(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ කනංකේ එන්.කේ.ඉන්ද්‍රවංශ)
ධූරකාලය පිළිබඳව ශේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේ වඩාත් හොඳ ශ්‍රී ලංකාවක් හැදීමේ සිහිනයක් තිබෙන නිසා මිස බලයේ රැඳී සිටීමේ උවමනාවෙන් නොවන බවත් අද වුනත් ගෙදර යන්න තමන් සූදානම් බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියයි. එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මෙවර පළාත් පාලන මැතිවරණ අපේක්ෂකයින්ගේ ජයග්‍රහණය වෙනුවෙන් පැවැත්වු මාතර දිස්ත්‍රික් ප්‍රථම ජනරැලියේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එසේ පැවසීය.
මෙම රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අකුරැස්ස පැරණි බස් නැවතුම්පොළ භූමියේදී අද (12 වැනිදා) පැවැත්විණි.
“මම හෙට නොවෙයි අද වුනත් ගෙදර යන්න ලෑස්තියි . මට බලයේ ඉන්න ඕනකමක් නැහැ . නමුත් වඩා හොද ලංකාවක් හැදීමේ සිහිනයක් විතරක් තිබෙනවා.....ඒ නිසා කවුරුවත් කලබල විය යුතු නැහැ ” යයි ජනාධිපති සිරිසේන මහතා පැවසීය.
එහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේද පැවසීය.
‘‘19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවට අනුව මගේ ධුර කාලය සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වී තිබුණා . සමාජය තුල වගේම උගතුන් බුද්ධිමතුන් නීති විශාරදයින් පවා මත දෙකක සිටි නිසා මට අවශ්‍ය වුණා නිවැරදි මතය දැනගන්න“
එහෙම නැතිව අවුරුදු හතරක්ද පහක්ද හයක්ද කියලා බලයේ රැදී ඉන්න නෙවෙයි . පළාත් පාලන හෝ පළාත් සභා හෝ මහ මැතිවරණ ආදී ඕනෑම ඡන්දයකදී ලැබෙන ප්‍රතිඵලය ජනතාව පිළිගන්නවා . සියයට සියයක් නොවුනත් පහුගිය මැතිවරණ වල ඒ විනිවිද භාවය තිබුණා.
ඡන්දයෙන් ලැබෙන තීරණය වගේම අධිකරණය ලබා දෙන තීරණ ගැනත් ජනතාව තුල විශ්වාසය ඇති වී තිබෙනවා .පහුගිය රජය කාලේ වගේ නඩුකාරයින්ට කෝල් දීලා අවශ්‍ය තීන්දු තීරණ ගන්න තත්වයක් දැන් රටේ නැහැ . පහුගිය අවුරුදු තුනේම අධිකරණය ස්වාධීන ආයතනයක් බවට මා පත් කළා .ඒ නිසා මට ලැබී තිබෙන බලතල අනුව නීතිපතිවරයා මගින් අවශ්‍ය ලිපි ලේඛන මා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විශිෂ්ඨ ප්‍රකාශයක් ජනාධිපතිතුමනි.. 2026 තෙක් ඔබයි ජනපති... මෛත්‍රි පාලනයක් ස්ථාවර රටක්...
ඉතින් ඔබතුමා කැමැති නම් යන එකයි තියෙන්නේ... කවුරුවත් අල්ලගෙන නැහැ..
අදහස හොඳයි. එ්ත් තමන්ගේ පැත්තට එන ඕනෑම අයෙකුට ඇමතිකම් දෙන එක නම් ප්‍රශ්නයක්...
කලින් යන්න එපා... පොරොන්දු වුණු විදිහට 2020 දී ජනාධිපතිවරණය තබන්න.. කැමතිනම් 2020 දී ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න. එතකොට බලාගන්න පුළුවන් ජනතාවගේ ප්‍රතිචාරය...
බැඳුම්කර හොරුන්ට කඩුව පාවිච්චි කරන හැටි අපි බලාගෙන ඉම්මු..
අපගේ මතකය දිවයනවා කුඩා කල පාසල් නිවාඩු කාලය. අපි නිතරම අම්මගෙන් අසනවා තව දවස් කීයද නිවාඩුව ඉවර වෙන්න තියෙන්නේ යනාදී වශයෙන්... කිසිවකු හට අපහාස කිරීමට මෙසේ නොලියමි. (කවුරු බලයේ සිටියත් අපි ඔවුන්ගෙන් යැපෙන්නෝ නොවන්නෙමු. ඔවුන් අපෙන් යැපෙන්නෝ වන්නේය). දශක කීපයක් දේශපාලනය කල රටේ ප්‍රධානියා (අපට පාට, පක්ෂ අදාලම නැත). අණ පනත් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුය යන්න අපගේ හැඟීම වන අතර එම අණපනත් වලින් තමා බලයට පත්වුණු දින සිට අවසන්වන දිනය ගණනය කිරීමට හැකියාවක් තිබේද? නොතිබේද? එසේත් නැත්නම් වෙනයම් කරුණක් නිසා මෙසේ විමසුවේද? යන්න සාමාන්‍ය පුරවැසියන් වන අපට නම් ප්‍රෙහේලිකාවකි.
ගාණක් නෑ. ජනපතිතුමනි, ඔන්න ඔහේ ඉන්න එහෙනම්
බලයේ සිටින වර්ෂ ගණන අදාල නොවේ. ඔබගේ ශීලාචාරබව, හික්මුණු බව, ඉවසීම එතෙක් මෙතෙක් බිහිවූ සෑම ජනාධිපතිවරයෙකුටම වඩා ඉහළ බව පමණක් සනිටුහන් කරමි. රට ගැන ඔබගේ ඇති අව්‍යාජ සිහිනය සාක්ෂාත් කිරිමට ඔබට ශක්තිය, ධෛර්යය ලැබේවා!!!
මීට අවුරුදු 3කට කලින් රටේ ආර්ථික සංවර්ධන වේගය 7.5%. පොලී අනුපාතය 10%. ඩොලරය රු 132. අද 49% වෙන දුරකථන සහ අන්තර්ජාල බද්ද 23%. වැට් බදු 12% අය කලෙත් තෝරා ගත් භාණ්ඩ සඳහා පමණයි .. ජීවන වියදම මීට වඩා අඩු මට්ටමක පැවතුණා. රටේ දැවැන්ත සංවර්ධනයක් සිදු වුණා ..හොරකම නැවැත්තුවාම දස ගුණයකින් සංවර්ධනය කරන්න පුළුවන් කියලා බාරගත්ත රට අද පත්ව ඇති තත්වයට වගකිව යුතුමයි.. සර්ව සම්පූර්ණ පාලනයක් කිසිවෙකුට ඇති කළ නොහැක ..නමුත් අද රටේ තත්වය ඉතාමත් ඛේදනීයයි ..
එය එසේනම් ධුරයේ කාලය විමසන්නේ ඇයි? ඔය ඔබගේ පක්ෂය ජයග්‍රහණය කරවන්න නේද ඔය අර අඳින්නේ? ඔබට ඔය පුටුව දුන්නේ වෙනත් පක්ෂවල අය, පක්ෂ පාට නොබලා දූෂිතයන් පරාජය කරන්න. රට බේරා ගන්න. ඔය ඒකාධිපති ධුරය අහෝසි කරන්න පොරොන්දු වුනේ ඔබ තුමාමයි නේද? ඔබමයි කිව්වේ ඔය පුටුවේ ඉඳගන්න ඕනෑම කෙනෙක් බලයට කෑදර වෙලා ඒකාධිපති පාලකයෙක් වෙනවා කියලා... ඒ නිසා මාස 6 ක් ඇතුළත එය අහෝසි කරනවා කියලා. දැන් රටට හෙන ගැහුවත් කමක් නැහැ පක්ෂය දිනවන්නයි. ඔය අරමුණ. දැන් කිසිම දූෂිතයෙක් නැහැ , ඔවුන් සමග වාසේ. ජයවේවා ශ්‍රී ලංකාවට!!!
නීතිය ක්‍රියාත්මක වීමේ ලොකු ප්‍රමාදයක් දකින්ට තියෙනවා. එ්ත් මේ ජනපති සාධාරණ සමාජයක් නිර්මාණය කරන්න දැඩි කැපවීමක් පෙන්වන බව පෙනෙනවා. එහෙම කෙනෙක් බලයේ සිටියට වරදක් නැහැ. ඒත් හොරුන්ට නීතිය ඔයිට වඩා ඉක්මණින් ක්‍රියාත්මක විය යුතුයි..
විශිෂ්ඨ ප්‍රකාශයක් ජනාධිපතිතුමනි.
අදද හෙටද අවුරුදු පහෙන්ද හයෙන්ද යන්නේ කියන එකට වඩා ඉන්න කාලේ රටේ අනාගතය ගැන දූරදර්ශිව හිතලා නිවැරදිව තීරණ අරගෙන ක්‍රියාත්මක කරන එකයි වැදගත් වෙන්නේ.
ඔබේ නිර්භීත බව හැමෝටම ආදර්ශයක්.
අවංකත්වය ඉතාම වටිනා ප්‍රතිපත්තියකි.
වෙන මොකුත් ඕනේ නැහැ. ඔබගේ අදහසට කමෙන්ට්ස් බැලුවා නම් වැටහේවි මිනිස්සු ඔබ ගැන හිතනදේ...
අනේ මේ වගේ කතා අහලා දැන් ඇතිවෙලා. අපි ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ කිසියම් කාලසීමාවකට. එමනිසා ජනාධිපතිවරයාගේ වගකීම වන්නේ එම ධුරකාලය තුළදී මොන බාධක පැමිණියත් තමන්ට ජනතාව ලබා දුන්නු රාජකාරිය ඉටු කිරීමයි. එම කාලයෙන් පසුව ජනාධිපතිවරයාට සිතෙනවා නම් රට නියම දිසාවකට ගෙනයාමට තවත් කාලයක් ඕන කියා... එවිට ඔහුට නැවතත් ජනවරමක් පැතිය හැකිය. එහෙම නැතුව "මම හෙට නොවෙයි අද වුණත් ගෙදර යන්න ලෑස්තියි " වගේ කතා කියකියා යාම සුදුසු නොවේ .
""ඉතින් ජනාධිපති මාමේ ... ඔබතුමාගේ ඔය පුටුව හිටපු ජනාදිපති මාමට නැවතත් බාරදී හෙට ඉඳන්ම විවේක ගන්න. අපේ කිසිම අමනාපයක් නැහැ. එවිට රටේ ජනතාව ඔබ සමග එකතුවේවි.. එමෙන්ම ඔබතුමාගේ කඩුවටත් නව ජීවයක් ලැබේවි.."".මෙය වැරදි ප්‍රකශයක් නම් මට සමාවෙන්න.
අපිටත් ඕන වඩා හොඳ ලංකාවක් බිහිවෙනවා නම් තමයි. පුලුවන්නම් ජනාධිපතිවරණයක් තියමුකෝ බලන්න. අපි ඉතිරි හරිය බලා ගන්නම් යනවද? යවනවද? කියලා.
ඉතින් එහෙම නම් එද්දී කීව්වා වගේ 5න් යන්නකෝ 6 ක් ඉන්න හේතු හොයන්නේ නැතුව...
දැන්නම් ගියොත් රටටත් හොඳයි. එහෙම නේද?
සිරිසේන මහත්තයෝ දැන්ම යන්න. එ්ක තමයි රටට කරන උදව්ව...
දැන්මම යන්න බැරිද මහත්තයෝ?
උඩින් ඔපේ යටින් හපේ. මේවා සුරංගනා කතා. අපේ ජනාධිපතිතුමා විහිළු කරනවද කොහෙද?
ජනාධිපතිතුමාගේ ධුර කාලය සම්බන්ධ ප්‍රශ්නයක් කාටවත් තිබුණ බවක් අපි නම් දැක්කේ නැහැ. අඩු තරමින් කිසිම ජනමාධ්‍යයක ලිපියක් තියා මහජන අදහසක් වත් මම නම් දැක්කේ නැහැ...
මුට්ටිය දාලා බැලුවා... වැඩේ හරියන පාටක් නැහැ වගේ.
ඔව් ඉතින් කියන එකම කරනවනේ... ආයේ කතා දෙකක් නැහැ...
ගෙදර යන්න එපා, ගියොත්... ගිහින් ඉන්න ලැබෙන්නේ නැහැ.
ජනාධිපතිතුමනි! අප ඔබතුමාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා " ඕනෑම වේලාවක ගෙදර යන්න " වැනි කතා ජනතාව ඉදිරියේ කියන්න එපා කියා. මන්ද ඒ වදන්වල ගැබ්ව ඇත්තේ ප්‍රෞඩත්වයක් නොව කලකිරුණු ස්වභාවයක් නිසයි. 2015 ජනවාරි 8 වෙනිදා 62 ලක්ෂයක ජනතාව එවකට තිබු දූෂිත පාලනය අවසන් කොට ඔබතුමාට බලය ලබා දුන්නේ, ඔබතුමා බලයට ආ දින සිටම දෙපැත්තක සිට කකුල්වලින් අදින හිටපු පාලකයාට හෝ ඔබගේම ආණ්ඩුවේ අගමැති ධුරය දරන්නාගේ පීඩනයට හසුව සියල්ල දමා ගසා යන්න නොවේ. ඔබතුමා ධෛර්ය සම්පන්නව හොරුන්ට එරෙහිව දියත් කල සටන දිගටම ගෙන යන්නේ නම් ඔබතුමා වසර 6 ක් නොව යාව ජීව ඔය තනතුරේ හිටියත් ජනතාවට ප්‍රශ්නයක් නැත. ඔබතුමා ඉදිරියේ ඇති සැබෑ අභියෝගය මේ කකුල් වලින් අදින්නන් නොව ඔබ තුමාගේ නම ඉතිහාසයට එකතු කරන්න හෝ ඉතිහාසයේ කුණු කූඩයට ඇද දමන්න හැකි ජනතාවගේ බලාපොරොත්තු ඉටුකරනවාද යන්නයි.
කවුද අල්ලන් හිටියේ? අර ලක්ෂ 62 ද? මම නම් ඔන්න අල්ලන් හිටියේ නැහැ. මොකද ආප්ප කාලා කෝපි බීපු ගොඩේ මම නම් හිටියේ නැහැ.
කඩේ බඩු ගිනි ගණන්. රටේ ආර්ථිකයට කෙලවෙලා. මෙයා සිහින සැබෑකර ගන්න හදනවා. සිංහලයා 'හතර බීරි කතා' කියන්නේ ඔන්න ඕවට තමයි.
මේ මිනිස්සු ඔක්කොම ඔතනට ගියාම අපිව පේන්නේ හරක් වගේ වෙන්න ඇති...
පක්ෂය පාවාදුන්නා නම් ඒ ගැන කවර කතාද?
අවවාදයට වඩා ආදර්ශය උතුම්! පුළුවන්නම් කරලා පෙන්වන්න කියා කියා ඉන්නේ නැතිව...
එ්ක ජනතාව මැතිවරණයකදී කතිරෙන් නියමෙට කරයි. වැඩ තමයි ඕනෑ.
බලය ලැබුණම හැම එක්කෙනාම දාල යන්න අකැමැත්තක් තියනවා.
ජනතාව නිවැරදි තීන්දු දෙයි.. කලබල වෙන්න එපා
2015 දී අපි ඡන්දෙ ඔබතුමාට දුන්නේ ලොකු විශ්වාසයකින්.. මේ රට නැවත හදාවි කියා සිතලා. නමුත් දැන් නම් ඒ විශ්වාසය බිඳිලා.... දුකයි, එ්ත් ඇත්තයි.
දැන් ඉතින් ඔක්කොම හරිද?
ඉක්මණට එ්ක ගැන හිතන්න, ගෙදර යන්න ජනාධිපති තුමනි...
ආවේ අවුරුදු පහකට වඩා දවසක්වත් ඉන්නේ නැහැ කියලා. දැන් කොහොමද අවුරුදු හයක් ඉන්න බැරිද කියල හොයනවා. තවත් අවුරුද්දක් ඉන්න වගේ හදන්නේ... විශ්වාස භංගයක් ගේන්න තමයි වෙන්නේ...
ඔබතුමාට ඡන්දය දුන් පක්ෂ හා ජනතාව එක්ක වැඩකළා නම් මෙලහකට රට හුඟක් ඉදිරියට ගෙනයන්න ඔබතුමාට පුළුවන්කම තිබුණා. ඔබතුමාට ජනාධිපතිවරණයේදී 01%ක් වත් ඡන්දය නොදුන් පක්ෂයක් වෙනුවෙන් වෙහෙසෙනවා. ඇයි මේ අය ජනාධිපතිවරණයේදී ඔබතුමාට ඡන්දය නොදුන්නේ ඔබතුමාගේ ප්‍රතිපත්ති පිළිගන්නවා නම්?
එකපාරක් දවස් 100න් යනවා කිව්වා. තවපාරක් අවුරුද්දෙන් විධායක ජනාධිපති ක්‍රමය අයින් කරලා යනවා කිව්වා. ඒවත් කළානේ. ඒවා හොඳයි කොස් කොළ කාලා පුන්නක්කු බොන ලක්ෂ 62ක කට්ටියට.. අපිට ඔය බොරු එපා.
අනේ ජනාධිපතිතුමනි, පුළුවන් කෙනෙකුට කරන්න දීලා ඕක අතෑරලා දාන්න. හොරාටත්, හොරුන්ගේ හොරුන්ටත්, ස්ට්‍රයික් කාරයෝන්ටත් බයයිනේ...
ජනාධිපතිතුමනි දෙපැත්තේම හොරුන්ට විරුද්ධව දඬුවම් දෙන්න තමයි අපිට අවශ්‍ය වන්නේ... ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අභීත නායකයා ඔබයි.
මම ලඟදි බැංකොක් යන්න හිතාගෙන ඉන්නේ. ඕනනම් කියන්න එහෙන් තවත් ලොකු බෑග් කිහිපයක් ගෙනත් දෙන්න පුළුවනි දැන්මම බඩු පැක් කරගන්න. නැතිනම් අර කලින් හිටපු කෙනාට වගේ සමහර බඩු අමතක වෙලා යන්න පුළුවනි අන්තිම මොහොතේ.
එහෙම නොවෙයි මෙහෙම කියන්න. මම වෙලාව අවාම යනවා. හැබැයි මම බාර ගත්ත වැඩේ හොඳින් හරි නරකින් හරි කරලා. කඩුව වැනිල්ලත් ඒ කතාවට ගැලපෙනවා. මහින්ද මහතාටත් කඩුව වනන්න යන්න එපා. මොකද ඒ මහතාත් විශාල වැඩ කොටසක් රටට කළා. මුකුත්ම නොකළ බැංකුවක් හොරා කාපු කෙනෙක් ඉන්නවා නම් කඩුවෙන් ඇන්නත් අපි අහක බලාගෙන බියර් එක්ක බිබී ඉන්නම්. එයාව දන්නා කාලයට මේ රටට වයිෆයි දීම හැරෙන්නට වැඩක් කර නැත.
ඕවට රැවටෙන්නේ කොන්ඩෙ කපපු චීන්නු