(විශේෂ වාර්තාකරුවකු විසිනි)
වත්මන් ජනාධිපතිවරයාගේ ධුර කාලය වසර 5 න් පසුව හමාරවිය යුතු බව තීන්දු කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපති කාර්යාලයට දැනුම්දී ඇතැයි රජයේ නිල නොවන ආරංචි මාර්ගවලින් පැවසෙයි.ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීරණය ඊයේ (14) සවස ජනාධිපති කාර්යාලයට දැනුම් දී ඇතැයි රජයේ ඉහළ පෙළේ දේශපාලන අංශ ආරංචි මාර්ගවලින් කියැවුණි.
එම ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට මෙම තීරණය පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ ඒකමතික තීන්දුවකි. මීට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විමර්ශනය සිදුකරන ලද්දේ අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප්, ඊවා වනසුන්දර, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ සහ කේ.ටී. චිත‍්‍රසිරි යන පංචපුද්ගල විනිසුරු මඩුල්ල විසිනි.
ශ්‍රේෂ්ඨාධිකරණය වෙත තමාගේ ධුර කාලය නිශ්චිතව දන්වන ලෙස ඉල්ලමින් විශේෂ විමසීමක් යොමුකර තිබුණේජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසිනි.
පසුගිය බ‍්‍රහස්පතින්දා එය විවෘත අධිකරණයේ දී සලකා බැලූ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ස්වකීය නිගමනය ඊයේ සවසජනාධිපති කාර්යාලයට බාරදුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ට තීරණයක් ජනාධිපතිතුමණි. බලයට නිලයට, කිසිම ආසාවක් නැති සරල නායකයෙක් බව ඔප්පු කරා.
දැන් ඉතින් පොළොන්නරුවට යන්න බඩු පැක් කරන්න පටන් ගන්න වෙයි!
අනේ ලොකු දෙයක්...තව හිටියොත් රටම ඉවරයි..දැනුත් හිටියට නෑ වගේනේ..රටේ ප්‍රධාන පුරවැසියා උනාට ඔක්කොම දැන ගන්නේ පත්තරෙන් නේ................
තණ්හ ජායති සෝකො .
යුද විරුවව හිරේ දාපු කෙනාට මෙහෙම තීන්දුවක් හම්බුනා නම් ????. මහතකනේ හිටපු අග්‍ර විනිසුරුවරියට වෙච්ච දේ.
අනේ වාසනාවන්...!
ඉල්ලගෙන කෑවද මන්දා!
ලොකු අනතුරකින් බේරුනා..............
දැන්වත් හිත හදා ගන්න.
අපේ රජතුමාගේ කාලයේ මෙහෙම තීන්දු දුන්නනම් පංච පුද්ගල කමිටුවම සුදු වෑන් වලින් උස්සලා.
මොකටද 5ක්.දැන්මම ගියානම් නරකද?
ඇති යන්තම්.
අම්මෝ ඇති යන්තම් අවුරුද්දකින් හරි අඩුවුන එක.
මහින්ද මයාවෙත, සෑම දෙයම පත්තරෙන් දැනගත්තේ යන්නේ අදහස්වන්නේ අඩු තරමින් අකුරු කියවීමේ හැකියාව ප්‍රගුණ කර ඇතිබව නේද ?
තවමත් ලංකාවේ ප්‍රජාත්රන්ත්රවාදය තිබෙන බව පෙනේ. නීතිපති තුමාගේ තීරණය වැරදි ඇත . නීතිපති දෙපාර්තමේන්තුව මෙරටට කුමකටද ?
නිහතමානී ජන නායකයන් ජනතාවගේ ඡන්දයෙන් පත්ව එම දුරය අවබාවිත නොකරයි.
එතකොට අර හිටපු ජනපතිතුමාටත් , තුමියටත් තවත් වතාවක් ඉල්ලන්න පුළුවන් බවක් කිව්ව කතාවට මොකද වෙන්නේ මෙයා ? ' තණ්හාය ජායති සෝකෝ ' ද අනේ ?
අවුරුදු5 කියන්නේ රටකට වැඩ කරන්න හොඳටම ඇති. මෙයාගේ ප්‍රශ්නේ වැඩ කරයිද කියන එකනේ. සිරිසේන මහතා පාඩුවේ හිටියට රටට සෙතක් නැහැනේ. රට හොරා කන එක වැඩි උන එක විතරයි සිදු උනේ. පුළුවන් නම් නීතිය හොරුන්ට ක්‍රියාත්මක කරලා යන්න. ලංකාවේ දුෂණය වංචාව නැති කරන්න ලේසි නැති උනත් නීතිය අකුරට ක්‍රියාත්මක වෙන , නඩු පමා නොවෙන , නීති ක්ෂේස්ත්‍රය වල් වෙලා තියෙන තත්වය නැති කරලා යන්නවත් බලන්න. හොඳ අවංක නිලධාරීන් ටිකක් ඔය රජයේ ලොකු පුටු වලට දන්නා බලන්න .
මෙතුමා හැමදේම අහන්න දකින්න ලැබෙන්නේ පත්තරේන්ලු!. පුදුමයි එත් ඇත්තයි.
පැරදුන කෙනා කියල තිබුන නේද මෙයාට දුන්නොත් මටත් ආයෙත් එන්න පුලුවන් කියලා ? එයාටත් හුලං ...
මහජන සල්ලි ගැන කෙපර. මේවට ගෙවන්නේ කව්ද ? කඩුවේ වැඩ පේනවද ?
නීතියට ගරැැ කරන ඔහු ආදර්ශයට ගත යුතුයි.
කලින් ආණ්ඬුව තියෙද්දී මෙහෙම තීරණයක් දුන්නානම් මේ විනිශ්චයකාරතුමන්ලා පස් දෙනාම ගෙදර. මතකනෙ ශිරානි මැඩම්ට උන දේ.
තවමත් රට පාලනය වෙන්නේ රාජපක්‍ෂවරුන්ට උවමනා විදිහට. එයාලා පත් කරපු අය තමයි තවමත් ලොකු තැන්වල ඉන්නේ. මේක මේ ආණ්ඬුවේ බෙලහීනකම නිසා ලැබුන තීරණයක්. නැතිව අධිකරණයේ ස්වාධීනත්වය නිසා නොවෙයි.
අවුරුදු 6ක් නෙවෙයි 12ක් හිටියත් ඔච්චර තමයි. පහුගිය අවුරුදු තුනටම කරපු එකම දේ 19 වෙනි සංශෝධනයයි, මහ බැංකු කොමිෂන් එක පත් කරපු එකයි විතරනේ. ජනතාවගේ බලාපොරොත්තු සුන් කරපු අවුරුදු තුනක්.
පුටුවේ රස නරකම නෑ නේද.?
පුටුවේ රස වැටෙන්න කලින්ම කට ඉස්සර කලානේ ආයේ ඉල්ලන්නේ නෑ කියල. නැත්නම් තව 5 කට ඉල්ලන්න තිබ්බ.
මහබැංකු දූෂිතයින්ට, රට විනාශ කිරීමට තැත් කරන්නන්ට, බේබද්දන්ට කනේ පහරක් දුන්න මෙතුමා සයවසක් සිටියත් ප්‍රශ්නයක් නැහැ.
හරිනම් නීතිපති අස්වෙන්න ඕනෑ... එයාගේ තර්කය වැරදියිනේ.. මට හිතෙන්නේ ඒ තර්කය එයාගෙ නෙවෙයි.. උපදේශක ශිරාල්ගේ...
අවුරුදු 5ක් වැඩිත් එක්ක... දැනටම දුලා, පුතාලා බිස්නස් එහෙම ඔක්කොම දියුණු කරගෙනනේ. මල්ලි ටෙලිකොම් එකේ වැඩේ කරගෙන යනවා. දැන් ජනාධිපති පැන්ෂන් එකත් හරි. මිනිහෙක්ට මීටත් වැඩිය මොනවද ඕනෑ.
මේකට කියන්නේ තණ්හාය ජායතී සෝකෝ...
මෙම තීන්දුවෙන් සිරිසේන ජනාධිපතිතුමාගේ වර්තමාන ධුර කාලය අවුරුදු 5කට සීමාවීමට වඩා වැදගත් වන්නේ කලින් හිටි ජනාධිපති දෙදෙනාට තුන්වන වරටත් ජනාධිපති ඡන්දයකට ඉදිරිපත්වීමට අවස්ථාව අහුරාදාපු එකයි. මේ තීන්දුව ප්‍රජාතන්ත්‍රවාදයේ ජයග්‍රහණයක්... සිරිසේන ජනාධිපතිතුමා හොඳ නැතිනම් වඩා හොඳ ජනාධිපතිවරයෙක් තෝරා ගැනීමට දැන් ජනතාවට පුළුවන්..
ඉක්මණට යන තරමට හොඳයි. කරපු දෙයක් නැහැ. පුළුවන් නම් හෙට යන්න.
නිකන් අනවශ්‍ය ප්‍රශ්නයක් රටේ නිර්මාණය කරලා, අධිකරණයේ කාලය රටේ ජාතික ධනය නිකරුනේ නාස්ති නොකර ඔබතුම පොරොන්දු වුණු විදිහට අවුරුදු 5න් ජනාධිපතිවරණය තිබ්බා නම් ඉවරයිනේ... ඕක 5න් තිබ්බා කියලා කවුරුවත් ඔබතුමාට විරුද්ධව නඩු දමන්නේ නැහැනේ...
හරියට බැලුවොත් කිසිම දෙයක් දන්නේ නැහැනේ. බාර් ටික උදේ 8.00 සිට 10.00 දක්වා කරපු ගැසට් නිවේදනයත් දැකලා තියෙන්නේ පත්තරෙන්ලු. මේවා එළිපිට ඇඳුම් ඇඳගෙන කියන ලස්සන තමයි. රටක් කරන්න පුළුවන්ද මම අහන්නේ මේ විදියට... ඔන්ලි ටෝක්ස් නො වර්ක්ස් !!!
තවත් ඉතුරුවී ඇත්තේ අවුරුදු දෙකක් වගේ ඉතා කෙටි කාලයක් පමණි. මීළඟට පත් වෙන්න කෙනා කොයි වගේද කියලා දන්න නැහැ. එමනිසා රටට දීපු පොරොන්දු ටික ඉටුකරමින්... දූෂණයෙන් තොර පිරිසිදු රටක් හැටියට වෙනස් කරමින් විශ්‍රාම යන ලෙස කාරුණික ඉල්ලනවා.
කිසිම වැඩක් හත්පොලේම ගාගන්නේ නැතුව කරන්න දන්නේම නැහැ. ගිය ජනාධිපතිවරනේදී ශ්‍රීලනිප පාක්ෂිකයෝ සියයට 80ක් ඡන්දෙ දුන්නේ ඔවුන්ගේ නායකයට... ඔබතුමාට ඡන්දෙ දුන්නේ වැඩිහරියක් එජාප සහ වෙනත් පක්ෂවල සාමාජිකයෝ. තත්වය එසේ තිබියදී, නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු ලෙස ජනතාවගේ පැත්තේ සිට ජනතාවට සේවය කරන්නේ නැතුව, , ශ්‍රීලනිපෙ සභාපතිකම බදාගෙන එ්කේ හිටපු පරණ ආණ්ඩුවේ හොරු සමග එජාප හවුල් ආණ්ඩුවක් හදලා, ශ්‍රීලනිපෙත් අවුල් කරලා... ආණ්ඩුවත් අවුල් කරලා, රටේ විපක්ෂ නායකකම විපක්ෂයේ භූමිකාව රඟ දැක්වීමට බැරි දෙමල සංවිධානයට දීලා, රටේ ආර්ථික වර්ධන වේගය අඩාල වෙලා, ඔක්කොම අවුල් කරගෙනයි ඉන්නේ...
මම නම් කියන්නේ එජාප නායක කරකාදීන්ට වඩා මෙතුමා හොඳයි කියලා. මොකද, මේ ඊයේ පෙරේදා අර මත්වතුර හල් පිළිබඳ එජාපයේ තීරණය ටිකක් හිතලා බලන්න. ඒවාද රටට කෙරෙන්න ඕනෑ දේවල්? පාර්ලිමේන්තුවේ ඇමැතිවරු හිතුමතේට පිස්සුවෙන් වගේ සමහර වෙලාවට රටට මහා විනාශකාරී වැඩ කරන්න යනකොට මෙතුමා ඒවා සුද්ද කරලා දැම්මා. ඒ නිසා ඊළඟ සැරෙත් ඉල්ලලා දිනලා රට ඔය තරමින් වත් බේරාගෙන ඉදිරියට යමු.
ලංකා ඉතිහාසයේ ස්වර්ණමය යුගය මෛත්‍රි යුගයයි. සාමය, සංහිඳියාව, යහපාලනය ඇතිකළා. මිනිසුන්ගේ අතමිට සරුකළා. බඩුමිල, විරැකියාව අඩුකළා. බලයට ආසාවක් නැති සරල ජනාධිපති බව ඔප්පු කළා.
දැන්වත් අපි වෙනස් විදිහකට හිතන්න පුරුදු වෙමු. අවුරුදු හැත්තැවක් තිස්සේ දෙපැත්තෙම අයගේ කෙරුවාවල් අපි දැක්කනේ. බුද්ධිමත්ව කල්පනා කරලා 2020 වෙනසක් කරමු. අනුර කුමාර දිසානායක මීලග ජනාධිපතිවරයා ලෙස තෝරා ගනිමු.
මගේ ඡන්දෙ දෙන්නේ ඊළඟ ජනාධිපතිවරණයේදී නාගානන්ද කොඩිතුවක්කු මහතාට අවංක, ඉගෙන ගත්ත, කොන්දපණ තියෙන මිනිහෙක් ජනාධිපති වෙන්නේ ඕනේ...
දේශපාලනයේ ඉන්න ඇතැම් නිවටයින්ව මොහොතකටවත් වැඩක් නැත.
ජනාධිපතිතුමනි, සියලුම හොරුන්ට දඬුවම් දී ගෙදර යන්න. ඔබතුමාට ජය!!! ශ්‍රීලංකා නිදහස් පක්ෂයට වැඩකල හැකි නායකවරු දෙදෙනෙක් පත් කරන්න. එක් කෙනෙක් ජනාධිපති කරවීමට සහ අනෙකා අගමැති කරවීමට....
මම නං ජනාධිපතිතුමාගේ වැඩ ගැන පැහැදිලා ඉන්නේ. එතුමා ඊළඟ අවුරුදු 2 දී හොඳ වැඩ ටිකක් කරයි. අනුර කුමාරත් හොඳයි. කල කිරීම අතේ පොහොට්ටුවේ සහ අලියන්ගේ සමහර නායකයින් ගැනයි.
නෑ, නෑවත වාරයක් තරග කරන්න පුළුවන්.
ඔක්කොම වෙන්නේ හොඳට. මහින්ද පැරදුණු එක හොඳයි. හැබැයි, පැරදුණු මහින්ද දිනපු මහින්දට වඩා ජනප්‍රිය ඇයි? මොහොතක් හිතන්න. මහින්ද තම අඩුපාඩු වලින් ඉගෙන ගන්න කෙනෙක්. මිනිස්සු මේක දන්නවා. ඩයස්පොරාවයි, බැංකු හොරුයි මහින්දට බය ඒකයි. හැබැයි මහින්ද පලිගන්න කෙනෙක් නොවන බවත් ලංකාවම දන්නවා.