
(ටී.කේ.ජී.කපිල )
බොස්ට්වානා රාජ්‍යයේ පවත්වා තිබුණු ලෝක යොවුන් මේස පන්දු ශ්‍රේණිගත කිරීමේ තරගාවලිය - 2026 ( World Youth Ranking Table Tennis Tournament - 2026 ) සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ චනුකි අක්ෂනා එහිදී රන් පදක්කම් 02 ක් දිනා අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .
මෙහිදී චනුකි අක්ෂනා වයස අවුරුදු 13 න් පහළ අංශයෙන් සහ වයස අවුරුදු 15 න් පහළ අංශයෙන් තරග කර රන් පදක්කම් 02 ක් දිනා ගත්තාය.
මෙහිදී මාධ්‍යය වෙත අදහස් දැක්වූ ඇයගේ පුහුණුකරු මෙන්ම අක්ෂනාගේ පියා වූ ලක්ෂාන් හර්ෂණ මහතා , " මේ වනවිට චනුකි අක්ෂනා ලෝක ශ්‍රේණිගත කිරීම් වල 16 වන ස්ථානයේ පසුවන බවත් , ඇය ඒ සදහා 2026 වසරේ තරගාවලි 03 කට පමණක් සහභාගී වී , මෙම ජයග්‍රහණය ලබා ගැනීමට ඇය සමත් වී ඇති බවත් පැවසූවේය .
එහෙත් අනෙක් විදේශීය තරගකාරිනියන් එම ශ්‍රේණිගත ස්ථාන ලබා ගැනීම සදහා 2026 වසරේ තරගාවලි 20 කට පමණ සහභාගී වී ඇති බවත් අනාවරණය කළේය .
චනුකි අක්ෂනාට ආර්ථික දුෂ්කරතා නොවන්නට , මෙවැනි ලෝක ශ්‍රේණිගත කිරීමේ තරගාවලි 10 කට පමණ සහභාගී වීමට අවස්ථාව හිමි වූවා නම් , ඇය මේ වනවිට ලෝක ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ පසුවන ක්‍රීඩිකාව වීමට අවස්ථාව හිමි කර ගැනීමට ඉඩකඩ තිබූ බව ද පැවසීය .
චනුකි අක්ෂනා අම්බලන්ගොඩ ධර්මාශෝක විද්‍යාලයයේ 08 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ශිෂ්‍යාවකි .


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd