඇත සුබ පැතුම්
අලාබය අයකරගන්න පුලුවන්නම් හොදය එත් තමුන්නන්න්සේලා අනිත් හොරු අල්ලලා අලාබය අයකර ගන්නේ කවදාද?
ලෙඩා මැරුන. ඒත් බඩ හොදට සුද්ද වෙලා.
ඉස්සර කිව්වේ නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන් කියලා. දැන් කියන්නව්වෙන්නේ නඩුත් අගමැතිගේ බඩුත් අගමැතිගේ කියලා. තමුන්ම පත් කරලා, තමුන්ම උපදෙස් දීලා තමුන්ම වසන් කරන හදල එලිවුනහම ප්‍රකාශත් නිකුත් කරනවනේ.
අගමැති තුමාම පිලිගන්නවා අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු ඔහුගේ හොර මිතුරන් මහා බැංකුවේ සල්ලි හොරකන් කල කියල. දැන් ඉතින් තව මොනවද පරීක්ෂා කරන්න තියෙන්නේ හොරු ටික වහාම ඇත අඩංගුවට ගන්න. රටේ ජනතාව රවට්ටන එක දැන් වත් නවත්වන්න හොදම අවස්ථාව මෙයයි
නඩුත් හාමුදුරැවන්ගෙ බඩුත් හාමුදුරැවන්ගෙ.
මුළු රටේම විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 6. පර්පචුවල් සමාගමේ ඩොලර් බිලියන 12 මහා බැංකුවේ තිබිලා..ක්‍රෝටන් කොළ කන ලක්ෂ 62 මේවා හොඳයි
මිස්ටර් ක්ලීන් කියන්නේ බොරුවටද . බොහොම හොදයි.
මෙහෙම කියලා බේරෙන්ඩ බෑ. වැරදි කරපු අයට දඬුවම් කරන්නේ නැද්ද?
හොරෙක් අහු උනාම හොර බඩු ආපසු බාරදී වරදින් බේරීමේ ක්‍රමයක් නොමැත. ඔබතුමා ඇත්තටම මේ පිලිබදව පරීක්ෂණ පැවැත්විය යුතු බව විශ්වාස කරනවානම්, මුලින්ම ඉන් චෝදනාලත් අය බලතල වලින් තාවකාලිකව හෝ ඉවත් කල යුතුයි. ඔවුන් පක්ෂයේ ප්‍රධාන නිලතල හෙබවීම අත්හිටුවිය යුතුයි.
අනේ, අපිටත් බැරිද ලංකාවේ හොරකම් කරලා, හොරකම අහු උනොත් පමණක්, ඒ මුදල් ආපසු අයිතිකාරයාටම භාර දීලා, හිරේ විලංගුවේ නොවැටී නිදහසේ සතුටින් ජීවත් වෙන්න?
නිකන් අපිව මෝඩයෝ කරලා ඡන්දේ ගන්න හදන්න එපා. කියව කියවා ඉන්නේ නැතිව කරලා පෙන්වන්න. කිවේ කියන දේ කරන කරන දෙය කියන කෙනෙඅක් කියලා.
ඕක තමයි ජවිපෙ එදා ඉඳලම කියුවේ එදා තමුන් කියුවේ එහෙම දෙයක් වෙලා නැහැ.
ගරු අගමැතිතුමෝ, රවී කරුණානායක (අහිංසක, ආසියාවේ දක්ෂතම මුදල් ඇමතිතුමා) මැතිතුමාට දෙයියෝ දීපු, අගනුවර තිබෙන කුඩාම මැටි අම්බලමත් ජනතාවට ලබාදී, එම අහිංසක ඇමතිතුමාට වැලිකඩින් තනියම ඉන්න කාමරයක් ලබා දෙනවාද? අනේ, මට පොඩ්ඩක් වැරදුණා. මැටි අම්බලමේ වටිනාකම කියන්න. එ්ක 160ක් විතරයි. ශත නෙවෙයි. රුපියල් මිලියන්....
මොන ලැජ්ජා නැති පිස්සු වැඩක්ද මේක..? රටේ අනිත් මිනිස්සුන්ටත් මේ නීතිය වලංගුද? හොරකම් කරලා සල්ලි ගෙනත් දීලා නිදහස් වෙන එක...
පර්පචුවල් අයුතු ලාභය නැවත අය කිරීමත් එම වංචාව කරපු සියලුම දෙනාට දඩුවම් කිරීමත් වහාම කරන්න! ඒ වගේම මෙම වංචාව සුදු වෑන් එවන්නේ නැතුව පරීක්ෂණයක් මගින් ජනතාව දැනුවත් කිරීම අගය කල යුතු වේ! මෙම තත්වය ප්‍රයෝජනයට අරගෙන බලයට එන්න දඟලන පරණ හොර පොල් කණ්ඩායම කරපු තක්කඩිකමුත් මේ වගේම එළි කර ගැනීම කර යුතු වෙනවා! නැත්නම් ඉඟුරු දීලා මිරිස් ගත්තා අපේ මිනිස්සු දැන් මිරිස් දීල අර පරණ ඉගුරුම ගනීවි!
දැනුවත් තරමට කොමිසම කිව්වේ වෝහාරික පරීක්ෂණයක් මගින් වංචාවේ ප්‍රමාණය දැනගතයුතු බවයි. ඊට අමතරව දඩ සහ දඬුවම් තියේවි.. මෙයා කියවන්නේ හොරකමේ බරපතලකම අඩුකර ගන්නයි.
මොනවා කෙරුවත් කමක් නෑ... රවීට එහෙම මොකුත් කරනවා නෙමෙයි.
එහෙමනම් ඇයි එක්සත් ජාතික පක්ෂ මැති ඇමැතිවරුන් මේ කොමිසම පත්කිරීම පිළිබඳව ජනාධිපතිතුමාව විවේචනය කරන්නේ? මෛත්‍රි ජනපති පමණක් බලයේ අද නැතිනම් මේවනවිට යට ගිහින් අවසන්. දැන් මෙයා ලකුණු දාගන්න දඟලනවා.
මෙයාට මේවායින් අපිව තම්බන්න බැහැ. අපි දන්නවා කව්ද කළේ කියලා...
අයුතු ලාභය රඳවාගෙන තියෙනවා නම් සමාගම වහන්න වෙලා ඇති නේද? බොරු කියන්න එපා. ඉස්සෙල්ලම ජනාධිපති කිව්ව විදියට විදේශයකට යන්න නම් රීටර්න් එකක් ලැබේවි..
යහපත් සහ පොහොසත් රටක් !!!
ජනපතිතුමා ළඟදී කිව්වා හොරා පොකට් ගහලා කියලා.. පස්සේ හොරෙක් කියල දුවනවලු. කුණු මාළු කාලා දැන් වමාරවනවා මදිවට අනුන්ගේ කරපිටිනුත් යවන්නයි හදන්නේ...
කොහොමද අගමැතිගේ ටිකිරි මොලේ ...?
රඳවාගෙන ඉඳල වැඩක් නැහැ.. පවරගෙන ඉවරයක් කරන්න ඕනෑ.
මේකට මට හිනා යනවා. කොච්චර ට්‍රයි කළාද මේක වහන්ට....
ඇයි මෙයා හැමවෙලාවෙම, හොරුන්ට දඬුවම් කළ යුතුයි කියන එක මගහැරලා අලාභය අය කරගත හැකියි කියන එක විතරක් කියන්නේ? අපිට දෙකම වෙන්න ඕනේ මහත්තයෝ...
මුදල් අමාත්‍යාංශය යටතේ තිබිය යුතු මහ බැංකුව ඔබතුමා යටතට පවරා ගත්තේ ඇයි? ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාති වන බවට දිවුරුම් දිය නොහැකි පුද්ගලයෙකු මහ බැංකු අධිපති කලේ ඇයි? (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හතර වන උපලේඛණය) බැඳුම්කර නිකුතුව සඳහා වෙන්දේසි ක්‍රමය පදනම් කර ගන්නැයි මහ බැංකු අධිපතිට උපදෙස් දෙන්න ඔබට තිබුණු නීතිමය බලය කුමක්ද? නමුත් දප්පුල ලිවේරා මහත්තයව ඉවත්කරලා අගමැති නිර්දේශයෙන් පත් වුණු නීතිපති ජයන්ත ජයසූරිය අගමැතිතුමාගෙන් හරස් ප්‍රශ්න ඇහුවේ ඇයි?
කියව කියවා ඉන්නේ නැතුව, හරි නම් දැන්මම එය අයකරගෙන සංවර්ධනය සදහා ආයෝජනය කර යුතුයි.
"ආපසු ලබාගත හැකියි"... ඕක වෙන්න තව කොච්චර කල් යනවද? අඩුම අවුරුදු 3ක් 4ක් යනවා. ඒ වෙනකොට ඔය සල්ලි ආයෝජනය කරලා තව කොච්චර සල්ලි උපයගන්න පුලුවන්ද? ඊට පස්සේ ඕක තියාගෙන හිටිය කියල වැඩක් නැහැනේ...
හොරකමක් කරලා අතටම අහුවුණාම දෙන්නම් කිව්වම හොරා නිදහස්ද? හොරකමට සම්බන්ධ බවට සැකකරුවකුගේ ප්‍රකාශය කෙසේ පිලිගන්නද?
කොහොමත් රනිල් හොරකම් කෙරුවේ නැහැ. සද්භාවයෙන් පත් කරපු එක හොරකම් කෙරුවට රනිල්ට කරන්න දෙයක් නැහැ. නමුත් ඔබතුමාට පුළුවන් ඔය මනුස්සයව ලංකාවට ගෙනෙල්ලා හිරෙ යවන්න. එහෙම කෙරුවොත් ඔබතුමා 2020 ජනාධිපති වෙනවා අනිවාර්යයෙන්...
බැලුවම අපි තමයි වැඩේ වරද්දගෙන තියෙන්නේ... අන්තිමට ආණ්ඩුව ණය වෙලානේ පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට..
එහෙම අයකරගෙන විතරක් හිටියාම හරිද? සාපරාධි වැරදිවලට දඬුවම් දෙන්න ඕන නැද්ද දන්නෑ!
රවීගෙන් ප්‍රශ්ණ කල විදිහට ලිවේරාවත්, බොන්ඩ් කොමිසමවත් අගමැතිගෙන් ප්‍රශ්න කලේ නැහැ. කොමිසම ගනනය කළ බිලියන 12ක පාඩුව සුලු පටු මුදලක් නෙවෙයි. නමුත් බොන්ඩ් මගඩිය නිසා රටේ බැංකු පොළිය ඉහළ ගියා. රුපියල වැටුණා. රටේ විදේශ ණය බර ඉහළ ගියා. නියෝජ්‍ය මුදල් අැමති කිව්වේ බොන්ඩ් මගඩියෙන් රටට සිදුකල පාඩුව බිලියන 1000 ක් හෙවත් ට්‍රිලියනයක් කියලයි. අගමැතිගේ ක්‍රියා කලාපයෙන් ඔහු මේවට වග කියන්න වුවමනා බව රටේ ජනතාව දන්නවා. එවන් අගමැති හොරු අල්ලන්න යෑම විහිලුවක්...
හා හා බොරු මොකටද? එය පාපිස්ස යටට දාන්න බොහොම දේවල් කලා නමුත් බැරි වුණා. හොරකම බැංකු අධිපති පමණක් කළ මගඩියක් නොවෙයි. ඒ පන්තියේ අය බොහොම ප්ලෑන් කරලා කරපු එකක් නේද? නැතිනම් රජයේ බැංකුවලට කියාවි එ් ගොල්ලන්ගේ ලන්සු වැඩිය දාන්න කියලා. කීවෙත් ආසියාවේ හොඳම එක්කෙනා. හොරකම් අසු වුණාට පසු මෙන්න ගත්ත සල්ලි කියලා ආපසු දීලා බේරෙන්න බැහැ. නමුත් ඔබලා එසේ කරාවිද දන්නේ නැත.
මෙතන තියෙන්නේ වංචනිකව අයුතු ලාභ ගැනීමක් සහ අයුතු ලෙස තනතුරු, බලතල භාවිතයෙන් අයුතු මුදල් පරිහරණයකට අනුබල දීමක් නේද?
පර්පචුවල් අයුතු ලාභය අයකර ගත හැකියිලු. නමුත් ඒ පාඩුව අපෙන් අල්ලන්න දැනටමත් මහජනයා ගෙවා ඇති, බදුවලින් ඇල්ලු මුදල් ආපසු ලැබෙන්නේ කොහොමද? ඔයවගේ රටට පාඩු කරන මිනිසුන් දේශද්‍රෝහීන් යන නම්බුනාමයෙන් ප්‍රසිද්ද කොට රුසියාවේ ස්ටාලින් දීපු දඬුවම් දෙන්න. ඕවට අපි කියන්නේ... දැක්කොත් බුවා නොදක්කොත් එබුවා කියලා. විරුද්ධ පක්ෂය ඇස් අරගෙන සිටිය නිසා හොඳයි.
යහපාලන සංකල්පය අනුව යමින් අපි රට හදනවාලු. හොරකමට අසුවෙලා ගෙදරයන ගමනුත් කීවේ අපි ඒකරාශී වෙලා රට හදමු කියලා. ජනවාරි 8 ඔහෙලට රැවටුණු 62 කගේ අපි ඇස් පාදලා තිබෙන්නේ. ඒ ගොල්ලොත් රැවටුණු වලේ දවල් වැටෙන්නේ නැත.
අපිට නම් මේක මහා හොරකමක්, අයුතු ලාභයක් නෙවෙයි.
බැඳුම්කර හොරකමේ පාඩුව මේ වනවිට බිලියන් 2200 ත් පැනලා. ඒ ඉන් සිදුවූ මුදල් අවප්‍රමාණ වීම හා බැංකු පොලි අනුපාත ඉහල යාම අනුවයි. බිලියන් 11 ක් කජ්ජක්ද ?
මේ ලිපියේ සාරාංශය..අපි හොරකන් කරා, අපි හොර සල්ලි වියදම් කරා, හැබැයි අපි හිතුවේ නෑ අපි අහුවෙයි කියලා... නොහිතපු විදිහට අපි අහු වුණා... කොමිසමක් දාන්න වුණා. ඒ වුණාට අපි තවම ලංකාවේ ඉන්න ගොන්නු ටික අන්දන්න උත්සාහ කරනවා. අපිට ඡන්දෙ දෙන්න ...
මේක අපුරු කතාවක් නේ. මේ විදියට හැමෝම හොරකම්කරලා, අහුවුණාම කියාවා "හොර බඩු ආපසු දෙන්නම් කියලා " . කොහොමද මෙයාගේ ටිකිරි මොලේ..
අගමැතිතුමනි, හෙට අනිද්දා බැංකු පොළිය ආයිත් වැඩි වෙනවා...
ඒ දවස් වල නම් කිව්වේ ලැජ්ජා නැතිකම මහ මුදලිකමට වඩා ලොකුයි කියලා... දැන් නම් ලැජ්ජා නැතිකම අගමැති කමත් වඩා ලොකු වෙලා...............
මූල්‍ය වෙළඳපලට සිදුවූ වක්‍ර අහිතකර බලපෑම ගණනය කලහැකිද අගමැති විසින් තම යහලුවා පත්කිරීම මත....................
"අපි එය පාපිස්ස යටට දැම්මේ නෑ" එහෙනම් අර "ෆූට් නොට්" කල්ලිය කරන්න හැදුවේ මොන කෙහෙල්මලක්ද ? කොප් වාර්තාව යටගන්න හැදුවේ එයි ? අර මුලින් දෙනම ඔයාගේ කමිටුවේ අය කිවේ මොකුට් වෙලා නෙහෙ කියල ? අනේ යන්න මහත්තයෝ බයිලා කියන්නේ නෙතුව ! ඔය මදැයි මිනිස්සු ඇන්දුවා දැන් !!!!
ඒ කියන්නේ අයුතු විදියට යමෙක් ජනතාවගේ ධනය මංකොල්ල කාල ඇති බව පිළිගන්න බව නොවේද? කාට කාටත් අයුතු ලාභ හම්බ කරගන්න ඉඩ කඩ සලස්වන්නේ නැතිව තදින් හිටියා නම් මේ කිසි කරදරයක් නැහැනේ නේද? ජනතාවගේ සල්ලි නැතිවෙන්නෙත් නැහැනේ? මන් කියන දේ හරිද මන්දා !!
බුද්ධිමත් ජනයා ඔය නරිවාදන් අසනු නැත.
කරන්න පුළුවන්නම් ඉතින් මොකද මෙච්චර කාලයක් අයකරන්නේ නැතුව උඩ බලාගෙන හිටියේ...? කරුණාකර දැන් ඉඳන්ම 2020 පක්ෂයේ ජනාධිපති අපේක්ෂකත්වය සජිත් වැනි ගමේත්, කොළඹත් ඡන්ද පදනමක් ඇති සජිත් වැනි තරුණ නායකයෙකුට පවරන්න. නැත්නම් අපට සිදුවන්නේ පසුගිය දෙපාරම කලාවගේ ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෝ හොයා හොයා ඉන්න තමයි.
මේ නාටකය 2002 අන්තර් වාර ස්වයංපාලන අධිකාරිය නාටකයේම කොටසක් බවයි.... ටිකක් ගැඹුරට කල්පනා කරන විට වැටහෙන්නේ. රට අස්ථාවර කොට, ආර්ථික වශයෙන් බෙලහීන වූ බහුතර ජනතාව ලවා ෆෙඩරල් ව්‍යවස්ථාව අනුමත කරවා ගැනීමේ තුච්ඡ ප්‍රයත්නයේ නාටකයයි මේ. එදා ඇස පියාගෙන කොටියාගේ ලියවිල්ලට අත්සන් කලත්, අද ඇස් පියාගෙන බලය වෙනුවෙන් 'දෙමළ ඩයස්පෝරාවේ' න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරනවා. ජනාධිපති ඒ ගැන හීන් කෙඳිරිල්ලක් නගනවා. මේ තීරණාත්මක මොහොතේ, නියම මොලකරු කොටු කිරීම ජාතියේ අනාගත යහපැවැත්ම පිණිසම වනු ඇත.
අනේ කාලේ... ගොම රිටි උඩ එනවා. මිනිමුතු යට යනවා. දැන් ඉතින් මේ ගැන තමා කතාව...
අගමැතිතුමනි, කාලය කාදමන්න එපා. ඔබතුමා හොරුන්ව ආරක්ෂා කලා. ජනතාව රවට්ටන්න බැරි බව තේරුම්ගන්න. තේරුම් ගන්නත් මොලයක් තිබෙන්න එපායැ. නැත්නම් පාර්ලිමේන්තුවේ විකාර නටාවි....
කමිටු නායකයාගේ නම ඇහැව්වාම මට ඉබේටම හිනා ගියා. අපේ මුතුන් මිත්තෝ "හරියට හොරාගේ අම්මගෙන් පෙන අහනවා වගේ" කියලා කතාවක් කිව්වේ කට කහනවට නොවෙයි නේ නේද?
මේ කපටි සංදර්ශනවලට නොරැවටෙන්න.