මත්පැන් අලෙවිසැල් පෙ.ව 8.00 සිට රාත්‍රී 10.00 දක්වා විවෘතව තැබීමටත් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට පනවා තිබූ තහනම ඉවත් කිරීමටත් කටයුතු කරමින් මුදල් ඇමැතිවරයා නිකුත් කළ චක්‍රලේඛය වහාම වලංගු කිරීමට උපදෙස් දුන් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි.
ඒ අනුව හෙට සිට එම චක්‍ර ලේඛය අවලංගු කෙරෙණු ඇති බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය. මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව කීවේ අද (14) පස්වරුවේ අගලවත්ත ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.
සාධාරණ සමාජයක් පිළිබඳ කතා කරනවා සේම සාධාරණ සමාජයක් ගොඩනැගීමට තමන් කැපවී සිටින බවද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා රිය අනතුරක් සම්බන්ධයෙන් තම සහෝදරයා පොලිස් අත්අඩංගුවට පත්වූ අවස්ථාවේ තමන් පොලිසිය සමග එක් වචනයක් වත් කථා නොකළ බව ද පැවසීය. මෙරට ඉතිහාසය තුළ ජනාධිපතිවරයෙකුගේ, අගමැතිවරයෙකුගේ නොව ඇමතිවරයෙකුගේ ද සහෝදරයෙකු රිය අනතුරක් පිළිබඳ සිරභාරයට පත්වූවානම් ඒ තම සහෝදරයා පමණක් බවද කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඡන්දෙ කලේ නිසා මම තමයි පොර..
මත්බෝතල් මිල වැඩිකරනවා.. ගමේ මිනිස්සු කසිප්පුවලට ඇබ්බැහි වෙනවා. ගෙදර අඬදබර සිදුවෙනවා කසිප්පු නිසා... මරණ ගාණත් වැඩිවෙනවා.
කාන්තාවන් වුණා කියලා වෙනසක් නැහැ. බොන්න ඕනේ නම් බොන්න දුන්නට මොකද වෙන්නේ? කරන්න ඕනේ දේ නොකර සීමා පනවන්න ගියාම, අසහනය ආතතිය වැඩි වෙනවා. තරබාරුව වැනි අවලස්සන වෙන්නෙත් අනවශ්‍ය ලෙස සීමා පනවන හින්දා. ගෘහ සේවිකාවෝ කියලා පිටරටට විකුණන්න පුළුවන්. මත්පැන් බොන්න, ඒවා විකුණන්න බැහැ. මහා විහිළු කතාවක්නේ.
මේවා තමයි ගැලරි ටෝක්... දෑන් මේ ලංකාවේ ඔක්කොම නොබී ඉඳියි 10 - 9 කලා කියලා. නැත්නම් ගෑණු නොබී ඉඳියි නීතිය වෙනස් කළා කියලා. ගම්වල ගැහැණු බර ගාණක් ඔය බොරු ස්පා කියන තැන්වල ඉන්නවා. අන්න ඒවයි නවත්තන්න ඕනෑ. නිකන් මෝඩ කතා කියලා අපිව රවට්ටන්න එපා...
ඔබතුමා පොලීසියට බලපෑම් නොකිරීම පිළිබඳව අගය කළ යුතුයි. නමුත් ගෝලයෝ ප්‍රසිද්ධියේම පොලිසියට බලපෑම් කරනවනේ. අපි මාධ්‍යවලින් දැක්කනේ... සාගලගෙන් ඇමතුමක් පොලිස්පතිට දාපු එක... ගෝලයොත් මට්ටු කරන්න. නැත්නම් ඔබතුමා කරන කැපවීම නොවටිනා දෙයක් වේ.
ඔන්න කඩුවෙන් වැඩ ගන්න කදිම අවස්ථාවක්... හරියට වැනුවොත් නම් කැපෙයි.
මෙහෙමත් කෙනෙක් ජනාධිපති වුණානේ...
මේවාද ජනාධිපතිවරයෙක් මැදිහත් වියයුතු වැඩ? අනේ මන්දා මෙයාලාත් එයාට විහිළු චාන්ස් දෙනවනේ..
ඉතා හොඳ තීරණයක්. මත්වතුර භාවිතය, මාතෘ පෞරුෂය එහෙම පිටින්ම විනාශ කර දැමීමකි.
මෙතුමාට වැඩ කරන්න දුන්නේ නැහැ කියලා නහයෙන් අඬනවා. ඒ වගේම මංගලටත් හොඳ වැඩක් කරන්න යනකොට අකුල් හෙලනවා. මේවා සවුත්තු වැඩ....
සාධාරණ සමාජයක් බිහි කරන්න විධායක ජනපතිවරයා විදියට මීට වඩා කොච්චර වැඩ කොටසක් කරන්න පුළුවන්ද?
මතට තිත.., ඒ වුණාට ශ්‍රී ලන්කන් එයාර් අහස්යානයේ ඉඳලම විකුණන්නේ අරක්කු විස්කි තමයි...
මංගල ඔය ගැසට් එක කැන්සල් කලොත් ඉර පායන්නේ බටහිරෙන්..
මේක මහ විහිළු පාලනයක්. කෙනෙක් නීතිය දානවා. අනිකා එය අවලංගු කරනවා. මොකක්ද මේ ප්‍රති පත්තිය? ඕව කරකර පම්පෝරි ගහගහ 2021 වෙනකම් රට හදන්නයි කතාව? රටේ අවාසනාවට සිදු වුණු දෙයක්..
රට කොතෙන්ටද යන්නේ?
ජනාධිපතිතුමනි, ඔබතුමා ඔයිට වඩා හිතලා වැඩකරන්න. කාන්තාවන්ට සම තැන දෙමු...
ජනාධිපතිතුමා මේ තීරණයට හේතු පෙන්වාදෙන මෙන් ඉල්ලා සිටිමි.
මංගල ඔය තීරණය ගන්නකොට...ඔබ තුමා කොහෙද දන්නේ නැහේ හිටියේ......
කියක් ඔට්ටුද ? අන්තිමට මංගල ගෙනාපු යෝජනාව තමයි ක්‍රියාත්මක වෙන්නේ. මෙයා කියාවි "මමත් පත්තරෙන් දැක්කේ කියලා"
රටම සුරා කාපු ඒවාට කිසිම දඩුවමක් නැහැ අද වෙනතුරු . රටත් බංකොලොත් , මේ ක්‍රියාවලිය තමයි ලංකාවට අඩුවකට තිබුනේ .
මංගලගේ චක්‍රලේඛයෙන්වත් මෛත්‍රීගේ අවලංගුවෙන්වත් රටට ඒ හැටි බලපෑමක් වෙයි කියලා හිතන්න බෑ. බොන කෙනා කීයට ඇරියත් කීයට වැහුවත් බොනවා. මතට ඇබ්බැහි වෙච්ච කාන්තාවන් කෙලින්ම තැබරුමට නොගියට කොහොම හරි ගෙන්නාගෙන බොනවා. ඊට වඩා දේශපාලනඥයෝ හැටියට මේ රටට කරන්න ගොඩක් දේවල් තියෙනවා. මේවා ඡන්ද බලාගෙන කරන මෝඩ චූන්.
මේ චක්‍රලේඛන කැබිනට් මණ්ඩලයේ සාකච්චා කරලා කැබිනට් අනුමැතිය ඇතුව සිදු කරන දේවල් . කැබිනට් රැස්වීමේදී මේවාට විරුද්ධ නොවී ඊට පසුව විධායක බලතල වලින් චක්‍රලේඛන අවලංගු කරන්නේ ජනතාව රැවටීමටයි . කලින් ලොක්කාත් හිතාගෙන හිටියේ ජනතාව රැවටිලා කියලයි. නමුත් අවසානයේදී රැවටිලා තිබුනේ එතුමායි . මෙතුමාටත් ඒ ආනිසංසෙම තමයි .
සුරාමේරය ,දුරාචාරය, කාම මිථ්‍යාචාරය ,සහ ප්‍රවර්ධනය සඳහා ඇමති වරයෙක් රටට අවශ්‍ය නෑ.
නිලධාරීන්ගේ වැඩලු... අපි ඉල්ලුවද?
මේ වැඩෙන් පෙනෙන්නේ කැබිනට් තීරණ පත්තරෙන් වැටුනට පස්සේ ඔබතුමා ක්‍රියාත්මක වෙන බව... ජනාධිපතිතුමනි, කරුණාකරලා යම් පනත් කෙටුම්පතක් කැබිනට් මණ්ඩලය හරහා යම් ඇමතිවරයෙක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඉස්සෙල්ලා රටේ නායකයා වන ඔබතුමාගේ අනුමැතියට ඉදිරිපත් කරන්න කියන්න. මෙතනින් පෙනෙන්නේ ඔබතුමාගේ නායක කමේ දුර්වලතාවයයි. අනිත් එක කාන්තාවන් මත්පැන් මිලදී ගත්තම ඇති වැරැද්ද මොකක්ද? ලංකාවේ කාන්තාවෝ මත්පැන් බීලා පාරේ කෝලාහල කරගන්නවද? මිනීමරා ගන්නවද? නැහැනේ.. ලංකාවේ කාන්තාවන්ට සමතැන දෙනවා නම් කැමති කෙනෙකුට මත්වතුර මිලදී ගැනීමේ අයිතියක් තියෙන්න ඕනේ? කාන්තාවන් බියර් බෝතලයක් වයින් බෝතලයක් මිලදී ගත්තම මොකක්ද ඇති වැරැද්ද?
ලෝකේ ප්‍රථම රාජ්‍ය නායිකාව අපේ රටේ කාන්තාවක්.. අපේ රටේ කාන්තාවක් අවුරුදු 10කට වැඩිකාලයක් විධායක බලතල දරමින් රට පාලනය කළා. තත්වය මෙසේ තිබියදී කාන්තාවන්ට මත්වතුර මිලදී ගැනීම තහනම් කරන්නේ මොන පදනමක සිටද? මේ කාන්තාවන් අඩු තක්සේරුවකින් සැලකීමක්. මෙහෙම කරනකොට ලබන පළාත් සභා ඡන්දේදි කාන්තාවෝ ශ්‍රීලනිපෙට ඡන්දෙ දේවිද?
අපේ අයිතිය අපිට දෙන්න. අපි විස්කි ටිකක් බිව්වහම අමාරුද?
රටේ ජනාධිපතිකම, අගමැතිකම, අගවිනිසුරුකම වැනි භාරධුර තනතුරු දරන්න කන්තාවන්ට පුලුවන්නම් , රටේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරින්ගෙන් වැඩි හරිය කාන්තාවන් නම් , අපි මත්පැන් බිල පාරේ කලකොහලාහල කරගන්නේ නැත්නම් , අපි මත්පැන් මිලදී ගත්තම , පානය කරහම එකේ ඇති වැරැද්ද කුමක්ද ? කිසිම පදනමක් නොමැතිව අපිව දෙවෙනි පන්තියේ පුරවැසියන් ගේ තත්වයට ඇද දමන ඔබගේ තීරණය වහා හකුලා ගන්නේ නැත්නම් ඔබ සභාපතිත්වය දරන පක්ෂයට ලබන ඡන්දෙදි අපි ඡන්දය නොදෙමු .
මම හිතාගෙන හිටියේ නිතිය සැමටම පොදු දෙයක් කියලා.