‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා ගොතටුව මාණික්කමුල්ලේ පැවැති ජනහමුවකදී පැවැසීය.
කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභාවට තරගවදින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීම සඳහා පැවැති මෙම ජන හමුවේදී මරික්කාර් මහතා වැඩි දුරටත් මෙසේ පැවැසීය.
‘‘දැන් මං අහගෙන කියනවා ඊයේ පෙරේදා ඒ අය ඒ අයට හොරා කියනවා. මේ අය මේ අයට හොරා කියනවාලු. හරියට පිටකොටුවේ පික්පොකට් ගහල දුවන අය වගේලු. ඔව් අපි පික්පොකැට් ගැහුවා. මහින්ද රාජපක්ෂගේ සාක්කුවට පික්පොකට් ගහල ඒ පික්පොකට් ගහල උස්සපු කෙනා තමයි අද ජනාධිපති පුටුවේ වාඩි වෙලා ඉන්නේ. එයාට මතක නෑ පික්පොකැට් ගහපු ජනාධිපති කෙනෙක් එයා කියලා. ඒ නිසා පික්පොකැට් ජනාධිපති කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න‘‘ යැයි ද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරැද්දක් දැකලා ඒක විභාග කරපු එකට කියන්නේ "කෙළිනවා" කියන එකද? මට නම් පිස්සු හැදීගෙන එනවා .
අනේ යන්න. මෛත්‍රී නැතිනම් දිනයි මෙන්න කියලා...
දිගටම විපක්ෂයෙ පොල් හාපු අය පොදු අපේක්ෂකයා ඇමට දාලා දින 100 යෙ අගමැති කම පික් පොකට් ගහලා බලයට ඇවිත් මහ බැංකුවට කෙලලා දැන් නන් දොඩවනවා
වරදක් කලොත් මොකා කලත් වැරදි. මර්රික්කර් අපි චන්දෙ දෙන්නේ කාටවත් වැරදි කරන්න නෙමේ.
ලොකුගේ මහත්තයා කනට ගහපු පාරට මොලේ හෙලවිලා වගේ.හොඳටම පිස්සු.
පළාත් සභා මැතිවරණවලදී සමාන්නයෙන් ජනතාව ආණ්ඩුවට චන්දය දෙනවා.නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරය තවමත් වැඩිය කැමති මහින්ද මහතාටයි.
මෝඩයෝ කෑ ගැහුවට ගනන්ගන්න එපා.මහා ජනතාවට ඕනේ ගිය ආණ්ඩුවද මේ ආණ්ඩුවද කියන එක නෙවෙයි මහජන මුදල් හොරකම් කරලා මහා ජනතාවට දරාගන්න බැරි බරක් පටවන උන් ඔක්කොටොම කෙලින්නයි.
ලොක්කගේ කනේ පාර කාල ඔලුව හොල්මන් වෙලා වගේ.
"වැරැද්දක් දැකලා ඒක විභාග කරපු එකට කියන්නේ "කෙළිනවා" කියන එකද? මට නම් පිස්සු හැදීගෙන එනවා ." පිස්සු හැදෙන්න දෙයක් නැත මේකා . අර කතාවක් තිබෙනවානේ බල්ලොත් එක්ක බුදිය ගත්තොත් බලු මැක්කොත් එක්ක නැගිටින්න වෙනවා කියලා.
අනුන්ට ඇඟිල්ල දික්කරන්න කලින් ඔබ සේවය කරපු එනිසාම ඔබ මුරුංග අත්තේ තියල ප්‍රචාර ගෙනයන අර නාලිකාවට කියන්නකෝ ඔබේ නායකයාට මඬ ගහන එක නවත්වන්න කියල.
හලෝ මරික්කාර් ඔහෙලාට තිබුනානේ මෛත්‍රී ව තෝරන්නේ නැතිව UNP එකෙක්ව දාගන්න. මොකද නොකළේ? දන්නවා රැකෝඩ් පරදිල්ල ඒ සැරෙත් පරදිනවා කියලා. පුළුවන් විදිහට හම්බකොරගෙන යනවා නැවත UNP කාරයින්ට පාර්ලිමේන්තුවේ පස් පාගන්න අපි ඉඩතියන්නේ නැත.
වැදුන මදි!!!!!!
ඔයාලගේ පිහිටෙන් මොන බම්බුවක් ද මෙරටේ සිංහලයින්ට අමුතුවෙන් කරන්න ඕනේ. සිංහලයෝ 75% ඉන්නවා. ඒ ක මතකතියා ගන්න.
ඔයාට ලොකු වැරදීමක්... ඒ 'ආප්ප සංග්‍රාමය' නිසයි එ ජා ප යට ඔය තත්වයෙන් හෝ රජයකට දායක වීමට ලැබුනේ. එසේ නොවුනා නම් ඔහෙලා තාමත් විපක්ෂයේ. එය මතක තබා ගන්න.
ඔහේ කියන්නේ ජනාධිපතිතුමා ඉන්නේ ඔහෙලාගේ හොරු රකින්න කියලද? නෑහෑදිච්ච එකෙක්.
ඔය ඉන්න නායකයා වෙනස් කරලා දිනන්න පුළුවන් අස්වයෙක් හොයාගන්න, නැත්නම් හැමදාම පොදු අපේක්ෂකයෙක් ලව ජනපති වරණයට ගියොත් ඔය කතා අහගන්න වෙනවා.
මණ්ඩලේ කචල් වැඩි වීගෙන එන්නේ . කොරන්ඩ බැරි මගුල් නොකර ඉන්ඩ තිබුනා. අන්තිමට මුළු රටම අවුල් කරලා තියෙන්නේ .
තමුන් තමුන්ටම කියවාගත්තා වගේ...
මට නම් කියන්න තියෙන්නේ කුම්බලා මාලු කාපු ජනාධිපතිටත්, මරික්කාර්ටත් දැන් ඉතින් විඳවපන් බලලෝ කියලා තමයි...
ලොකුගේ මහත්තයා කනට ගහපු පාරට මොලේ පෑදිලා වගේ! මේවා මහින්ද මහත්තයාගේ ගතිකයින්ට හොඳ පොයින්ට්ස්. හෙට, අනිද්දා විමල්ගෙන් ලස්සන කතාවක් අහන්න පුළුවන් වේවි!!!
මේ බල තණ්හාව නැති වෙනකන් ඔබතුමාලට වෙන්නේ අනුන් ලවා පික් පොකට් ගස්සවන්න තමයි. යහපාලනේ නාමයෙන් පික් පොකට් ගැහුවේ අහිංසක ජනතාවගේ පොකට් එකටයි..
ඉස්සර මැතිණිගේ කාලේ මරික්කාර් කෙනෙක් හිටියා තැපැල් ඇමති වෙලා. ඒ මහත්මයා මරක්කලකම ඔළුවට ගන්නේ නැතිව තමන්ට පැවරිච්ච රාජකාරියට මුල් තැන දුන්න හින්දා සිංහලයෝ ඒ ඇමතිතුමාට කිව්වේ සිංහල මරික්කාර් කියලා. ඒකට දැන් ඉන්න මරික්කාර්ල, මරක්කලයින්ටත් එපා වෙන විදියටයි ගුටි කන්නේ. තමන්ව විපතට පත්කළා නම් එළියට දාන්නේ නැතුව වස්ත්‍ර හෝදන එකද අලුත්ම රාජකාරිය?
සියලුම එජාප කාරයන්ට දැනගන්ට මේ කියන්නේ.. මෛත්‍රි මහත්තයා ජනාධිපති වුණු ගමන්ම මොකටද මෛත්‍රිව ශ්‍රී ලංකා එකේ සභාපතිකම ගන්නට එහාට ආවේ. රනිල් දැනගත්ත මෛත්‍රි එජාප එකේ හිටියොත් අනිවාර්යෙන් එජාප යේ නායකකම මෛත්‍රිට දෙන්ට වෙනවා. නායකකම බේරාගන්නට තමා මෛත්‍රිව බලෙන්ම ශ්‍රීලංකා කාරයින්ගේ ලඟට යන්ට වැඩේ කෙරුවේ. මෛත්‍රි මොකද කෙරුවේ? විරුද්ධව වැඩකරපු සේරටම ඇමැතිකම් දුන්නා. මෛත්‍රි දන්නවා ඊලඟ ඡන්දෙදි රනිල් ඉල්ලනවා ජනාධිපති පුටුවට. එහෙමනම් රනිල්ව ඉවත් කරන්ට ඕනේ දේශපාලන වසයෙන්. දැන් මේ වෙන්නේ එ්කතමා. එජාප කාරයෝ මෛත්‍රිට තියාගත්තා නම් එජාප එකේ මුලින්ම එහෙම නම් අද වෙනකොට ශ්‍රී ලංකා එකක් නැහැ.
තරුණයින් වැඩි වැඩියෙන් දෙශපාලනයට සම්බන්ධ වියයුතු වුවද, තම සොරකම් වසා අනෙකෙකුගේ සොරකම් පමණක් හෙලිකල යුතු යැයි සිතන මෙවැනි ලද බොලඳ ලාමක ඇත්තන්, සියල්ලන් විසින් පිටුදැකිය යුතුය.
මේ පුද්ගලයා වසර ගණනක පළපුරුද්දක් ඇති ජන මාධ්‍යකරුවෙක්... ඒ වුණාට අන්තිම බාල වචනත් පාවිච්චි කරන්නෙක්...
උඩ බලාගෙන කෙල ගහගන්නේ නැතුව ඔයාලගේ නායකයාට කියලා දෝශාභියෝගයක් ගෙනල්ලා, ජනාධිපති ඉවත් කරලා දමමු.
ජනතාවගේ ඡන්ද අරන් ජනතාවට ඔය කියන වැඩේ තමයි හැමෝම කළේ.. රටේ බදු ගෙවන මිනිසුන්ගේ බදු මුදලින් හැමෝම යැපෙන්නේ ... ඒකට අහවල් පක්ෂයක් කියලා නැහැ. හොඳ මිනිස්සු විතරයි ඕනේ...
මම නම් ගඟේ පනිනවා.... වතුර බීලා මැරෙනවා...
කවුරු මොනවා කිව්වත් රනිල්ගේ මොලේ නිසා UNP එකේ කොට කාලක් දැම්මත් ඕන ඡන්දයක් දිනන්න පුළුවන්................
2015 දී ශ්‍රීලනිප පාක්ෂිකයෝ ඡන්දෙ දුන්නේ මහින්ද මහතයට , මෛත්‍රීට ඡන්දෙ දුන්නේ වැඩිහරියක් එජාපෙ , ජවිපෙ ඡන්ද දායකයෝ, මේ මනුස්සය කියන කතාවේ ඇත්තකුත් තිබෙනවා, නමුත් මහා බැංකු හොරකම නම් අනුමත කරන්න බැහැ, ජනාධිපති තුමා අර වාර්තා මේ වාර්තා පෙන්න පෙන්න ඉන්නවා මිසක්.......මේ වනතුරු එකම බැදුම්කර හොරෙක් වත් අත්අඩංගුවට අරන් නඩු පවරන්න කියල විධායක බලතල පාවිච්චි කරලා පොලිසියට අණ කරලා නැත, සමහරවිට ඡන්දෙදි එතුමා එජාපෙට අර මරික්කාර් මන්ත්‍රී තුමා කියන වැඩේ කරලා ඡන්දෙන් පස්සේ මේ වාර්තා සියල්ල පැත්තකට දමල නිකන් ඉන්නත් පුළුවන්, කෙසේ නමුත් එතුමා 2014 දී දුන් මෛත්‍රී පාලනය නමැති පොරොන්දුවේ 20% වත් මේ වන තුරු ඉටුකර නොමැත. අපි 2014 දී මෛත්‍රී මහත්තයට ඡන්දේ දුන්නේ විශාල බලපොරොත්තු තියාගෙන.............
ආප්ප කාල හරි එලියට ආවේ රටම දුෂණයට ගොදුරු වෙලා තියෙද්දී . දැන් එලියට ආව බැදුම්කර මගඩිය අවරුදු ගානක් කරලා තියෙනව , ඒවා උගන්නපු අය නිදැල්ලේ , ඒවත් හරියට හොයල බලන් නැත්තේ, පක්ෂ පාට ඕන නිසා. පක්ෂය රජ කරවන්න්යි . පොරොන්දු වෙලා එලියට ආවේ දුෂණයට විරුද්දව, ඒවාට දඩුවම් කරනවා කියල , කොමිෂන් සභා දාල දඩුවම් කරන්න . දැන් ඡන්දය දිනන්න අලුත් මගඩි උඩ, රටම සුරා කාපු මගඩි වහල .ආයෙත් පුරුද්දට යන්න යන්නේ තිබුන තැනටම නේද ? මේ රට හැදෙයිද? ඉපදිලා මේ පොලවට පය තියල රට විනාශ කරනවා. පරණ අය උගන්නපු පුරුදු අත් අරින්න බැහැ. තමන්ගේ දරුවන්වත් යහපත් පුරවැසියෙක් කර ගන්න බැරි වුන කට්ටියනේ . තව කොහෙද මේ රට යහපත් දේශයක් කරන්නේ. යහපත් අයට ජීවත් වෙන්න හොද පරිසරයක් හොයා ගන්න බැහැ .එකටයි ශ්‍රී ලංකාව කියන්නේ .
ලොකුගේගේ අතට රන් වළල්ලක් දාන්න ඕනේ කරපු දේට. ඒ දවස්වල සර් ජෝන් මහත්තයාට කොහෙන්ද පාර්ලිමේන්තුවට රිංගාගත්ත එකෙක් කියල තියනවාලු හලෝ ජෝන් කොහොමද කියලා. ඒ පාර සර් ජෝන් මහත්තයා ඔහුට කනට පාරක් ගහල කිව්වලු යකෝ මං ජෝන් නෙවෙයි සර් ජෝන් කියලා.
එක්සත් ජාතික පක්ෂයේ නායකයින් හොර ගෙදර යායුතුයි. පක්ෂය ගොඩ ගන්න නං අලුත් නායකයෙකු පත් කල යුතුයි....
ෙමයා හිතාගෙන ඉන්නේ ෙමයා තමයි පොර කියල. උඩ පනිනවා වැඩියි.
මෙන්න කොන්දක් තියෙන එඩිතර නිර්භිත දුෂණයෙන් භීෂණයෙන් තොර කියන්න තියෙනදේ කෙලින් කියන නියම යු.එන්.පි. මන්ත්‍රීතුමෙක්. මරික්කාල් මන්ත්‍රීතුමාට ජයවේවා ...!!!
අපේ ඡන්දෙත් මරික්කාල් මහත්තයාට ..
අපි බලමු ඊළඟට මොකද්ද වෙන්නේ කියලා.
මරික්කාර් මන්ත්‍රී තුමනි දොශාභියේගයක් ගෙනාවනම් තුනෙන් දෙකක් පහසුවේ ගන්න පුළුවන් ... ජයවේවා.!
රාජපක්‍ෂලත් එක්ක ඩීල් දාලා එයාලගෙ හොරකම් වලට දඬුවම් නොකර හුරතල් කර කර හිටපු යූ.එන්.පි.යට ඔහොම වෙලා මදි.
මේ ගතවෙන්නේ වත්මන් එජාප යේ අවසාන හෝරාවයි. හොරකම් කරන විට තිබෙන සමගිය ඉන් පසු කාල පරිච්චේදයෙදීත් තිබිය හැකියි............. සිතන එක මුළාවක්. ඊළඟ අවස්ථාව වන්නේ පක්ෂය තුළම සිටින චුදිතයින් හා වින්දිතයින් අතර එකිනෙකාට චෝදනා එල්ල කර ගැනීමයි. එවැනි තත්වයක් ඇති නොවන බවට ලෝකයාට පෙන්වීම සඳහා රටේ ජනාධිපතිට වුවත් අපහාස කරන්න සැහැසි වීමෙන් "සම්මුති" කතාව ප්‍රෝඩාවක් බවට ජනතාවට දැන් වැටහී තිබෙනවා.
පික්පොකැට් ජනාධිපති කළේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය උදා කරන්න...................
ෙමවැනි අදහස් අැති අයද පාර්ලිෙම්න්තු ෙව් ඉන්ෙන්............රටට අාදරයක් නෑ.......තමන්ෙග් මලල් පුරවගන්න විතරයි බලන්ෙන්...............
කකුල් දෙක හතර පැත්තේ තියාගෙන බයිලා කියන එක විනෝදාංශය.
27 පාරක් පැරදිලත් පාර්ලිමේන්තුව දාල යන්න බහ කියපු ඔයාලගේ ලොක්කව පස්සේ දොරෙන් හරි ගෙනත් අගමැති කොරන්න ගහපු ගැටේ නියමයි.
මරික්කාර් හරියට හරි. රනිල් ඉල්ලුවානම් දිනනවා. දැන් මොනවකරන්නද අපෙන් දිනලා අපිටම කෙලිනවා.
මරික්කාර් 2020 දී රනිල්ව ජනාධිපති තරගෙට දාන්නකෝ මොකද වෙන්නේ කියල බලන්න අපි යූ.එන්.පී කාරයෝ තමයි නමුත් අපට පක්ෂය නොවෙයි වැදගත් අප ඉපදුන රටයි වැදගත් කියල මතක තියා ගන්න.
නිදහස් පක්ෂය මේ පාර හැම ආසනයක්ම පහසුවෙන් ජයග්‍රහණය කරනවා. ලබන වසරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බලයට ආපුවහම ඕගොල්ලෝ සේරම ගෙදර . මෛත්‍රී අපේ ජනාදිපති . නිමල් සිරිපාලද සිල්වා අගමැති. ඒක ස්ථිරයි.
කලදුටුකල වලඉභගත් පනිට්ටුච විසිකලොත් වලතුලදිම නභය ලගට චතුර පිරී කකුලුචට චෙව්වදේ වෙයි බලාගෙන
යහපාලන රජයේ බැඳුම්කර පාර්ශවය නමින් හඳුන්වන්නේ මෙන්න මේ අයටයි. එකේ සභාපති කම දෙන්න මෙයාට. එකට ඉඩ දීල ජනාධිපතිට ඉන්න කියන්නේ නිකම් පඹයෙක් වගේ කියලනේ ඔය කියන්නේ.
කුම්බලා කටු කෑවනම් විදවපන් බළලෝ....
ඔය ගහන්නේ ගැලරියට. ඔයකතා පාක්ෂිකයන් චුන් කරන්න කියන කතා . මතකද මෛත්‍රී මහත්තයා කියුවා airport එක වහල හොරු අල්ලනවා කියලා. පසුගිය අවුරුදු 3 ට අල්ලපු හොරෙක් නැහැ . එක ජනධිපති කොමිසමක වාර්තාව අවුරුදු එකාමහරකට කලින් ජනධිපති තුමාට බාර දුන්නේ . එකට වෙච්ඡ දෙයක් නැහැ. දැන් අනෙක් කොමිසන් ගැන කියවනවා .
අපි පත්කර ගත්ත්‍ෙ අපේ හොරකම් හොයන්නද?
පොහොට්ටුකාරයෝ පරදින හේත් දෙකක් තියෙනවා දුෂණය සහ ජාතිවාදය.
අන්තිමට වෙන්නේ මේ රටේ ජනතාව දුක් විදලා දෙශපාලකයො සැප විදීමක්. අනික් රටවල් එක්ක බලනකොට මේක මහා අසුචි වලක් එකයි ඇත්ත .
ඔහේ කියන්නේ ජනාධිපතිතුමා ඉන්නේ ඔහෙලාගේ හොරු රකින්න කියලද?
මේවා සැලසුම් කරලා කරන ප්‍රකාශ මොකද එක ගලෙන් කුරුල්ලෝ දෙන්නෙක් මරනවා. එකක් යු.එන්.පි එක ජනප්‍රිය වෙලා තමන්ගේ ජන්ද ගොඩ වැඩි කර ගන්න හදනවා. මෙහි ප්‍රධානම දේ මේ තුලින් හඟවන්න හදන්නේ යු.එන්.පි එක ශ්‍රී.ලංකා නිදහස් පක්ෂයත් එක්ක නෑ කියන එක. ඒ තුලින් පොහොට්ටුවට වැටෙන ජන්ද ශ්‍රී.ලංකා නිදහස් පක්ෂයට ඇදලා දෙන්න යු.එන්.පි ය උදවු කරනවා. එහෙම කරලා ඡන්දෙන් පස්සේ යු.එන්.පි එක ශ්‍රී.ලංකා නිදහස් පක්ෂයත් එක්ක ප්‍රදේශිය බලය අල්ලන්න. ඇත්ත ඒකයි. බාර් ගැසට් එක අවලංගු කිරීමත් එයි එක් පියවරක්............
කොහොමද ලොක්කගේ කතාව. බැදුම්කර හොරු ඇල්ලුවට රිදිලද මන්ද. මහින්ද මතයත් එක්ක ඉදල මහින්ද මතයට පිටිපසස්සෙන් පිහියෙන් ඇනලා රට පාවාදීපු අයට හොදම වැඩේ.
මහින්දගෙ සාක්කුවෙ තිබුණ පොකට්ටුවට විදලා ඒක මෛත්‍රීට දුන්නෙ රනිල් ප්‍රමුඛ තමුන්ගෙ පිරිවර බව ඇත්ත. ඉතින් ඒකට පාර්ලිමේන්තු ආසන 48ක සුළුතරයක් තිබුණු තමුන්ගෙ නායකයට අගමැතිකම ප්‍රදානය කිරීමම මදිද? ඇයි ඉතින් විදපු පොකට්ටුව රනිල් අතේම ලියා නොගත්තෙ? මෛත්‍රී උදුරලා ගත්තෙ නැහැනෙ?
ජනපති රහත් වෙල්ලා නෑනෙ, ඒක ඔයාලගෙ වැරැද්ද.
බැඳුම්කරේ වැරද්දක් වෙලා තියනවානම් තරාතිරම නොබලා දඬුවම් කරන්න ඕනේ. එකට කියන්නේ කෙලිනවා කියලනං ඒක වැරදියි. නමුත් ජනාධිපති එම වාර්තාව එලියට නොදා පොඩිපොඩි කෑලි ටිකක් එලියට දාල දේශපාලන වාසි ගන්න යනවා. ඒකටනම් කෙලිනවා කියන එක හරි. එයින් සමහරුන්ගේ ආත්මගරුත්වයට හානි වෙනවා.
කලින් හොරුත් එක්ක ඩීල් දාලා පරණ වංචා දූෂණ යට ගැහුව යූ.එන්.පි.යට මෙහෙම වෙලා මදි.
සිරිසේන උන්නැහේ පොදු අපේක්ෂකයා උනේ ශ්‍රීලනිපේ නායකත්වය ගන්න නෙවෙයි...... දැන් ඔහොම හැසිරෙන්නේ කුණු උණු පක්ෂේ නායකයා උන නිසා. නැතිව දූෂණයට විරුද්ධ නිසා නොවෙයි.
ඔබලාගේ පිහිටෙන් ජනාධිපති උනා. ඒ උපකාරයට මහා බැංකුව කොල්ල කන්න දෙන්න පුලුවන්ද? හොරකම් කරන්න දෙන්න පුලුවන්ද.
රනිල් මහත්තයෝ එනපොට හොඳ නැහැ සිංගප්පුරුවට පැන්නොත් හොදයි නේද ?
කියන එකෙත් ඇත්තක් තියනවා.. ජනපති කාලේ එක කණ්ඩායමක්.. දැන් නායකයා වෙලා ඉන්නේ වෙන කණ්ඩායමක.. කලින් අණ්ඩුවේ හොරු කියපු අය තමන් ලඟට අාවම සුදනෝ වෙනවද..? ලැජ්ජාවක් නැහැ.
නියමයි මරික්කාර්
හරි.., ඒ නිසා මම ජනපතිතුමාට කියනවා ඔබේ මිනිසුන්ට නිදහසේ ඔය වැඩ කරගන්න ඉඩදෙන්න කියලා...
මෙන්න බොලේ පොරක් නැත්නම් කැලේ වගේ කිව්වලු
මරික්කාර් මැතිතුමාට ජයවේවා !!!
දෝෂාභියෝගයක් ... අතලඟයි.